Sunday 10 April 2016

ඉන්ඩස්ට්‍රියල් කේටරින් 02

ලබන්නාවූ සිංහල හින්දු නව වසර ඔබ සැමට සතුට වාසනාව පිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා!


ඉන්ඩස්ට්‍රියල් කේටරින් කළින් ලියපු ලිපියේම තවත් කොටසක් ලෙස මේ ලිපිය ලියන්ඩ ඕනෙ කියල හිතුවේ සමහරු කියල තිබුණ මෙහෙම ව්‍යාපාර ගැන අහලවත් තිබුණේ නෑ කියල. ඉතිං හදිසියේ වත් මෙහෙම තැනකට වැඩට එන්ඩ වුනොත් මේ කෑම්ප් වල මිනිස්සුන්ගේ ජිවන රටාව ගැන මම දැකපු දේවල් ටිකකුත් කාන්තාරවල(කාන්තාරය කියන්නේ මොකක්ද කියල හිතා ගන්ඩ බැරුවයි මම ඉන්නේ, මොකද මිනිස්සු ඉන්න ප්‍රදේස වලත්  ගස් වැල් නැ, ගොඩනැගිලි විතරයි.) තියෙන මේ කෑම්ප් වල මිනිස්සුන්ට තියෙන පහසුකම්, අපහසුකම් මොනවාද කියලත් බලමු. මම මේ කියන්නේ අවුරුදු දෙකකුත් මාස කිහිපයක් වගේ කෙටිකලෙකදී මම දැක්ක දේවල්. ඒක නිසා මේක මහා පොදු සාදකයක් නෙවෙයි කියලත් මතක්කළ යුතුයි.

ක්‍රීඩා පහසුකම්
වැඩ පරීක්ෂකවරුන්ගේ සිට ඉහළ තනතුරු දරන සැම වෙනුවෙන් ගෘහස්ත ක්‍රීඩාගාරයක් හෝ දෙකක් සවස පහේ සිට රාත්‍රී දහය වෙන තුරු විවුර්තව පවතී. මෙහිදී ටේබල් ටෙනිස්, බිලියඩ්,කැරම්, චෙස්‌, ෆුට් බෝල් වැනි ක්‍රීඩාවක් (පින්තුරේ බලන්ඩ)


වැනි ක්‍රීඩා සදහා පහසුකම් ඇත. එසේම ට්‍රේඩ් මිල්, ටෝටල් ජිම්  ඇතුළු සියලුම කායවර්දන උපකරණද තිබේ.මේ සියළු ගෘහස්ත ක්‍රීඩා කළින් සදහන් කලාක් මෙන් වැඩ පරික්සක හා ඉන් ඉහළ තනතුරු දරන්නන් සදහා පමණි. දැන් බලමු සාමාන්‍ය සේවකයින් සදහා මොනවාද තියෙන ක්‍රීඩා පහසුකම් කියල.
                         ක්‍රීඩා ගාරය.

ක්‍රීඩා ගාරයේ පරීක්ෂකවරයා නැති විට වියට්නාම් ජාතිකයන්ද එහි ගොස් බිලියඩ් ක්‍රීඩාවේ යෙදෙයි.ඔවුන් මෙයට විශාල දක්ෂතාවයක් දක්වයි. ඒ වියට්නාමයේ පාරදෙපස ඇති කඩවලත් බිලියඩ් ක්‍රීඩාකළ හැකි ස්ථාන බොහෝ විට දක්නට ඇති නිසා මෙය ඔවුන් අතරත් බොහෝ ජනප්‍රියය. එහෙත් පරික්ෂකවරයා පැමිණිවිට ඔවුන්ව ඉවත්කරන්නේ කම්කරුවන්ට  මෙහි ක්‍රීඩා කල නොහැකි බව පැවසීමෙනි. අනෙකුත් ජාතිකයන්ට සාපේක්ෂව ඉතාමත්ම සාමකාමී ජාතියක් වන මොවුන් පරීක්ෂකවරයාගේ පැමිණීමත් සමගම පසුබා ඉවත්වී යයි.
බොහෝ පාකිස්තානුවන් වොලිබෝල් හා ක්‍රිකට් ක්‍රීඩා කරනවා මා දැක ඇත. බොහෝ ඉන්දියානුවෝ හා බන්ගලාදෙශිකයින්  (අප හදුන් වන්නේ බන්ගාලි ලෙසයි) ක්‍රිකට් ක්‍රීඩා කරති. ෆිලිපින් ජාතිකයන් හිලේ දාන සෙල්ලමට බොහෝ දක්ෂය. එනම් බාස්කට් බෝල්ය.

හිලේ දාන ක්‍රීඩාවට බොහෝ ආසා කරන්නෝ පකිස්තනුවෝය,(ඔව් ඒ ක්‍රීඩාව තමයි) බන්ගාලින් හතර දෙනෙකු ගිය වසරේ එල්ලා මරුවා සමහර විට ඔබ ඒ විඩ්යොව දකින්නට ඇත. ගියවසරේ පකිස්ථානුවන් තිදෙනෙකුද ජිවිතයෙන් සමු ගත්තේ ඒ ආසාව නිසාය. දැනගන්නට ලැබුණු ආකාරයට බඩු අතටම අසුවී ඇත. නඩුවේදී ගැහැණිය කිසිවිටෙකත් වරද බාර ගැනීමක් (කැමැත්තෙන් සිදුවුවායයි ) නොකරන්නේ එසේ කළොත් තමන්ටත් ජිවිතෙන් වන්දි ගෙවන්නට සිදුවන නිසාය. අවසානයේ මෙය දුෂණයක් ලෙස තීන්දුකර පිරිමියාට දඩුවම් ලැබෙයි. බොහෝවිට හිස ගසා දමයි.
කෙසේ වෙතත් අරාබි ජාතිකයන්ද මෙම කදවුරුවල සිටින අතර කිසිදු ක්‍රීඩාවකට සහබාගිවෙනු මා දැක නැත. එයින් ඔවුන් ක්‍රීඩා නොකරනවා යයි නිගමනය කල නොහැක්කේ නගර අවට පිහිටා ඇති ක්‍රීඩාංගනවල  පාපන්දු ක්‍රීඩාකරන අරාබින් බොහෝ දැක ඇති බැවිණි. සෑම දිනකම සවස් වරුවේ සිට රාත්‍රිය දක්වා තම නිදනකුටි අවට කැරම් ක්‍රීඩා කරන නේපාල් ජාතිකයන් බොහෝදෙනෙක් දැකිය හැකිය. මුදල් වලට ඔට්ටු අල්ලා කරන කාඩ් ගේම්ද හොර රහසේ කාමර තුල සිදුවන අතර මේවා නීති විරෝදිවේ.

මා දුටු මිනිසුන්ගේ ජිවන රටා
මෙය සෑම දෙනාටම පොදු නොවිය හැක. මා දැක ඇති හා අසා ඇති තොරතුරු පමණි. මා ඇසුරු කර ඇති බොහෝ ඉන්දියන් ජාතිකයන් විශේෂයෙන්ම කේරලයට අයත් හින්දු ආගම අදහන්නන් ආත්මාර්ථකාමී හා බක පණ්ඩිතයන්ය. මා දුටු අප්‍රසන්නම දෙය නම් කෑම ගැනීමෙන් පසු ඇගිළි ලෙවකෑමයි. මා හොදින් දන්නා කාමර හා අවට පිරිසිදු කිරීමේ වැඩ පරීක්ෂක (හවුස් කීපින් සුපර්වයිසර් ) මොහු ඩුබායිහි තරු හෝටලයක සේවය කර තිබුණත් ඔහුත් මෙහි කිසිම අපුලක් නොදකී. දත්කූරු (ටුත් පික්ස් ) බාවිතයේදී අතෙන් වහ ගත්තත් කෑම ගැනීමෙන් පසු කිසිම අපුලක් නැතිව කෑම මේසයේදී ඇගිලි පහම ලෙවකයි.
පිලිපින් ජාතිකයන් සියෙයට අනූවක්ම කෑම ගැනීමට හැදී හා ගෑරුප්පු බාවිතා කරයි. සාපේක්ෂව ඉහළ වැටුපක් හා හොද පිරිසිදු බවක් ඇත. මිත්රශිලිය. බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බස කථාකල හැකිය. ලන්කාවේදිනම් අන්ය ජාතිකයෙක් දැක්කොත් අප කිසිවෙක් සිංහලෙන් කථා නොකරන්නෙමු. එහෙත් විජාතිකයන්ට තමන්ගේ බසින් කථාකරන එකම මිනිසුන් (මොවුන් තවමත් ගල් යුගයේ මැලේජ්ජයන් කොටසකි.) ඉන්නේ අරාබියේ පමණකැයි සිතමි.  මුරකරුවන් ලෙස සේවයේ යෙදේ. ඉංග්‍රීසියෙන් සටහන් ලිවීමට තියා අත්‍යවශ්‍ය වචන කිහිපයක් වත් කථාකිරීමට නොදන්නා මොවුන් බොහෝ ආයතනවල ආරක්ෂක අංශයේ සේවය කරයි.බොහෝ දෙනෙක් ඔටුවන් වැනි සතුන් බලා ගන්නා පරම්පරා වකට අයිතිය. නිල නොලත් පොලිසිය ලෙස කටයුතු කරයි.
නේපාල ජාතිකයන් අරාබියේ අඩුම වැටුපක් ලබන අතර නම්‍යශීලි නිරහංකාරය.කදුකර ප්‍රදෙසවල ජිවත්වන්නන් සුදු පැහැති සමක් ඇති බවත් නාගරිකයන් හා ඉන්දියාවට සංක්‍රමණයවී අරාබියට පැමිනිවුන් කාල වර්ණ හමක් ඇති බවත් බොහෝවිට දක්නට ලැබෙයි. මෙම වර්ග කිරීම 90% නිවැරදි වූ අතර 10% වරදින අවස්ථා තිබුණි. බොහෝ නේපාල ජාතිකයන් බොදුනුවෝය.
බංගලාදේශ ජාතිකයන් අපිරිසිදු, කෑමට පෙරේත කොටසක් ලෙස සැලකේ. කිසිවෙක් පිගානකට බත් මාළු වැඩිපුර බෙදාගෙන ඇත්නම් උබ බංගලිදැයි අසන විහිළුවක් ඇත. කණගාටුවට කාරණය වන්නේ බොහෝ ලාංකිකයන් හැඩරුවින් මොවුන්ට සමාන වීමයි. සමහර ලාංකික දෙමළ ජාතිකයන් දකුණු ඉන්දීය පෙනුමක් ගත්තද සිංහලයන් පෙනුමින් බොහෝදුරට බන්ගාලින්ට සමාන වේ. අරාබි ජාතිකයන් හැරුණුකොට අනෙක් සියළුම දෙනා හුණු හා මිශ්‍ර කළ දුම්කොළ කෑමට ඇබ්බැහිවී සිටිති. කුඩා ඩප්පියක එකිනෙක මිශ්‍ර නොවනසේ දෙපැත්තේ අසුරා ඇතිමේ දුන්කොළ හා හුණු මිශ්‍ර කර යටි තොලත් දතුත් අතර තබා ගනී. මෙය සිගරට් බීමට හා බුලත් විට කෑමට සමාන තෘප්තියක් ලැබෙන බව ඔවුන් පවසයි.
                        සේවකයින්ගේ කාමර පිහිටි පෙදෙස
නවාතැන් පහසුකම්
v  මෙහිදී තනතුර හා රට අනුව ලැබෙන කාමරයේ ස්වබාවය වෙනස් වේ. ඔබ ආසියාතිකයෙක් නම් කේටරින් සුපර්වයිසර්, ප්‍රොජෙක්ට් සුපර්වයිසර්,කළමනාකරු තනතුරක් සදහා ඇටැච් නාන කාමර සහිත තනි කාමරයක් ලැබේ.කේබල් TV සම්බන්දතාවය ඇති රුපවාහිනියක් කාර්යාලිය මේසයක් සාමාන්‍ය පුටුවක් හා සොපාවක් තිබේ.ඇදුම් අල්මාරියක් ඇත.දිනපතා ලොන්ඩරි පහසුකම් හා කාමර පිරිසිදු කිරීම්(හවුස් කිපින්) පහසුකම් ඇත.
v  එයට පහළ ශ්‍රේණියේ වැඩ පරීක්ෂක වරුන්ගේ කාමරයක දෙදෙනෙකු සිටින අතර රුපවාහිනියක් හා සාමාන්‍ය මේසයක් නාන කාමරයක් සහිතයි.ඇදුම් අල්මාරි ඇත. සතියකට දින දෙකක් ඇදුම් සෝදා මැද කාමරයට ගෙනවිත්දේ.දිනපතා කාමර පිරිසිදු කරනු ලැබේ.
v  එයට පහළ ශ්‍රේණියේ අරක්කැමියන්, වේටර් වරුන් කාමරයක දෙදෙනා බැගින් සිටි.ඇදුම් අල්මාරි ඇත.සතියට දින දෙකක් ඇදුම් සෝදා මැද කාමරයට ගෙනත් දෙයි. දිනපතා කාමර පිරිසිදු කරනු ලැබේ.
v  කම්කරුවන්ගේ කාමර වල ඇත්තේ තට්ටු ඇදන්ය. කාමරයක මිනිසුන් හය දෙනෙක් පමණ සිටි. සමහර කාමර වල ගණන් කළ නොහැකි පමණට මකුණන්, කුඩා කැරපොත්තන් දක්නට ලැබේ. මෙයට බොහෝවිට හේතු වන්නේ අයහපත් සනීපාරක්ෂක පුරුදුය. සතියකට දින දෙකක් ඇදුම් සෝදා දෙන අතර ඇදුම් ලොන්ඩරිය වෙත ගෙනගොස් දීම හා නැවත ගෙන ඒම තමන් විසින් කළ යුතුය.
v  කොහොම නමුත් අරාබි ජාතිකයින්ට සාපේක්ෂව හොද පහසුකම් හිමිවේ.

Ø  මෙහිදී සදහන් කළයුතු තවත් කාරණයක් වන්නේ අතිකාල දීමනා ගෙවීමයි. ලංකාවේදී අතිකාල දීමනා ගැනිමට නම් දවසේ  පැය අටකට වඩා වැඩ කළ යුතුයිනේ ඒත් මෙහෙ පැය පහක් හයක් වැඩ කරන අයටත් දිනකට පැය දෙකක් තුනක් ගෙවනවා. ගොඩනැගිලි හදන වගේ පිටත වැඩ කරන අයට මීටත් වැඩියෙන් ගෙවන ආයතන තියෙනවා. මෙයට හේතුව වියහැක්කේ පරිසර තත්වයන් වියයුතුයි. කාලෙකට දරාගන්ඩ බැරි රස්නෙකුයි තවත් කාලයකට තද සිත දේශගුණයක් ඇතිවෙනවා.
Ø  බැංකුවෙන් මුදල් ගැනීමට ටෙලර් කාඩ් පතක් ආයතනයෙන් නිකුත් කරන අතර මෙම ගිණුමෙන් කළ හැක්කේ මුදල් ගැනීම පමණයි. ලංකාවට මුදල් එවීම සදහා පළමුව කාඩ් එකෙන් මුදල් ලබාගෙන දෙවනුව බැංකුව තුලට ගොස් නව ගිණුමක් විවුර්ත කළ යුතුයි. මේ සදහා සේවා ස්ථානයෙන් දෙන හැදුනුම්පත(ඉකාමා) අනිවාර්යයි. සමහර නගර වල බැංකු අසල විශාල පෝලිම් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම සවස් කාලයේ, රාත්‍රී 10 වන තුරු විවුර්තව තිබුණත් දිනකට පස් වරක් විනාඩි තිහක පමණ කාලයකට වසා තබන්නේ මුස්ලිම් ආගමිකයන්ගේ වන්දනා කිරීමටයි.

මේ සියල්ලම මා ලැබූ අත්දැකීම් අනුසාරයෙන් ලියා ඇති අතර මෙයට වෙනස් ආයතන හා වෙනස් අත්දැකීම් ලැබුවන්ද සිටිය හැක.

14 comments:

  1. පට්ට මචං...අමුතුම අත්දැකීම්....හරි ආසාවෙන් කියෙව්ව...

    ReplyDelete
    Replies
    1. ඔබට ගොඩක් ස්තුතී...

      Delete
  2. මේ රට මොකක්ද ?
    මේ ගස් පිරිච්ච රටේ පොඩි රස්නයක් දරාගන්න බැරිව ගහක් කොලක් නැතිව කාන්තාරයක් වගේ පරිසරයක ඉන්නේ කොහොමද කියලත් හිතෙනවා.

    ලලිත්ටත් පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් :)

    ReplyDelete
    Replies
    1. මේ සවුදිය...මේ වගේ තැනකට ආවම තමයි ගස් වැල් තියෙන පරිසරයක වටිනාකම තේරෙන්නේ.

      Delete
    2. ඔබටත් සුබ අළුත් අවුරුද්දක් වේවා..

      Delete
  3. ඉතාම පැහැදිලිව ලියලා , අරාබි ගියා වගේ දැනෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතී, තවම ලියන්ඩ ඉගෙන ගන්නවා...

      Delete
  4. ආං හරි මහත්තයෝ. ඕං ඔය විදිහට තමුං ඉන්න තැනක විස්තර ලියනඑක හරිම වටිනවා . මල් හතයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී මහත්තයෝ ඔයා තරම් රහට ලියන්ඩ නම් බෑ.

      Delete
  5. ආං හරි මහත්තයෝ. ඕං ඔය විදිහට තමුං ඉන්න තැනක විස්තර ලියනඑක හරිම වටිනවා . මල් හතයි.

    ReplyDelete
  6. අයියන්ඩි ඔහොම ලියපු එක මාරු. සිරාවට ඔය වගේම විස්තරයක් අරාබියේ හිටපු අපේ ගමේ එකෙක් මට කියල තියනවා. තව අරාබියේ තියෙන්නේ කාන්තාව මුලික වෙන සමාජයක්ලු නේද? තව හිලට දාන සෙල්ලමට අරාබි කෙල්ලන් කැමතිලු. පරිස්සමින් .........මේ පැත්තට එන්න ටිකක් කල් ගත්තා.

    ReplyDelete
  7. ඕං ලලිත් මං ආවා. කොමෙන්ටුවෙ නම තිබුණට මොකෝ මෙච්චර දවස් බ්ලොග් ගල හොයාගන්න බැරුව හිටියෙ. ඇයි කිව්වොත් මං කොම්පියුටැර් එක්ස්පැර්ට් කෙනෙක්...හික් හික් හික්

    ReplyDelete
  8. සවුදි..?? අනෙ අම්මේ.. පරිස්සමෙන් කොල්ලෝ..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  9. මමත් කාලෙකට ඉස්සෙල්ල හිටිය dubai , ඒකාලේ මම තනිකඩය , ඉතින් රෑට කෑමට(පරොට සහ චිකන් චුක්කා) කන්න යන්නේ ගේ ළඟ තියෙන කේරල කඩේට. අප්පිරිය උනත් හැමදාම වගේ දකින දෙයක් තමයි ඇඟිලි ලෙව කනෙක,ඒ මදිවට සමහර අයියල අතදිගේ වැලමිටට වෙනකන් බෙරෙන හොදි (සම්බාරු) ලෙවකන හැටි දැක්කම කැපුවා වමාරන්න එනවා.
    බොහොම ස්තුති ලස්සන blog entry එකට

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න