Sunday, 8 May 2016

පොම්ප හොරු හා ඉස්සාගේ රූපාන්තරණ , 3 වන කොටස



3 වන කොටස
පොම්ප හොරු හා ඉස්සාගේ රූපාන්තරණ
“නුවර අයියේ,නුවර අයියේ”
දිනක් රාත්‍රී 9 ට පමණ අපේ වැඩපලට තාප්පයෙන් අනික් පැත්තේ පිහිටා තිබුණු හචරියේ කොල්ලන් දෙදෙනෙකු කෑගසයි. මගෙන් ගම කොහේදයි අසන වෙන්නප්පුවේ, මීගමුවේ මිනිසුන්ට මම දෙන 10% පමණ සත්‍යක් ඇති පිළිතුර මෙයයි. නුවර පළාතේ කිව්වම මේ පැත්තේ අය පට්ටම ලයික්ය, දවසක් මහජන සව්ක්ය පරික්සක මහතා පැමිණියේ අපි ඉවත් කරන ජලය බැහැර කරන ආකාරය බැලීමටය. ඔහු විස්තර බලාගෙන යනගමන් මගෙන් ගම කොහෙදයි ඇසුවේය. මම නුවර යයි කීවෙමි. “මෙහෙ පරිස්සමෙන් ඉන්ඩ ඕනෙ වැල්ලේ හැපින්නියෝ ඉන්නවා” ඔහු ව්‍යංගයෙන් කිවේ වැල්ලේ කෙල්ලන්ගෙන් පරිස්සම් වන ලෙසයි. ඒත් වැල්ලේ ඇහැට කණට පේන කෙල්ලෙක් නම් දැක්කේ නැත. වැල්ලේ කෙල්ලෝ පට්ට කළු අව්ව නිසා විය හැක. පළාතටම සිටි සුදු කොට කෙල්ල මගේ බොක්කක් විසින් සෙට් කොරගෙන සිටියේය. උන්ගේ කසාදෙට අස්සන් කොළෙත් මමය. එය වෙනම පොස්ටුවකින් පසුවට ලියන්නම්ය.
සාමානයෙන් අපේ හැචිරියත් අල්ලපු හැචරියේ අයත් වැඩි කථා බහක්‌ නොතිබුණේ බොසා නිසාය. ඔහු එයට වැඩි කැමැත්තක් නොදැක්විය. එහෙත් සම වයසේ සිටි අපි පිටුපස වැටෙන් රිංගා වෙරළට ගොස් ඔවුන් සමග කථා කළෙමු.
“මොකද බං මහ රෑ කෑගහන්නේ” කාමරයේ ජනේලය ඇර මම ඇසුවෙමි.
“අයියේ අපේ වැල්ල පැත්තේ වතුර මෝටරයක් උස්සලා”
“අම්මට සිරි දැන්ද”
“දැන් වතුර ගහන්ඩ මොටරේ දැම්ම වැඩ කරන්නැති හින්ද ගිහිං බැලුව මොටරේ නෑ බං”
වාරකන් කාලයට තෙප්පන් මෙන්ම මහ බෝට්ටුද මේ පැත්තෙන් රස්සාවට නොයයි. මිනිස්සුන්ගේ අග හිගකම් අහස උසට නගී. එවන් කාලයට මෙවැනි සිද්දියක් වීම සාමාන්‍ය සිදුවීම්ය.
“අඩේ අපේ මොටරෙත් උස්සයිද දන්නේ නැ මම ගිහිං බලන්නං”
මම වෙරළ පැත්තට ගියේ සමන් මල්ලීත් සමගයි.
“මල්ලි රැට මේ පැත්තේ ටිකක් බලන්ඩ, රැට කෑම දාල රවුමක් ගිහිං එන්ඩ”
“හරි අය්යේ මම බලන්නම්, මේ පැත්තේ ලයිට් එකත් දාල තියමු එළිවෙනකං”
life-cycle-of-prawn-9-638.jpg“හා ඒක හොදයි”
හොදම සිද්දිය උනේ පසුවදාය. රාත්‍රියේ අල්ලපු හැචිරියේ මෝටරයක් නැතිවී ඇති බව මම බෝසිට කිවේ උදේ හතට පමණය. රාත්‍රි සේවය සදහා  විමලේ අයියා ටික දවසකට ගෙන්වා ගතයුතු බව ඇයගේ අදහස විය. බොසා පැමිණි විට ඇය සිද්දිය කියලාය. ලොක්කා මගෙනුත් විස්තර අසා විමලේ අය්යාට සිකුරිටි කාමරයේ නිදා ගැනීමට කාමරය කවුරුන්හෝ ලවා පිරිසිදු කර දමන ලෙස කිවේය.
එදින රෑ නවයට පමණ විමලේ අය්යා ආවේ බෙඩ් ශීට් එකක්ද රැගෙනයි. හොදටම පානය කර සිටි ඔහු තම සුපුරුදු පුරාජේරුව කියවන්නට විය. “අල්ලපු වැඩපලට ගමේ මිනිස්සු ගිනි තිබ්බා, ඒ එකෙක් මේකට අත තියන්ඩ වත් ආවේ නෑ. මම නැත්නම් උන් මේකටත් ගිණි තියනවා”
රාත්‍රී එකොළහට පමණ බොස්ගේ කටහඩින් අවදිවූ අපි මුර කුටිය ඇති දෙසට දිවගියෙමු. විමලේ අයියා මැරුණු මිනිසෙකුසේ නිදාගෙන සිටි. බොසා විමලේ අයියාගේ අතක්  සොළවමින් විමලේව ඇහැරවන්නට උත්සාහකරයි. හොද පදමට වෙරිවී සිටි විමලේ අයියා මර නින්දේය. අපි බඩවල් අල්ලාගෙන ඇති පදම් සිනහා වුනෙමු. ඉන්පසු කිසිදිනෙක ඔහු රෑ වැඩ සදහා නොපැමිණි අතර පසුව බෝසාද ඔහුට කිසිවක් නොකීවේය.
ඉස්සාගේ ඇස කපන්නේ මොකෙන්ද?
මේ සදහා විශේෂ අඩුවක් බාවිතා කරයි. අගල් දහයක් පමණ දිග කතුරක හැඩය ඇති මෙය කතුරකින් වෙනස් වන්නේ අගින් පිහිටා ඇති කොටස අඩුවක් මෙන් ඇති බැවිණි. කුඩා ගෑස් ළිපක් හෝ බන්සන් දාහකයකින් ගිනියම් කර ගන්නා මෙහි අග කොටසින් ඉස්සාගේ එක ඇසක් ඉවත් කරයි.මෙයින් සතියකට පමණ පසු බිත්තර වැඩෙන බව බලාගත හැක. හොදින් බිත්තර මෙරූ පසු (සති දෙකකින්) පමණ එක සතෙකු එක ටැංකියකට වන පරිදි “spawning tank” වලට මාරු කළ යුත්තේ සවස් කාලයේය. කොපමණ පුරුදු කාරයෙකුට උවත් මෙහිදී වරදින අවස්ථා තිබේ. එනම් මව් සතුන් සිටින ටැංකියේම බිත්තර දැමීමයි. මෙවැනි සුන්දර දර්ශනයක් දුටුවෝත් බොසී පමණක් නොව බෝසිගේ මහත්තයාද අවි අමෝරා ගෙන යුද්දයට පැමිණේ. ඇත්තටම මෙය මහා නාස්තියකි. මේ බිත්තර, බිත්තර දමන විශේෂ ටැංකියක මෙන් එකතුකර ගැනීමට අපහසුය. තවද මව් සතුන්ගේ යම් බැක්ටීරියා හෝ වෙනත් විෂ බිජ ඇත්නම් ඒවාද මේ බිත්තර වලට මිශ්‍ර විය හැක. මේ නිසා අප කරන්නේ හොදින් බිත්තර මේරු සියලුම සතුන් ගෙන බිත්තර දැමීමට වෙන්කර ඇති ටැංකිවලට දැමීමයි.මෙහිදී ආහාර ලෙස කුඩාවට කැපු දැල්ලන් කැබලි දෙක තුනක් දමයි. පසුදා උදෑසනම (උදේ 5 ට පමණ) ටැංකි පරික්ෂා කළ යුතුයි. එහිදී ලා රෝස,කහ  පැහැයට හුරු ජෙලි වැනි තරලයක් ටැංකි දාරයේ ඇත්නම් බබා හම්බෙලාය, ආ සොරි බිත්තර දාලය. “බිත්තර වලින් බබාලා එන්නේ හවසය”.
දැන් කියන්ඩ බලන්ඩ හොදින් වැඩුණු ඉස්සෙක් (Tiger Prawn)වරකට බිත්තර කියක් දානවද?




සාමාන්‍යයෙන් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා බිත්තර දානවා. මාරයි නේ, මාර නෑ දැන් බිත්තර ගණන් කරමු. මලා ලක්ෂ 5 – 15 කොහොමද ගනින්නේ????
මුලින්ම මතක් කර ගන්ඩකො උසස් පෙළ තාපය පාඩමේ මන්තය,නැත්නම් ඔරුව පදින තොටියගේ හබල අන්න ඒ වගේ එකකින් බිත්තර හොදින් මිශ්‍ර කරගන්නවා, පස්සේ ලීටර් එකක බාජනයකට සාම්පලයක් ගන්නවා,ඒකෙන් මිලිලීටර් දහයක සාම්පලයක් අරං ගණන් කරලා ඒක 100න් වැඩි කරන්නේ ලීටරයක තියෙන බිත්තර ගාන බලන්ඩ, පස්සේ ටැංකියේ වතුර ලීටර් ප්‍රමාණයෙන් ඒ එන ගාන වැඩි කලාම ඉස්සා දාපු බිත්තර ප්‍රමාණය දළ වශයෙන් හොයා ගන්ඩ පුළුවන්. පස්සේ බිත්තර පුපුරලා පැටවූ ආවහමත් මේ විදියටම ගාන බලාගන්ඩ පුළුවන්. “පොඩ්ඩක් හෝව්” අරවගේ මන්ත,හබල් දාල ඒ අසරණ අහිංසක සත්තුන්ට කරදර කරන්ඩ එපා. ඔයාට කරන්ඩ තියෙන්නේ කිඩ්නිය පාවිච්චි කරලා ටැංකියේ ඔක්සිජන් දෙන බටේ වැඩිපුර ඇරලා සාම්පලයක් ගන්න එකයි. මේකට 5ml බිකරයක් පාවිච්චි කරානම් හොදයි.
 ඒත් මේ හැම බිත්තරයක්ම “නොප්ලයි” අවස්ථාවට පත් වන්නේ නැහැ.මේ බිත්තර වලින් 20% විතර පුහු වෙනවා.උඩින් අලවපු පින්තුරේ බලන්ඩ. බිත්තර පුපුරලා පැටියෙක් එන්ඩ කළින් බිත්තරේ ඇතුලෙ සතෙක් හැදෙන හැටි සාමාන්‍ය අන්වීක්ෂයකින් බලන්ඩ පුළුවන්. අළුතින් වැඩට ගිය මම පැයෙන් පැයට බිත්තර සාම්පල් විදුරු කදාවකට දමා අන්වීක්ෂයෙන් බිත්තරයේ ඇතුළත හැඩය වෙනස්වෙන ආකාරය කොළයක ඇදගත්තේ ආසාවටය. මෙයදුටු බොසී මට බොහෝ ප්‍රසංසා කර සාගර විද්‍යාව හා “ටයිගර් ප්රෝන්ස්” ගැන ලියැවුණු පොත් කිහිපයක් බලන්නට දුන්නේය.මම ඒ පොත්වල ඇති වැදගත් කරුණු කොපි පොතක සටහන් කර ගන්නවා දුටු ඇය මේ ක්ෂේත්‍රයේ ඇය දන්නා කරුණු සියල්ලම මට කියා දෙන බව පැවසුවාය.
“මෙම නොප්ල්යි අවස්ථාවේදී සතුන් ආහාර වශයෙන් බාහිරින් කිසිවක් නොගනී”. උදේ දැමූ බිත්තර සවස 4 පමණ වනවිට කුඩා සතුන් බවට පත්වේ. මොවුන් නිරීක්ෂණයට අපි බාවිතා කළේ විදුරු අඩු කොප්පයි. සතුන් නිරෝගී නම් හොදින් ඉහළට ගමන් කරනු දැක ගත හැකිය.
මීළගට පැටවුන් වෙනත් විශාල  ටැංකියකට මාරු කිරීමට සුදානම් කළ යුතුය. “ක්ලෝරෆෝම්” යොදා වායු සැපයුම් නල පිරිසිදු කිරීම(විෂබීජ නාසනය) හා ටැංකි වලට “සෝඩියම් හයිඩ්රොක්සයිඩ්” හා ජලය යොදා සදා ගත් ද්‍රාවනයකින් විෂබීජ හරණය කිරීමත් පසුව සබන් දමා හොදින් සෝදා ගැනීමත් ඉතා වැදගත්.
නොප්ලයි විශාල ටැංකි වලට මාරු කිරීම
හිරු බැසගිය සැන්දෑ කාලය වඩා සුදුසුයි. මුලින්ම ටැංකියට ජලය පොම්ප කර “සෝඩියම් EDTA” නියමිත ප්‍රමාණය දමන්න.
 “ට්‍රිප්ලාන් හා ෆියුරසොලිඩන් නියමිත ප්‍රමාණය යොදන්න.(මෙය බෝතලයේ සදහන් කර ඇත)මේවා ප්‍රතිජීවක වන අතර ජලයේ හා සතුන්ගේ යම් විෂබීජ ඇත්නම් සතුන්ගේ ආරක්ෂාවට වැදගත් වේ. දැන් සතුන් සිටින ටැංකියේ උෂ්ණත්වය හා අළුත් ටැංකියේ උෂ්ණත්වය පරික්ෂා කරන්න. අවශ්‍යනම් ලවනතාවයද බලන්න.උෂ්ණත්වය අංශක දෙකකට වඩා වෙනස් නොවිය යුතුය. ලවණතාවය බොහෝවිට වෙනස් නොවේ(30 -34)වඩා සුදුසුය.
“ලවණතාවය වෙනස්නම්???”
බුදු මල්ලියේ ඔය ටෙක්නිසියන් කම දීපන් පොඩි එකෙකුට!!!
“යකෝ ටැංකි ඉස්ටෝක් කරන්ඩ කියල වෙනම රිසර්වර් ටැංකියක් තියාගනින්”
ඔන්න ඔහොම ඇර ගන්නා අවස්ථාද නැත්තේම නැත.
දැන් පොඩි ඇටවුමක් හදා ගත යුතුය.මුළින්ම අගලේ එස්ලෝන් බටයක් ගෙන බිත්තර ඇති ටැංකියේ කට හරහා යොදා වැඩිපුර කොටස කපා දමන්න. “ඕකට ලි කෑල්ලක්, රිප්පයක් ගන්ඩ බැරිද??
“ආයේ මගුලක් කථා කරනවා! යකෝ ලී කෑලි වතුරට ජරා වෙනවා ඕව හරියට විෂබීජ හරණය කරන්ඩත් බෑ.”
දැන්මේ බටේ උඩින් කළු ඉටිරෙද්දක් දාල ටැංකිය වහන්ඩ ඕනේ, හැබැයි පොඩි ප්‍රමාණයක් අගල් කීපයක් ඉතුරු වෙන විදියට. දැන් වයර් එකකට හොල්ඩරයක් හා විදුලි බල්බයක් සවිකරලා අර ටැංකියේ ඉටි රෙද්ද වහපු පැත්තෙන් එල්ලන්ඩ ඕනේ. දැන් ඩොන් ගාල ස්විච් එක දැම්මම පොඩි ඉස්සන්ට නැත්නම් නොප්ලයින්ට අපි ඉතිරි කරපු සිදුරෙන් ආලෝකය පේනවා, එතකොට වැඩ කාරයෝ මුලින්ම වේගයෙන් උඩට එනවා, මොකද මෙයාල ආලෝකයට ගොඩක් සංවේදියි. දැන් ප්ලේක්සිබල් බටයක් ආදාරයෙන් උඩට එන අයව ලීටර් 20 බාල්දියකට සයිපන් කරලා ගන්ඩ ඕනේ. විසිතුරු මාළු හදන අයට නම් මතක ඇති වතුර මාරු කරන විදිය.
“ඔච්චර කැටයම් දාන්නේ මොකටද? ටැංකියේ පහළ කරාමෙ ඇරලා ඔක්කම පැටව් ටික ගත්තනම් ඉවරයිනේ”
“යකෝ මෙතන ලෙඩ්ඩු, කොරු අන්දයෝ, කම්මැලියෝ, හොරු ඉන්නවා උන්ව අනෙක් ටැංකියට ගියොත් හොද සත්තුත් ලෙඩ වෙනවා.”
දැන්මේ ආකාරයට විනාඩි විස්සකදී පමණ සියලුම ක්‍රියා ශීලි සතුන් ආලෝකය වෙත පැමිණෙයි. එසේ එන සතුන් වරින් වර ගෙන ගොස් අළුත් ටැංකියට දැමිය යුතුය. පසුව ටැංකිය කළු ඉටි කොළයකින් වැසිය යුත්තේ උෂ්ණත්වය වෙනස් වීම පාලනය කිරිමටය.

ඊළග පොස්ට් එකෙන් තවත් විස්තර කියවන්න., 
නැවත හමුවෙමු.

48 comments:

  1. ඉස්සනන් ගැන නොදන්න ගොඩාක් කරුණු දැනගත්තා.

    ජයවේවා !!!

    ReplyDelete
  2. //ඒත් වැල්ලේ ඇහැට කණට පේන කෙල්ලෙක් නම් දැක්කේ නැත.//

    කොහෙ ඉන්නද බං උං ටික සේරම මෙහෙ.. :D ඕ යේස්

    ඉස්සො ගැන සෑහෙන්න දැනගත්ත බං..රෙෂ්පා !!

    ReplyDelete
    Replies
    1. හයියෝ ඔක්කොම තියා ගන්ඩ එපා ...
      තැන්කු පත්තර මල්ලි...

      Delete
  3. මරු බං.දිගටම ලියපං.

    ReplyDelete
    Replies
    1. ස්තුති අය්යේ, උබලා හොදයි කියල කිව්වාම පොඩි ගැම්මක් එනවා, සහතිකයි.

      Delete
  4. Replies
    1. වැඩි හිටියන්ට පමණද??නෑ මේ කොටු දාල නිසා...

      Delete
  5. ඒක මරු ඈ.. කෙල්ගො කොහෙ ඉන්නද
    උං ඔක්කම අර පත්තරය උස්සලයි කියන්නෙ :-P හැක්

    ReplyDelete
    Replies
    1. වෙන්නප්පුවෙ කෙල්ලො බලාගන්ඩ ඕනැනං වරෙව් ඉතාලි … :D :D

      Delete
    2. පත්තරයෝ තනියම වළදන්ඩ එපා මේ නමටත් බෙදපන් ..හික් හික්..

      Delete
    3. වෙන්නප්පුවේ,නයිනමඩමේත් ලස්සණ කෙල්ලෝ ඉන්නවා,ඒත් වැල්ලේ නෙවි.

      Delete
  6. ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා බිත්තර...???/ බුදු අම්මේ වචනෙ විතරයි මතක් වුණෙ. මර්ත්‍යතා අගය කීයෙයි..? ජනගහනෙ වැඩියිනෙ අප්පෙ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඔච්චර බිත්තර දැම්මට හොදම පරිසර තත්වයක් ඇති හැචිරියක උණත් "හැචින් රේට්"එක 80% විතර. ඕකෙන් ඉස්සෙක් වෙන්නේ 40 -60%
      ඒත් ස්වභාවික පරිසර තත්ත්ව යටතේ ඔය ප්‍රමාණය 20%ක් වත් නැතුව ඇති. මොකද විලොපිකයෝ,මිනිස්සුන්ගේ ක්‍රියා(දැල් දැමීම,අතංගු වලින් ඇල්ලීම) නිසා.

      Delete
  7. කවුරුවත් කලින් නොලියපු දෙයක්. අනිත් කොටස් දෙකත් හෙමීට බලාගෙන එන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුති,මේ මගේ අත්දැකීම්...

      Delete
  8. හැචරියක් කියන්නෙත් පට්ට මීටරෙන් වැඩ කොරන්න ඕන තැනක් නෙ බං.. මාරයි.මේ.. අර විශබීජ නැති කොරන්න දාන්නෙ ක්ලෝරෆෝම් ද ක්ලෝරීන්ද මචං? ක්ලෝරෆෝම් වලින් සිහිනැතිවෙනවා නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ක්ලෝරීන් දාන්නේ ටැංකි පිරිසිදු කරන්ඩ කලින්. ක්ලෝරෆෝම් බ්ලොවරයෙන් එන වායු නළ විෂබීජ හරණයට ගන්නවා, දිලීර රෝග වලට ට්රිකට්මන්ට් එකක් විදියටත්(10 -1000 ppm ) ක්ලෝරෆෝම් පාවිච්චි කරනවා.

      Delete
  9. ලංකාවේ ඉදන් මෙච්චර සුපිරි රස්සාවක් කරන්න පුළුවන්කම තියාගන අරාබියට රිංගලා මොනවා කරනවද මන්දා?

    ReplyDelete
    Replies
    1. ඔතනින් පස්සේ මම ආහාර නිෂ්පාදන ලැබ් එකක අවුරුදු ගානක් වැඩ කලා.

      Delete
  10. නියමයි , ස්තුතියි , දිගටම ලියහං මචං

    ReplyDelete
    Replies
    1. අටම් අයියා සල් ළිදේ නාල එනගමන් වගේ..

      Delete
  11. කාට හෝ මේ කර්මාන්තය ආරම්භ කිරීම සඳහා මූලික අධ්‍යයනයක් ලෙස මේ ලිපි මාලාව වටිනවා.

    ReplyDelete
  12. තුන් වෙනි එක භාගෙට කියෝගෙන එද්දී මතක් උනේ (ඉස්සාගේ ඇහැ කපන සීන් එකේදී) මේකේ දෙකත් කියෙව්වේ නෑ කියල.. හැක. ඒ පාර ඉස්සෙල්ලා ඒක කියෝලා හිටියා.. මේ හැචරී, ෆාර්ම් සෙට් අප් එකට මම මාර කැමතියි.. කවද හරි විශ්‍රාම ගිහින් හරි පුළුවන් උනොත් පොඩි ෆාර්ම් එකක් දා ගන්නවා.. ඉස්සෝ, ඕනමන්ටල් ෆිෂ් එහෙම කරන්න.. එදාට උඹේ සපෝර්ට් එක ඉල්ලන්නම්.. එතකං මේවා ලියලා මගේ ආසාව වැඩි කරපං.. :)
    අර ඉස්සාගේ ඇහැ කපන සිඉන් එකේ විජ්ජාත්මක මෙව්වා එකක් තියෙනවද හැබැටම? අනික උඹ මිලි ලීටර් 10ක පැටව ගැනලා ඒක 1000න් වැඩිකරොත් පුතේ එන්නේ ලීටර් 10 ක ඉන්න පැටවූ ගාන.. හික්.. එතන ආයිම බලපන්..

    ReplyDelete
    Replies
    1. තැන්කු. මම ගෝල්ඩ් ෆිෂ්, එන්ජල්සලා බ්‍රිඩ් කරලා තියෙනවා. පැටව් දාන මාළු නම් නිකම්ම බෝවෙනවා.
      ඕනෙම වෙලාවක් උදව් කරන්නම්. මමත් පොඩිකාලේ ඉදන්ම ආසාවෙන් කරපු දෙයක්.
      අඩේ ගාන වැරදි නේ,10 ml ඉන්න ගාණ 10බෙදල 1000න වැඩි කරාම ලීටරයක ඉන්න පැටව් ගාන හොයා ගන්ඩ පුළුවන්. මම ඒක හදන්නම්.

      Delete
    2. එක පාරම සීයෙන් වැඩි කරහන්කෝ..

      Delete
    3. ඒ විදියට එඩිට් කරා ..

      Delete
  13. අඩේ මිස් වෙලා... මුල ඉඳන් බලාගෙන එන්නම්...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සජ්ජා

      Delete
  14. කන්න ලේසියි...හදන්න මෙච්චර අමාරුයි කියලා දැනුයි තේරෙන්නේ..

    මගේ යාලුවෙක් වැල්ලෙ කෑල්ලක් එක්ක යාලුවෙලා ඉන්නවා. අපි ඒ ලමයට ආදරේට කිව්වේ මාලු කෑල්ල කියලා.

    ReplyDelete
    Replies
    1. වැල්ලේ නම් කළු කෑල්ලක් වෙන්ඩ ඇති...

      Delete
  15. දෙවෙනි කොටස බලන්න බැරිවෙලා තිබිලා ඒකත් බලා කියාගෙන ආවේ...
    ගොඩක් විස්තර දැන ගත්තා...
    මේක ලාභ ලබන්න පුළුවන් බිස්නස් එකක් නේද...
    කීයක් විතර ඉන්වෙස්ට් කරන්න වෙනවද සාමාන්‍ය පරිමානයේ ෆාම් එකක් පටන් ගන්න...

    ReplyDelete
    Replies
    1. මේ අවුරුදු දහයකටත් වඩා කළින් මතක. දැන් ඉඩම් වල ගණන්, බඩු වල ගණන් ගොඩක් වෙනස් වෙලා ඇති. ඒ දවස් වල වෙල්ලමන්කරේ මුහුදටම මායිම් උන පර්චස් හතළිහක විතර ඉඩමක් ලක්ෂ එක හමාරකට ගන්ඩ කිව්වා. දැන්නම් අපරාදේ කියල හිතෙනවා..

      Delete
  16. ගොඩක් විස්තර නම් දැනගත්තා... හරි අමාරු වැඩක් නේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. අපොයි දත් ගලවන තරම් අමාරු නෑ,හික් හික්...

      Delete
  17. අගේ ඇති ලිපියක්. නොදන්නා විස්තර බොහොමයක් දැනගත්තා. ඒ වගේම ඇස (eyestalk) ඉවත් කිරීම සහ බිත්තර දැමීම සම්බන්ධයෙන් ඇති උන විද්‍යාත්මක කුතුහලය නිසාම ඒ ගැන වැඩිදුර කියවා බැලුව. විකිපීඩියා තොරතුරු අනුව එක් මතයක් වන්නේ ඉස්සාගේ ඩිම්බකෝෂ වර්ධනය අඩාල කරවන හෝමෝනයක් ඇස ආශ්‍රිතව ඇති ස්නායූ පද්ධතියෙන් නිපදවන බැවින්, ඇස ඉවත් කල විට එම හෝමෝන නිපදවීම අඩු වීම හේතුවෙන් ඩිම්බකෝෂ වර්ධනය වැඩි වන බව.

    ස්වභාවික තත්වයන් යටතේ, ඉස්සන් බෝ නොවන කාල සිමාවන් වලදී මෙම හෝමෝනය නිපදවන බවත්, ඉස්සන් බෝ වන කාලවලදී මෙම හෝමෝන මට්ටම අඩු හෝ සම්පුර්නයෙන්ම නවතින බවත් එහි සඳහන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් තොරතුරු එකතු කරලා. ස්තුති ඔබට...

      Delete
    2. බොහොම ස්තුතියි ඔබට. මගේ බ්ලොගයට ගොඩ උනාටත් බොහොම ස්තුතියි. සමාවෙන්න වැරදීමකින් ඔබ දාපු කමෙන්ටුව මගෙ අතින් මැකුනා මොබයිල් එකෙන් බලද්දී. ඉඩක් ඇති වෙලාවක නැවත ඇවිත් යන්න.

      Delete
    3. පුතා මම ආයේ පාරක් කමෙන්ට් එකක් දැම්මා. බ්ලොග් වලට අළුත් අපිට කමෙන්ට් එකක් රත්තරන් වලටත් වඩා වටිනවනේ....

      Delete
    4. බොහොමත්ම ස්තුතියි ලලිත්.

      Delete
  18. වටින ලිපියක්, නොදන්නා කර්මාන්තයක් ගැන දැනගන්න කරුණු ගොඩක් තිබ්බ. ඉස්සාගේ ඇස කපන එකයි බිත්තර මෝරන එකයි අතරේ තියෙන සම්බන්දෙ තව ටිකක් පැහැදිලි කලොත්? ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුති... පොකුරු වැහිත් ඉහළින් විස්තර ටිකක් දාල තියෙනවා. පහළ ලින්ක් එකෙන් වැඩි විස්තර කියවන්න.
      https://en.wikipedia.org/wiki/Eyestalk_ablation

      Delete
    2. පොකුරු ඒ සම්බන්දව හොයල බලල එකතු කරලා, අපුරුයි.

      Delete
  19. ඔය කියපු ඉස්සෝ පැටවු අතරේ අන්දයෝ,කොරු වගේ කට්ටිය අතරේ නැද්ද මන්ත්‍රී ලා. පච නැති බොරු නැති ,බොක්කෙන් ලියපු වැදගත් පොස්ට් එකට හුඟාක් ස්තුති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති ඔබට...

      Delete

හිතෙන දෙයක් කොටලයන්න