Showing posts with label කෙටි කථා වගෙ ඒවා.. Show all posts
Showing posts with label කෙටි කථා වගෙ ඒවා.. Show all posts

Monday, 4 July 2016

මනුස්සකම....



මුලින්ම මගේ කෙටි කථාවක් (සා.සේ.240139 ) නෙළුම්යාය බ්ලොග් සින්ඩියේ පළකළ අජිත් මහතාට මගේ ගෞරව පුර්වක ස්තූතිය පුදකර සිටිනවා. ලස්සන පින්තුරයකුත් දාල.මෙන්න දැක්කේ නැත්නම් බලලා එන්ඩ...



මනුස්සකම
“අප්පා සුරුක වාංග මෙන්න ආමි කෙනෙක් වැටිලා ඉන්නවා”
“අම්මා ඉන්ගේ වාංග”
“ආඩවනේ අයියයියෝ මුරුගා හෙම තැනම ලේ අප්පා”
“අප්පා, ඉන්ගේ පාරුංග”
“මට වතුර ටිකක්”
කෝමද මෙහාට ආව, යේක යපිට සද්දේ ඔක්කම ඇහුණා, දැන් කොල්ලෝ මෙහෙට ආවොත් අපිත් සෙත්ත පෝච්චි තමයි කරනවා.”

“මාව බේරගන්ඩ උන් දැක්කොත් මාව මරයි, අනේ මාව බේර ගන්ඩ”
“අම්මා අපි මොක්කද කරනවා, දැන් සංවිදානෙන් ආවොත් මේ මනුස්සයා මරල දායි”
“අම්මා අපි මෙයාව හරක් මඩුවෙන් තියමු. සංවිදානෙන් ආවත් ගේ විතරනේ බලන්නේ”
“අනේ මාව බේරගන්ඩ”
“අම්මා අර බලන්ඩකෝ කකුලෙන් හොදටම ලේ එනවා”
දුවට පිස්සුද කොල්ලෝ දැනගත්තොත් අපි ඔක්කොම ඉවර කරලා දායි” !
“ඔන්න බල්ලෝ බුරන සද්දයක් ඇහෙනවා කවුරු හරි මේ පැත්තට එනවා වගේ”
“ඉක්මනට කරන දෙයක් කරමු”
“අප්පා මෙයට මඩුවට යන්ඩ උදව් කරන්ඩ”

මද වෙලාවකට පසු.....

“ටීචර් ටීචර් පොඩ්ඩකට දොර අරින්ඩ”
“කවුද මේ රැවෙලා”
“අපිමේ සන්විදානේන්, ආමි කාරයෙක් හරි දෙන්නෙක් හරි මේ පැත්තට ආවද”
“අපි කොහොම දකින්නද මේ ළමයි හය වෙනකොට දොරවල් ඔක්කොම වහගන්නවා.”
“අපි හැමතැනම බැලුව මුන් කොහෙහරි ඇති, ටීචර් හොදට දොරවල් වහගෙන ඉන්ඩ කවුරු කථාකරත් දොරවල් අරින්ඩ එපා, අප්පා කෝ?
 කියන්ඩ මුන් හරි බයානකයි, මතක ඇතිනේ ගියමාසේ අල්ලපු ගමේ මිනිස්සු කපල මරල තිබුණ.”
“මම කෝම අමතක කරන්ඩද නෙවි එකෙන් කරා කියල තමයි මිනිස්සු කථා උනේ”
“අපිටත් ආරන්චිඋනේ එහෙම තමයි, ඒත් හරියටම කියන්ඩ බැ, නෙවි එකේ වගේම රැවුල් වවපු උන් ආමි එකෙත් ඉන්නවා...”
“සෙල්වා ගෙදර ආවේ නැද්ද ටීචර්, තවම කොළඹද ඉන්නේ?”
“තවම වීසා ඇවිත් නැ වෙල්ලවත්තේ ඉන්නේ”
“අපි යනව අම්මා දොරවල් හොදට වහගන්ඩ මුන් මේ ළගම ඇති, වෙපන් 12ක් හම්බුනා බොඩ්ස් 10යයි තියෙන්නේ වැඩි දුරක් යන්ඩ බැ හොදටම තුවාලවෙලා ඇත්තේ”
ආඩවනේ කමලිනි දැන් අරුන් හරක් මඩුව පැත්තේ බැලුවොත් අපි ඉවරයි.”
“අප්පා  බොරුවට කැගහන්ඩ එපා හරක් මඩුව වහල තියෙන එකක්යැ ඕන යකෙකුට ඕකට රිංග ගන්ඩ පුළුවන්නේ,අප්පා කලබල නොවී ඉන්ඩ”

ඒත් කොල්ලෝ අපිව සැක කරයි, උන්ට සැක හිතුණොත් දන්නවනේ කරනදේ!! අපිව පාරට ගිනිහින් බල්ලෝ වගේ මරල දායි !! ඔව් බල්ලෝ වගේ මහපාරෙ මරල දායි!! උදේට පාරේ යන වුන් අපේ මිනි වලට කෙල ගහයි, තමන්ගේ ජාතිය පාවල දුන්නු අවජාතකයෝ කියල, උබලට තේරෙන්නේ නැද්ද!!!”
“අප්පා කෑගහන්ඩ එපා  උන්ට ඇහෙයි , අම්මා අපි  ගිහිං බලමු, ඒ මනුස්සයාගේ කකුළකින් ලේ ගොඩක් යනවා”
“පිස්සුද පුතේ ඔයාට අරුන් ආයෙත් ආවොත්”
“අනේ අම්මා ඒ අයියා දවසක් අපිව බේරා ගත්තා, යමු අනේ අම්මා”
මොනවා ඒ පාර මොන නාඩගමක් නැටුවද”
“නාඩගම් නැටුවේ නැ අම්මා අර සිත්තියි මමයි දවසක් තරගෙට බයිසිකල් පැදගෙන ආවා”
-          - -         -           -           -           -           -           -
උතුරේ ප්‍රධාන පාරක මාර්ග භාදකයක සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබළ පිරිසක්.....
“අපි හැමදාම රෝඩ් බ්ලොක් වල ඩියුටි සාජන් ඌට ඕනේ අයව ලේසි වැඩ තියෙන තැන් වලට දාගන්නවා”
“ගණන් ගන්ඩ එපා ගාමිණී අයියේ ඉක්මණට ඩ්‍රිල් ටික ප්‍රැක්ටිස් කරලා අපිත් පටියක් ගහගමු. එතකොට එක එකා අපේ ඔළුවට අත හොදන්ඩ එන්නේ නෑ”
“ඔන්න වුමන්කෝ ට්‍රක් එකක් එනවා, අනිවා ඕකේ තරුවක් ගහගත්තු ගෑණියෙක් ඇති දැන් ගහපන්කෝ ගෑනුන්ටත් සැලියුට්”
“ඔන්න සාජන් කාරයත් එනවා මේ පැත්තට ඇටෙන්සන් වෙයන්”
“ගුඩ් මෝනිං සායන්”
“ගුඩ් මෝනිං, ප්‍රශ්න මුකුත් තියෙනවද?
“නෑ සායන්”
“ඒයි විජේ ආන් අදත් අර කෙල්ලෝ දෙන්නා බයිසිකල් වලින් මේ පැත්තට එනවා”
“ගාමිණී අයියේ මුන් දෙන්නා අදත් රේස් පදිනවා වගේ බලපන්කො එන වේගේ”
 “කෝපල් බලපන් අරුන් එන වේගේ බ්ලාස්ට් කරගන්ඩ එනවද දන්නෑ”
“ඒ හැමදාම එන කෙල්ලෝ දෙන්නෙක් පාඩම් කරන්ඩ ලයිබ්රියට යනවා”
“ එකට කමක් නෑ නවත්වල වුමන් කෝ එකේ කෝපල්ට කියපන්  චෙක් කරන්ඩ කියල”
“හොදයි  සායන්”
“හෝල්ට්!!”
“කොහෙද හයියෙන් යන්නේ? රෝඩ් බ්ලොක් එක අමතක වුනාද?”
“අපිට සමාවෙන්ඩ තරගෙට පැදගෙන ආව,බයිසිකලේ බ්‍රේක් අඩුයි, අපි පාඩම් කරන්ඩ යන ගමන්”
“ඕව ගිහිං කියන්ඩ අතන ඉන්න වුමන්කෝ කෝපල්ට”
“අනේ අපිට උදවු කරන්ඩ අයියේ ඔයා අපිව දන්නවනේ”
“යන්කො මමත් එන්නම්”
“කෝපල් ප්‍රියංගිකා මේ ළමයි දෙන්නව චෙක් කරන්ඩ කියල සායන් කිව්වා”
“අක්කේ මේ දෙන්නා කැම්පස් ළමයි දෙන්නෙක් හැමදාම මෙතනින් යනවා”
“විජේ මල්ලි යන්ඩ සායන් සිල්වගෙ හැටි දන්නවනේ”
-          -           -           -           -           -           -           -                      
“එදා මේ අයියා තමයි අපිව බේරලා යැව්වේ අනේ අම්මේ එයා පව් අපි ගිහිං බලමු”
“යන් පුතේ කාගේ උනත් දරුවෙක්නේ ඉන්ඩ මම බැන්ඩේජ් එකක් තිබුණා අරං එන්නම්.”
----------      ---------             ---------

ගුරුවරියක් ලෙස පාසැල් දරු දැරියන්ට පමණක් නොව නිළ ඇදුම් ඇගලා සිටියවුන්ටත්,සයනයිඩ් කරල බෙල්ලේ ගැට ගසාගෙන සිහිනයක් වෙනුවෙන් සටන් කළ ඔවුන්ටත් ඔබ දෙවෙනි මවක් විය. ඔබගේ ඒ නිහඩ මනුස්සකමේ පනිවිඩය, ආදර්ශය සමාජ ගතවුවා නම් කිසිදින යුද්දයක් ඇති නොවනු ඇත.
ජාතිකත්වය,ආගම උලුප්පා මේ කුඩා දිවයිනේ මිනිසුන් බේද බින්න කරන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අහිංසක මිනිසුන් බිළිදෙන ගෝත්‍රික නායකයින් සුළුතරයක් නොවේද? දකුණේ පමණක් නොව උතුරේද සිටින්නේ අපගේ සහෝදර ජනතාවක් නොවේද?..........

(මේ සත්‍යය සිදුවීම ගැන විස්තර කියපු සොයුරාට මගේ ස්තුතිය, ඔබගේ මෑණියන්ට(සුදු ටීචර්ට) නිදුක් නිරෝගී සුව පතමි.)





Monday, 28 March 2016

සා. සේ - 240139



සා. සේ  - 240139

පහතින් ලියවෙන කථාව කිසිවෙකුගේ පැන්ටසිය කඩා බිද දැමීමට හෝ සිංහ ලේ කෝප කිරීමකට හේතු නොවේවා යයි පතමි,මාසික වේතනයකට රැකියාවක් කරන හා කල ත්‍රිවිද හමුදා සෙබළුන්හට දේශය රැකගත් රණවිරුවන් යයි ලේබල් ගසා ඔවුන්ගේ දුප්පත් කරමත නැගි සිංහලේ ගෝත්‍රිකයන්ගේ දේශපාලකයන්ට වෛර කරන අතර සැබෑ රණ විරුවන් සිටියා නම්  සිටියේ දකුණේ නොව වෙනම රටක් වෙනුවෙන් සටන්කළ උතුරේ තරුණයන් අතර බව නොපැකිළව ලියා තබමි.
  මේ සියල්ලක්ම මාගේ හුදු දහවල දුටු සිහිනයක් පමණි.
“බිත්තිවලටත් කන් ඇත”.... “එක උණ්ඩයට එක සතුරයි”.........


මෙහෙම පාවෙවී ඉන්ඩ ගියහමත් එපා වෙනවා, හැබැයි එකෙත් පොඩි ගතියක් තියනවා, අම්ම ඉස්සර කියනවා වාගේ හැම නරක දෙයකම හොදකුත් හැංගිලා තියනවා. ඉස්සර වගේ වෙලාවට කැම කන්ඩ, නිදා ගන්ඩ තව ගොඩක් දේවල් ගැන හිතන්ඩවත් ඕනේ නෑ, මොකද මං අර TV එකේ කාටූන් එකක හිටියේ “කැස්පර්” THE FRIENDLY GHOST” වගේ සිත මිස කය නැති සත්වයෙක් ,නැත්නම් තවත් එක් ගන්දම්බයෙක්. ඔන්න ආයෙත් සැරෙන් සුළගක් එනවා, සුළගට බෝ කොළ සෙලවෙනකොට හරිම ලස්සනයි.
එදා හවස හයේ පෙරඩ් එකෙන් පස්සේ කැමට යන්ඩ දෙමළ පිගානයි කොප්පෙයි(බෙලෙක් පිගන්,කෝප්ප වලට අපි කිව්වේ එහෙම මොකද තොස කඩවල තිබ්බෙත් ඔව්නේ,මම ජාතිවාදියෙක් නෙවෙයි හමුදාවට බැදුණේ නංගිටයි මල්ලිටයි හොදට උගන්නන්ඩ ඕනේ නිසා, රට වෙනුවෙන් යුද්ද කරන්ඩ අව එකෙක්වත් ආමි එකේ හිටියේ නෑ, හැමෝටම ප්‍රශ්න තිබුණ, එදාවේල කන්ඩ නැති උන් හරියට ගෙයක් දොරක් නැති උන් තමයි අපිත් එක්ක හිටියේ,) අලි කකුල් බෑග් එකෙන් එළියට ගන්න කොටමයි,
“සිනියර්ල පස්දෙනෙක් ලැහැස්තිවෙයල්ල ඇම්බුෂ් යන්ඩ” ප්ලටුන් සායන් ඇවිත් කිව්ව.
බිලට් එකේ දොර ළග හිටපු එකා බිලට් එකේ කොනටම ඇහෙන්ඩ “බිලට් අප්” කියල කෑගහනවා ඇහුණා.
එතකොටම ප්ලැටුන් සායන්ගේ අම්ම හිටියනම් හචින් සීයක් විතර යයි, මොකද කන්ඩත් නැතුව ඇම්බුෂ් යනවා කියන්නේ වහ කෑවටත් අන්තයි, සමහරවිට එන්ඩ වෙන්නේ උදේ එළිය වැටුණහම, නැත්නම් හවස, උදේ ඉදං රෑ වෙනකල් පැටික් කරලා (පස් කොට්ට ගහල, ලී කපන් ඇවිත් බංකර් හදලා, අගල් කපල) රෑ ඩියුටි කරනවා මදිවට හාමතේ පලයල්ලකෝ ඇම්බුෂ්....
කෑම්ප් එකේ ලවුඩ්ස් පිකරෙන් සුපුරුදු සද්දේ ඇහෙනවා ඕන්..........
“එක සෙබළෙක් මියගියහොත් තව සියදහසක් උපදී, අපෙ එක විරු සෙබළෙක් හට දහසක් සතුරන් පරදී”
අම්මගේ රෙද්ද තමයි,,,එකෙක් මැරිලා බොඩිය අරන්ගියාම ඒ ගමේ එකෙක්වත් ආමි එකට එන්නේ නෑ...මැරෙන එකාට කොටි දෙන්නෙක්වත් මරුනනම් SF සර් එන්ඩ කළින්ම යුද්දේ ඉවරයි.
“ඩබල් ..... ඉක්මන් කරපල්ලා අද ටිකක් ඈතට යන්ඩ තියෙනවා” සායන් සද්දේ දානවා.
වැඩිපුර ඇමෝ ගනිල්ලා,JR (ග්‍රෙනේඩ්) දෙක ගානෙවත් ගනිල්ලා, බලපන් උබේ පූචස් එකේ හැටි ඕක ටිකක් ඇගට තද කරගනින්,පෙර්රා කෝ තොගෙ වතුර බෝතලේ? ආයෙත් සද්දේ දානවා.
“තියෙනවා සායන්” එකොළහේ කණුව වෙලා නැත්නම් සීරුවට ඇවිත් මං කියනවා, සායන්ගේ අම්මට අනිවා ලොකු හැචිමක් යන්ඩ ඇති.
පිගන් කෝප්ප බෑග් එකට ඔබපු අපි බැක් පැක් පුචස් වෙපන්,හෙල්මට්  අරං සැගවී සිට පහර දීමකට යන්ඩ සුදානම් වෙනවා.
“බිලට් අප්” ළගම හිටපු එකෙක් කෑගහනවා කණ ඇතුළට උණ්ඩයක් ගියාවගේ සද්දෙකින්, ඒපාර මොකාද ඇවිත් තියෙන්නේ???
වඩේ කාරයෙක් (රාජ්‍ය ලාංජනේ අතේ බැදන් ඉන්න, සාජන් මේජර් කෙනෙක්) ඇවිත්,
“GWR පහකුයි SF පහළොවකුයි සුදානම්” සායන් ඇටෙන්සන් වෙලා කියනවා.
 කෑම්ප් එකේ සීමාවෙන් ටිකක් ඈතට ඇවිත් කළුවරේ ඇස් අදුරට හුරු උණහම ගහක් හෙලඋනත් හිතෙන්නේ මොකෙක් හරි හැංගිලා ඉන්නවා වගේ. මිනිහෙකුට කවර් වෙන්ඩ පුළුවන් ගහක් , පදුරක් දැක්කම හිතෙන්නේ සේප්ටිය බර්ස්ට් එකට දාල පොකුරු උණ්ඩ වලින් ඒ පළාතම නැතිවෙලා යන්ඩ ෆයර් කරන්ඩ. ආසාවට නෙවෙයි බයට. මොකද කොටි එන්නෙත් හමුදා කාරයින්ව මරන්ඩ මිසක් මල් පොකුරු දීල පිළිගන්ඩ නෙවෙයි නේ.
“ කෝ තොගෙ කොලර් එකේ ලුමිනස් ලයිට් එක??
හුටා ඒක නැතිවෙලානෙ, ඇත්තටම ඒක බිලට් එකේදී කව්රු හරි උස්සලා.
“සායන් ඒක නැතිවෙලා” සීරුවෙන් හිටන් මං කියනවා.
“නැතිවෙලා ඒක කියන ලස්සන යකෝ මමද ඒවා පරිස්සම් කරලා දෙන්ඩ ඕනේ පල පස්සට ලොසා, හෙට කෑමෙන් පස්සේ රිපෝට් කරපං මං තොට අතුරුපස ලැස්ති කරලා තියන්නම්” සාජන් කණට ලංවෙලා කියවන් යනවා.මේ පනිස්මන්ට් පිට්ටනිය වටේ පොවඩ් රෝල් ගැසීමක් හරි ලිංගික අල්ලසක් වෙන්ඩත් බැරි නැ.
ඔළුවට දාන කැප් එකේ ඉදලා කකුල් වලට දාන බුට් දෙකට යනකල් හැම දෙයක්ම එකවගේ, වෙනසකට තියෙන්නේ යටට අදින ජෝකාගේ විතරයි. ඒකත් ආමි එකෙන්ම දුන්නනම් ජොකාත් හොරකං කරයි. සල්ලි වල ඉදල ටි ෂර්ට් එක දක්වා හැමදෙයක්ම හොරු ගන්නවා. බඩුවක් නැතිවෙලා පැමිණිලි කරොත් මහඋන් කරන්නේ බඩු හොයනවා නෙවෙයි ෆ්ලටුන්එකටම පනිස්මන්ට් දෙන එක. ඒක නිසා මොනවා නැති උනත් සද්දේ වහල ඉන්න එක තමයි ගොඩක් දෙනෙක් කෙරුවේ.උදේට හවසට සිනියර්ලා ඇවිත් “ප්‍රොබ්ලම් තියෙනවද” කියල අහන්නේ “නැ කෝපල්” කියන උත්තරේ බලා පොරොත්තුවෙන්ම තමයි.
දැන් හැමෝම අඩි කීපයක පරතරයක් තියාගෙන කමිස කොලර්වල පිටිපස්සේ  ගහල තියන කලාමදිරියා බලාගෙන ගන අන්දකාරේ  හිමින් ඉස්සරහට යනවා. තව කිලෝමීටරයක් විතර කැලේ  ඇතුළට ගිහිං දකුණට හැරිලා ප්‍රදාන පාරට හැරෙන අඩි පාර ගාව තමයි ඇම්බුෂ් එක දාන්ඩ තියෙන්නේ, කළුවරයි සමහර තැන්වල තියෙන කටු වැලුයි නිසා ගමන බොහොම මන්දගාම්යි,ඉස්සරහට  තියන අඩියක් අඩියක් ගානේ සතුරන් රජකරන පැත්තටයි යන්නේ, තියන පියවරක් පාසා පපුවේ ගැස්ම වැඩි වෙනවා, වෙපන් එකත් කිටිකිටියේ දෑතට හිරවෙනවා.
අඩිපාරට හැරෙන තැන ලොකු කොහොබ ගහක් තිබුණා, ඊට පස්සේ පොඩි ගොඩැල්ලක් වගේ එකක් පහුඋනත් මතකයි. එකපාරටම තුන් පැත්තකින් ආව වෙඩි වර්ෂාවකට අපිව අහුඋනා, අපිට එක ෂොට් එකක්වත් ෆයර් කරන්ඩ හම්බුනේ නෑ.මොකක්ද උනේ කියල හිතාගන්ඩත් කලින්ම විනාඩි දෙක තුනකදී කොටින්ගේ ඇම්බුෂ් එකකට අහුවෙලා හැමෝම රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුද කළා.
“ සාදු සාදු සාදු සා ...දු ...."
තවත් පුජාවක් පටන් අරං, මම මාස ගානක් මේ බෝ ගහ වටේ කැරකි කැරකි ඉන්නවා, පිංවන්ත මව් කුසක් ලැබෙනකම්, දකුණු ඇලයෙන් හරි වම් ඇලයෙන් හරි අතුල්වෙන්ට, මේ මාස ගානටම මට හරියන මව් කුසක් ලැබුණේ නැ, ටෝයියෙක්ගේ හරි,ජෙප්පෙක්ගේ හරි කුසේකට රිංග ගත්තොත් සදා අනාතයි, බයියෙක්ගේ කුසේකට ගියොත් මහජන මුදල් කොල්ලකාපු හොරෙක් වෙලා තමයි ඉපදෙන්නේ. මේ කපුටු බෝධි වන්දනා කරන්ඩ කොලබ හතේ නෝනලා එන්නෙත් නෑ...
කවුදැ අර ඈතින් එනවා පෙන්නේ,එදා  හමුදාවටයි කොටින්ටයි දෙපැත්තටම ඔත්තු දුන්න සෙල්වයි පවුලයි නේද? ගෑණිට ළමයෙක් හම්බෙන්ඩ වත්ද???....!

-----------------  ----------  ----------   --------------  o     --------------    ----------   ------------

Sunday, 6 March 2016

සොඳුරු ඝාතකයා අවසාන කොටස




 සොඳුරු ඝාතකයා 04 කොටස.

සොඳුරු ඝාතකයා අවසාන කොටස

ඉරිදා උදැසන තම දුරකථනය නාදවෙනු අඩනින්දේ පසුවූ ක්‍රිෂ් ට ඇසුණේ සිහිනෙන් මෙනි.
“සුබ උදෑසනක් මිස්ටර් ක්‍රිෂ් මම නතාලියා කථා කරන්නේ, කරුණාකරලා බැංකු ගිණුම පරික්ෂා කරලා බලන්ඩ”
මිස් නතාලියා උදේම ලස්සන කෙනෙක්ගේ ලස්සන කටහඩක් අහන්ඩ ලැබීමත් වාසනාවක්, ඒත් ?
මොකද ඒත් කියල නැවැත්තුවේ?
ඒත් ඔයාලගෙ බොස් එදා  එකග උනානේ මට ඉංග්ලන්ඩ් යන්ඩ පාස් පොර්ට් එකක් හදල දෙනවා කියලා,
ඔව් ඒක හරි,
කෝ ඒ ඩොකයුමන්ට්ස් ,
ඒක තමයි මම දැන් කියන්ඩ යන්නේ,
ඔව් කියන්ඩ බලන්ඩ,
අද හවස දෙකට යුනිට්යි ප්ලාසා එකේ තියන රෙඩ් හැට් කොම්පියුටර්ස් ෂොප් එක ළගට එන්න, ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියල
නෑ නෑ මෙතන මට ඕනෙ විදියටයි වැඩේ කෙරෙන්ඩ ඕනේ,
එකේ ගැටළුවක් නැ හෑන්ඩ්සම් ඔක්කම හොදින් සිද්දවෙයි
ඔව් එහෙම වෙයි මිස් නතාලියා
දුරකථනය විසන්දි විය.
 ක්‍රිෂ් දින ගණනක් සිතින්  සැලසුම් කළ ඔහුගේ මෙහෙයුම  ක්‍රියාත්මක කරමින් සිටියේය.කොම්පියුටරයේ තිබු අතීත සටහන් සියල්ල මකා දැමූ ඔහු තම කාමරයේ  බිත්ති මත අලවා තිබු මාර්ග සිතියම් හා සටහන් සියල්ල පුළුස්සා දැමුවේය. තම අවසාන මෙහෙයුමේ  දුර්වල යයි සිතුණු තැන් යලි යළිත් ආවර්ජනය කරමින් සෙමින් තම ඉලක්කය කරා ගමන් කරමින් සිටියේය.
නතාලියා කියූ වෙලාවට මදක් කලින් එම ස්ථානයට ගිය ක්‍රිෂ් හාත්පස තියුණු බැල්මකින් පරික්සා කරේ කිසියම් සැක කටයුතු අයෙක් සිටි දැයි යන සැකයෙනි. එවන් කිසිවෙකුත් නොදුටු ඔහු රෙඩ් හැට් කොම්පියුටර්ස් ඉදිරිපස ඇති කඩයේ ඇති පරිඝනක කොටස් දෙස බලමින් කාලය ගෙවිය. ඇත්තෙන්ම ඔහුගේ දෑස් යොමුවී තිබුණේ ඉදිරිපස ඇති ප්‍රධාන ඇතුල් වීමේ දොර වෙතයි.
දුර කථනයෙන් ගිවිස ගත් වෙලාවටම ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වන ඒ රුව හදුනා ගැනීමට ඔහුට අපහසු නොවිය.
එදා මුලස්ථානයේදී දුටුවාටත් වඩා ලස්සනක් කෙටි සායෙන් නිරාවරණයවූ සුදු පැහැ  දිගු දෙපා  හා බ්ලවූසයෙන් ඉස්සි පෙනෙන ලැමත් දුරදීම දැක ගැනීමට ඔහුට අපහසු නොවිය. කුඩා ලැප්ටොප් බෑගයක් ඇයගේ එක අතක විය. කඩිසර ගමණින් දිගු පියවර තබමින් ඇය ක්‍රිෂ් වෙත ආවාය.
“හමුවීම සතුටක් මිස්ටර් ක්‍රිෂ්” ඇය සිය සුරත දිගුකලාය.
“මම හිතුවේ බෑග් එක ෂොප් එකෙන් තියල මට කෝල් එකක් දෙයි කියලා” ඇයගේ අත තම දකුණතින් ඇල්ලු ක්‍රිෂ් කිවේ සිනහ වෙමිනි.
අර ඉංග්ලීස් ෆිල්ම් වල වගේද? නතාලියා ඇසුවේ සිනහවෙමිනි.
“මෙන්න මේ බෑග් එකේ තියනවා මිස්ටර් ක්‍රිෂ් ගේ පාස්පෝට් එකයි අනික් ලියකියවිලි ටිකයි” බෑගය ඔහුවෙත දෙමින් ඇය කීවාය.
“හොදයි එහෙනම් අපි ආයේ හමුවෙමු” ක්‍රිෂ් කිවේ සියළුම ලියකියවිලි පරික්ෂා කිරීමෙන් පසුවයි.
“අපිට  තවම හරියට කථා කරන්ඩවත් බැරි උනානේ යමු මමත් ඔයා එක්ක එන්නම්”
“ඒකනම් ගොඩක් හොදයි ඒත් අද මම ටිකක් බිසී”
ප්‍රශ්නයක් නැ මිස්ට ක්‍රිෂ් මේක අපේ බෝස්ගේ ඕඩර් එකක්
“එකත් එහෙමද” ඔහුගේ කටහඩේ වුයේ නොරිස්සුම් බවක්.
මේ අතර ඔවුන් සිටි ස්ථානයට කිලෝමීටර් කිහිපයක් ඈතින් වූ මුලස්ථානයේ සිටින පිරිස තම සුවච සේවිකාවගේ හා දඩයක්කරුවාගේ සෑම වචනයකටම සවන්දීමට වගබලා ගත්තා. ඒ ඇයගේ බෑගයට සවිකළ සන්නිවෙදකයක් හරහා.
“හැම දෙයක්ම හොදින් සිදුවෙනවා නේද” අණදෙන්නා ගැබුරු හඩින් විමසා සිටියා.
ඔව් සර් ඔක්කම හොදින් සිදුවෙනවා. දුරකථන පරීක්ෂක පිළිතුරු දුන්නා.
“හොදයි දිගටම මොනිටර් කරනවා, ප්‍රශ්ණයක් උණොත් දන්නවනේ කරන්ඩ ඕනේ මොකක්ද කියල”
“ඔව් සර්”
හොදයි අද කව්රුත් නයිට් ඩියුටි දාල නැහැනේ,
නැ සර් නතාලිය මිස් විතරයි, අළුතින්  ස්ථාන මාරුවක් ලබා පැමිණි සෙබළා පැවසුවේ තරමක චකිතයකින්.
නෑ නතාලිය මිස් දවස් තුනකට නිවාඩු දාල ගියේ, එසේ කියමින් ඔහු වියරුවෙන් මෙන් සිනාසුණා.
වැනිලා සුරුට්ටුවක් පත්තුකරගත් ඔහු නැවතත් කටහඩ අවදි කළා.
හෙට බියර් නෙවෙයි හැමෝටම මම ගානේ ශම්පෙන් නැවතත් ඔහුගේ වියරු සිනහව පාලක මැදිරියපුරා දෝංකාර දුන්නා.
             ≠  ≠ ≠  ≠   ≠   ≠     ≠     ≠       ≠

මිස්  නතාලියා ඔයාට විනාඩි කීපයක් කා එකේ ඉන්ඩ පුළුවන්නේ, මමමේ ඩොකියුමන්ට් ස්කෑන් කරගෙන එනකම්.
ෂුවර් නො ප්‍රොබ්ලම්. ඉක්මනට එන්න.
ක්ෂණයකින් තම සුපුරුදු දුරකථන ඇමතුම් හලට වැදුණු ක්‍රිෂ් ගමන් බලපතේ පිටු කිහිපයක් ෆැක්ස් යන්ත්‍රයට යොමුකළේ තම ඉලක්කයේ තවත් කොටසක් සම්පුර්ණ කරමින්.
මම පරක්කු උනාද? ඉක්මන් ගමණින් පැමිණි ඔහු රථය නැවතත් පාරට ගත්තා.
“නැ පොඩ්ඩක් වත් නැ, අපි ඉස්සරහ කඩේකින් මොනවා හරි බිල යමුද ක්‍රිෂ්”
ඇය ඇසුවේ තොදොල් වෙමින් ඔහු දෙසට බරවෙමිනුයි.
තව ටිකක් ඉස්සරහින් තියනවා පොල් අතු කඩයක්, එතනින් උණු උණු ආප්පයක් කාල කොක් එකක් බොමු”
ශා එක හොදයි ඇය පැවසුවේ දෙතොල් උල් කරමින්.
කොහොමද තැන, හොදයි නේද?
ෂා නියමයි ක්‍රිෂ් අපි තව ටිකක් ඉදල එන්ඩ තිබුණේ
හරි අපි තවත් දවසක එමු ක්‍රිෂ්ගේ හඩේ වුයේ තීරණාත්මක බවක්.
එතැන් සිට ක්‍රිෂ්ගේ කාමරය ඇති තට්ටු නිවාස පෙළ දක්වා එන ගමනේ නතලියා නොනවත්වා දොඩමළු වුවා. මේ සියළු කථාබස් තුන් වැන්නෙක් අසා සිටින බව දැන සිටියත් ඇය ක්‍රිෂ්ට වසගවී සිටියා, මේ අතර මේ කථාබහ තම රෙකෝඩරයෙන් පටිගත කරගැනීමට ක්‍රිෂ් අමතක කළේ නැහැ. ඒ ඔහුගේ ඉදිරි සැළසුම් සදහායි.
“කොහොමද මගේ කාමරය” දොර විවර කර ඇතුළට යන මෙන් සන් කරමින් ඔහු විමසුවා.
ෂා ඇත්තටම ලස්සනයි,ඈ විසිත්ත කාමරයේ බිත්ති වල එල්ලා ඇති සිතුවම් දෙස බලමින් කිව්වේ දෑස් නටවමින්.
බෙඩ් රූම්එක ඔයිටත් වඩා ලස්සනයි” ඇසකින් ඉගිමැරු ක්‍රිෂ් කියුවේ සිනහවක් මුවට නගා ගනිමින්.
“ඒක පස්සේ බලමු අපි කීයටද වැඩේට යන්නේ ක්‍රිෂ්”
 “අපොයි තව වෙලා තියනවා, රැ 9 ට පිටත්වුනාම ඇති”
“ෂාහ් පැන්ට්‍රියේම මිනි බාර් එකකුත් තියනවා මරුනේ”
ඔය ටිකට එකත් දැක්කද ? ඔය මගේ පොඩි කලෙක්ෂන් එකක්
කෑම උයන එක මගේ විනෝදාංශයක්, ඒත් මේ දවස්වල නම් කඩෙන් තමයි.
නතාලියා මොනවද බොන්ඩ කැමති වයින්,බ්යර් වොඩ්කා,බකාදී විස්කිත් තියනවා, ක්‍රිෂ් ඇසුවේ විදුරු දෙකක් රැගෙන එමිනි.
අද බියර් එකක් බොමු සැර බීමකට වෙනදවසක එන්ඩ පුළුවන්නේ.
ඔව් සත්තකින්ම , ශීතකරණයේ වූ බියර් බෝතල් දෙකක් ගෙන එකක් නතලියාට දිගු කරමින් ඔහු කීවා.
කාලය සෙමින් ගතවෙමින් තිබුණා, තමා හින්දි නළුවෙකු වැනි මොහුට තව තවත් ආකර්ෂණය වනබව නතාලියාට පසක්වුනා.
මට වොෂ් එකක් ගන්ඩ තිබුණොත් හොදයි,නතාලියා පැවසුවේ හාත්පස බලමින්.
බෙඩ් රූම් එකෙන් යන්ඩ තියෙන්නේ ඉන්ඩ මම පෙන්වන්නම්.
නතාලියා නාන කාමරයට ගියපසු ඔහු මෙතෙක් වෙලා බලා සිටි මොහොත පැමිණියා, වහ වහා ඇයගේ කුඩා හෑන්ඩ් බැගය පරික්ෂා කළ ක්‍රිෂ්ට කුඩා මයික්‍රපොනය හදුනා ගැනීමට වැඩි වෙලාවක් ගියේ නැ.
තමාගේ ටි ෂර්ටයකින් හා කොට කලිසමකින් සැරසී නාන කාමරයෙන් එන නතාලියා දුටු  ඔහුට තම හැගීම් පාලනය කර ගැනීමට අපොහොසත් වුනා.
“ෂා ඔයා ගොඩක් ලස්සනයි”
ඇත්තටම
ඔව් ඇත්තමයි ක්‍රිෂ් කිවේ ඇගේබදවටා තම දෑත් යවමින් ඇය තමා දෙසට ලංකර ගනිමින්.
සෙමින් ඇගේ දෙතොල් සිපගත් ඔහු ඇද මත දිගා වුනා, ක්‍රිෂ්ගේ අතොරක් නැති සිපගැනීම් වලින් කුල්මත්වූ ඇය තවතවත් ක්‍රිෂ් වෙත ආකර්ෂණය වුවා.
රාත්‍රිය සෙමින් මෝදු වෙමින් තිබුණා, මේ තමාගේ සුන්දරම රැය බව ඇයට සිතුණා.
සියල්ල තමාට අවැසි අයුරින් සිදුවන බව ක්‍රිෂ්ට පැහැදිලියි.
සියල්ල සිදුවීමට වැඩි වෙලාවක් ගතවුනේ නැ, සුදුමැළිවී ඇති නතලියාගේ සිරුර නිදන  කාමරයේ ඇද මතින් ඔසවාගත් ක්‍රිෂ් එය පැන්ට්‍රියේ කෑම මේසයේ පුටුවකට බරකලා. අදිශීතකරණයේ වූ කාමර පිරිසිදු කරන තරුණයාගේ සිරුර එළියට ගත් ඔහු එය ගෑස් ළිප අසළින් තැබුවේ “කණගාටුයි මිත්‍රයා මගේ උසට හරියන කෙනෙක් හිටියේ උබ විතරයි යැයි තමන්ටම මුමුණමින්.
වහා ගෑස් ළිපේ සිලින්ඩරයට සම්බන්ද බටය පිහියකින් සිදුරු කළ ඔහු විසිත්ත කාමරයට පිවිසියේ තමා හා නතලියාගේ කටහඩ පටිගතකල රෙකෝඩරයත් රැගෙනයි. එය ක්‍රියාත්මකකර නතාලියාගේබෑගය අසළින් තැබූ ඔහු  නිදන කාමරයෙවූ කාමර පිරිසිදු කරන්නාවූ මොහොමඩ් ගේ  ඇදුම් ඇද තොප්පිය හා බොරු රැවුල ඉක්මනින් දමාගත්තා,  ඔහු ලයිටරයෙන් පත්තුකළ ඉටිපන්දම සීරුවෙන් ගෑස් කුකරය මත තැබුවා, ඒවන විටත් කාමරයපුරා ගෑස් ගද පැතිරෙමින් තිබුණා.
අවසාන වරටත් හාත්පස බැලු ක්‍රිෂ් දොරවසා අගුළු දමා මොහොමඩ් මෙන් කකුලක් කොරගසමින්  අදුරු මුල්ලක තිබුණු පිරිසිදු කිරීමේ උපකරණ දැමූ ට්‍රොලිය ගෙන වහවහා බිම් මහළට පැමිණියා.
විනාඩි කිහිපයකට පසු ඔහුට තමන් බලාපොරොත්තුවූ හඩ ඇසුනා,ඒ ප්‍රදාන මාර්ගයෙනුත් ටිකදුරක් ගියවිටයි.ඈතින් එන කොටුව බලා යන  බසයට අත ඇල්ලු ඔහුඉක්මණින්ම එයට ගොඩවුණා. කොටුව දුම්රියපලෙවූ රුපවාහිනී තිරයේ තම නිවසේ ගිනිගන්නා දසුන් සජීවීව විකාශනය වන බව ඔහුට පෙනුණත් මිගමුව බලා යන දුම්රියක් පැමිණි බැවින් ඔහු ඉක්මන් ගමණින් එයට ගොඩවුණා.සාක්කුවේ ඇති මුදල් දැමූ කවරය නැවතත් අල්ලා බැලු ඔහු තමා පසුපස සැකකටයුතු  කිසිවෙකු එන්නේදැයි   නැවතත් බැලුවා.
ඔස්ටින් අයියලාගේ ට්‍රොලරය මිගමු වැල්ලෙන් පිටත් වන්නේ පාන්දර එකටය. තවම එකොළහ පසුවූවා පමණි. ඔහුට දියයුතු මුදල වෙනම වෙන්කර තබා ගත යුතුය. වැල්ලෙන් පිටත්වූ විට පනස් දහසකුත් ඔස්ට්‍රලියාවේ මුහුදු සීමාවට ගියවිට ඉතිරි මුදලත් දීමට ඔහු එකග වී තිබුණා.

                      නිමි.