Wednesday 13 January 2016

FLY TRAP


2016 නව වසරත් ආවා, අවුරුද්දත් එක්කම කරදර කාරයෝ ගොඩකුත් ගෙවල් වලට,කර්මාන්ත ශාලා වලට ඇවිත්, Musca domestica ලෙස විද්‍යාත්මකව හදුන්වන සිංහලෙන් ඩොමස්ටික් ෆ්ලයි ලෙසත් ඉංගිරිසියෙන් ගෙමැස්සා ලෙසත් මෙයාලව හදුන්වනවා.
ආයුකාලය සති 2 සිට මාසයක් විතර වෙනවා. ඉවත ලන  කැලි කසල වල තෙත් ස්ථානවල එක් ගැහැණු සතෙක් වරකට බිත්තර 500ක් පමණ දමනවා, ගෙමැස්සිගේ විසෙසත්වය වන්නේ එක වරක් සංසර්ගයෙන් ලබාගන්නා සුක්‍රනු සිරුරේ තැන්පත්කර තබාගැනීමට ඇති හැකියාවයි, බිත්තර මොරනවිට තැන්පත්කර තිබු පිරිමි සයිල වලින් බිත්තර සරු බවට පත්කර ගන්නවා. 
මාරයි නේ, හෝමෝ සේපියන්ස්ලටත් ඒවිදියට පුළුවන් උනානම් මලා නේ,,,
අතීසාරය, ටයිපොයිඩ්, කොළරාව වගෙ  ලෙඩරෝග බෝ කරන්ඩත්   ඒ වගේම පරපෝෂිතයන්ගේ බිත්තර පතුරු වන්ඩත් ගෙමැස්සන් හේතු වෙනවා.


අද මම කියන්ඩ යන්නේ මැස්සන්ගේ කරදරයෙන් බේරෙන්ඩ පුළුවන් වස විස රසායනික ජාති නැති ෆ්ලයි ට්‍රැප් එකක් ගැන. ගොඩක් ග්ලු ට්‍රැප් වල තියන දුර්වලකමක් තමයි ඕක මේසයක් උඩ හරි යට හරි තිබ්බම පොඩි අය ඇවිත් අදින එක, ඊට පස්සේ  අත් වල ගම් යවන්ඩ පොල්තෙල් ගාන්ඩයි හරිම කරදරේ,
ඒත් මේක පාවිච්චි කරද්දී එහෙම වෙන්නේ නැ. සිවිලිමේ වගේ උස තැනක එල්ලන්ඩ කාදුවකුත් තියනවා, අපිට කරන්ඩ තියන්නේ උඩ තියන පියන ඇරලා එක පැත්තක්  කාදුවෙන් අල්ලාගෙන අනෙක් පැත්තෙන් අදින එකයි, ඊට පස්සේ කැමති තැනක එල්ලා ගන්ඩ පුළුවන්.


අඩි 2.5 -3 විතර දිග අඟල් 1.5 - 2ක් විතර පළල රිබන් එකක් වගේ, පින්තුර දෙකක්ම දැම්ම ඕන් බලන්ඩකෝ හොදේ, ඔය ප්ලයි කැචර් එක එල්ලලා තියෙන්නේ ජනේලයක් ළග බලන්ඩකෝ ඇ.
ඔය දෙවෙනි පිංතුරෙත් පොඩි අස්පොට් එකක් තියනවා හොයන්ඩ පුලුවන්ද? එකක් එල්ලලා තියන තැන පේන්නේ නෑ, වැදගත්ම දේ  එළියෙන් පෙනෙන ගාබේජ් බින් එකේ පියනක් නැ, මේකත් මැ ස්සන් බෝවීමට හේතු වෙනවා.

ප්‍රිවෙන්සන් ඊස් බෙටර් දැන් cure කියල සිංග්ලිෂ් කථාවක් තියනවනේ ඒක නිසා තමන්ගේ ගෙවල් ළග පාත තියන මැස්සන් මදුරුවන් බෝවෙන ස්ථාන පිරිසිදු කරන එක වඩා වැදගත්.

20 comments:

  1. තැන්ක්ස්. හැපි නිව් ඉයර් ලලිත්..

    ReplyDelete
    Replies
    1. හල්ලෝ දේශක,
      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  2. /ප්‍රිවෙන්සන් ඊස් බෙටර් දැන් cure කියල සිංග්ලිෂ් කථාවක් තියනවනේ ඒක නිසා තමන්ගේ ගෙවල් ළග පාත තියන මැස්සන් මදුරුවන් බෝවෙන ස්ථාන පිරිසිදු කරන එක වඩා වැදගත්./

    මේක තමයි නියම ඇත්ත.

    ගෙමැස්සෙක් ගෙ ආයු කාලය පැය විසිහතරයි. ඒ කාලෙ තුළ ඌ කොච්චර දේවල් කරගන්න ඕනෙද? කෑම හොයාගන්න එක, සහකාරියක් / සහකාරයෙක් හොයාගෙන ප්‍රජනනය කරන එක, වගේ දේවල්. ඉතිං ඌව දවස තිස්සෙ ටේප් කෑල්ලක අලෝල තියන එක හරි නෑ නේද? අනික, ඕක හැමදාම කරන්නත් වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුති පැමිණියාට,
      පහත ලින්ක් එකෙන් වැඩි විස්තර බලන්ඩ පුළුවන්. ආයු කාලය දින 14 - 36 වෙනවා.
      //ගෙමැස්සෙක් ගෙ ආයු කාලය පැය විසිහතරයි//
      https://en.wikipedia.org/wiki/Housefly

      Delete
    2. මං ඒක දැක්කෙ "අ බග්ස් ලයිෆ්" ෆිල්ම් එකේ. ඒකෙ සර්කස් බල බලා ඉන්න මැස්සො තුං දෙනෙක් පියාඹල යන ගමං එකෙක් කියනව, "I have twenty four hours to live and I don't want to waste it here" කියල. සමහර විට මං වැරදි ඇති. විකිය කියවල එන්නං. ස්තූතියි නිවැරදි කිරීමට...

      Delete
    3. ඒ ෆිලුම ඇනිමේසන් වර්ගයේ එකක්ද? හොයාගෙන බලන්ඩ ඕනේ.

      Delete
    4. පරණම ඩිස්නි ඇනිමේෂන් එකක්. ත්‍රී ඩී

      Delete
    5. වෝල්ට් ඩිස් නි කියන්නේ පොඩිකාලේ අසාවෙන් බලපු කථා, සෙනසුරාදා හරි ඉරිදා හරි හවස තිබුණේ , තැන්ක්ස් ඩ්‍රැකී.

      Delete
  3. අහිංසක සත්තුනේ බං...........

    ReplyDelete
    Replies
    1. අපිට හරි කරදරේ, දැන් මාස දෙකක් විතර (මේ කාලෙ fly සීසන් එකලු.) කස්ටමර් කම්ප්ලේන් අවොත් කචල්.

      Delete
  4. සමහර කාල වලට මී මැස්සෝ වගේ මැසි පොදි බෝවෙනවා.ඒ දවස්වලට නම් උන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ කාලේ බෝවීම වැඩි ඇති, මෙහෙ කාණු පද්දතියක් නැ. වැහි වතුර යන්ඩ තැනක් නැ . වැස්ස අඩු නිසා හොදයි.

      Delete
  5. පව් වැඩ උනාට මැස්සන්ගෙන් තියෙන්නේ පුදුම කරදරයක් ඒත් අපිටන් ඕවා කරන්න වෙලාවක් නෑ...

    ReplyDelete
    Replies
    1. සේෆ්ටි වලට අදාළ නිසා මම තමයි මොනිටර් කරන්නේ. පෙස්ට් කන්ට්‍රෝල් කරන්ඩ වෙන කම්පැනියකින් එනවා.

      Delete
  6. මටත් මැස්සෙක් මදුරුවෙක් තියා කූඹියෙක් තරම මැරීම අමාරුයි. අමාරුයි නෙමේ බෑ. කරදරකාරී බල්ලන් පූසන් එලවන්නත් අපි පාවිච්චි කරන්නේ සද්ද කිරීම, ජල ප්‍රතිකාරය, යාප්පුවෙන් වැඳවැටීම වගේ දේවල්.

    ReplyDelete
    Replies
    1. සුරංග පුතා හොද ළමයෙක්.

      Delete
  7. හොඳ දැනුවත් කිරීමක් , ස්තුතියි ඔබට

    ReplyDelete
  8. Mahesh, ස්තුති ඔබේ දිරිමත් කිරීමට.

    ReplyDelete
  9. ඔහෙට ඔච්චරටම මැසි කරදරේද ?අපිට නම් මැස්සන්ගෙන් වදයක් නැහැ.මම හිතන්නේ අනවශ්‍ය විදිහට කුණු ගොඩගැහෙනකොට නේද මැස්සො බෝවෙන්න. ඒ දේට පිලියමක් කලොත් මැසි කරදරේ නවත්ත ගන්න බැරිවෙයිද

    ReplyDelete
    Replies
    1. @ හංසි(swan), එහෙමට කුණු ගොඩගැහිලත් නෑ,දවසකට වතාවක් කුණු ලොරිය එනවා, මිනිස්සු හය හත් දාහක් ඉන්නවා, සමහරවිට නාන කාමරවල වතුර යන තැන් වල බාජන පිරිසිදු කරන වතුරේ හැදෙනවා ඇති.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න