Saturday, 6 February 2016

සොදුරු ඝාතකයා 02


දෙවන කොටස

කවුරුත් නැ ඩ්රයිවර් විතරයි ඉන්නේ
මටනම් බයෙත් බැ අක්කේ ඔන්නොහෙ අපි පයින් යමුද
පිස්සුද මෙන්න මෙහෙ වරෙන් යන්ඩ බලපන්කො ලස්සන කොල්ලෙක් ඉන්නේ හින්දි නළුවෙක් වගේ
කොහෙටද යන්නේ?
මම ලක්සප්තිය ළගට මේ නංගි සොයිස ෆ්ලැට් හෝල්ට් එක ගාවට යන්නේ  
හා නගින්ඩ, දෙන්නම පස්සෙන් නැග්ගෙ එක්කෙනෙක්  ඉස්සරහට එන්ඩ නැත්නම් මම ඩ්රයිවර් වෙනවනේ
අක්කේ උබ ඉස්සරහින් නැගපන්
මෙච්චර රැ වෙලා මොකද කරේ? ට්‍රාන්ස් පොර්ට් නැද්ද?
අපේ වැන් එක කැඩුනා අද හදිසි ඕඩරයක් තිබ්බා
ඔයාල කොහෙද වැඩ කරන්නේ කම්පනියේ වැඩ කරන්නේ ඔය දෙන්න විතරද? හඃ හා ,
අනිත් අය ට්‍රාන්ස්පෝට් වැන් වලින් ගියා අපේ පැත්තට යන එක කැඩිලා,
(රහසින්) අක්කේ මේ මනුස්සය මේ මහ රැ මොකද සන්ග්ලාස් දාගෙන ඉන්නේ, බලපන් කෝ ගාලතියන සෙන්ට් එක පුදුම සැරක්, මටනං හරි අමුත්තක් දැනෙනවා,
යකෝ නිකං හම්බ උන අස්සයගේ දත් බලන්ඩ යන්ඩ එපා, එලිය බලන් පල නැත්නම් බහින තැන පහුවෙයි.
අයියේ ඔය ඉස්සරහින් මේ නංගිව දාල යමු,
හා හා දැන් අයියත්  උනා ඇ ,,,
කැනොගහ බැහැපන්
ගොඩක් ස්තුති කරපු උදවුවට, මම යනව අක්කේ,

ගොඩක් කල්ද මෙහෙ රස්සාවට ඇවිත්?
ඔව් දැන් අවුරුදු 4ත් ඉවරයි,
ගොඩක් අය අවුරුදු 5න් අයින් වෙනවා නේද?
ඔව් අවුරුදු 5න් කොම්පැනියෙන් දෙන ගානත් අරන් කොල්ලෙකුත් හොයාගෙන අයින් වෙනවා,
අවුරුදු 5 ට ලගනිසා ඔයාටත් එහෙනං කොල්ලෙක් ඇති?
අපොයි නැ අලියෙක් වගේ ඉන්න මම දිහා කොල්ලෝ බලයිද අයියේ?
එහෙම කියන්ඩ එපා මහත අයට කැමති කොල්ලෝ ඉන්නවා,
මමත් යාළුවෙලා හිටියේ නංගි වගේ මහත සුදු ගැහැණු ළමයෙක් එක්ක එයා ඇක්සිඩන්ට් එකක් වෙලා ගිය අවුරුද්දේ නැති උනා.  
අනේ පවූ  මොකද ඒ නංගිට උනේ ?
එයා වැඩ ඇරිලා යද්දී වාහනේකට හැප්පිලා මැරුණා
අනේ පවූ
මොනවා කරන්ඩ ද ජිවිතේ හැටි ඔහොම තමයි, මගේ බබිත් ඔයා වගෙමයි
ඔය කබිහෝල් එක ඇරලා මට රතුපාට බෝතලේ දෙන්ඩ පුළුවන්ද? ඔයත් එතන තියන අනිත්  ෆ්රුට් ජුස්  බෝතලේ බොන්ඩ,
මට ඕනේ නැ ආ අයිය බොන්ඩ,

බොන්ඩ බොන්ඩ මොකද ඔච්චර ලජ්ජවෙන්නේ?

Friday, 29 January 2016

සොදුරු ඝාතකයා - 01.





යාලුවෙක් ලංකාවේ ඉඳලා කෝල් එකක් දුන්න, නැ මේ සාමාන්‍ය කෝල් එකක් නෙවෙයි. imo ඇප්ලිකේෂන් එකෙන්, skype කැලේ මේකනේ නියම ඇප් එක. හරිම පැහැදිලියි, skype වල තියන හැම පහසුකමක්ම තියනවා, skype වලටත් වඩා හොද ස්ටිකර් තියනවා. අපි ඉන්න කැම්ප්එක ඇතුලෙම ටවර් එකක් තිබුනත් රූම් ඇතුලට සිග්නල් අඩුයි. සෞදියේ කාන්තාර තියන පැති වල වැඩකරන අයට නම් මේක අමුත්තක් නෙවෙයි. මම හිතන්නේ ලංකාවේ උනත් මේවගේ ඇප් එකක් හරහා කෝල් ගන්නවනම් විසේසයෙන්ම මල් කඩන්ඩ මේක වටිනවා, skype තරම් ඉඩක් යන්නෙත් නැ.(මම කියුවේ ඉන්ස්ටෝල් කරද්දී ෆෝන් එකට වැයවෙන ඉඩ ප්‍රමාණය  )
ඉතිං මගේ යාලුවා ආගිය තොරතුරු කථා කරා, බඩු මිල අඩු කරපු සහනය මිනිස්සුන්ට ලැබුනේ නැ, රජා සින්හාසනෙන් බැහැල ගියාට හිටපු නිලදරුවන් තවම රජ කරනවා, ලෝක වෙළද පලේ බොරතෙල් අඩු උනාට ලංකාවේ පොදු ජනයට  එකේ සහනය දීල නෑ. ඔය වගේ ඒව, මිත්‍රය කියපු විදියට තවම පුද්ගල අතුරුදහන් වීම වගේම තැන තැන අබිරහස් ලෙස මියගිය මිනිස්සුන්ගේ මළ කදන් හමුවීමත් සිදු වෙනවා.
මේවා කරන්නේ කවුද? මොකටද? උදේ හවස පන්සිල් ගන්න, සිංහ ලේ තියන බුද්දාගම කියන අහිංසාවාදී ආගමක් අදහන ජාතියක් ඉන්න රටේ මේ දේවල් වෙන්න පුලුවන්ද?
ඇමෙරිකන් කුමන්තරණයක්ද?
කේජිබි වැඩද?
මොසාඩ් එකේ වැඩක්ද?
අයි එස් ගේමක්ද?
කිරි එක්ක  සෙරිලක්,කොන්ෆ්ලෙක් කන   සිරියල් කිලර් කෙනෙක්වත් ඉන්නවද කියල හිතෙනවා ? -------- -- --- -- -

මේ ඉන්නේ ක්‍රිෂ් ,,,,,,,
ඔහ් පේන්නේ නැ නේ,
හරි මම කියන්නම්,
වයස 37
උස 5.8 බළල් ඇස්, කොන්ඩේ කොටට කපල, ජිම් එකේ ඉපදුනා වගේ ස්පෝර්ට් බොඩියක් තියන එක පාරක් දැක්කම ආයෙත් බලන්ඩ හිතෙන මුහුණක් තියන කොල්ලෙක්
රැකියාව පුද්ගලික ආයතනයක විදායක නිලදාරියෙක්, කාර් එක සුසුකි  අල්ටෝ පදිංචිය මොරටුව මහල් නිවාස,
දවස පුර හද තියන  පෝය දවසක්
වෙලාව රැ 11. 35
තැන මැලිබන් හංදිය
හදිසි වැඩක් නිසා පරක්කුවෙලා ඕෆ් උන සුපවයිසර්  අක්කෙකුයි සහායක නංගියෙකුයි,,,,,
මේ වෙලාවට බස් නැ නංගි අපි එන වාහනයකට ඇත දාල නවත්තගෙන යමු, හෙට ආයෙත් හයට එන්ඩ ඕනෙනේ,
අද පෝය හන්දද කොහෙද ගාලු පාර පාලුවෙලා තියෙන්නේ,
කම්පනියේ වාහනෙත් කැඩුන නේ නැත්නම් බෝඩිම ළගටම යාගන්ඩ තිබුණ;
ලොක්කන්ට ඕනේ වැඩ ටික කොහොම හරි ඉවර කරලා වෙලාවටත් කලින් උන්ගේ ටාගට් එක දෙන්ඩ, මිනිස්සු ගැන බලන්ඩ උන්ට උවමනාවක් නැ,
වෙලාවකට මට හිතෙනවා කවද හරි දවසක අපිටත් වෙන්නේ  ගියමාසේ අයින් කරපු මැසින් වලට උන දේමයි කියලා
පරණ බඩු අයින් කරලා අළුත් ඒවා ගන්නවා, කාලයක් යනකොට අපිත් අයින් කරලා තරුණ කෙල්ලෝ කොල්ලෝ ටිකක් එයි,
ඔව් නංගියේ අපි එකට දැන්ම ඉදලා ලැහැස්ති වෙන්ඩ ඕනේ, නංගියේ ඔක්කම සල්ලි ගෙදරට යවන්නේ නැතුව උටත් කියක් හරි ඉතුරු කරගෙන මාලයක් හොද කරාබු දෙකක් හදා ගනින්
ත් කියන කථා අක්කේ එක්තැන් වෙලා ඉන්න තාත්තගෙ බෙහෙත් ටිකටම සෑහෙන වියදමක් යනවා, මල්ලිලා දෙන්නගේ ඉස්කෝලේ වියදමට ගියහම අම්මගේ අර පරිස්සම නිසා යවන සල්ලි යාන්තමට මාසෙට පිරිමහ ගන්නේ
හා හා උ ඕව ගැන ඕනෙවට වඩා හිතන්ඩ එපා, උටත් දවසක හද පායයි, මට හිතෙන්නේ  කසුන් උට කැමති වගේ,
පිස්සුද අක්කේ කසුන්ටත් හරියට ප්‍රශ්න බැදපු නැති අක්කල දෙන්නෙක්ම ගෙදර ඉන්නවලු පවු ,
ඇත්තට පවු බං හිත හොද කොල්ලා
ඇතින් මොකක්ද එනවා පේනවා කාර් එකක් නේද
අත අල්ලලා බලමුද අක්කේ?
ඔව් නැත්නම් අද රැට මෙතන තමා ඉන්ඩ වෙන්නේ
බලමු අත දාල
නැවැත්තුව නේද ?
කොල්ලෝ ටිකක් වත්ද දන්නේ නැ ඉන්නේ?
අනේ අක්කේ මටනං බයයි.
වරෙන් ළගට ගිහින් බලමු ,

Wednesday, 13 January 2016

FLY TRAP


2016 නව වසරත් ආවා, අවුරුද්දත් එක්කම කරදර කාරයෝ ගොඩකුත් ගෙවල් වලට,කර්මාන්ත ශාලා වලට ඇවිත්, Musca domestica ලෙස විද්‍යාත්මකව හදුන්වන සිංහලෙන් ඩොමස්ටික් ෆ්ලයි ලෙසත් ඉංගිරිසියෙන් ගෙමැස්සා ලෙසත් මෙයාලව හදුන්වනවා.
ආයුකාලය සති 2 සිට මාසයක් විතර වෙනවා. ඉවත ලන  කැලි කසල වල තෙත් ස්ථානවල එක් ගැහැණු සතෙක් වරකට බිත්තර 500ක් පමණ දමනවා, ගෙමැස්සිගේ විසෙසත්වය වන්නේ එක වරක් සංසර්ගයෙන් ලබාගන්නා සුක්‍රනු සිරුරේ තැන්පත්කර තබාගැනීමට ඇති හැකියාවයි, බිත්තර මොරනවිට තැන්පත්කර තිබු පිරිමි සයිල වලින් බිත්තර සරු බවට පත්කර ගන්නවා. 
මාරයි නේ, හෝමෝ සේපියන්ස්ලටත් ඒවිදියට පුළුවන් උනානම් මලා නේ,,,
අතීසාරය, ටයිපොයිඩ්, කොළරාව වගෙ  ලෙඩරෝග බෝ කරන්ඩත්   ඒ වගේම පරපෝෂිතයන්ගේ බිත්තර පතුරු වන්ඩත් ගෙමැස්සන් හේතු වෙනවා.


අද මම කියන්ඩ යන්නේ මැස්සන්ගේ කරදරයෙන් බේරෙන්ඩ පුළුවන් වස විස රසායනික ජාති නැති ෆ්ලයි ට්‍රැප් එකක් ගැන. ගොඩක් ග්ලු ට්‍රැප් වල තියන දුර්වලකමක් තමයි ඕක මේසයක් උඩ හරි යට හරි තිබ්බම පොඩි අය ඇවිත් අදින එක, ඊට පස්සේ  අත් වල ගම් යවන්ඩ පොල්තෙල් ගාන්ඩයි හරිම කරදරේ,
ඒත් මේක පාවිච්චි කරද්දී එහෙම වෙන්නේ නැ. සිවිලිමේ වගේ උස තැනක එල්ලන්ඩ කාදුවකුත් තියනවා, අපිට කරන්ඩ තියන්නේ උඩ තියන පියන ඇරලා එක පැත්තක්  කාදුවෙන් අල්ලාගෙන අනෙක් පැත්තෙන් අදින එකයි, ඊට පස්සේ කැමති තැනක එල්ලා ගන්ඩ පුළුවන්.


අඩි 2.5 -3 විතර දිග අඟල් 1.5 - 2ක් විතර පළල රිබන් එකක් වගේ, පින්තුර දෙකක්ම දැම්ම ඕන් බලන්ඩකෝ හොදේ, ඔය ප්ලයි කැචර් එක එල්ලලා තියෙන්නේ ජනේලයක් ළග බලන්ඩකෝ ඇ.
ඔය දෙවෙනි පිංතුරෙත් පොඩි අස්පොට් එකක් තියනවා හොයන්ඩ පුලුවන්ද? එකක් එල්ලලා තියන තැන පේන්නේ නෑ, වැදගත්ම දේ  එළියෙන් පෙනෙන ගාබේජ් බින් එකේ පියනක් නැ, මේකත් මැ ස්සන් බෝවීමට හේතු වෙනවා.

ප්‍රිවෙන්සන් ඊස් බෙටර් දැන් cure කියල සිංග්ලිෂ් කථාවක් තියනවනේ ඒක නිසා තමන්ගේ ගෙවල් ළග පාත තියන මැස්සන් මදුරුවන් බෝවෙන ස්ථාන පිරිසිදු කරන එක වඩා වැදගත්.

Wednesday, 30 December 2015

Happy New Year to ශ්‍රී ලංකා

නත්තලත් නිමා වී    

සීතලෙන් ගුලි වෙලා
ගම්දොරත් නැවුම් වී
සුදු හුනුත් ගෑවිලා 
ගේ බිත්ති සරසලා
මද පවන බිගු ගීත
තුඩින් තුඩ මුමුණලා
අනෝරා වැහි ඇල්ල
නොපෙනෙන්න සැගවිලා
නව වසර එළබිලා,

සිංහ ලේ ගෑවිලා
එන්රික්ගේ තනපටේ
වියකුනත් ළපටි මල්
මහවුන්ගේ කනමතේ 
මං හිටං ඉන්නවා
සබ්යත්ව දුපතේ!!!.


සැමටම සබ්යත්වයෙන් පිරි සිංහල සංස්කෘතික(ලෝකෙටම එකයි.) නව වසරක් වේවා.!
සියලු පින්තූරු ගූගල් දෙවියාගේය.

Monday, 21 December 2015

ආරක්සක අංශ

ආරක්සක අංශ වල ඉන්නේ රණ විරුවන්ය, ඔවුන් දිවා රෑ නොබලා රට රැකුමට සැදී පැහැදී සිටිති, එවක මම මාරවිල  වෙරළාසන්න ප්‍රදේශයක රැකියාවෙහි නියලුනෙමි. දිනය මතක නැතත් එදින පල්ලියේ මංගල්ලය බැවින් මිත්‍රයෙකුගේ ගෙදරක පාටියකට ගොස් එන අතර සංගීතයක්ද බලා මැදියම් රැයත් පසුවී නිදා ගැනීමට සුදානම් ඌවා පමණි, බුට් සපත්තු හඩක් ඇසුණු නිසා කාමරයේ දොර ඇර බැලුවෙමි. 15ක් 20ක් පමණ බට පිරිසක් වෙරළ මාඉමේ ඇති ගේට්ටුවද ඇරගෙන ඇතුලට පැමිණෙමින් සිටියහ. බියර් වලට සිකරට් අළු දමා මත්වී ඇත්දයි මට සැකයක් ඇති විය.
ඇස් දෙක පිහිදල අයෙත් සැරයක් බැලුව, වෙරිමතට හින පේනවද කියල, මොන හීනද මේ එන්නේ පෙරහරේ යන අලි වගේ පුල් යුනිපෝම් ගහලා, රේන් කෝට්  දාල, මුර අංකල් ඉස්සරහ ගේට්ටු කාමරේ කරටි කැඩෙන්ට ගහල නිදි නිසාත් මුලින්ම තියන කාමරය මගෙ නිසාත් මටමයි වෙන්නේ.
මෙන්න මෙහෙමයි දෙබස ගියෙ
මුලින්ම මම කාමරේ කවුළු පියන්පත විවර කරා,
වෙරළ ආරස්සක බලකාය:- මල්ලි බල්ලා හපයි ද?
මම                               :- කීසා කම් හිය බෝයි *

* ඇල්ටෙසන් හා වල්ටේසන් බලු මව්පියට දාව උපන් මේ බලු තඩියා කුඩා කලසිටම ලොක්කාගේ ආදරය ලබා හැදී වැඩි සිටියා, විසේසත්වය වන්නේ ලොක්කා බල්ලාව අමතන්නේ ඉංගිරිසියෙන් වීමයි, බල්ලාට නම තබා ඇත්තේද ලොක්කාගේ හා ලොක්කිගේ නම්වල මුල අකුරු යෙදීමෙන්ය.
නැවතත් අපේ කතාවට
මල්ලි අපි කොරිඩෝර් එකේ ටිකක් හිටියට කමක් නැ නේද?
කමක් නැ
වැස්සක් ආව අද හුළගත් වැඩියි,
ඔවුන් කොරිඩෝවේ කෙටි බිත්තිය මත වාඩිවී මගේ ගම්පලාත ගැන ඇසුහ, නුවර කොල්ලෙක්නේ මම මාතර යයි අයෙක් පැවසීය, වැල්ලේ කෙල්ලන්ට එහෙම අහුවෙන්ඩ එපා තවෙකෙක් කීය.
පසුව දැන ගන්නට ලැබුණේ මොවුන් රාත්‍රී මුර සංචාර වල යෙදෙන බවයි.
රණවිරුවන් එලෙස රට රකිද්දී පුද්ගලික ආරක්සක අංශ තමා සේවය කරන ආයතනය ආරක්සා කරයි,මා  රත්මලානේ සේවය කරන කාලයේ යෝගරත්නම් නම් සිකියුරිටි මතක් උනත් සිනහ යන ජොලි චරිතයකි, වැඩ රාජකාරී අකුරටම කරත් රෑ 12-1වන විට නිදා ගැනීම ඔහුගේ සිරිතකි.
සෑම දෙනාම ඔහු ඇමතුවේ යෝගා යනුවෙනි. සුදු මහත අඩි 5.5 පමණ උස මොහු සෑම වෙලේම සිනහ මුහුණින් ගේට්ටුව අසළ ඇති කාමරයේ සිටියේය. දවසේ වාර්තාව ලිවීමේදී OIC ටත් වඩා කඩ්ඩ වැනුවේය,
එදින සෙනසුරාදා දවසකි, වරුවක වැඩ දවසක් උවත් නිෂ්පාදන කටයුතු සිදුවන නිසා සවස 4 පමණ වනතුරු රැදී සිටීම මගේ පුරුද්දකි. එදින සවස 3ට පමණ ලැබුණු දුර ඇමතුමකින් කියවුණේ නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගයක් රාත්‍රී පැමිණෙන නිසා ඒවා ගණන් බලා බාර ගන්නා ලෙසයි.
රාත්‍රී 9 පසුවූ විට බෝඩිමට යන අගුලාන ස්ටේසන් පාරේ බස් නැත. එමනිසා වැඩ පලේම රාත්‍රිය ගෙවා දැමීමට තීරණය කළෙමි. මදුරුවෝ ස්ව කැමැත්තෙන්ම මා අවදියෙන් තබයි. දැන් මෙන් අන්තර් ජාල පහසුකම් නොතිබූ එකල වින්ඩෝස් ගේම් වල ඇති කාර්ඩ් ගේම් හා බෝම්බ ගේම් සෙල්ලම් කිරීමෙන් වෙහෙසට පත්වූ මම ගේට්ටුව දෙසට ගියෙමි. එවිට වෙලාව උදැසන 1ට පමණ ඇත. යෝගා පරණ ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාර්ට් කරා සේ ගොරවමින්  පුටුවේ ඇලවී නින්දේය.
ඉක්මණින් ගොස් මැෂින් ඔපරේටර් වරයා වූ සමන් කැදවාගෙන ආ අපි ගේම් එක පටන් ගතිමු.
මෙකල මෙන් කැමරා ෆෝන් නොතිබූ එකල සමන්ගේ වගකීම යෝගාගේ ප්‍රතිචාරය උදැසන තේ වෙලාවේදී සැමටම රගදක්වා පෙන්වීමයි. මා පිටුපස ගේට්ටුවෙන් පාරට ගොස් යෝගා නිදාගෙන ඉන්නා  ප්‍රදාන ගේට්ටුව අසළට පැමිණ සිකුරිටි විසිටින් ඔපිසර් මෙන් කට හඩ වෙනස් කර '' IC යෝගා ගේට්ටුව අරින්න'' යි කීවෙම්.
සමන් උදැසන තේ වෙලාවේදී කියූ ආකාරයට යෝගාගේ ප්‍රතිචාරය මෙසේය.

එක පාරට ගැස්සිලා ඇහැරුණු යෝගා හදිස්සියට නැගිටින්ඩ ගිහිං පුටුව පල්ලෙ වැටුණ ඊට පස්සේ මුකුත් උනේ නැහැවගේ සිංදුවකුත් කියාගෙන ගේට්ටුව ඇරිය.  ඒත් ගේට්ටුව ගාව කව්රුත් හිටියේ නැහැ.

Tuesday, 8 December 2015

කොමන් සෙන්ස්,!!!

ඔෆිස් ඇරිලා එනගමන් සාන්ත මල්ලිගේ ෂොප් එක පැත්තට ගියේ මගෙ යාළු කමටත් වඩා පවුලගේ කථාවක් මතක් වෙලා, 'ඔයාට යාලුවෙක්ට කෝල් එකක් දෙන්ඩ මතක් වෙන්නේ මොකක්හරි උදවුවක් ඕනෙ උනාම විතරයි', ඕකමේමට විතරක් වලංගු ප්‍රකාශයක් නොවේය, අනික් උනුත් ඔයවගේමය කියල කියන්ඩ කටට ආවත් ''බිරිද සැමියාගේ දේවියාය, කස්ටෝමර් ඊස් ද කිං'' ඔඋවා මෙවුවා මතක් උන නිසා පාදයක් පසුපසටගෙන ආරක්සා කාරීව පන්දුව නිදැල්ලේ යාමට ඉඩහරියා,

කිරිකට් ගැන ලියන කොට මගේ පාසල් කාලෙ ක්‍රිකට් ගහපු ඒවා මතක් වෙනවා,ගමෙන් පිට කොහෙහරි මැච් එකකට ගියොත්  හැමදාම මම ඕපනින් බැට්මන්, ලකුණු හය හතකට වඩා නොගන්න මට මුං මොකද ඕපනින් දුන්නේ කියල මම අපේ කැප්ටන් ගෙන් දවසක් ඇහුවා
මු කියපි ‘’උබ බෝල වලට ලෑල්ල දදා ඉද්දි අපිට බොලස්ල ගැන අයිඩියා එකක් ගන්ඩ පුළුවන් ඒක නිසයි උබයි, දීග ජන්තුවවයි මුලින් යවන්නේ කියල'' විලිලජ්ජාවේ බෑ.

කොහොම හරි එදා සාන්තය හම්බුනේ නෑ, ඒත් ගාමන්ට් එකේ වැඩකරන රණය මාව දැකල කෑගහගෙන ළගට ආව,--- මහත්තය දැක්ක කල්.
‘’ඉතින් කොහොමද රනේ’’ ඒ මම. රනේ කියන්නේ අපේ ඔපිස් එකේ හිටපු කාකාස, ඒත් මාසේ අවසන් සතියේ ආර්ථිකය රිම් එකෙන් යනකොට රනේ තමයි අපිට අත දුන්නේ, ඒකෙත් රස රහසක් තිබුණ,
ඔන්න අපි රණයට කථාකරනවා ''රණේ පඩිගත්තම දෙනකන් රුපියල් 500ක් දියන්කෝ''
රණය ඔළුව කසකස කියනවා ''500ක් නම් මම ළග නැ, කැන්ටිමේ මුදලාලිගෙන් ඉල්ලලා දෙන්නම්'' කියල
රබර් අක්කර එක හමාරකුයි තේ අක්කරයකුයි තියෙන රනයගේ කථා බොරු කියල හැමෝම දන්නවා,
ඒත් තේ වෙලාවට මෙන්න - - - මහත්තය මම කැන්ටිමේ මුදලාලිගෙන් සල්ලි ඉල්ලාගෙන ආව කියල කාටත් හොරෙන් දෙනකොට රණය දෙවිකෙනෙක් වගේ අපිට පේන්නේ.
''යමුද රෙස්ටුරන්ට් එක පැත්තේ'' රණය අහනවා,
අපි රෙස්ටුරන්ට් යන්නේ චයිනීස් කන්ඩ නෙවයි, රයිස් කනවනම් පොල් අතු චයිනීස් තමයි අපේ තේරීම.
ඉබ්බා දියට දාන්ඩ හදන කොට ඇන්නාවේ කිවුවලු,
''යමං වැස්සකුත් එන්ඩ වගේ'' මම ගමන  ඉක්මන් කරා
කොනක මේසයකට සෙට්වෙලා ඩෙවල් එක එනකම් මම බ්යර් එක තොලගාන ගමන් රනයගේ කථාවලට කන්දීගෙන හිටිය,
උරිස්සට වැදිච්ච පාරට මගේ කටට හොද පදයක් කියවෙන්ඩ ආවත් තවම වෙරි වෙලා නැති නිසාත් වැදගත්කම සබ්යත්වය ආත්ම සංයමය, ඔය එකී මෙකි නොකී සෑම දෙයක් නිසාම මොකාද මේ කියල හැරිලා බැලුවා ,
අම්මට හුඩු හොරා පොලිස්
ට්‍රැපික් සාජන් කාරයයි උගේ ඇම්බැට්ටය ගම්බට්ටයි වැටෙන්ඩ ගහලා
කොහොමද සාජන් මහත්තය (නොදකින් ගල් ඉබ්බා)
අද සරුයි වගේ ( අහිංසකයෙක් මරාගෙන කන්ඩ ඇති)
අපිට කවදත් සරුයි, මොනවාද බං මේ පිස්සො කරන්නේ
ජල්තර අයවැයක් ගෙනල්ල, හොරු අල්ලන නීති වලින් අපිට කරකවල අරින්ඩ හදන්නේ
මොකක්ද බං මේ රටට වෙන්නේ ( යහපාලනේ හරකො )
අනේ මන්ද සාජන් මහත්තය අපිටත් මුකුත් හිතා ගන්ඩ බැ (හැමෝටම කෙලවෙයි වගේ මෙහෙම යනකොට)
රණය උල් පන්දම් දෙනවා.
බලහංකො  හරි අසාදාරනයක්නේ කරලා තියෙන්නේ?
පිස්සුද රාළහාමි මමනම් ජිවිතේට අසාදාරන වැඩ කරලා නැ
යකෝ අසාදාරනයක් කරා කියල මාව හිරේ දායි ද?
මම හිතනවා.
බලනවකො ඕයි දැන් අපිට වැරදි කාරයෙකුට පාරක් ගහන්ඩත් බැ
ඒවටත් මේ මිනිස්සු නඩු දානවනේ
ඒක තමා ගහන්නේ නැතුව හොරු වැරදි කලා කියල පිළිගනිද? රණයත් බටර් ගානවා,
අන්න ඒකනේ තමුසෙලාට  තේරෙනවනේ අපිට වෙලා තියන අසාදාරණේ
මොකද නැත්තේ අපිට තේරෙනවා, (මදැයි නිදහසේ බ්යර් එකක් බොන්ඩ ආව.)
අපිට දැන් මේ රස්සාව එපාවෙලා තියෙන්නේ,
ගම්බට්ටත් තමන්ගේ දුක කියන්ඩ පටන් ගත්තා
ලොක්කන්ට කඩේ ගියාට,ලොක්කන්ගේ ළමයි ඉස්කෝලේ අරන් ගියාට
අපිත් හොද නම්බුකාර රස්සාවක් කරන්නේ
මොකද තමුසේ කියන්නේ?
කොස්සා අහනවා,
නැතුව නැතුව මොනවා කියනවද රාළහාමි
දැන් බලන්ඩ අපේ ටැක් ටික්ස් බොහොම නවිනයි, කෙලින්ම ඇමෙරිකාවේ සිඅයිඒ වෙබ් එකෙන් ඩවුන් ලෝඩ් කරන්නේ,
හැම වෙලාවකම අපරාද කරන්නේ කලින් අපරාද කරපු මිනිස්සුමයි, ආයේ දෙකක් නැ කුඩු කාරයෙක්, රස්තියාදු කාරයෙක් ගෙනිහින් තේ එකක් මාළු පාන් එකක් දුන්නම විස්තර කියන්නේ ගිරව් වගේ,
මහත්තයා අහල ඇතිනේ අර කැලෙන් අල්ලගත්තු වළහා පිළිගත්තනේ එයා තමයි හාව කියලා
අර කොන්ඩයාගේ කථාව කටුගෙයි කඩු උස්සපු කේස් කොහොමද? අපි ඒවා නියමෙට සෙටල් කරා.(මොනවට කියනවද ඒවා)
කොහොමද අපේ කීර්තිය නත්තල් වගේ දසත පැතිරෙනවා,
 අර ට්වී එකේ යන සොයමීට් ඇඩ් එකත් මරුනේ සාජන් මහත්තය
ලංකාවේ පොලිසිය ගැන නොදන්නා එකෙක්ට කියල දෙන්ඩ පෙන්නන්ඩ නියමයි නේ,
දඩ මස් කියල සෝයා මිට් වලට රැවටෙන එක, රණය වෙරිමරගාතෙ කියවනවා,
කට වහපිය  හු#*$@*@$$*පුතා  

යකෝ කොස්සන්ටත් කොමන් සෙන්ස් තියෙනවනේ මට නිකන් හිතුනා!!.  

Thursday, 3 December 2015

රට පෙරට???


මාර රජ සේනාව හුදී ජනයා ප්‍රතික්ෂේප කළහ,
උතුරේද දකුණේද සැබැ වෙනසක් සදහා පිබිදීමක් ඇතිවිය, 
බියෙන් සැකයෙන් තොරව තම අදහස් ප්‍රකාසකිරීමට පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවිය,
ගෑස් හා තවත් භාණ්ඩ බොහෝ ගණනක මිල අඩුවිය,
පොහොර සදහා වූ බදූ අයින් කිරීමට යෝජනාවී ඇත,
මන්තිරි තුමන්ලාගේ හා පැයකට හාරපන්දාහක් සමහරු ඊටත් වඩා මුදල් උපයන 
දොස්තර මහත්වරු වර්ජනයට එලබී සිටී,


සමාජයම වෙනස් කිරීමට දගලන උගත් බුද්දිමත් මහත්වරුන්
මෙයට වඩා රට ජාතිය ගැන සිතිය යුතුයි නේද?
මේ නොකියා කියන්නේ රටට හෙණ ගැහුවත් අපිට කමක් නැත,
අපිට අපේ අයිතිවාසිකම් ඕනෙ කියා නොවේද?
නිදහස් අද්යාපනයේ වරප්ප්‍රසාද ලබා 
මහජන මුදලින් වෙදදුරන්වී මහජනයාටම මෙසේ කොකාපෙන්විමනම් 
රටේම කෙදවාචකයකි.