Tuesday, 16 February 2016

සොදුරු ඝාතකයා 03

පළමු කොටස
                                                                           

3 වන කොටස
ස්ථානය :- නගරයේ දුම්රිය ස්ථානයේ
                පුවත් පත් විකුණන කොලුවෙක්
            “මෙන්න තවත් අබිරහස් මරණයක්, ඊයේ රාත්‍රීයේ අගුලාන දුම්රියපල පාරේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙලා
ගන්ඩ පත්තරේ බලන්ඩ විස්තරේ
මටත් පත්තරයක් දෙන්ඩ මෙන්න සල්ලි
"මේ යකා කනෙක්ද? 20 කොල දෙකක් කියල හිතාගෙනද කොහෙද 100 කොල දෙකක් දුන්නේ, සමහරවිට සන්ග්ලාස් දාල නිසා පැටලෙන්ඩ ඇති”,
ඉක්මනට මෙහෙන් මාරු වෙන්ඩ ඕනේ, ඇස් පේන්නැති බවක්නම් පෙන්නේ නැ යන වේගේ හැටියට”,
-    -      --   --  - --   -  

ස්ථානය
බ්‍රාවෝ  ගොල්ෆ් ක්ලබ් බිම හල
ක්‍රිස් මහත්තය කලින්ම ප්‍රැක්ටිස් ඉවරද?
මම අද ප්ලේ කරේ නැ සේන මට හැනිකන් එකක් දෙන්ඩ
සර් හැනිකන් ඉවරයි කාල්ස්බර්ග් එකක් දෙන්ඩද?
ආ දෙන්ඩ සේන තැන්ක්ස්
බිමහලේ සේවකයා නික්ම ගියපසු ක්‍රිෂ්ගේ සිත අතීතයට ගියේ නිරායාසයෙනි.
අතීතයට ගොස් තම ජීවිතය වෙනස්කර ගතහැකිනම් යැයි සිතු ඔහුගේ මුවින් ගැබුරු සුසුමක් පිටවුයේ ඔහුටත් නොදැනීමයි.ඔහුට කුඩාකල ආසාවෙන්  රුපවාහිනියේ නැරබු ටයිම් ටනල් නාට්‍ය මාලාව මතක් විය, එසේ කාලය හරහා සිල්වියාගේ නවාතැනට ගොස් සියල්ල වෙනස් කිරීමේ මහත්  අවශ්‍යතාවයක් ඔහුට ඇති විය. ඒ අවාසනාවන්ත දිනය ඔහුගේ මනසේ මැවුණේ සේයාපටයක්සේය.
විද්‍යාලයේ  බාස්කට් බෝල් කණ්ඩායමේ නායිකාවවූ සිල්වියාගේ ප්‍රියමනාප සිනහව,උස්කර බැදී  රතු කොණ්ඩය, දිගු දෙපා කොල්ලන් පිස්සු වට්ටා තිබිණ, එහෙත් තමාපසුපස එන  ඒ කිසිවෙකුටත් අකමැතිවූ ඇය තමන්ගේ පළමු ඇරයුමින්ම තමන්හා ගොස් ක්‍රෙස්කැට් හි කෙටි කෑමකට කැමැත්ත පළකලේ ක්‍රිෂ්ගේ මිතුරන්ගේ පුදුමයටත්, ඊර්ශියාවටත් ලක්වෙමිනි.
ඔයා චයිනීස් කෑමටද වැඩිය කැමති ක්‍රිෂ් මමනම් කැමති කොරියන් කෑමවලට ඇයගේ කථාව කෙතරම් සුන්දරදැයි ඔහුට සිතුණි.
ඔයා මොනවද මගෙ මුණ දිහා බලාගෙන කල්පනා කරන්නේ
ඔයා කොච්චර ලස්සනද කියල මම බැලුවෙ
අනේ යන්ඩ බොරුනොකිය
බොරු නෙවයි ඔයා හින්දි නිළියක් වගේ
ෂිට් මම ආස නැ හින්දි ෆිල්ම් බලන්ඩ පිස්සු හැදිලවගේ ඩාන්ස් කරන්නේ කිසි තාත්වික ගතියක් නැ
ෂුවර් මාත් කැමති නැ ඒක නෙවෙයි අද රැට කොහේ හරි යනවද
අදනම් බැ කැමතිනම් මගෙ රූම් එකට එන්න අද රැ සින්තියා ඩිනර් එකකට යනව, මම ළග තියනවා ලස්සන vcd ගොඩක්,බැක්ස්ට්‍රට් බෝයිස්,ස්කොපියන්ස්,අර කවුද මේ හැසඩ් සෝන්ග් එක කියන්නේ එයාගේ ඇල්බම් වගයකුත් තිබ්බා
මාර්ක් ඇන්තනි, නැ නැ රිචර්ඩ් මාර්ක් නේද ? ෂා  නියමයි මගෙ පෙවරිට් සිගර් මම ෂුවර් එකටම එනවා
සුප් කා පළතුරු බිව් ඔවුන් වෙන්වූයේ ආදර වන්තයන් සේ හාදු හුවමාරු කරගනිමිනි. තමා මේ ලෝකයේ සිටින්නාවූ එකම ජීවියා හා වාසනාවන්තම ජීවියා යයි ක්‍රිෂ් සිතුවේය.
රාත්‍රිය උදා වනතුරු ඔහු පසුවූයේ නොයිවසිල්ලෙනි. රාත්‍රී හතේ බීප් නාදයෙන් කලබලවූ ඔහු අළුතෙන්ම මිලදීගත් ටි ෂර්ටය හා සුදු පැහැ ඩෙනිම් කලිසම හැද කණ්ණාඩියෙන් හැඩ බැලුවේය, සිවුරුහන් බාමින් සැන්බෝතලයෙන් කොලරය දෙපසට ඉසගත් ඔහු ලොවම දිනුවෙක් මෙන් ඒ තීරණාත්මක ගමන ගියේය.
කාමරයේ සීනු හඩින් ක්ශ්නිකවම දොර වෙත ආ සිල්වියා ඔහුව සිපගත්තේ කාලයක් ඇසුරුකළ පෙම්වතියක් මෙනි.
කෝ ඔයාගේ යාලුවා පේ න්ඩ නැ නේක්‍රිෂ් ඇසුවේ හාත්පස විපරම් කරමිනි.
එයා මේ දැන් එළියට ගියේ සමහරවිට ඔයාට කොරිඩොවේදී හමුවෙන්ඩ ඇති ඊ ළග දවසේදී මම සින්තිව ඔයාට හදුන්වලා දෙන්නම්, හරිම හොද කෙල්ල, ඔයාට තේරෙනවනේ මම කියන එක ,එක රූම් එකක ඉන්නකොට එකිනෙකාට කරදරයක් වෙන්නැතුව ඉන්ඩ ඕනේ.
ඔවු මට තේරෙනවා අපේ කාමරේට අල්ලපු කාමරෙත් ලෙඩෙක් හිටිය, මිනිහ හිතුවේ සීනියර් නිසා මිනිහට ඕනෙ විදියට රැ වෙනකං හයියෙන් සිංදු අහන්ඩ, රැ දෙගොඩහරි ජාමේ වෙනකල් ලයිට් දාගෙන ඉන්ඩ පුළුවන් කියල, දවසක් මිනිහ කළින්ම නිදා ගත්තා, අපි කට්ටිය බෙඩ්සිට් පාටියක් දුන්නා පහුවදාම වෙන රුම් එකකට ගියා, හෙහ් හෙහ්
හොද වැඩේ ඔයකියන්නේ අර තඩි බඩක් තියන මුණපුරා තඩි කුරුලෑ ගෙඩි තියන එකාද?
ඇත්තමයි ඌ තමයි ඔයා කොහොමද හරියටම  ගෙස් කළේ?
නැ මට නිකං හිතුණා
නිකං වෙන්ඩ බැ මොකක් හරි හේතුවක් ඇති,
මම ඇත්තම කියන්නම්කො දවසක් අපි අබගහයට කඩයක් දාගෙන ඉන්නකොට අපිට පණ්ඩිත කථා කියාගෙන ආව, අර කටකාර කෙල්ලෙක් ඉන්නේ අපේ ටීම් එකේ ඒකි කිව්වා මයින්ඩ් යුවර් ඔන් බිස්නස් කියල මුණ බෙරිකරගෙන ගියා හා හා
කථාවෙන් කථාවෙන් ඔයාට බොන්න මුකුත් දෙන්නත් බැරි උනානේ මම ෆලුඩා හැදුවා ඉන්නමම අරං එන්නම්
කඩිසර ගමනින් යන ඇය දෙස ඔහු බැලුවෙ මේනම් සුර කුමරියක්දොයි සිතමිනි. විනාඩියකට පමණ පසු විදුරුවක් බිම වැටෙන සබ්දයක් සමගම සිල්වියාගේ කටහඩත් ඇසුනේ එක විටමයි.
ආහ් මගේ අත
පැන්ට්‍රිය වෙත ගිය ඔහු දුටු දෙයින් හිටිතැනම ගල් ගැසිණ. ෆලූඩා තිබු බදුන බිදී විදුරු සැමතැනම විසිරි ගොස්ය, සිල්වියා දෑතින්ම දකුණු කකුල බදාගෙන සිටි,
සිහිඑලවාගත් ක්‍රිෂ් කොහෙද ෆස්ට් එයිඩ් බොක්ස් එකයැයි ඇසුවේ සැම අතටම දෑස් යොමුකරමිනි,
ඔය දකුණු අත පැත්තේ අන්තිම කබඩ් එකේ ඇති බැන්ඩේජ් එකක්, ඒක ගන්ඩ
ක්ෂණයකින් කබඩයේ තිබු බැන්ඩේජ්ය ගත් ක්‍රිෂ් තුවාලය සීරුවෙන් වෙලුවේය.ෆලූඩා සුවදත් සමග සිත මෝහනය කරන සුවදක් ඔහුට දැනිනබැන්ඩේජ්යෙන් කැපුණු තැන වෙලුවත් ලේ නොනවතින. වහා රෝහලකට ගොස් බෙහෙත් දැමිය යුතු බව ඔහු ඇයට කිවේය.
තව ටික වෙලාවකින් ලේ නැවතී මම නිසා ඔයාටත් හරිම කරදරයක්නේද උනේ?
එහෙම හිතන්ඩ එපා සිල්වියා මම ඔයාට ගොඩක් ආදරෙයි.සිල්වියාව වත්තන් කරගෙන පැමිණි ඔහු සෙමින් ඇයව සාලයේ වූ සැටියට බර කලාය.
තුවාල කකුල සැටිය උඩින් තියා ගන්න, එතකොට ලේ යන එක අඩුවෙයිසෙමින් ඇයගේ කකුල ස්පර්සකළ ක්‍රිෂ් ඇයගේ තුවාලවූ කකුල සිපගත්තේය. ඇයගෙන් වහනයවූ සුගන්දයට ඔහු වහවැටී සිටියේය.
ඔන්න ක්‍රිෂ් ඔයාගෙ අතෙත් ලේ ගෑවිලා, බාත්රුම් එකට ගිහිං හෝදගන්න
නාන කාමරයටගිය ඔහු හාත්පස බැලුවේය, තම කාමරය හා සසදා බැලුවේය, විශාල කණ්නාඩිය හා එහි ඇති පිළිවෙල කෙරෙහි පැහැදුණේය.
මොනවා මේ සුවද එන්නෙ සිල්වියාගේ ලේ වලින් නේදසෙමින් ලේ තැවරුණ අත තම නැහැයට ලංකළ ඔහුට දැනුණි.
ඔව් ඒ සුවද එන්නෙ ලේ වලින් තමයිලේ තැවරුණ අත දිවගා බැලු ඔහු මුළු අතම ලෙවකන්නට දැඩි ආසාවක් ඇතිවිය.
මගේ ඇස් දෙකට මොකද මේ වෙන්නේ, ඔළුව පුපුරන් ඩ වගේ කැක්කුමයි. කණ්නාඩියෙන් මුහුණ බැලු ඔහු දුටුවේ තම දෑස් රත් පැහැ වී ඇති බවයි. කිහිප වරක්ම මුහුණ සේදු ඔහු නැවත සිල්වියා සිටිතැනට ආවේ රොබෝවෙකු මෙනි.
ක්‍රිෂ් මොකද  ඔයාට උනේ? බාත්රුම් එකේ යකෙක්වත් හිටියද?
බලන්ඩකෝ ලේ නවතින්නේ නැ වගේතම කකුල පෙන්වමින් ඇය කීවාය.
සෙමින් ඇයගේ කකුල සිපගත් ක්‍රිෂ් තුවාලයෙන් එන ලේ බිදු උරා බීවේ මස් කැබැල්ලක් ලැබුණු කෑදර බල්ලෙකු   ලෙසයි.
තමන්ගේ හිස ගිනිගන්නවාසේ ඔහුට දැනුනේය, දෑස් තුලින් ගිනි පිටවෙනවා සේ  විය. ලේ සුවදින් ඔහු මත්වී සිටියේය, මෙකිසිත් නොදත් සිල්වියා ලේ වහනය නිසා විසග්ජ්‍ය විය.
ඉන්පසු  ඇය කිසිදා පියවි සිහිය නොලැබුවාය,ක්‍රිෂ්ගේ හොඩුවාවකුත් නොවිය. ක්‍රිෂ් ශක්තිමත් හා බලවත් ලේ පිපාසිතයෙකු විය. එදායින්පසු තමා කිසිම රාත්‍රියක් නිදාගත් බවක් ඔහුට මතක නැත,මිනිසුන් ගාතනය හා ඔවුන්ගේ සිරුරේ ඇති ලේ කිසිවෙකුටත් හදුනා ගැනීමට නොහැකි ලෙසින් උරා බිමට ඔහු ඇබ්බැහි විය. තමාගේ ජීවිතය කිසිලෙසකින්වත් යථාතත්වයට පත් නොවන බව ඔහුට දැන් ප්‍රත්‍යක්ෂය, උසස් අදයපනය කඩාකප්පල් වීමත්,තමාතුළ සිටින මුරුගයා කෙරෙහිත් මුළුමහත් සමාජය කෙරෙහිත්  ඔහු වෙර කළේය. කිහිප වරක්ම ජීවිතය නැතිකරගැනීමට සැරසුනත් තමාතුළ සිටින යම් බලවේගයකින් එය නවතාදමන බව ඔහුට හැගුණි.
මාස ගණනකට පසු නැවතත් ඔහු කොළබට පැමිණියේ ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක විදායක නිලදාරියෙකු වශයෙනි. උපාදිය අහිමි උවත් ඉංග්‍රීසි දැනුම , ප්‍රියමනාප කථාව, සෑම ඉහළ නිලදාරියෙකුම පාහේ තම පාසැලේ ආදී සිස්යයන් වීම ඔහුගේ වාසනාව විය.
රැ කියාව ලැබීමෙන් පසු ඔහුගේ චර්යාවේ පැහැදිළි වෙනසක් ඇතිවුවත් රාත්‍රී භයානක සිහින දෑකීම නොනැවතී සිදුවිය, පුර හද පැමිනීමට ආසන්න වන දිනවල සිට ඔහුතුල සිටින යක්සයා අවදි වන්නට විය. රතු වයින් පානයෙන් ගතට යම් සහනයක් දැනුනත් පුර හද ඇතිදිනවල එය ප්‍රමාණවත් නොවිය. යක්ෂයා මිනිස් ලේම ඉල්ලනු ඔහුට දැනුණේය.
සර් අයිස් කැට ඕනෙද? මම පුරුදු විදියට බෝතලේ ගෙනාවබාටෙන් ඩ ර්ගේ හඩින් ඔහු පියවි ලෝකයට ආවේය.
ඔහොම හොදයි සේනඔහු සෙමින් බිර තොලගාන්නට විය.

  ක්‍රිෂ්  බියර් පෙන අතර අතීතය දියකර හැරීමට උත්සාහකරන අතර දඩයම් බල්ලෝ දෙදෙනෙක් සෙමෙන් සෙමෙන් තම ගොදුර වෙත ඇදෙමින් සිටියා,සුදු පැහැ කමිස හැද, කළු පැහැ දිළිසෙන ටයි පටි පැළද සිටි ඔවුන් දෙදෙනාම කළු පැහැ කබා පැළද දිළිසෙන කළු පාවහන් පැළද සිටියා.

'නැවත හමුවෙමු, ගල් මල් පහලින් ලියල යන්ඩෝ' !

Saturday, 6 February 2016

සොදුරු ඝාතකයා 02


දෙවන කොටස

කවුරුත් නැ ඩ්රයිවර් විතරයි ඉන්නේ
මටනම් බයෙත් බැ අක්කේ ඔන්නොහෙ අපි පයින් යමුද
පිස්සුද මෙන්න මෙහෙ වරෙන් යන්ඩ බලපන්කො ලස්සන කොල්ලෙක් ඉන්නේ හින්දි නළුවෙක් වගේ
කොහෙටද යන්නේ?
මම ලක්සප්තිය ළගට මේ නංගි සොයිස ෆ්ලැට් හෝල්ට් එක ගාවට යන්නේ  
හා නගින්ඩ, දෙන්නම පස්සෙන් නැග්ගෙ එක්කෙනෙක්  ඉස්සරහට එන්ඩ නැත්නම් මම ඩ්රයිවර් වෙනවනේ
අක්කේ උබ ඉස්සරහින් නැගපන්
මෙච්චර රැ වෙලා මොකද කරේ? ට්‍රාන්ස් පොර්ට් නැද්ද?
අපේ වැන් එක කැඩුනා අද හදිසි ඕඩරයක් තිබ්බා
ඔයාල කොහෙද වැඩ කරන්නේ කම්පනියේ වැඩ කරන්නේ ඔය දෙන්න විතරද? හඃ හා ,
අනිත් අය ට්‍රාන්ස්පෝට් වැන් වලින් ගියා අපේ පැත්තට යන එක කැඩිලා,
(රහසින්) අක්කේ මේ මනුස්සය මේ මහ රැ මොකද සන්ග්ලාස් දාගෙන ඉන්නේ, බලපන් කෝ ගාලතියන සෙන්ට් එක පුදුම සැරක්, මටනං හරි අමුත්තක් දැනෙනවා,
යකෝ නිකං හම්බ උන අස්සයගේ දත් බලන්ඩ යන්ඩ එපා, එලිය බලන් පල නැත්නම් බහින තැන පහුවෙයි.
අයියේ ඔය ඉස්සරහින් මේ නංගිව දාල යමු,
හා හා දැන් අයියත්  උනා ඇ ,,,
කැනොගහ බැහැපන්
ගොඩක් ස්තුති කරපු උදවුවට, මම යනව අක්කේ,

ගොඩක් කල්ද මෙහෙ රස්සාවට ඇවිත්?
ඔව් දැන් අවුරුදු 4ත් ඉවරයි,
ගොඩක් අය අවුරුදු 5න් අයින් වෙනවා නේද?
ඔව් අවුරුදු 5න් කොම්පැනියෙන් දෙන ගානත් අරන් කොල්ලෙකුත් හොයාගෙන අයින් වෙනවා,
අවුරුදු 5 ට ලගනිසා ඔයාටත් එහෙනං කොල්ලෙක් ඇති?
අපොයි නැ අලියෙක් වගේ ඉන්න මම දිහා කොල්ලෝ බලයිද අයියේ?
එහෙම කියන්ඩ එපා මහත අයට කැමති කොල්ලෝ ඉන්නවා,
මමත් යාළුවෙලා හිටියේ නංගි වගේ මහත සුදු ගැහැණු ළමයෙක් එක්ක එයා ඇක්සිඩන්ට් එකක් වෙලා ගිය අවුරුද්දේ නැති උනා.  
අනේ පවූ  මොකද ඒ නංගිට උනේ ?
එයා වැඩ ඇරිලා යද්දී වාහනේකට හැප්පිලා මැරුණා
අනේ පවූ
මොනවා කරන්ඩ ද ජිවිතේ හැටි ඔහොම තමයි, මගේ බබිත් ඔයා වගෙමයි
ඔය කබිහෝල් එක ඇරලා මට රතුපාට බෝතලේ දෙන්ඩ පුළුවන්ද? ඔයත් එතන තියන අනිත්  ෆ්රුට් ජුස්  බෝතලේ බොන්ඩ,
මට ඕනේ නැ ආ අයිය බොන්ඩ,

බොන්ඩ බොන්ඩ මොකද ඔච්චර ලජ්ජවෙන්නේ?

Friday, 29 January 2016

සොදුරු ඝාතකයා - 01.





යාලුවෙක් ලංකාවේ ඉඳලා කෝල් එකක් දුන්න, නැ මේ සාමාන්‍ය කෝල් එකක් නෙවෙයි. imo ඇප්ලිකේෂන් එකෙන්, skype කැලේ මේකනේ නියම ඇප් එක. හරිම පැහැදිලියි, skype වල තියන හැම පහසුකමක්ම තියනවා, skype වලටත් වඩා හොද ස්ටිකර් තියනවා. අපි ඉන්න කැම්ප්එක ඇතුලෙම ටවර් එකක් තිබුනත් රූම් ඇතුලට සිග්නල් අඩුයි. සෞදියේ කාන්තාර තියන පැති වල වැඩකරන අයට නම් මේක අමුත්තක් නෙවෙයි. මම හිතන්නේ ලංකාවේ උනත් මේවගේ ඇප් එකක් හරහා කෝල් ගන්නවනම් විසේසයෙන්ම මල් කඩන්ඩ මේක වටිනවා, skype තරම් ඉඩක් යන්නෙත් නැ.(මම කියුවේ ඉන්ස්ටෝල් කරද්දී ෆෝන් එකට වැයවෙන ඉඩ ප්‍රමාණය  )
ඉතිං මගේ යාලුවා ආගිය තොරතුරු කථා කරා, බඩු මිල අඩු කරපු සහනය මිනිස්සුන්ට ලැබුනේ නැ, රජා සින්හාසනෙන් බැහැල ගියාට හිටපු නිලදරුවන් තවම රජ කරනවා, ලෝක වෙළද පලේ බොරතෙල් අඩු උනාට ලංකාවේ පොදු ජනයට  එකේ සහනය දීල නෑ. ඔය වගේ ඒව, මිත්‍රය කියපු විදියට තවම පුද්ගල අතුරුදහන් වීම වගේම තැන තැන අබිරහස් ලෙස මියගිය මිනිස්සුන්ගේ මළ කදන් හමුවීමත් සිදු වෙනවා.
මේවා කරන්නේ කවුද? මොකටද? උදේ හවස පන්සිල් ගන්න, සිංහ ලේ තියන බුද්දාගම කියන අහිංසාවාදී ආගමක් අදහන ජාතියක් ඉන්න රටේ මේ දේවල් වෙන්න පුලුවන්ද?
ඇමෙරිකන් කුමන්තරණයක්ද?
කේජිබි වැඩද?
මොසාඩ් එකේ වැඩක්ද?
අයි එස් ගේමක්ද?
කිරි එක්ක  සෙරිලක්,කොන්ෆ්ලෙක් කන   සිරියල් කිලර් කෙනෙක්වත් ඉන්නවද කියල හිතෙනවා ? -------- -- --- -- -

මේ ඉන්නේ ක්‍රිෂ් ,,,,,,,
ඔහ් පේන්නේ නැ නේ,
හරි මම කියන්නම්,
වයස 37
උස 5.8 බළල් ඇස්, කොන්ඩේ කොටට කපල, ජිම් එකේ ඉපදුනා වගේ ස්පෝර්ට් බොඩියක් තියන එක පාරක් දැක්කම ආයෙත් බලන්ඩ හිතෙන මුහුණක් තියන කොල්ලෙක්
රැකියාව පුද්ගලික ආයතනයක විදායක නිලදාරියෙක්, කාර් එක සුසුකි  අල්ටෝ පදිංචිය මොරටුව මහල් නිවාස,
දවස පුර හද තියන  පෝය දවසක්
වෙලාව රැ 11. 35
තැන මැලිබන් හංදිය
හදිසි වැඩක් නිසා පරක්කුවෙලා ඕෆ් උන සුපවයිසර්  අක්කෙකුයි සහායක නංගියෙකුයි,,,,,
මේ වෙලාවට බස් නැ නංගි අපි එන වාහනයකට ඇත දාල නවත්තගෙන යමු, හෙට ආයෙත් හයට එන්ඩ ඕනෙනේ,
අද පෝය හන්දද කොහෙද ගාලු පාර පාලුවෙලා තියෙන්නේ,
කම්පනියේ වාහනෙත් කැඩුන නේ නැත්නම් බෝඩිම ළගටම යාගන්ඩ තිබුණ;
ලොක්කන්ට ඕනේ වැඩ ටික කොහොම හරි ඉවර කරලා වෙලාවටත් කලින් උන්ගේ ටාගට් එක දෙන්ඩ, මිනිස්සු ගැන බලන්ඩ උන්ට උවමනාවක් නැ,
වෙලාවකට මට හිතෙනවා කවද හරි දවසක අපිටත් වෙන්නේ  ගියමාසේ අයින් කරපු මැසින් වලට උන දේමයි කියලා
පරණ බඩු අයින් කරලා අළුත් ඒවා ගන්නවා, කාලයක් යනකොට අපිත් අයින් කරලා තරුණ කෙල්ලෝ කොල්ලෝ ටිකක් එයි,
ඔව් නංගියේ අපි එකට දැන්ම ඉදලා ලැහැස්ති වෙන්ඩ ඕනේ, නංගියේ ඔක්කම සල්ලි ගෙදරට යවන්නේ නැතුව උටත් කියක් හරි ඉතුරු කරගෙන මාලයක් හොද කරාබු දෙකක් හදා ගනින්
ත් කියන කථා අක්කේ එක්තැන් වෙලා ඉන්න තාත්තගෙ බෙහෙත් ටිකටම සෑහෙන වියදමක් යනවා, මල්ලිලා දෙන්නගේ ඉස්කෝලේ වියදමට ගියහම අම්මගේ අර පරිස්සම නිසා යවන සල්ලි යාන්තමට මාසෙට පිරිමහ ගන්නේ
හා හා උ ඕව ගැන ඕනෙවට වඩා හිතන්ඩ එපා, උටත් දවසක හද පායයි, මට හිතෙන්නේ  කසුන් උට කැමති වගේ,
පිස්සුද අක්කේ කසුන්ටත් හරියට ප්‍රශ්න බැදපු නැති අක්කල දෙන්නෙක්ම ගෙදර ඉන්නවලු පවු ,
ඇත්තට පවු බං හිත හොද කොල්ලා
ඇතින් මොකක්ද එනවා පේනවා කාර් එකක් නේද
අත අල්ලලා බලමුද අක්කේ?
ඔව් නැත්නම් අද රැට මෙතන තමා ඉන්ඩ වෙන්නේ
බලමු අත දාල
නැවැත්තුව නේද ?
කොල්ලෝ ටිකක් වත්ද දන්නේ නැ ඉන්නේ?
අනේ අක්කේ මටනං බයයි.
වරෙන් ළගට ගිහින් බලමු ,

Wednesday, 13 January 2016

FLY TRAP


2016 නව වසරත් ආවා, අවුරුද්දත් එක්කම කරදර කාරයෝ ගොඩකුත් ගෙවල් වලට,කර්මාන්ත ශාලා වලට ඇවිත්, Musca domestica ලෙස විද්‍යාත්මකව හදුන්වන සිංහලෙන් ඩොමස්ටික් ෆ්ලයි ලෙසත් ඉංගිරිසියෙන් ගෙමැස්සා ලෙසත් මෙයාලව හදුන්වනවා.
ආයුකාලය සති 2 සිට මාසයක් විතර වෙනවා. ඉවත ලන  කැලි කසල වල තෙත් ස්ථානවල එක් ගැහැණු සතෙක් වරකට බිත්තර 500ක් පමණ දමනවා, ගෙමැස්සිගේ විසෙසත්වය වන්නේ එක වරක් සංසර්ගයෙන් ලබාගන්නා සුක්‍රනු සිරුරේ තැන්පත්කර තබාගැනීමට ඇති හැකියාවයි, බිත්තර මොරනවිට තැන්පත්කර තිබු පිරිමි සයිල වලින් බිත්තර සරු බවට පත්කර ගන්නවා. 
මාරයි නේ, හෝමෝ සේපියන්ස්ලටත් ඒවිදියට පුළුවන් උනානම් මලා නේ,,,
අතීසාරය, ටයිපොයිඩ්, කොළරාව වගෙ  ලෙඩරෝග බෝ කරන්ඩත්   ඒ වගේම පරපෝෂිතයන්ගේ බිත්තර පතුරු වන්ඩත් ගෙමැස්සන් හේතු වෙනවා.


අද මම කියන්ඩ යන්නේ මැස්සන්ගේ කරදරයෙන් බේරෙන්ඩ පුළුවන් වස විස රසායනික ජාති නැති ෆ්ලයි ට්‍රැප් එකක් ගැන. ගොඩක් ග්ලු ට්‍රැප් වල තියන දුර්වලකමක් තමයි ඕක මේසයක් උඩ හරි යට හරි තිබ්බම පොඩි අය ඇවිත් අදින එක, ඊට පස්සේ  අත් වල ගම් යවන්ඩ පොල්තෙල් ගාන්ඩයි හරිම කරදරේ,
ඒත් මේක පාවිච්චි කරද්දී එහෙම වෙන්නේ නැ. සිවිලිමේ වගේ උස තැනක එල්ලන්ඩ කාදුවකුත් තියනවා, අපිට කරන්ඩ තියන්නේ උඩ තියන පියන ඇරලා එක පැත්තක්  කාදුවෙන් අල්ලාගෙන අනෙක් පැත්තෙන් අදින එකයි, ඊට පස්සේ කැමති තැනක එල්ලා ගන්ඩ පුළුවන්.


අඩි 2.5 -3 විතර දිග අඟල් 1.5 - 2ක් විතර පළල රිබන් එකක් වගේ, පින්තුර දෙකක්ම දැම්ම ඕන් බලන්ඩකෝ හොදේ, ඔය ප්ලයි කැචර් එක එල්ලලා තියෙන්නේ ජනේලයක් ළග බලන්ඩකෝ ඇ.
ඔය දෙවෙනි පිංතුරෙත් පොඩි අස්පොට් එකක් තියනවා හොයන්ඩ පුලුවන්ද? එකක් එල්ලලා තියන තැන පේන්නේ නෑ, වැදගත්ම දේ  එළියෙන් පෙනෙන ගාබේජ් බින් එකේ පියනක් නැ, මේකත් මැ ස්සන් බෝවීමට හේතු වෙනවා.

ප්‍රිවෙන්සන් ඊස් බෙටර් දැන් cure කියල සිංග්ලිෂ් කථාවක් තියනවනේ ඒක නිසා තමන්ගේ ගෙවල් ළග පාත තියන මැස්සන් මදුරුවන් බෝවෙන ස්ථාන පිරිසිදු කරන එක වඩා වැදගත්.