හැචරියේ
අතුරු කථාවක් - 01
රසික හිතවතුන්ගේ හා හිතවතියන්ගේ බලවත් ඉල්ලීම නිසා මේ
හැචරියේ අත්දැකීම් වල අතුරු කථාවක් ලියන්නෙමි. ඇත්ත වශයෙන්ම හිතවතුනි මගේ බ්ලොගය
කියවන මහ පිරිසක් නැති බව වැටෙන කමෙන්ට් කිහිපයෙන් ඔබට සක් සුදක් සේ පැහැදිළි වනවා
ඇත. ඒත් වීඩියෝ දුර ඇමතුම් මගින් කරන තර්ජන ගර්ජන හමුවේ හා හස්ත සඥයා
හමුවේ කථාව නොලියත් බැරිය. ලිව්වත් මං නසී නොලිව්වත් මම නසී මය...ඔන්නොහේ
ඕනෙ ප්රෝටෝකොල් එකක් කියල මම ලියන්නට තීරණය කෙළෙමි.
එය වෙසක් පොහොය දිනයකි, සිකුරාදා දිනයක පොහොය දිනය වැටී
තිබු අතර දින හතරක හෝ පහක දීර්ග නිවාඩුවක් තිබුණා මතකයි. හැචරියේද එතරම් වැඩක්
නොතිබුණු කාලයකි. මේ වන විට අපට ෆිලිපින් යහළුවන් කිහිප දෙනෙක්ම හදුනා ගැනීමට
හැකිවී තිබුණි. ඒ අතරින් මා වඩාත් කැමති වුයේ වෙන්නප්පුවේ මුදල් හුවමාරු ආයතනයක්
පවත්වාගෙන ගිය “නිමන්ත” අයියා(මේ සත්‍ය නම නොවේ) හා ඔහුගේ ෆිලිපින් බිරිද ටයි.
එවකට යහමින් මුදල් තිබුණු ඔවුන් බොහෝ සුහදශීලි නිහතමානීඅය වුහ. අනෙක් පුද්ගලයාත්
පිලිපින් ජාතිකයෙක් වූ අතර ඔහු පල්ලිවල
(කතෝලික පල්ලි නොවේ) දේශනා පවත්වන සහෝදරතුමෙකි.
ඒ නිවාඩු දිනයේ උදේ අප වැඩ කරන ස්ථානයට පැමිණි මොහු(රොනී
යයි හදුන්වමු) පිලිපින් පවුලක් ලංකාවේ හලාවත ආසන්නයේ සිටින බවට තොරතුරක් ලැබුණු
බවත් ඔහු සමග ඔවුන් සොයා යෑමට මගේ උදව් අවශ්‍ය බවත් කිවේය. මටත් වැඩි වැඩක් නැති
නිසා ගමනට එකතු උනෙමි.
නගරාන්තර බසයකට ගොඩවුන මම තවත් විස්තර ඔහුගෙන් ඇසුවේ
හිතේ ඇතිවූ කුතුහලය නිසාය. ඔහු කියූ ආකාරයට මැදපෙරදිග එකම තැනක සේවය කර ඇති ලාංකිකයෙකු වැඩි වැටුපක් ගෙවන බව
කියා මේ පුද්ගලයා හා ඔහුගේ පවුලම ලංකාවට ගෙන්වාගෙන ඇත. එහෙත් ඔහුගේ කාර්මික වැඩපළ
හෝ ගොවිපළ බංකොලොත්වී ගොස් ඇත.දැන් ඔවුන් කුඩා ගොවිපළක් පවත්වා ගෙන යන බවත් දැන ගන්නට
ලැබුණි.
“බ්‍රදර් රොනී” හා මා ඔහුගේ මිතුරා කියූ කඩ මණ්ඩිය
අසළින් බැස අතුරු පාර අසළ ඇති ත්‍රිවිල් රියදුරන්ගෙන් සුද්දන්ගේ ගොවිපලක්,
පිලිපින් පවුලක් ගැන දන්නවාදැයි විපරම් කළෙමු. එහෙම කට්ටියක් අපි දන්නේ නෑ. ඔවුන්
හැමගේ පිළිතුර විය.
“ගෙදරට යන පාර හරියට අහගන්ඩ එපැයි” කියා බනින්ඩ බැරි
මේකා ලංකාවේ නොවන නිසාය. අනික ඒ පවුලේ ගෑල්ලමයෙක්ද ඉන්නවාලුය.
“කඩේකට ගිහිං තේ එකක් බිලා එමුද” අව්වේ සැරට දාඩියත්
ගලනවාය.
කූල් කිරි පැකට් දෙකක් බොන ගමන් කෙසේ හෝ අද මොවුන් සොයා ගත යුතු බව රොනී මා සමග
කිවේය. මුදල් ගෙවා එළියට එනවාත් සමගම කොහේදෝ සිට පැමිණි ත්‍රිවිලරයක් කඩය ඉදිරි
පිට නතර කළේය.
“කරුණාකරලා මේ රියදුරාගෙන් අහළ බලන්න” රොනී කියනවාත්
සමගම මගේ හිතේ කිසියම් බලාපොරොත්තුවක සේයාවක් ඇදුණේ ඇයිදැයි නොදනිමි. වයස විස්සක
පමණ වූ මොහුගෙන් මම විස්තර ඇසුවෙමි.
“ඔව් අයියේ මම දන්නවා ඒ අය මාත් එක්ක තමයි ටවුමට යන්නේ”
මම කැඩිච්ච ඉංගිරිසියෙන් රෝනීට විස්තරය කීවෙමි. “දෙවියන්ට ස්තුති වේවා” ගත කටටම
“බ්‍රදර් රොනී” කිවේය.
ඔහුට අනුව මේ ත්‍රීවිල් රථය ඒවා ඇත්තේ දෙවියන්ය.
පසුව අසල ඇති සිල්ලර කඩයකින් ගෙනයාමට අවශ්‍ය බඩු මිලදී
ගත්තේ රොනිය. බඩු මල්ලත් ත්‍රිවිලයට පටවාගත්අපි අතුරු පාරේ කිලෝමීටර් කිහිපයක්
ගොස් කැලයක් වැනි පැත්තට හැරුණි.
‘ත්‍රිවිල් මල්ලි ගේමකට සෙට් වෙනවද’ කියා මට සිත් විය.
“මේ කැලේ පාරක්නෙ” මම කියන විට
“මේ පාරේ ඒ ගෙදර අය විතරයි යන්නේ, මේක කළින් ලොකු
ගොවිපොළක් දැන් අයිතිකාරයා වැඩිය එන්නේ නැ” ඔහුගේ පිළිතුර විය.
ටික දුරක් ගියවිට ඈතින් පෙනෙන බණ්ඩක්කා ගස් මහගොඩක්
දැක්කෙමි.
“අව්වට බණ්ඩක්කා සරුවට හැදිලා” මට කියැවුණි.
“ඔය මේ පැත්තේ කැලේට හැදෙන ගස් ජාතියක්,වේලලා බෙහෙත්
කඩවලට දුන්නෑකි”
බදර් රෝනිට සිංහල බැරිවීම ගැන මා දෙවියන්ට පින් දුනිමි
නැත්නම් ඕකා මගේ සාමාන්‍ය දැනීම ගැන කියා කට්ටිය ඉදිරියේ මාව බයිට් කරනවා සිකුරුය.
මීටර දෙසීයක් පමණ ගියවිට ලී කොට සිටවා කම්බි වලින් වටකළ
වැටක් අසල ත්‍රිරෝද රථය නැවතු ඔහු ඈතින් පෙනෙන “little house on the prairie”
කථාවේ නිවසට තරමක් සමාන නිවසක් පෙන්වීය. එසැණින් බල්ලන් රොත්තක් බුරාගෙන අප දෙසට
වේගයෙන් දිව ආවේය. ඔවුන් පසු පසින් පාසලේ දහවෙනි පන්තියේ පමණ සිටින කොලුවෙකුගේ
ජයාවක්ද දිස්විය.
“ඔය බුරාගෙන ආවට හපන්නේ නෑ” ත්‍රිරෝද රියැදුරා කිව් නිසා
හදවතේ ගැස්ම ටිකක් අඩු විය.
බුරාගෙන පැමිණි බල්ලෝ වැට අසළ නතර විය.
කොලුවා නැවත පැමිණියේ ඔහුගේ මවත් සමගය. බදර් රෝනි සමග
ඔවුන්ගේ භාෂාවෙන් මහත් සතුටින් කථා කළ ඔවුන් අපිව නිවසට කැදවා ගෙන ගියේ ත්‍රිරෝද
රථ රියැදුරාට සවස 4 ට පමණ එනලෙස දැන්වීමෙන් අනතුරුවයි.
ප්‍රසන්න පෙනුමක් ඇති ඔවුන්ගේ පියා වැඩි කථා බහක් නැත.
එහෙත් ඔවුන්ගේ මව ඔවුන් ෆිලිපිනයේ සිට පැමිණි ආකාරය හා මේ දක්වා තොරතුරු නොනවත්වා කියාගෙන ගියේය. තම
දුවට අලංකාර ලෙස චිත්‍ර ඇදීමට හැකි බවත්,කොළඹ පැවති චිත්‍ර තරගයකින් ජයග්‍රහණය
කර ඇති බවත් පවසා මට එම තරගයෙන් ලද කුසලානයක් හා චිත්‍ර කිහිපයක් පෙන්වන ලෙස
තම දුවට කීවාය.
දිගු බෙල්ලක් හා එයටම ගැලපෙනසේ ඉහළට කර බැදී කොණ්ඩයක්
තිබූ ඇය තමන් විසින් අදින ලද ච්ත්‍ර පෙන්වමින් එම චිත්‍ර ගැන එකින් එක කෙටි
හැදින්වීමක් කළේය. ඇයගේ නම ලෝරා බව පසුව දැන ගතිමි.
නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රමෙල් මා සමග හොදින්ම මිතුරු
විය. ඔහු හොදින් සිංහල කථා කළේය,එහෙත් ඔහුගේ මව හෝ පියා අප සමග සිංහලෙන් කථාකලේ
නැත.
ඔවුන්ට ඌරු කොටුවක්, කුකුළන් කොටුවක්, එළුවන් හා හරකුන්
කිහිප දෙනෙක් විය. දහවල් ආහාරයෙන් පසු ඉදිරිපස මිදුලේ ඇති බංකුවල හිදගෙන අප
කථාකරමින් සිටිවිට
“අපේ අක්කාට හොදට ගිටාර් ගහන්ඩ පුළුවන්” යයි රමෙල්
කිවේය. පසුව ඇය ගිටාරය වයමින් මල්ලිද සමග
“හොටෙල් කැලිෆෝනියා” ගීතය ගායනා කළේය. පසුව ඔවුන්ගේ පියා අප පුදුමයට පත් කරමින්
දක්ෂ ගිටාර් වාදනයක් ඉදිරිපත් කළ අතර මා වඩාත් සිත් ගත්තේ අපගේ අත්පොළසන් මැදින්
ඔහු ගිටාරය කර පිටුපසට ගෙන කළ වාදනයයි. මෙවැනි වාදනය කිරීමක් මම මීට පෙර දැක
තිබුණේ එක වතාවකදී සංගීත සංදර්ශනයකදී පමණි.
සවස තේ පානයෙන් පසු අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත හැචරියට
පැමිණියෙමු.
විස්තර ඇසීමෙන් පසු බෝසිට(අපේ ෆිලිපින් ටෙක්නිශියන්)
ඔවුන් දැක බලා ගැනීමට මහත් උවමනාවක් ඇති විය. ඒ අතර මගේ වයස හරි බවත් මා ඒ කෙල්ලව
කසාද බැදීය යුතුබවත් කිවේය.ඇගේ හස්බන්ඩාද එයට පොහොර එකතු කළේය.
තුන්වෙනි කොටසකුත් ලියන්ඩ වෙයිද දන්නේ නෑ, පටන් ගත්තනම්
අවසන් කරන්ඩත් එපැයි හා නැද්ද හා...
ඊළඟ කොටස එනතෙක් සිටිමි...අර කියූ ගැහැණු ළමයා ගැන ඔබේ අදහස් දැනගැනීමට...
ReplyDeleteපොකුරු වැහි,
Deleteස්තුතී ඔබට ....
පිල්ලියන් ට ජයවේවා!
ReplyDeleteඔන්න ගෑනු!
ඔබතුමාටත් අත්දැකීම් තිබෙන බවයි පෙනීයන්නේ...
Deleteරහයි රහයි අනිත් කෑල්ලත් ඉක්මනට ලියපං.
ReplyDeleteසිරාවටමද? ලබන කොටසේ මාත් පදුරු තළන ඉස්ටයිල් එක අත් හදා බලන්ඩ ඉන්නේ ...
Deleteමට මෙහෙම හිතෙනවා. මේ විස්තරය මීට වඩා සැලසුම් සහගතව පිළිවෙලකට ලියන්න තිබුණා කාටවත් මානසිකව වත් හානියක් නොවන ආකාරයට.
ReplyDeleteමට හිතෙන්නේ ජීවිතෙත් මීට වඩා සැළසුම් සහගතව බුද්දිමත්ව ගතකරන්ඩ තිබ්බනම් හොදයි කියල...
Deleteමානසිකව කාටවත් හානියක් කරන්ඩ හිතලවත් නෑ ..
තුන්වෙනි කොටසට කලින් දෙවෙනි කොටස එනකන් බලාගෙන ඉන්නවෝ. " දුර ඇමතුම් මගින් කරන ගර්ජන... තර්ජන " එතැන පැහැදිලි නැත. හැචරිය පිලිබදව බ්ලොගියට ලියන නිසාවත්ද ? ඒත් දිගටම ලියයි කියා බලාපොරොත්තු වෙනවා!
ReplyDeleteජය වේවා !!!
දුමින්ද , තර්ජන ගර්ජන කොරන කෙනාගේ පින්තූරයකුත් කළින් පෝස්ට් එකේ දමා ඇත. මගේ දුස්ටි කෝණයට,පරචිත්ත වින්යශ්‍යට අනුව ඔබ අවිවාහකයෙක් , හරි නේ???
DeleteThanks..
කවුරු උනත් උබට තග දාල ලියවන කෙනාට ගස්ලබ්බාගේ ප්‍රනාමය..!
ReplyDeleteඑහෙම ගොවිපලක් දාගෙන ඉන්න වීස ප්‍රශ්නයක් නැද්ද බං?
ජයවේවා..!!
කවුරුවත් නෙවෙයි බං තග දන්නේ ගෙදර එක්කෙනා..
Deleteමෙහෙම හෑලි කියවන්ඩ මං හරි මනාපයි
ReplyDeleteඒකනේ බං ලියන්නේ,කොහොමද මචෝ..
Deleteඔය ගෑල් ලමය ගැන මට මොකක්ද අමුත්තක් දැනෙනව...ශරි ශරි බලමු මොකද වෙන්නෙ කියල...
ReplyDeleteඔක්කම කථාව කියවල බලන්ඩකෝ ..
Deleteඔව් ඔව් නැත්තං ඉතින් ආය ඉන්න යෑ...... නේද බං...
ReplyDeleteමාව තේරුම් ගැනීම ගැන හද පිරි මෙව්වා එක...
Deleteහැමදාම ආවත් කොමිට් කරන්නේ අඩුවෙන්. දිගටම ලියමු.
ReplyDeleteස්තුතී අඩුපාඩු කියල යනවනම් සතුටුයි..
DeleteI'll keep my comment until next episode. :)
ReplyDeleteAs you wish Dear...ha..ha...
Deleteඕනෙ ප්‍රොටෝකෝල් එකක් ලලිත්.. තගට බය නොවී දිගටම ලියමු..( අලාබ හානි වලට වග කියනු නොලැබේ)
ReplyDeleteතැන්කු, අපි සමගියෙන් හිටියොත් කාටත් බයවෙන්ඩ ඕනේ නෑ. හික් හික්...
Deleteඔය බැනුං තර්ජන වලට සැලෙන්ඩෙපා බං. . මම නං කම්මලේ බල්ල වාගෙ .. හැබැයි කණ මිරිකනවටනං බයයි . ඕ යේස්
ReplyDeleteපිච්චුද මං සැලෙන්නේ නෑ බං, බයට එහෙම නෙවෙයි..ආදරේට ඕ යේස්...
Deleteමම දන්න අපේ පිරිමි තුන් දෙනෙක් ඉන්නවා ෆිලිපිනාලා බැඳලා ඉන්න. තාම හොඳින් ජීවිතේ ගෙනියනවා. කතාව යනකොට ඒ විස්තර කියන්නම්. ලලිත් අද කලබලේද ලිව්වේ?
ReplyDeleteමගෙත් යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා..
Deleteසමහර තැන් ඕනෙවට වඩා කෙටි වෙලා වගේද?
ඉක්මනින්ම ලියලා ඉවරකරන්න හදනවා වගේ දැණුනේ කියවගෙන යනකොට.
Delete