Tuesday 19 April 2016

වෙන්නප්පුවේ මිනිස්සු හා ඉස්සෝ හැචරිය 01.

වෙන්නප්පුවේ මිනිස්සු හා ඉස්සෝ හැචරිය 01.

කාලෙන් කාලෙට එක එක වචන සමාජය ආක්‍රමණය කරනවා. හැම කොල්ලෙක් කෙල්ලෙක්ගේම කටේ තියෙන්නේ ඔය අලුත්ම වචන සෙට් එක. කාලයක් තිබුන දකින දකින එකාගෙන් උදේ දවල් රෑ කියල වෙලාවක් අවේලාවක් නැතුව බත් කෑවදකියල අහනවා. ඊට පස්සේ දන්න කෙනෙක් නම් ඇයි පිගාන හොදන්ඩදකියල කියනවා.ඔය වගේ ප්‍රසිද්ද වෙන  සමහර වදන් එන්නේ ඉංගිරිසියෙන් ඉස්සර ආව එකක් බඩු හැව්කියල. අපේ ගෙවල් ළග ගෙදරක කොල්ලෙක් ඕක කියනවා ඇහිලා උන්ගේ තාත්තට, මිනිහා හිතල තියෙන්නේ මේක කුණුහරුපයක් කියල, කොල්ලට වේවැලෙන් බඩු හම්බ උනා පිට හරහට. කාලයක් තිබුණා දකින දකින එකාගෙන් යටට ඇදලදනැත්නම් අහවල් එක දාලද කියල අහනවා. එකනම් ටිකක් අසබ්යයි නේද?
ඇඩෙනවා තනි ඇහැට කියන එකත් මේ මෑතකදී ප්‍රසිද්ද වුන කථාවක්, ඕවයේ කතෘලා නම් හොයන්ඩ ලේසි වෙන්නේ නැ.
ඔය ඉස්සා ඉන්න තැන අහන එකත් ගොඩක් ප්‍රසිද්ද වැකියක්, ඒ කට උත්තරේ උනේ කළපුවේ කියලයි. තව උත්තරයක් තිබුණ ඒක ටිකක් අස්බ්යයි කියල මට හිතෙන්නේ. ඒ උනාට දන්නෝ දනිති.

ඇත්තට රසකර කර කෑවට ඉස්සෝ ගැන අපි මොනවාද දන්නේ?
 මේ නිසා පින්වතුනි මට හිතුණා මීගමුව, හලාවත බැරි උනොත් පුත්තලමට ගිහින් හරි මේ ගැන අද්දියනයක්  කරන්ඩ. ඕන් මම කොටුවේ ගුණසිංහපුරයේ නවත්තල තියෙන හලාවත බස් එකකට නැග්ග. දැන් ඉතිං බස් අජියගෙ සිංදු අහගෙන යන්ඩ තියෙන්නේ. ඇයි අප්සැට් ද? එහෙනම් කණට ඇබ ගහගෙන නින්දක් දාන්ඩයි තියෙන්නේ.
ඒයි නැගිටහන් බං කොච්චි කඩේ පාලමත් පහු උනාඔය කොච්චිකඩේ පාළම ළග ඉස්සර චෙක් පොඉන්ට් එකක් තිබුණ, දැන් නම් තියෙනවද දන්නේ නැ. අපි මේ යන හලාවත මිගමුව පාරට දංකොටුව පැත්තේ ඉදල එන පාර හම්බවෙන්නේ පාළම පාස් වෙනවත් එක්කමයි. දන්කොටුවෙන් එනකෙනෙක් ඔතන හංදියෙන් දකුණට  ගියොත් හලාවත පුත්තලම යන්ඩ පුළුවන් වමට ගියොත් කොච්චිකඩේ මිගමුව කොළඹ ගියහැකි. දැන් බහින්ඩ ළගයි, නයිනමඩම පල්ලිය හංදිය, තැපැල් කන්තෝරුව පහුවෙලා ඊළග හෝල්ට් එක තෝප්පුව හන්දියෙන් බැහැගන්ඩ. මෙතනින් බැහැල වම් අත පැත්තේ ඇතුලෙ පාරේ  තියෙන  ත්‍රිවිල් පාක් එකට ගිහිං මුළින්ම තියෙන ත්‍රිවිල් එකට ගොඩවෙලා වෙල්ලමන්කරේ සුද්දිගේ හැචිරියට යන් කියල කියන්ඩ, ඔයා ගමේ කෙනෙක් නොවෙන නිසාත් ගමේ(වැල්ලේ ) ගෙදරකට නොයන නිසාත් අයකරන ගාන 30% විතර වැඩි වෙනවා. දැන් ත්රිවිල්කාරයාගේ දෙමව්පියෝ මතක්කරන්ඩ එපා මොකද උණුත් කරන්නේ රස්සාවක්, ගමේ සමහරුව සල්ලි නොගෙනම ගිහිං දාන වෙලාවලුත් තියෙනවා. වැල්ලේ චන්ඩිවත් ගේම් කාරයෝ වත් නිසා  නෙවෙයි නෑදෑයෙක් හවසට සෙට්වෙන යාළුවෙක්  ගෙන් සල්ලි ගන්නේ කොහොමද? ඉතිං අපිට පාන්ද? එකට මොකද අපෙන් වැඩිපුර ගන්නේ කියලනේ හිතන්නේ,,මේ සිරි ලංකාවේ හැටි ඔහොම තමයි සත්තලන්.
උදේ වරුවක හරි හවස පහ පහුවෙලා වගෙනම් මේ කිලෝමිටරෙකට වඩා පොඩ්ඩක් වැඩි දුර මමනං පයින් යන්නේ හිටං,ඒ වට හේතු ගොඩක් තියෙනවා සමහර ඒවා අතිශයින්ම පුග්ගලිකයි, සහසිගතයි,ඔය මගේ අනාගත ප්‍රියම්බිකාව තට්ටු දෙකේ හරි තුනේ හරි ගෙදරකින් එබිලා බලල ලලිත් අයියා ගමේ ගිහිං එන ගමන්දඅහයි නැත්නම් තඩි ඇල්ටෙසන් බල්ලෙක් කක්කා දාන්ඩ පාරට එක්ක ආව මගෙ අනාගත මාම හරි නැන්ද හරි පුතා ගමේ ගිහිං එන ගමන්ද, නුවර ඉදල බස් වල ඇවිත් මහන්සි ඇතිනේ යන් ගෙදරට කූල් මොනවා හරි බීලා යමුකියල කියයි කියල. එතකොට මම බොරුවට අකමැත්තෙන් වගේ  කියනවා ඕනේ නැ ආන්ටි මම වෙන දවසක එන්නං කියල, ඊට පස්සේ ඇන්ටි එයාගේ තඩි ඇල්ටේසනය අතැරලා මගේ පිටේ තියෙන බෑග් එකට අතත් තියල යන් යන් පුතාට දාඩියත් දාල අන්කලුත් ඉන්නවා කූල් එකක් බිල යන්. මම කියන්නම්කො ඔයාව වැඩපල ගාවින් ගිහිං බස්සන්ඩ කියල.”
හැබැයි ඔය දේවල් එකක් වත් වෙන්නේ නෑ. මොකද අඩි දහයක් විතර උසට තාප්ප ගහන් අඩි පහළොවක් විතර උස ගේට්ටු දාල ගේට්ටුවේ පිට පැත්තට සීසී ටීවී කැමරා ඉන්ටර්පොන් හයි කරපු පොස් ගෙවල් වල මිනිස්සු ගේ ඇතුළේ මැරිලා නැත්නම් පවුල් පිටින් ඉතාලි ගිහිං. ඔහොම ටිකක් දුර යනකොට මස් කඩේ ලංවෙනවා, ඉරිදා දවසක් නෙවෙයි නම් මස්කඩේ පැත්තට ඈත ඉදං මම ඇහැ දාගෙන එන්නේ. ඉරිදාවක් නම් පල්ලි ගිහින් එන සැදැහැවත් පිංවතුන් අනිවාර්යයෙන් මස්කඩේ ළග නැවතිලා මස් ටිකක් අරන් යන්නේ ඉරිදා කව්රුත්ම රස්සාවට(මුහුදු) නොයන නිසා වැල්ලට ගියාට මාළු නෑ කියල දන්න නිසා. එදාට අපිට මස් තියා සුප් එකට  කටු ටිකක් වත් ගන්ඩ ලැබෙන්නේ නෑ.
මාව අදුරගන්න ෆයිසල් අයිය මල්ලි ගමේ ගිහින්ද එන්නේ කියල අහන්නේ බොක්කෙන්ම හිනා වෙමින්.මම ගෙනියන මෙනු එක දන්න නිසා මල්ලි සුදු බොකු නම් ඉවරයි, වලිගෙත් අරන්ගියා, කකුල් දෙකක් තියනවාකියල කියනවා. කකුල් සුප් එකේ රස මගෙ කිඩ්නියට දැනිල රස නහර පිනා යනවා.. එහෙනම් කපල දෙන්ඩ කියන්නේ පාරේ කවුරු හරි එනවද කියල බලන ගමන්, ඔව් මම ඕඩර් කරපු කකුල් ගෙනියන්ඩ එකෙක් එනවද කියල තමයි බලන්නේ. මස් කටු ටික සොපින් කවරේ දාගෙන මම වැල්ල පැත්තට යනව මුළින් හම්බෙන හතරමං හන්දියේ තියෙන සුරුවම ළග නැත්නම් ඊළගට හම්බෙන ගුරුපාර අද්දර තියෙන පොදු ළිදේ බැම්ම උඩ ගොටුකොලයයි උගේ සෙට් එකයි ගොඩක් වෙලාවට ඉන්නවා. ගොට්ටා කොටයි  ටිකක් කළුයි, කොන්ඩේ වවල තියෙන්නේ බෙල්ල ගාවට,සුදු යකඩ චේන් එකක් බෙල්ලේ දාල වම් කණටත් සුදු යකඩ කරබුවක් දාගෙන ඉන්නේ.. මවුන්ටන් එකේ නැගල ළිං ගැට්ටට කකුලක් තියාගෙන එක කකුළකින් පැඩල් එක කරකො කරකො කියව කියව ඉන්නවා. මම ඈත එනවා දැක්කොත් අඩෝ ලලිය කියල මවුන්ටන් එක හයියෙන් පැදගෙන ඇවිත් මම ලගදි ඉස්සරා  රෝදෙ අගල් කීපයක් උස්සල වැඩ පාරක් දාල හරවා ගන්නවා. කියන්ඩත් කලින් මම ඉස්සරා පොල්ලෙ වාඩිවෙන්නේ බෑග් එක අතට ගන්න ගමන්, මවුන්ටන් වල ඩබල් දාල ගිය අය දන්නවා ඇති ඒකෙ පොල්ලෙ ඉදං යනකොට තියෙන අමාරුව, පොල්ල පදින කෙනාගෙ පැත්තට ආනතවයි  තියෙන්නේ ටිකක් දුර යනකොට පදින එකා ළගට ලිස්සල යනවා. මගේ බෑග් එක හැඩල් එක උඩ තියෙන නිසා හරවන්ඩ අමාරුයි. “මම පයින් යන්නං බං” “කමක් නැ හිමිහිට යන්ඌ මාව පයින් යවන්ඩ කැමති නැ.
බබා හා ගොටුකොළයාගේ බෑන්ඩ් එක
හෙට උඹල සෙල්ලං කරනවද? මම අහන්නේ දවස් ගානකින් කෑවේ නැති එකෙක් වගේ. බෑන්ඩ් එකක් ප්‍රැක්ටිස් කරනව බලන එක මට ෆයිව් ස්ටාර් හොටෙල්එහෙක ෆන්සන් එකකට  යන්ඩ ෆ්‍රී ටිකට් එකක් හම්බ උනාටත් වැඩිය වටිනවා.
නෑබන් බබා කට්ටුවේ යනවලුඩිලා කියන්නේ මුණ ඇබුල්  කරලා.
අඩෝ ඔහොම කොහොමද ෂෝ කරන්නේ දැන් දවස් කියකින් සෙල්ලම් කරේ නැද්ද බබා නැත්නම් වෙන එකෙක් පෑඩ් ගහන්ඩ හොයාගනින්
මම පඬි වදන් දෙසනවා.
බබාගේ උනන්දුව නිසාමයි බෑන්ඩ් එකේ කට්ටිය සෙට් උනේ රිදම් ගහන සුමියත් බබාගේ නෑයෝ වෙනවාඩිලා නැත්නම් සෙට් එකේ ගොටුකොලය කියන්නේ කණගාටුවෙන්.
හැචරියේ ගේට්ටුව ළගින් බයිසිකලයෙන් බහින මම බෑග් එක ඇරලා අම්ම ගෙදරින් එනකොට හදල දෙන අළුවා පාර්සලෙන් ටිකක් වෙන සොපින් එකකට දාල ගොට්ටට දෙන්නේ මාව ගෙනත් බැස්සුවටද නැත්නම් රෑට ප්‍රැක්ටිස් කරන්ඩ යද්දී මාවත් එක්ක යන්ඩ දෙන අල්ලසක් වශයෙන්ද එහෙම නැත්නම් යාළු ෆිට් එකටද කියල මම වත් දන්නේ නැ.
ඉන්ටර්පොන් තියා බෙල් එකක් වත් නැති අපේ වැඩපළේ පොඩි ගේට්ටුව අරින මම තවත් මාස තුනකට හිරේ යන මනුස්සයෙක් වගේ ඇතුළට යනවා. මොකද ලොකු ඉස්සෝ ගෙනැල්ලා බිත්තර මෝරනකල් සති දෙකක් විතර දැල්ලෝ ,පිකුදු වගේ හොදම කෑම දීල බිත්තර අරං ඒවයෙන් පැටව් හදල අඟලක් එක හමාරක් විතර ලොකු කරලා ෆාම් වල වතුරෙ ලවණතාවයට අනුව ලවණතාවය අඩු කරලා ගන්ඩ මාස තුනක් හතරක් යනවා,
මාස තුනකට හිරේ......
ගේට්ටුවෙන් ඇතුල් වෙන මට ගොඩක් වෙලාවට  මුලින්ම පේන්නේ පොල් අතු ගෙයි උඩ තට්ටුවේ බැල්කනියේ එල්ලෙන වැල් ඇදේ ඉංග්‍රීසි පත්තරයක් බලන බොසා, හැබැයි බොසා ගාව බොසී ඉන්නවනම් ලොක්ක අතේ පත්තරෙත් නැත්නම් මම එන්ඩ කලින් ජවනිකාව ගැන මගේ ටිකිරි මොළෙන් චිත්‍රයක් මවා ගන්නවා. මොකද මම එහෙම දේවල් දැකල තියෙන නිසා මෙන්න මේ ආකාරයට, බොසාගේ ඔඩොක්කුවේ බොසි ඉන්න චිත්‍රයක්.
ලොක්කටයි ලොක්කිටයි කථා කරලා ගමේ ගිහිං එනකොට අනිවාර්යයෙන් ගේන කිතුල් හකුරු මුල් දෙකයි අළුවා පාර්සලේකුයි ලොක්කිට දීල වැඩපළේ පොඩි ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මුළින්ම හම්බවෙන්නේ උදේම අනුමත වෙලා ඉන්න විමල් අයිය, ගම දකුණ උනත් පෙර කල පවකට මම කිව්වේ විමලෙගේ පවුල, මේ මනිස්සයා කසාද බැදගෙන තියෙන්නේ මම හමුදාවේ ලොක්කෙක්, සාජන් මේජර් කියල. ඒ අසරණ අහිංසක අක්ක හිතල තියෙන්නේ ලෙප්ටිනන්, කැප්ටන්ලාටත් වඩා ලොක්කෙක් වෙන මේජර් කෙනෙක් කියල. හනේ පවූ. මෑන් එක්කත් වචනයක් දෙකක් කථාකරලා මගේ කාමරේ ජනේලෙන් බෑග් එක ඇඳ උඩට විසිකරන මම ඉස්තෝප්පුව පැත්තෙන් ගෙට ඇතුල්වෙලා මගේ දෙවැනි බොසාට ඇත්තටම බොසිට කථා කරනවා.
ආතේ බයෝගස්බයෝගස් අක්කේ කියල. ඊට පස්සේ පොඩි එකාවත් කිහිල්ලේ ගහගෙන ශෝටකුයි ටි ෂර්ට් එකකුයි ඇදගෙන ඉන්න කොට හතරැස් මුණක් මුක්කන් නහයක් තියෙන ෆිලිපින් කාන්තාවක් එන්නේ කට කණේ තියාගෙන හිනාවෙමින්. “කමොස්තාකියල අහල පටන් ගන්න කථාව මුඩ් එක හොදනම්(වැඩ පලේ  ප්‍රස්නයක් වෙලා නැත්නම්) රබර් බෑන්ඩ් එකක් වගේ ඇදිල යනවා. මමත් සුද්දවගේ කැඩිච්ච ඉංගිරිස් වලින් උපරිමෙන් විස්තර කියනවා.ඔය අස්සේ ටෙක්නිසියන් අක්කගේ මහත්තයත් ඇවිත් ඔලුව දාල මගන්දන් ඕමාගාසුබ උදැසනක් කියල  ගෙදර අය සනිපෙන්ද කියල අහල යනවා.  මගේ අතේ තියෙන මස් කටු ටික කුණුවෙයිකියල මටත් පස්සෙයි මතක් වෙන්නේ. ඊට පස්සේ මම මස්වලින් සුප් එකක් හදන්ඩ මම නාල එන්නම් කියල මගේ කාමරේට එනවා.

අද බස්වල ඇවිත් ගමන් මහන්සිය නිසා ඉස්සෝ හදාවඩා ගැනීම ගැන මීළග පෝස්ට් එකෙන් ලියන්නම්. මේක ගොඩක් ලාබ දායක බිස්නස් එකක්. කොච්චිකඩේ ප්‍රසිද්ද මෝටර් සයිකල් ව්‍යාපාරිකයෙක්, දන්කොටුව ප්‍රදේශයේ උළුමෝල් හිමියන් මේ ව්‍යාපාරයෙන් ලාබ අරන් තියෙනවා. එහෙනම් මීළග පොස්ට් එකෙන් හමුවෙමු

42 comments:

  1. මුල ඉදල අගට ලිවිල්ල පිච්චර් එක්ක අධිවේගී රූපරාමු ටිකක් වගෙයි. පොඩි ගතියකුත් නැත්තෙම නෑ ඉතිං.. හෙහ්..
    ඒත් ලිවිල්ල ඇතුලෙ තියෙන සුපුරුදු පරිදි එන ටැපලිලි ගතිය අඩුත් නෑ හික්ස්...

    ඊලග පෝස්ට් එක එනකං කියන්න දෙයක් නෑ ඉතිං ඒ ආවත් නැති වෙයිද මංද. හැක්..
    ඊලග එකත් දාන්ටකෝ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තවම අළුත්, මේ පොස්ට් එකනම් හදිසියේ දැම්මේ. මම හදන්නම්.

      Delete
    2. අලුත් කිය කිය කොච්චර කල් ඉන්නය ලලිත්...

      Delete
    3. මට මතක් වෙන්නේ ජිප්සිස්ලගේ සිංදුවක් පහසුවටත් වාසියටත්
      කියන්න කරුණු තියෙනවා, නැත්නං හදල කියනවා,මත්නම් මවල කියනවා...

      Delete
    4. අන්තිමේ නැතිනං පැනල දුවනවා කියල නං කියන්ඩ හිතන්ඩවත් එපා ඕං...

      Delete
    5. ස්තුති බ්‍රෝ. පිස්සුද අපි දුවන්නේ නෑ. ආක්රමනශිලිව පසු බසිනවා...

      Delete
  2. ටිකිරි මොලේ ජවනිකාව.. හැක්. මටත් හිතෙනවා ඕවා

    ReplyDelete
    Replies
    1. මෙහෙම නොහිතෙනවනම් තමා අවුල...හික් හික්...

      Delete
  3. හෑ.. එහෙනම් උඹ දන්නවා ඇති වන්නිගම ලොක්කව එහෙම.. මදුරන්කුලියේ වන්නිගම ෆාම් එකේ මැනේජර් හිටියේ මගේ යාළුවා.. මම ඉස්සර නිතර එහෙ යනවා.. ආසම පැත්තක්.. එළ!

    ReplyDelete
    Replies
    1. අපි කළේ පොඩි පැටවූ හදලා ෆාම් වලට විකුනපු එක. පුත්තලම් පැත්තේ ගොඩක් අය අපෙන් බඩු ගත්තා. පිලිපින් ටෙක්නිසියන් කෙනෙක් හිටපු නිසාත් බොසාට මාකටිං කරන්ඩ පහසු උනා.
      ඒ නමනම් ඒ හැටි මතකයක් නෑ. මේ කථාව අවුරුදු 10 -15 විතර පරණයි.

      Delete
  4. අඩේ පට්ට ලියැවිල්ල බං........... සුපිරිම සුපිරියි...... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතී, මේ දවස් වල ටිකක් වැඩ වැඩි, මෙහෙට සිග්නලුත් අඩුයි..

      Delete
  5. වෙන්නප්පුවේ ජොසොප් වාස් එක ඉස්සරහ ඇති ලයිෆ් කෙයා හී කාලයක් වැඩ කලා.... පරන අත්දැකීම් නැවත මතක් වුනා...

    ReplyDelete
    Replies
    1. මම මුලින් ම වින්ඩෝස් ඔපෙරේට් කරන්ඩ ඉගෙන ගත්තේ වෙන්නප්පුවේ පොලිසියට මෙහා පැත්තේ තිබුණ සිසිල කොම්පියුටර් ඉන්ස්ටිටුට් කියල පොඩි තැනකින්, සර් කාරයා උසයි කෙට්ටුයි, ඇසිස්ටන්ට් හෙන මහතයි, ඒ බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ ක්ලාස් තිබුණේ, ඇතුල් වෙන්ඩ තිබුණේ පාරේ පැත්තට නෙවෙයි අනික් පැත්තෙන්.. වෙල්ලමන්කරේට ඇවිත් නැද්ද?

      Delete
    2. නැහැ...
      මූද පැත්තට ගිහින් තියෙන්නේ මාරවිල කුරුස පල්ලියට පමනයි!

      Delete
    3. අපේ මල්ලි කෙනෙක් වැඩ කළා, මාරවිල මුහුද අයිනෙ තියෙන්නේ "ක්ලබ් ෆාම් බේ" හෝටලේ බාමන් කෙනෙක් විදියට.මෝය කට කපපුවාම මේ හෝටලයට යන්නේ බෝට්ටුවෙන්..

      Delete
  6. අම්මෝ වෙන්නප්පුව :D

    ReplyDelete
    Replies
    1. මම අවුරුදු හයකට වඩා හිටියා, වැල්ලේ මිනිස්සු නරක නෑ, කළු උණාට හිත හොදයි, රැඳු වෙනවා දැකල නෑ.අවුරුදු හයටම එකම කේස් එකයි දැනගන්ඩ හම්බුණේ, ගෑනියෙක්ව මරල තිබුණ බෙල්ලෙන් අල්ලලා බිත්තියේ ගහල, පවුල් ප්‍රස්නයක්.

      Delete
    2. ලලිත්....ඔය පත්තරයා වෙන්නප්පුව තම්බලා සුප් හදලා බීපු එකෙක්.

      Delete
    3. පත්තරේ කිව්වම හැම තැනම විස්තර දැන ගෙන ඉන්ඩ ඕනේ නේ..

      Delete
  7. මේක මරු බ්ලොග් එකක්නේ. මම පහුගිය පෝස්ට් දෙකක් කියෙව්වා ඉන්ඩස්ට්‍රියල් කේටරින් ගැන, හුරුපුරුදු වටපිටාවක් නිසා ආසාවෙන් කියෙව්වා. ලලිත් ලස්සනට ලියන නිසා කියවන්න ආසයි.

    කේටරින් ලිපිවල තිබුනා temperature probes ගැන. ඇත්තටම ගොඩාක් ඉස්සර රෝස්ට් එකක් එහෙම චෙක් කරන්න කූර අනින්නම එපැයි. දැන් නම් Infra red thermometers පවා තියෙනවා.

    ලංකාවේ ඉස්සෝ හැචරිස් වගේම දැන් නාරා එකෙන් බෙල්ලොත් කරනවා නේද?
    Aru.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට.
      මමනම් අදටත් පාවිච්චි කරන්නේ පෙන් ටයිප් තමොමිටරයක්. මාසෙකට සැරයක් කැලිබ්රේට් කර ගන්නවා.අයිස් වලිනුයි, උණු වතුරෙනුයි. Infra red thermometers අපිට දෙන්නේ නෑ,මම හිතන්නේ ඒකෙන් බලන්ඩ පුළුවන් මතුපිට උෂ්නත්වය විතරයි. ඩිජිටල් එකක් දෙනවා ඒක ලොකුයි.ඒකෙත් කූරක් තියෙන්නේ.

      Delete
    2. ARU,
      දැන්නම් කොහොමද දන්නේ නෑ, මම අවුරුදු ගාණකින් ඒ පැත්තේ ගියේ නෑ.

      Delete
    3. ඔව් ලලිත්...ඉන්ෆ්‍රාරෙඩ් එකෙන් පුලුවන් සර්ෆේස් විතරයි. රෝස්ට් එකක් වගේ චෙක් කරන්න පෙනිට්‍රේශන් ප්‍රෝබ් එකක්ම ඕන

      Delete
  8. ගිහින් බලන්න ආස හිතෙනවා. ටිකක් විතර ඉඩ තියල ලිව්වා නම් කියවන්න ලේසි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. පොස්ට් එක දිග වැඩිද? චේද වෙන්කිරීමද?
      ගොඩක් හැචෙරි ඇතුළ බලන්ඩ දෙන්නේ නෑ, විසේසයෙන්ම බිත්තර වලින් පැටවූ හැදෙන ටැංකි. අදුරණ කෙනෙක් ඉන්නවානම් ප්‍රස්නයක් නෑ.

      Delete
  9. 2006 දී මම පුත්තලම ප්‍රදේශයේ සේවය කරද්දී ඔය ඉස්සෝ ගොවිපොළ වලට ගිහින් තියනවා. දෙකක් තුනක් තිබුනා LTTE සම්බන්ධකම් තියන. ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔය පැත්ත තමයි කොටින්ගේ සැපයුම් මාර්ග තිබුණේ, ඉස්සර පුත්තලමේ කැලේ මිනිස්සු දඩයමටත් යනවා. එක පාරක් අපේ බෝස්ගේ ඩබල් කැබ් එකට වෙඩි තියල තිබුණ ආමි එකෙන්,මහා රැ දඩයමේ ගිහිං එනකොට කැලේ ඇතුලෙ දී.

      Delete
  10. එල එල..ලලිත්.උඹ හොඳට ලියනවා බං.මේක අස්සෙ කතන්දර ගොඩයි...ඊලඟට මොකක් අදියිද දන්නෑ..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එක පාරටම තියරි ලිව්වොත් බෝරින් නිසා කතාවකුත් එක්කම ලියනවා.

      Delete
  11. යකෝ මුට මාර අත්දැකීම්නෙ තියෙන්නෙ....පුහ්....
    ලියවිල්ලට මම මනාපයි....

    ReplyDelete
    Replies
    1. පුතා අපි මේම කොල්ලෝ වගේ හිටියට දැන් 40ත් පැනලා...හික් හික්...

      Delete
  12. මම මේ ආවාමයි නේද ලලිත්.අනික් පෝස්ට් ඔක්කොමත් කියවන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ ලෙසටම ලියන කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කත් පොඩි කික් එකක් එනවා. බලලා වෙනස් කරගන්ඩ ඕනේ දේවල් කියන්ඩ.

      Delete
  13. එක හුස්මෙට කියවගෙන ගියා රසවටත් ලියවිල්ලක්...

    ReplyDelete
  14. ලස්සන විස්තරයක්...
    ඉතිරි කොටස ඉක්මනට දාමු...

    ReplyDelete
  15. කදිමයි . මං කවදාවත් විඳලා නැති අහලා නැති අත්දැකීම් ගොඩක් නිසා ආසාවෙන් කියෙව්වා . ලියවිල්ලේ රසවත්කම නිසා වෙනමම ලෝකයකට ගියා වගේ දැනුණෙ .

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න