Thursday, 23 June 2016

හැචරියේ අතුරු කථාවක් - අවසන් කොටස



“හලෝ ලාල් අයියද කථාකරන්නේ” යකෝ මගේ හෑන්ඩ් ෆෝන් එකෙන් මම නැතුව අහවල් එකෙක් කථා කරන්ඩද!!!!!.....
“කවුද කථාකරන්නේ” මල අතේ අරන් මම ඇහුවේ..
“අයියේ මම හලාවත ***** මල්ලි අපි බඩු ගන්ඩ කඩේට ආව, කඩේ අංකල්ගේ ෆෝන් එකෙන් ගත්තේ”
“ආ මල්ලි මට එකපාරට අදුර ගන්ඩ බැරි උනා කොහොමද”
“හොදයි අයියේ මේ අක්කා ඉන්නවා”
ඊට පස්සේ ගැල්ලමයත් කථාකරා.
මුළින්ම කිව්වේ මම විහිළුවට නොම්බරයක් ලියල දුන්න කියල හිතුව කියල, මොකද මම ෆෝන් එකක් තිබුණට ඕක එළියට ගත්තේ රැ වැඩ ඉවරුනාට පස්සේ.ඒ වෙලාවට තමයි ගෙදරින් කෝල් එකක් ආවත් එන්නේ,එන කෝල් වලටත් කැපෙන ඒ කාලේ මම මලාට ඕකෙන් කෝල් ගත්තේ නැ, මොකද කම්පැනි ෆෝන් එකෙන් කෝල් ගන්ඩ පුළුවන් උන නිසා.
.....................................................................................
මෙන්න තවත් චන්ද ප්‍රථිපලයක්.......හුටා වැරදුනා...පිංවතුනි තවත් අති විශේෂ ගල්ඔය ......නෑ ගල්ඔය අරක්කු නෙවෙයි, තවත් අති විශේෂ පාටියක්.....
ටාන් ටීන් ටුං.......
ගෑල්ලමයාගේ උපන්දින පාටිය......
“කවදද තියෙන්නේ” මංතුමා.
“ලබන සතියේ -----ඔයා එන්ඩම ඕනේ”
“ඔව් ඔව් අනිවාර්යෙන්ම එනවා”
යන්ඩ නම් බැරියැ ඒත් තෑග්ගට මොනවාද අරං යන්නේ?
සෑහෙන්ඩ බොන්ඩ වෙන ප්‍රශ්නයක්????
අවසාන තීරණය දුරකථනයක්...
නොකියා පට්ට ගණන්, මට තියෙන්නෙත් සෝනි එරික්සන් එකක්, ඒ දවස්වල ඉන්ටර්නෙට් තිබුන කියලයයි,කොලබට ගිහින්ම තමා බලන්ඩ වෙන්නේ. නැග්ග හලාවත  කොටුව බස් එකක,යන ගමන් හිත හිතා ගියේ “මොටරෝලද,සිමන්ද,අල්කටෙල්ද,එරික්සන්ද”

කොටුවේ ෆෝන් කඩ පැත්තේ  වටයක් ගියා හරියන්නේ නැ වැඩේ, පස්ට ගණන්, ගියා මල්වත්ත රෝඩ් එක පැත්තේ,එබුන කඩේ ඉස්සරහ ෂෝකෙස් වල දාල තිබුන සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් වලට, පොරක් කඩේ දොර ගාව ඉදන්ම ඇහුව
 “මල්ලි ෆෝන් එකක්ද බැලුවේ, හොද බඩු තියෙනවා,අළුත්ම බැට්‍රියක් දාල හාරදාහකට දෙන්නම්". ෂෝකේස් එකේ තිබුණ ඇල්කටෙල් ෆෝන් එක අරං පොර කිව්වා.

මම බැටරිය දාල මෙනු එකට ගිහින් පොඩ්ඩක් බටන් එහෙමෙහෙ ඔබල “3500ක් දෙන්නම්" කිව්වා.
“හයියෝ ඒ ගානට නම් බෑ,මේකේ අළුත් එක අටදාස් පන්සියක් වෙනවා” 
ෆෝන් එකට මගේ හිත ගිහින් තිබුණේ ඇල්කටෙල් ෆෝන් හෙන පවර්ෆුල්, පාවිච්චියටත් හොදයි. අනික ඒ කාලේ පොඩි ෆෝන් තමයි ඉස්ටයිල් එක. මට මතකයි පොරක් උගේ ෆෝන් එක කරේ දාන චෙන් එකේ එල්ලගෙනත් හිටිය. සින්ගප්පුරුවෙන් ගෙනාපු එකක් කියලයි කිව්වේ.
“තුන්දාස් හයසීයක් දෙන්නම් උපරිම” මම කඩෙන් එළියට යන්ඩ හැරුණා.
“මල්ලි 3750ට වැඩේ කරමු. මාස හයක වොරන්ටියකුත් දෙන්නම්”
ෆෝන් එකේ වැඩේ ගොඩ ඒත් මේ පාවිච්චි කරපු ෆෝන් වලට සිම් ගන්ඩ අමාරුයි,ආකේඩ් වලට ගියහම ෆෝන් එකේ සිරියල් නොම්බරේ ගහල බලනවා. ඒ නොම්බරේට සිම් එකක් අරන් තිබුණොත් අයේ අළුත් එකක් දෙන්නේ නැ..දෙන්නටම එකම වර්ගයේ සිම් තියෙන්ඩත් ඕනේ මේ එන කෝල් වලටත් සල්ලි අයකරපු කාලෙනේ.. (මේ එක්දහස් නමසිය අනු ගණන් වලදී බව සලකන්න)
“අයියේ මේ පාරේ ඩ***ග් සිම් එකක් ගන්ඩ කඩයක් තියෙනවද” මම ෆෝන් කඩේ කොල්ලගෙන්ම ඇහුවා.
“මේ පාරේ කෙළින්ම ගිහින් දකුණට හැරෙන කොට තියෙන දෙවෙනි කඩේ, අයි ඩි එක තියෙනවා නේද”
“ඔව් අයියේ මම එන්නම්” කියාගෙන මම එන්ඩ ආව.
කඩේ බුවාට කිව්වම සිම් කීපයක් පෙන්නුවා,මම මතක හිටින අංක රටාවක් තියෙන එකක් තෝරලා ගත්තා.ඒ දවස් වල ආකේඩ් වල මේ විදියට නොම්බර තෝරන්ඩ දෙන්නේ නෑ. කියන්ඩ සන්තෝසයි පිංවතුනි බුවා මගෙන් ගත්ත සල්ලි වලින් ආකේඩ් එහෙකට බස් එකෙත් ගිහිං සිම් දෙකක් ගන්ඩ පුළුවන්. ඒත් මට වෙන කරන්ඩ දෙයක් තිබුණේ නෑ. ඊට පස්සේ එතැනින්ම හාරසීයේ කාඩ් දෙකක් ගත්තා. ඒ දවස් වල රිලෝඩ් තියා පනහේ සියේ රිචාර්ජ් කාඩ් තිබුණෙත් නැ.
 සමච්චලයක්ද  අභියෝගයක්ද?
තෑගිත් අරං ඔන්න කියපු දවසේ පාන්දර දහයට එකොළහට විතර මන්තුමා පාටියට ගියා. අපි වගේ පොඩි අයට බියරුත් වැඩිහිටියන්ට සැර ඒවත් තිබුණා. කට්ටියත් එක්ක පොඩි ඩාන්ස් එකක් එහෙම දාල කයියක් ගහන කොට මෙන්න කියාපි ලංකාවේ මිනිස්සු ටලෙන්ටඩ් නැ කියලා. අම්මප චිකන් ඩේවල් එකක් දාන්ඩ හිතුනා සනිකවම...

මට සිංදු ලියන්ඩ පුළුවන්,ගිටාර් එක ගහන්ඩත් පුළුවන් අපේ මල්ලිටත් ගිටාර් එකයි,ඩ්‍රම් සෙට් එකයි ගහන්ඩ පුළුවන් කියල මෙකි කියපි. අවුලක් නැ මටත් ඩ්‍රම් ගහන්ඩ පුළුවන් තාලෙට හැබැයි මගදී බ්‍රේක් කිරිලි නෑ දිගටම එමම තමා. නිකං මම සවුත්තු වෙන්නේ මොකටද මම කිව්වා මටත් සිංදු ලියන්ඩ පුළුවන් නව කථාවකුත් ලියාගෙන යනවා කියල.

“ෂා හොදයිනේ ලියල මට දෙන්ඩ මම මෙලඩි එකක් දාල සිංග් කරන්නම්” කිව්වා. ඒ වචන ටික ඇහෙන කොට අර කාටුන් එකේ වගේ මගේ කන්දෙකෙන් සෝස් ගාල දුම් ඇවිත් ඇස්ගෙඩි දෙක අඩියක් විතර ඉස්සරහට ගිහිං අයෙත් තිබ්බ විදියටම හැදුනා.
කොහොම හරි පස්සේ සිංදු දෙකකුයි කෙටි නවකතාවකුයි ලියන්ඩ පුළුවන් උනා. ඒ දවස් වල ෆෝන් තිබුණට දැන් වගේ මල් කඩන්ඩ තරම් වත්කමක් තිබ්බේ නැ. ඒත් දවසට එස් එම් එස් තුන හතරක් හුවමාරු උනා.
අවුරුද්දක් විතර ගැටුම් වලින් තොරව කාලය ගෙවිලා ගියා. ඒත් ආරම්භයක් තියෙන හැම දේටම අවසානයකුත් තියෙනවා කියනවනේ ඒ වගේ මේකටත් අවසානයක් තිබුණා. ඒ අවුරුද්දක් අවසාන වන දෙසැම්බර් තිස් එක දවසක පාටියකදී.පාටිය තිබුණේ මිගමුවේ ගෙදරක.ගෙදරක් කිව්වට මේක අහවල් ගාමන්ට් වල  බයින් ඔෆිස් එකේ ෆිලිපින් අයට කම්පනියෙන් දුන්න ඒවා.
දේවින්දයි , චමත් කියල කොල්ලෝ දෙන්නෙක් ඇවිත් හිටිය පාටියට. ලෝරගේ මල්ලිගේ යාළුවෝ කියල තමයි මට අදුන්වල දුන්නේ. ඒත් ලෝරත් එක්ක තමයි වැඩිපුරම එකට හිටියේ. බියර් බිල ටිකක් මත්වෙලා හිටපු මම මිදුලේ තිබ්බ ගල් බංකුවට ආවේ ටිකක් හිත එකලස් කරගන්ඩ. ලෝර මේ කොල්ල එක්ක පරණ කෙස් එකක් තිබුණ කියල මම දැනගෙන හිටියේ.මම ටිකක් මේ ගැන විස්තර හොයල තිබුණේ. ඒ අස්සේ මැටහොන් අක්කා (අපි මෙයාට මල්බරෝ අක්ක කියලත් නම දාල තිබුණේ සිගරට් බොනකොට එකකින් තව එකක් පත්තු කරන චේන් ස්මොකර් කෙනෙක් නිසා.) කොහෙන්දෝ මම හිටපු තැනට ආව.
“හේ ලලිත් හැමෝම සතුටු වෙනකොට මොකද මෙතන කරන්නේ” කියල ඇහුවා.
 මම මුකුත් නොකිය හිනාවෙලා එයාගේ අතේ තිබුණ සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් අරං ලයිටරේට දෙපාරක් තට්ටුවක් දාල පත්තුකර ගත්තා.
“මොකද ප්‍රශ්නයක්ද” කියල ආයෙත් ඇහුවා.
මොකද වෙනද සිගරට් පැකට් එක දික්කරපුවහම මම සිගරට් ගන්නේ නැති නිසා වෙන්ඩ ඇති.
 “කවුද අර ලෝරගේ පස්සෙන් යන කොල්ලා” කියල මම ඇහුවා.
“ඇයි දන්නේ නැද්ද ඒ ලොරත් එක්ක කළින් යාළුවෙලා හිටපු කොල්ලනේ, ජාඇල පල්ලියක ගීතිකා කණ්ඩායමේත් ඉන්නවා හොදට ගිටාර් ගහන්ඩත් පුළුවන්” කියල කිව්වා.
 පරණ යාළුවෝ මොන එහෙකට පාටිවලට ගෙන්න ගන්නවද කියල මට මල පැන්න. බාගයක් වත් බිල නොතිබුණ සිගරට් එක බිම දාල කකුළෙන් පොඩිකරපු මම ගේ ඇතුළට ගියේ අද මේකෙන් දෙකෙන් එකක් ඉවර කර ගන්නවා කියල හිතාගෙන.
මේක පරණ ආරංචියක් උනත්, ආයෙත් මේක පටන් අරන් ඇති කියල මට හිතුනේ නැ.
මයික් එකක් අතේ තියාගෙන ටීවී එකේ යන සිංදුවක් කියන්ඩ එකෙක් දත කනවා,කීප දෙනෙක් බියර් විදුරු උස්සගෙන ගායකයාට කින්ඩියට හිනාවෙනවා,ලෝරගේ මල්ලියි ,දෙවින්දයි බර කයියක්. මහගැනියි(දැන් වෙන්ඩ නැන්දම්මා නෙවෙයි,, මොකද අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි,....සිංහ ලේ කකියනවා යකෝ...) කෙල්ලයි සැටියේ ඉදගෙන කථාවක්.
“බියර් බිලා ඇසුත් රතුවෙලා” වෙන්ඩ නැන්දම්මා.මමත් එතැනින්ම ඉද ගත්තා. කෙළින්ම මාතෘකාවට බැස්සා.
දේවින්ද ගොඩක් කල් ඉදලා අදුනනවද?
“ඔව් එයා මල්ලිගේ යාළුවෙක්”
“මල්ලිගේ යාළුවෝ අක්කලාගේ උපන්දිනේට ගිටාර් තෑගි දෙනවද, නමේ අකුරුත් ගහල?
අම්මයි දුවයි දෙන්නම මගේ මුණ දිහා බලාගෙන හිටියේ ඊළගට මොකක් වෙයිද කියල දෙගිඩියාවෙන් කියල මට හොදටම තේරුණා. සමහරවිට තොරණේ විස්තරේ මම නොදන්නා දේවලුත් ආරංචි වෙලා ඇති කියලා හිතන්ඩ ඇති.
“ඉස්සර යාළුවෙලා හිටපු උන් මොකටද පාටි වලට ගෙන්න ගත්තේ”  මම ඇහුවේ අද මේකේ දෙකෙන් එකක් විසදා ගන්නවාමයි කියල හිතාගෙන ටිකක් සද්දෙන්.
“ඇයි ඒක ඔයාට ප්‍රශ්නයක්ද”
හැමෝම  ඉස්සරහා තමන් අපහසුතාවයට පත්වුණ නිසාද  මන්ද ලෝරත් මගෙන් ඇහුවා.
“නෑ කිසිම ප්‍රශ්නයක් නෑ” කියපු මම එතනින් නැගිටලා ආවේ අයේ කවදාවත් මේ මිනිස්සු එක්ක සම්භන්දකමක් පවත් වන්නේ නෑ කියල හිතාගෙන..
ඒ තමයි කථාවේ අවසානය, අවසානය කියන්නේ තව කථාවක ආරම්භය, ඒක නම් බොහොම සුන්දර කථාවක්.


 ඒකත් පස්සේ ලියන්නම් ඊට කළින් “සෙල්වගේ” අම්ම (සුදු ටීචර්)සම්භන්ද කථාව දාන්ඩ ඕනේ කියල හිතුවේ අසනීපයෙන් ඉන්න අම්ම බලන්ඩ ලංකාවට ගිහිං ඇවිත් “සෙල්වම්” “මචං අම්ම මේවා හදල දුන්නේ කාල බලහං” කියල දුන්න කෑම කනකොට මතක්වුනේ යකෝ මු කියපු කථාව තවම බ්ලොගේ ලිව්වේ නැහැනේ කියල. එහෙනම් ලබන සතියේ යාල්පානම් කථාවක් හොදේ......

31 comments:

  1. ෆෝන් ගැන කියද්දි නම් මතක් උනේ අපේ අප්පච්චිත් එක්ක අපේ ගෙදර ට පලවෙනි ෆෝන් එක ගන්ඩ ගියපු දවස....හැක් හැක්..."නොකියා 1100" මට මතක විදිහට 12 විතර උනා..

    අනිත් එක ඔහොමත් තරහ ගන්නවද...ඈ?....මම නම් රෑ වෙලා කෙල්ලත් එක්ක තනිපංගලමෙ කතා කොරල එහෙම...%£&#.....යන්ට යනව...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. නොකියා ඒ දවස් වල පට්ට ගණන්..
      හපොයි ඒ කාලේ තනිපංගලමේ කථා නෑ ...

      Delete
  2. හෙහ් හේ... ප්‍රසිද්ධියේම ගේම ඉල්ලලා නෙව.. දත ගලවලාම පටංගත්ත විදිහට නම් ඔයින් ගියා ඇති..ගස්ලබ්බා මුලින් ගත්තෙ නොකියා 3310ක්.පස්සෙ ඒක රීලෝඩ් දාන්න හොඳයි කියලා එකෙක් අඬල අඬලා ගත්තා.
    යාල්පානම් කතාව දාපං මචං.. ගස්ලබ්බා හරි ආසයි ඔය වගේ කතා වලට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ ලබන සතියේ දාන්නම් ...
      දැන් කකුල සනිපයිද

      Delete
  3. පටන්ගත්ත ඉවර උනා... කල් ගිහින් ඉවර වෙනවට වඩා ඒක හොඳයි....
    ආයෙ කවදවත් හම්බුනේ නැද්ද???

    යාල්පානම් කතාවත් ඉක්මනින් දාන්න...

    ReplyDelete
    Replies
    1. ඉවර වෙන්ඩ අවුරුද්දක් ගියා ...

      Delete
  4. අනේ මන්දා උඹ කතා කරන්ඩ අකමැති හින්දා රහ මැරුවද කියල

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට කම්මැලි හිතෙනවා...

      Delete
  5. ඒකත් හොඳයි...ගැටුම් ඇති වීමට පෙරම, පරිච්චේදය අවසන් කරපු එක...

    ReplyDelete
    Replies
    1. ඩබල් ගේම් එකක් දීලා තිබුනේ...

      Delete
  6. ලියලා ඉවර කරපු ගමන් පලකරන්න එපා. නැවත කියවා බලන්න. නිවැරදි කලයුතු තැන් තියනවා. උදාහරණයක් වශයෙන්, ලෝරාගේ යනුවෙන් ලියවියයුතු වචනය, ලොරගේ කියලා තමයි ලියවිලා තියෙන්නේ. එවිට එය හරියට, පොර කියා පුද්ගලයකු හඳුන්වා, පොරගේ කියා කිව්වා හා සමානයි.

    ReplyDelete
    Replies
    1. මම හදන්නම් විචාරක තුමණි ...

      Delete
  7. එහෙමයි එහෙනම් උනේ නේද? යාල්පානමේ කතාවත් දාමුකො එහෙනම්.

    ReplyDelete
    Replies
    1. එහෙමයි උනා කියන්නේ...

      Delete
  8. ඕකයි වුණේ එහෙනම්. ලිවීමේ ආරම්භයක් ඇතිවුණේ ඔය සින්දු දෙකයි කෙටි කථාවයි ලිව්වට පස්සේ වෙන්න ඇති ?

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මුළින්ම හතේ පන්තියේදී කලා සමිතියේ බිත්ති පුවත් පතකට කවි කථා ලියල දෙන්ඩ කියල කිව්වම ලිව්වා පොඩි සාදු කෙනෙක් වැලිමළුවේ දණ ගහගෙන ගාථා කියද්දී තමන්ට දැනෙන අපහසුව ගැන පොඩි කවියක්, අපේ සිංහල මාස්ටර් ඕක බිත්ති පුවත් පතේ දැම්මේ නෑ සාසොනේට අගොව්රවයක් කියල..

      Delete
  9. Replies
    1. තරහව...හික්//හික්....

      Delete
  10. තරහව ඇතිවුණේ විරහව නිසාද නැත්නම් .... එක්කො ඕන නෑ.

    සුන්දර කතාවත් ඉක්මනටම ලියන්න ....

    ReplyDelete
    Replies
    1. නෑ ඩබල් ගේමක් නිසා...

      Delete
  11. I presented my ex girl friend an analogue phone first.. I mean those days.. :)
    btw, I'm happy it ended in this way.. so no need to make a long comment.

    ReplyDelete
    Replies
    1. I had a dream to get married and start new life in philippine. But now no worries and I'm happy what I have in my life..

      Delete
  12. හරි එකත් ඉවරයි එහෙනම්...
    ඒ කාලේ කෝල් ගැනනම් කතා කරලා වැඩක් නැහැ, මම මුලින්ම ගත්තේ ඇනලොග් ෆෝන් එකක්. ටැංගෝ ද මොකක්ද මන්ද එකක්...
    කඳු බඩ ගාන්න ඕනේ සිග්නල් හොයන්න...
    අවුට් ගොයින් විනාඩියට රු. 17 ක් වගෙත් ඉන්කමින් විනාඩියට රු.15 ක් වගේත් මතකයි...

    ReplyDelete
    Replies
    1. ඩයලොග් උණත් පාරවල් අයිනේ ගෙවල් වලට විතරයි සිග්නල් තිබුණේ. සමහරු ගස් වලට නැගල කෝල් ගත්ත. කොළඹ එකා තියන්නම් කිව්වම අපි හා මචං මම බහින්නම් කියල තමයි කියන්නේ..

      Delete
  13. කතාව ඉවරයි නේද? අලුත් එකක් පටන් ගමු.

    ReplyDelete
    Replies
    1. අනිවා, එකක අවසානයක් කියන්නේ තව එකක ආරම්බයක්...

      Delete
  14. කණ පැලෙන්න දීල එන්න තිබ්බේ හැමෝම ඉස්සරහ. ඇයි යකෝ...

    ReplyDelete
  15. ලියලා තියෙන හැටි මරු... හුඟ කාලෙකින් බ්ලොග් කියවන්න ආවේ... සඳරු ලියන හිස් අහස මතක් වුනා මේ පෝස්ට් එක දැක්කම.. ජය!!

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න