Thursday 16 June 2016

හැචරියේ අතුරු කථාවක් - 03 වන කොටස



හැචරියේ අතුරු කථාවක් 01
හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටස

හයියෝ කිසි දෙයක් මතක් වෙන්නේ නෑනේ කතා කරන්ඩ,උගුර කට වේලිලා හින්දාඩ්යයි, මහදාඩ්යයි දෙකම එකට දානවා,පපුවෙ ලබ් ඩබ් සද්දේ ක්‍රමයෙන් වැඩි වෙලා හංදියේ රෙකෝඩ් බාර් එකේ බෆල් වල සද්දේ ගානට ඇහෙනවා.
“ ශකිරගේ කැසට් තියෙනවද” මේ මං යන්තම් වචන දෙකක් ගැට ගහ ගත්ත.
“තියෙනවා ගෙදරදී කිව්වනම් දෙනවනේ” හයියෝ ගෙදරදී ඕව මතක් වෙනවයි..
“ටිනා ටර්නර්ගේ සිංදු අහන්නේ නැද්ද”
“අහනවා, මොනවාද බලන ෆිල්ම්ස්”
“ඇක්ෂන් ,රොමැන්ටික් කථා හැබැයි සතුටුදායක අවසානයක් තියෙන ඒවාට තමයි කැමති”
කයිය ගහන්ඩ ගිහිං මගේ බෙල්ලත් උළුක් වෙනවා, ඇයි යකෝ මේ ඇන්ටියට බැරිද කියන්ඩ “පිටිපස්සේ සිට් එකෙන් ඉදගෙන කථා කරන්ඩ පුතා කියල...ශිහ්,,,,
නළුවන්ගේ නිළියන්ගේ,ගායක ගායිකාවන්ගේ කථා වලින් වෑන් එක වැඩ පලේ ගේට්ටුව ළගටම ඇවිත්.
“හෝන් එක පොඩ්ඩක් ගහන්ඩ සිකියුරිටි ඇති” එහෙම කිව්වත් මම දන්නවා දැන්නම් විමලේ අයියා හිටියත් ගේට්ටුව අරින්ඩ එන්නේ නැති බව.
මමම ගේට්ටුව අරිනවා, හිතෙන් අරුට බැන බැන.
ඊට පස්සේ කට්ටියව පිළිගැනීම, උම්මා දීල, වැඩක් නැ, උම්මා දෙන්නේ අහකට නිකම් කම්මුල් දෙක හප්පලා බදා ගන්නවා,පිරිමින්ට උම්මා නෑ...මෙලෝ රහක් නෑ,බලාගෙන ඉන්න මම හිතනවා..
ඔන්න දැන් කට්ටිය කේක් කපන්ඩ යන්නේ, “ෆොටෝ එකක්  ගන්ඩ පුළුවන්ද” බෝසිගේ මහත්තයා එයාගේ පොටෝ ගැහිල්ල මට බාර දෙන්ඩයි යන්නේ,
මුළින්ම වැඩ කෑලි ටික බලාගෙන ඉන්ඩ එපැයි, ඔටෝ පෝකස්, රීල් එක ඔටෝ ලෝඩ් වෙනවා, පිටිපස්සේ තියෙනවා දිනේ වදින එක වැටෙන  පොඩි  ඩිජිටල් ඩිස්ප්ලේ එකක්. ඒකට පහළින් තියෙනවා පොඩි බටන් තුනක් ඩිස්ප්ලේ එකේ දිනේ එජස් කර ගන්ඩ. 135 කොනිකා හෝ නිකෝන් කැමරාවක්. මමත් ආසාවෙන් පොටෝ කීපයක් ගැහුවා. ලොක්කි හැමෝම ඉස්සරහා (වෙන්නප්පුවේ පවුල් දෙකයි,මීගමුවේ නැවතිලා ඉන්න තුන්හතර දෙනෙක් - බයින් ඔෆිස් එකේ වැඩ කරන අය) මම ගැන වර්ණනාවකුත් කරා, විශ්වාසවන්ත,බියර්ටිකක් වත් බොන්නේ නැති(දෙන්ඩ එපයි බොන්ඩ) හරි හොද ළමයෙක්ය, අපිව නුවරත් එක්ක ගියාය කියල.
කෑම කාල සිංදු කියල ටික වෙලාවකින් යෝජනාවක් ආව මුහුදේ නාමු කියල, පස්සේ කීප දෙනෙක් නැවතුනා අව්ව සැරයි කියල මමයි, වෙන්නප්පුවේ කඩේ කපල් එකයි, මීගමුවෙන් ආව දෙන්නෙකුයි ලෝරයි එයාගේ මල්ලියි වෙරළට ගියා. අව්ව සැරයි අපි පොල්ගස් හෙවණට වෙලා චැට් එකක් දාගෙන හිටියා. සිරි ලාංකීය සුවාමි පුරුෂයින්ගේ ඉරිසියාකාරී කිරියාකලප, සෑම විටම වයිපරයව යටත් කොටගෙන සිටිනවා වගේ සම්භාව්‍ය මඩ තමයි මාතෘකා උනේ. වෙන්නප්පුවේ කඩේ අයියා තමන්ගේ පිලිපීන් බිරිදට එහෙම සලකන්නේ නැහැයි කියල තර්ක කරා. මමත් පුල් සපෝට් එක දුන්නා. ඔහොම විනාඩි කීපයක් ඉන්නකොට වැල්ලේ පොඩි එකෙක් මට කථා කලා.
“අයියේ නාන්ඩද හදන්නේ”
ඔව් අව්ව සැරයි ඒකයි ටිකක් හිටියේ, කොහෙද මල්ලි යන්නේ”
“මෝය කට කපලා ඒක බලන්ඩ යනවා”
මමත් කට්ටියව කැන්දගෙන(මීගමුවේ කියන්නේ එහෙමයි) මෝය කට පැත්තට ගියා.
වතුර පාර එච්චරම සැර නෑ ඒත් වතුර පාර හරහා ගියේ මමයි ලෝරයි මල්ලියි විතරයි, මගෙ හාට් එකයි කකුල් දෙකයි එකම බිට් එකකට ගැහෙන්ඩ ගත්ත,මේක තමයි හොදම අවස්ථාව කියල හිත කිව්වා. ලොරගේ මල්ලි සිප්පිකටු ඇහිදගෙන අපි දෙන්නගෙන් ටිකක් ඈතට ගියා.මුහුදු සුළගත් එක්ක පුරුෂ දහිරියත් එකතුකරලා හොද හුස්මක් අරගෙන පිටිපස්ස බලල සෙට් එක ඉන්නේ ඈත කියල ස්ථිර කරගෙන මලයටත් අපි කියන ඒවා ඇහෙන්නේ නෑ කියල ස්ථිර කරගෙන ආවොත් අලියෙක් ගියොත් වචනයක් කියල හිත හදාගෙන “ඔයාට යාලුවෙක් ඉන්නවද” කියල ඇහුවා.
“නෑ” කිව්වම “මම ඔයාට කැමතියි” කියල කිව්වා.
ඊට පස්සේ ලෝරා පොඩි හිනාවක් දාල මගෙ මුණට එබුණේ මේ අවන්කෙන්ම ඇහුවද කියල බලන්ඩ වගේ, ඒ හිනාව දැක්කම හිතේ තිබිච්චි විචිකිච්චාව කොහෙන්ගියා ද කියල නැතුව ගියා.
එතකොටම මලය ඇවිත් එයා අහුලපු සිප්පි කටු පෙන්නලා ඒගොල්ලන්ගේ බාසාවෙන් මොනවාද කිව්වා.
ටිකවෙලාවකින් අපි ආපහු ආව, මම මාර සතුටකින් හිටියේ, මුහුදට පැනල හැති වැටෙනකල් පීනන්ඩ නැත්නම් කෑගහල මේ විස්තරේ කියන්ඩ මට ඕනේ උනා.
අපි හැචරිය හරියට එනකොට කිහිප දෙනෙක්ම වැල්ලට ඇවිත් හිටියා, ලෝරගේ අම්ම, සිගරට් අක්කා(එයාගෙ නම අමුතුයි,ඒත් මල්බරෝ සිගරට් පැකට් එකයි ලයිටරෙයි අතේ තියෙන, එක සිගරට් එකකින් තව එකක් පත්තුකරන නිසා අපි අතර  මේ නම රෙජිස්ටර් උනා) තවත් දෙන්නෙක් හිටියා.
අපි ඈත එනකොටම කවුද මුහුදේ නාන්නේ කියල ලෝරගේ අම්ම ඇහුවා. ඒ වෙන කොටත් අපි වතුරට පැනලා ඉවරයි. අපි පැයක් විතර වතුරේ පීනලා වැල්ලට ගියා. ඒත් ලෝරගේ අම්මනම් තවම ගොඩට එන පාටක් නැ. මම ලොරගේ මල්ලිගෙන් ඇහුවා අම්ම හැමදාම මෙහෙම ගොඩක් වෙලා නානවද කියලා. එයත් පුදුමෙන් වගේ අම්ම දිහා බලාගෙන හිටියේ....
අපේ බොසි ඇවිත් තේ බොන්ඩ යන්ඩ කථා කරා, ඇන්ටිටත් කථා කරා. මොකක් හරි අමුත්තක් සිද්ද වෙලා තියෙන බව මට එයාලගේ මුහුණු වලින් පෙනුනා.
පස්සේ මල්ලි මට කිව්වා එයාලගේ අම්මගේ “බොරුදත් කුට්ටම” වතුරට වැටිලා හොයාගන්ඩ බැරුව තමයි මේ ගොඩක් වෙලා වතුරේ ඉදල තියෙන්නේ කියල. ඊට පස්සේ අපිත් ගිහිං වතුර යට හෙව්වා,රැළි වලට වෙරළට එයි කියල බලන් හිටිය ඒත් හම්බ වුණේ නෑ.
ටික වෙලාවකට පස්සේ මගේ සුබ ආරංචිය මම බොසිට කිව්වා, එතකොටම “මම කිව්වනේ කැමති වෙයි කියලා” කිව්වා.


“දැන් නැන්දට දත් දාගන්ඩ සල්ලි දෙන්ඩ” කියල ලොක්කි කිව්වා. යකෝ මටමයි වෙන්නේ. පව් කියලත් හිතෙනවා, දත් ටික නැතුව ඒ උන්දැගේ කථාවත් අඩුයි, සෝක මුඩ් ගහල හිටියේ. කමක්නෑ මේ වපුරන කාලෙනෙ කියල හිත හදාගෙන යන ගමන් හලාවත දත් බදින තැනකටත් ගිහිං ඒ වැඩෙත් ඉවර කලා. ඒත් මගේ එකවුන්ට් එකෙන් සල්ලි අරං වැඩේ ගොඩ දැම්මම ඉස්තුතියෙන් 75% ගියේ දෙය්යන්ට,(“oh..THANK YOU LORD”) ඕකනම් මට දිරවනවා මදි සත්තලන්. ග ර් ර් ර්..........

සතියකට විතර පස්සේ හවසක මගෙ ෆෝන් එකට කෝල් එකක් ආව,.........................................
තවත් මරාලයක්ද?....ලබන කොටසින් බලමු.....



34 comments:

  1. chief!!!
    just write this dam thing without waiting
    tks
    rv

    ReplyDelete
  2. හා වැඩේ ගොඩ ගිහින් වගේ. හහ් හහ් හා. මදෑ කොලා. කෙල්ල සෙට් කරගත්ත එකට නැන්දම්මට කඩේ යන්නයි වුනේ.

    ReplyDelete
    Replies
    1. ඔය පටන්ගැනීමක් විතරයි කසුන්...

      Delete
  3. මේකත් හරියට චිත්‍ර කතාවක් වගෙයි. කුතුහලයක් තියලාමයි නවතින්නේ. අගෙයි අගෙයි.....

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනේ, දුමින්ද....

      Delete
  4. කෙල්ල සෙට් කරගන්න උඹට මාර වියදමක් ගියා නේද.ඒ උනාට තෑන්ක්ස් කලේ දෙයියන්ට.

    ReplyDelete
    Replies
    1. මමත් බුද්දාගමේ ඒත් සමහර වෙලාවට දෙයියන්ට ස්තුතිවේවා කියල මටත් කියවෙනවා, ඒත් සමහර වෙලාවට ඕක දිරවන්නේ නෑ ...

      Delete
  5. බෝසිගේ බූසිය ගැනත් ලියහන් මලේ

    ReplyDelete
    Replies
    1. බලදරයා විසින් කපන ලදී...හිකිස්..

      Delete
    2. බූසිය කැපුවා? රේසරෙන්ද තණකොළ කපන මැශිමෙන්ද

      Delete
    3. ඇනෝ නැතුව නමෙන් එනවා නම් මම කැමති බ්‍රෝ....

      Delete
  6. පුදනකොටම කාපී යකා කියල පටන් ගනිද්දිම පොකට් එක සුද්ධ වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. වපුරන්ඩ ඕනෙලු අස්වැන්න නෙලන්ඩ .....

      Delete
  7. හැමදාම හොඳම හරියෙන් ඉවර කරනවනෙ....හයියූ...

    ReplyDelete
    Replies
    1. ලබන සතිය වෙනකං ඉවසන්න....

      Delete
  8. ඉතිරි කොටස වෙනතෙක් බලා හිඳිමි...කතාව බොහොම රසවත්...

    ReplyDelete
  9. ස්තුති, පොකුරු වැහි ...

    ReplyDelete
  10. අන්තිමට කොළඹ ක්‍රමයත් අනුගමනය කරයි වාගේ

    ReplyDelete
  11. අන්තිමට කොළඹ ක්‍රමයත් අනුගමනය කරයි වාගේ

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං ඒ කරමේ....???

      Delete
    2. අම්මයි දුවයි දෙන්නම ගැනීම

      Delete
  12. ඕන්න ඉතිං මඟහැරුණු ඒවත් එක්ක කොටස් තුනම කියෙව්වා . අනිත් කොටසත් ඉක්මනට දාන්න අයියෝ ...

    ReplyDelete
  13. ස්තුති මේතු...
    අනිත් කොටසුත් කියවන්ඩකෝ ....

    ReplyDelete
  14. මගේ පොකෙට් එකත් මේ දවස් වල හිදෙන ගමන්. දුක තමා.

    ReplyDelete
    Replies
    1. වපුරනවා කියල හිතපන් කොල්ලෝ...හෙක්..හෙක්...

      Delete
  15. \\උම්මා දීල, වැඩක් නැ, උම්මා දෙන්නේ අහකට නිකම් කම්මුල් දෙක හප්පලා බදා ගන්නවා,පිරිමින්ට උම්මා නෑ...මෙලෝ රහක් නෑ\\

    ඉතිං කියල ඉල්ලගන්ට තිබුණනෙ අයියො. හික් හික්
    අනිත් කොටසත් ඉක්මනට දාන්න අයිye.

    ReplyDelete
    Replies
    1. .හෙක්..හෙක්...
      ළගදීම ලියනවා....

      Delete
  16. හප්පා... දත් සැට් එකකින්ම වැඩේ පටන් අරන් තියෙන්නෙ නේද? බොසිත් නරක නෑ.. බළල්ලු ලව්වා නියමෙට කොස් ඇට බාවලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපිටමයි වෙන්නේ....

      Delete
  17. සිංහල පිලිපින් කියල නෑ බලන් ගියාම කොයි ගෑනිත් මරාලම තමයි දෙන්නේ :P අර මූණට එබුන කියපු එක මරු , මට මැවිලා පේනවා . ඔබේ කතාවල රසිකයෙක් මම , ඊළඟ කොටස එනකන් ආසාවෙන් බලන් සිටිමි . ජය බ්‍රෝ !

    ReplyDelete
  18. අළුතින් මුකුත් ලියන්නේ නැද්ද, මමත් කැමැත්තෙන් බලන බ්ලොගක් තමා ඔබගේ බොග ...

    ReplyDelete
  19. Best Bitcoin casino. Best Bitcoin casino - Deccasino
    This software 메리트카지노 was developed for professional gambling sites. For 바카라 years 1xbet they have made a massive and successful casino online. Best Bitcoin casino

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න