මුලින්ම මගේ කෙටි කථාවක් (සා.සේ.240139 ) නෙළුම්යාය බ්ලොග් සින්ඩියේ පළකළ අජිත්
මහතාට මගේ ගෞරව පුර්වක ස්තූතිය පුදකර සිටිනවා. ලස්සන පින්තුරයකුත් දාල.මෙන්න
දැක්කේ නැත්නම් බලලා එන්ඩ...
මනුස්සකම
“අප්පා සුරුක වාංග මෙන්න
ආමි කෙනෙක් වැටිලා ඉන්නවා”
“අම්මා ඉන්ගේ වාංග”
“ආඩවනේ අයියයියෝ මුරුගා හෙම තැනම ලේ අප්පා”
“අප්පා, ඉන්ගේ පාරුංග”
“මට වතුර ටිකක්”
“කෝමද මෙහාට ආව,
යේක යපිට සද්දේ ඔක්කම ඇහුණා, දැන් කොල්ලෝ මෙහෙට ආවොත් අපිත් සෙත්ත පෝච්චි තමයි
කරනවා.”
“මාව බේරගන්ඩ උන්
දැක්කොත් මාව මරයි, අනේ මාව බේර ගන්ඩ”
“අම්මා අපි මොක්කද කරනවා,
දැන් සංවිදානෙන් ආවොත් මේ මනුස්සයා මරල දායි”
“අම්මා අපි මෙයාව හරක්
මඩුවෙන් තියමු. සංවිදානෙන් ආවත් ගේ විතරනේ බලන්නේ”
“අනේ මාව බේරගන්ඩ”
“අම්මා අර බලන්ඩකෝ
කකුලෙන් හොදටම ලේ එනවා”
“දුවට පිස්සුද
කොල්ලෝ දැනගත්තොත් අපි ඔක්කොම ඉවර කරලා දායි” !
“ඔන්න බල්ලෝ බුරන
සද්දයක් ඇහෙනවා කවුරු හරි මේ පැත්තට එනවා වගේ”
“ඉක්මනට කරන දෙයක් කරමු”
“අප්පා මෙයට මඩුවට යන්ඩ
උදව් කරන්ඩ”
මද වෙලාවකට පසු.....
“ටීචර් ටීචර් පොඩ්ඩකට
දොර අරින්ඩ”
“කවුද මේ රැවෙලා”
“අපිමේ සන්විදානේන්, ආමි
කාරයෙක් හරි දෙන්නෙක් හරි මේ පැත්තට ආවද”
“අපි කොහොම දකින්නද මේ
ළමයි හය වෙනකොට දොරවල් ඔක්කොම වහගන්නවා.”
“අපි හැමතැනම බැලුව මුන්
කොහෙහරි ඇති, ටීචර් හොදට දොරවල් වහගෙන ඉන්ඩ කවුරු කථාකරත් දොරවල් අරින්ඩ එපා,
අප්පා කෝ?
කියන්ඩ මුන් හරි බයානකයි, මතක
ඇතිනේ ගියමාසේ අල්ලපු ගමේ මිනිස්සු කපල මරල තිබුණ.”
“මම කෝම අමතක කරන්ඩද
නෙවි එකෙන් කරා කියල තමයි මිනිස්සු කථා උනේ”
“අපිටත් ආරන්චිඋනේ එහෙම
තමයි, ඒත් හරියටම කියන්ඩ බැ, නෙවි එකේ වගේම රැවුල් වවපු උන් ආමි එකෙත් ඉන්නවා...”
“සෙල්වා ගෙදර ආවේ නැද්ද
ටීචර්, තවම කොළඹද ඉන්නේ?”
“තවම වීසා ඇවිත් නැ
වෙල්ලවත්තේ ඉන්නේ”
“අපි යනව අම්මා දොරවල්
හොදට වහගන්ඩ මුන් මේ ළගම ඇති, වෙපන් 12ක් හම්බුනා බොඩ්ස් 10යයි තියෙන්නේ වැඩි
දුරක් යන්ඩ බැ හොදටම තුවාලවෙලා ඇත්තේ”
“ආඩවනේ කමලිනි දැන්
අරුන් හරක් මඩුව පැත්තේ බැලුවොත් අපි ඉවරයි.”
“අප්පා බොරුවට කැගහන්ඩ එපා හරක් මඩුව වහල තියෙන එකක්යැ
ඕන යකෙකුට ඕකට රිංග ගන්ඩ පුළුවන්නේ,අප්පා කලබල නොවී ඉන්ඩ”
“ඒත් කොල්ලෝ අපිව
සැක කරයි, උන්ට සැක හිතුණොත් දන්නවනේ කරනදේ!! අපිව පාරට ගිනිහින් බල්ලෝ වගේ මරල
දායි !! ඔව් බල්ලෝ වගේ මහපාරෙ මරල දායි!! උදේට පාරේ යන වුන් අපේ මිනි වලට කෙල
ගහයි, තමන්ගේ ජාතිය පාවල දුන්නු අවජාතකයෝ කියල, උබලට තේරෙන්නේ නැද්ද!!!”
“අප්පා කෑගහන්ඩ එපා උන්ට ඇහෙයි , අම්මා අපි ගිහිං බලමු, ඒ මනුස්සයාගේ කකුළකින් ලේ ගොඩක්
යනවා”
“පිස්සුද පුතේ ඔයාට
අරුන් ආයෙත් ආවොත්”
“අනේ අම්මා ඒ අයියා
දවසක් අපිව බේරා ගත්තා, යමු අනේ අම්මා”
මොනවා ඒ පාර මොන නාඩගමක්
නැටුවද”
“නාඩගම් නැටුවේ නැ අම්මා
අර සිත්තියි මමයි දවසක් තරගෙට බයිසිකල් පැදගෙන ආවා”
-
- - - - - - - -
උතුරේ ප්‍රධාන පාරක
මාර්ග භාදකයක සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබළ පිරිසක්.....
“අපි හැමදාම රෝඩ් බ්ලොක්
වල ඩියුටි සාජන් ඌට ඕනේ අයව ලේසි වැඩ තියෙන තැන් වලට දාගන්නවා”
“ගණන් ගන්ඩ එපා ගාමිණී
අයියේ ඉක්මණට ඩ්‍රිල් ටික ප්‍රැක්ටිස් කරලා අපිත් පටියක් ගහගමු. එතකොට එක එකා අපේ
ඔළුවට අත හොදන්ඩ එන්නේ නෑ”
“ඔන්න වුමන්කෝ ට්‍රක්
එකක් එනවා, අනිවා ඕකේ තරුවක් ගහගත්තු ගෑණියෙක් ඇති දැන් ගහපන්කෝ ගෑනුන්ටත්
සැලියුට්”
“ඔන්න සාජන් කාරයත් එනවා
මේ පැත්තට ඇටෙන්සන් වෙයන්”
“ගුඩ් මෝනිං සායන්”
“ගුඩ් මෝනිං, ප්‍රශ්න
මුකුත් තියෙනවද?
“නෑ සායන්”
“ඒයි විජේ ආන් අදත් අර
කෙල්ලෝ දෙන්නා බයිසිකල් වලින් මේ පැත්තට එනවා”
“ගාමිණී අයියේ මුන්
දෙන්නා අදත් රේස් පදිනවා වගේ බලපන්කො එන වේගේ”
“කෝපල් බලපන් අරුන් එන වේගේ බ්ලාස්ට් කරගන්ඩ
එනවද දන්නෑ”
“ඒ හැමදාම එන කෙල්ලෝ
දෙන්නෙක් පාඩම් කරන්ඩ ලයිබ්රියට යනවා”
“ එකට කමක් නෑ නවත්වල
වුමන් කෝ එකේ කෝපල්ට කියපන් චෙක් කරන්ඩ
කියල”
“හොදයි සායන්”
“හෝල්ට්!!”
“කොහෙද හයියෙන් යන්නේ?
රෝඩ් බ්ලොක් එක අමතක වුනාද?”
“අපිට සමාවෙන්ඩ තරගෙට
පැදගෙන ආව,බයිසිකලේ බ්‍රේක් අඩුයි, අපි පාඩම් කරන්ඩ යන ගමන්”
“ඕව ගිහිං කියන්ඩ අතන
ඉන්න වුමන්කෝ කෝපල්ට”
“අනේ අපිට උදවු කරන්ඩ
අයියේ ඔයා අපිව දන්නවනේ”
“යන්කො මමත් එන්නම්”
“කෝපල් ප්‍රියංගිකා මේ
ළමයි දෙන්නව චෙක් කරන්ඩ කියල සායන් කිව්වා”
“අක්කේ මේ දෙන්නා
කැම්පස් ළමයි දෙන්නෙක් හැමදාම මෙතනින් යනවා”
“විජේ මල්ලි යන්ඩ සායන්
සිල්වගෙ හැටි දන්නවනේ”
-
- - - - - - -
“එදා මේ අයියා තමයි අපිව බේරලා යැව්වේ අනේ අම්මේ එයා පව් අපි ගිහිං බලමු”
“යන් පුතේ කාගේ උනත් දරුවෙක්නේ ඉන්ඩ මම බැන්ඩේජ් එකක් තිබුණා අරං එන්නම්.”
---------- --------- ---------
ගුරුවරියක්
ලෙස පාසැල් දරු දැරියන්ට පමණක් නොව නිළ ඇදුම් ඇගලා සිටියවුන්ටත්,සයනයිඩ් කරල
බෙල්ලේ ගැට ගසාගෙන සිහිනයක් වෙනුවෙන් සටන් කළ ඔවුන්ටත් ඔබ දෙවෙනි මවක් විය. ඔබගේ ඒ
නිහඩ මනුස්සකමේ පනිවිඩය, ආදර්ශය සමාජ ගතවුවා නම් කිසිදින යුද්දයක් ඇති නොවනු ඇත.
ජාතිකත්වය,ආගම
උලුප්පා මේ කුඩා දිවයිනේ මිනිසුන් බේද බින්න කරන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයන්
වෙනුවෙන් අහිංසක මිනිසුන් බිළිදෙන ගෝත්‍රික නායකයින් සුළුතරයක් නොවේද? දකුණේ පමණක්
නොව උතුරේද සිටින්නේ අපගේ සහෝදර ජනතාවක් නොවේද?..........
(මේ සත්‍යය සිදුවීම ගැන විස්තර කියපු සොයුරාට මගේ ස්තුතිය, ඔබගේ
මෑණියන්ට(සුදු ටීචර්ට) නිදුක් නිරෝගී සුව පතමි.)







