Wednesday, 16 March 2016

මොනවාද මේ ඉන්ඩස්ට්‍රියල් කේටරින් ?



  ඉන්ඩස්ට්‍රියල් කේටරින් කියල හදුන්වන වරකට විශාල පිරිසකට [මා දන්නා පරිදි සෞදි අරාබියේ විශාලම පිරිසකට කෑම සපයන්නේ ජෙඩා නගරයට තරමක්  ආසන්නව පිහිටි සිමේසි ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී සංක්‍රමණිකයන් රදවා තබන කදවුරකටයි මෙහි 2014 වසරේ මුල් භාගයේදී 23000(විසි තුන් දහසක) පමණ පිරිසක් සිටියා.] කෑම සැපයීම ගැන පොඩි විස්තරයක් කියන්නම්.



අරාබියේ බොහෝ ප්‍රදේශවල තෙල් හා ගැස් කැණීම් කටයුතු සිදුවෙයි. මේ සදහා මුල්වන ප්‍රධානම අතරමදියා වන්නේ ඇමෙරිකාවේ ඇරැම්කෝ ආයතනයයි.බොහෝ ප්‍රදේශවල සෞදි ඇරැම්කෝ නමින් ඔවුන් ක්රියකාරිවේ. මෙම ව්‍යපෘති බොහොමයක් රජය හා ඇමෙරිකාව ඒකාබද්දව නිෂ්පාදන කටයුතු සිදු කරයි.මිනිස් වාසයෙන් දුර ඈත කාන්තාරයේ පිහිටා තිබුණත් පරිසර දුෂණය අවම කිරීම සදහා විශාල ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන අතර, ආරක්ෂාව හා තාක්ෂණය වෙනත් පාර්ශවයක් වෙතට පත්වේ යයි  සලකා ව්‍යාපෘති ඇතුළත චායාරුප ගැනීම තහනම් කර ඇත. මෙම ව්‍යපෘති වල ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු කොරියාවේ හයි හුන්ඩායි, බින්ලාඩ්න් ගෘප්, නෙස්මා ගෘප්, හා තවත් නොයෙකුත් ආයතන මගින් සිදුකෙරේ.මේ ඉදිකිරීම් වසර කිහිපයක් දක්වා කාලයක් ගතවන බව සමහරවිට ඔබ නොදන්නවා ඇත. මේ සදහා සේවකයින් විසාල පිරිසක්(2000 – 7000 ) ඉන්දියාව ප්‍රමුක ආසියා රටවලින් පැමිණ සිටි. මෙසේ පැමිණෙන සේවකයන් හට කෑම හා නවාතැන් සැපයිමටම කේටරින් සේවා සපයන ආයතන රාශියක් ක්‍රියාත්මකයි. ඒ අතර ගල්ෆ් කේටරින්,සෞදි කේටරින්, ප්‍රෝ බෑන්ක් කේටරින්, නෙස්මා කේටරින් උදාහරණ ලෙස දැක්විය හැක.


කේටරින් කියනකොට මතක් වෙන්නේ රත්මලානේ සිරිල් අයියගේ වෙඩින්, පාටි, කන්තෝරු වල ගේට්ටුගේදර් ලොක්කන්ගේ ගෙවල් වල පාටි වලට කෑම උයන කුකාව, පොර උයන්ඩ එනකොටම ගල් බෝතලයක් ඉනේ ගහගෙන ඇවිත් මුල්ලක හංගනවා, හොරෙන් හොරෙන් අනුමත වෙනවා, PPE- (පසනල් ප්රෝටෙක්ටිව් ඉක්විප්මන්ට් ) ඒ කිව්වේ අත් වැසුම්, ඒ ප් රන් එකක් තව ඔලුවට හිස් වැසුමක් මුකුත් නැ. ඇයි personal Hygiene නිල්, සමහර දවසට බස් එකේ මාර සෙනග කියාගෙන ඉහෙන් කණින් දාඩිය පෙරාගෙන එන්නෙ. ආව ගමන් අත් දෙක කුස්සියේ තියන ජරා රෙදි කෑල්ලක පිහිදගෙන මස් හරි මාළු හරි කපන්ඩ ගන්නවා.

මේ සෙල්ලම්නම් මම කියන ඉන්ඩස් ට්‍රියල් කේටරින් වල කොරන්ඩ බෑ. මොකද කෑම අපිරිසිදු වෙලා විෂ වීමක් උනොත් ඕන් පුතේ මාත් ගස් තමයි. අයෙ බ්ලොග් ලියන්ඩ හම්බ වෙන්නෑ. හැබැයි මෙච්චර කාලෙකට ඒවගේ සිද්දියක් වෙලා නැ.මෙතැනදී කෑම විෂවීම ගැන පොඩි දෙයක් කියන්නම්. කෑම විෂවීමේ ආකාර කිහිපයක් තියනවා. මෙතනින් වඩා සැලකිලිමත් වියයුතු කාරණය ක්‍රොස් කන්ටමිනේෂන් නැත්නම් පිසින ලද ආහාරයකට අහිතකර ක්ෂුද්‍ර ජීවින් ( විෂ බිජ) එකතුවීම. 

කොහොමද එහෙම වෙන්නේ සිරිල් අයියගේ කුස්සියට ආයෙත් ගියොත් පොර මස් මාළු කපන ලෑල්ලම තමයි සැලඩ් එක හදන එළවළු කපන්ඩ ගන්නෙත්, පිහියත් ඒකම තමයි, මුළින් මස්,මාළු කපල පස්සේ ටැප් එකට අල්ලලා පොඩ්ඩක් හෝදල අරං සැලඩ් එකට එළවළු කපන්ඩ, ෆ්රුට් සැලඩ් හදන්ඩ පළතුරු කපන්ඩ පටන් ගන්නවා.
මේ වගේ වේලාවකදී සරීරයට අහිතකර බැක්ටීරියා, දිලිර වගේම ඒක සයිලික ජීවින් අර “කටින් බෝඩ්” එක හරහා සැලඩ් වලට ගිහිං ඒවා කන මිනිස්සුන්ව ලෙඩ කරවන්ඩ පුළුවන්, විශේෂයෙන්ම පොඩි ළමයි, වයසක අය, බබාල හම්බෙන් ඩ ඉන්න අම්මලා.මේක වලක්වා ගන්ඩ ඉන්ඩස් ට්‍රියල් කේටරින් වලදී වගේම හෝටල් වලත් කටින් බෝඩ් කලර් කොඩින් ක්‍රමයක් බාවිතා කරනවා. මස් වලට එක පාටක ලෑල් ලක් ,මාළු වලට තව පාටක්, පිසින ලද මස් වලට වෙන පාටක්,එළවළු වලට වෙනපාටක්, චීස් වගේ ඒවා කපනකොට තව පාටක කටින් බෝඩ් එකක් වගේ. ඒ වගේම කටින් බෝඩ් එකේ පාටින් පිහියකුත් අනිවාර්යෙන්පාවිච්චි කරන්ඩ ඕනේ.
ඔය කිව්වට හැමෝම ඔහොම කරනවා ඇත්ද? කියල හිතුනද? ඔයෙස් එහෙම කරනවද බලන්ඩ වෙනම කෙනෙක් හැම ප්‍රොජෙක්ට් එකකම ඉන්නවා, ඒවගේම මස් මාළු කපන ස්ථානය හා සැලඩ් සෑදීමේ අංශය වෙන් කර තියනවා.
කෑම උයන තැනත් වෙන් කරලයි තියෙන්නේ,කෑම හදන කොට ඒවා නියමිත උස්ණත්වය දක්වා රත් වෙනවද බලන්ඩ පෙන් ටයිප් උස්නත්වමානයක් හැම ප්‍රධාන සුපවෙදියෙක්ම පාවිච්චි කරනවා, ඒක අර අපි කව්රුත් දන්න රසදිය විදුරු උස්නත්වමානයට වඩා වෙනස්.ඕන් මං පොටෝ එකක් පහළින් දැම්ම බලන්ඩකෝ.


 දැන් ආයෙත් ලංකාවේ කේටරින් මතක්කර ගත්තොත්, එයාල කෑම ගේන්නේ සාමාන්‍ය වාහනයකින්, හැබැයි මේ විදියට කරන්ඩ පුළුවන් ලංකාවේදී විතරයි. පිට රට කෑම ප්‍රවාහනයටම ගන්න වාහන තියනවා, රස්නේ කෑම ගෙනියන්ඩ හීටර් තියන වාහනත් සිත කෑම ගෙනියන්ඩ කූලර් හයි කරපු ඒවත්, එහෙම නැත්නම් කෑම ප්‍රවාහනයට ගන්න විශේෂිත පෙට්ටි පාවිච්චි කරන්ඩ ඕනේ. ඊට පස්සේ කෑම තැන්පත් කරන විදිය, ලංකාවෙනම් ලස්සන මැටි වලං වල දාල නැත්නම් සිල්වර් පාට බාජන වල දාල තියනවා. මේ කෑම වල උෂ්නත්වය පවත්වගන්ඩ යටින් රත් කරනවා ඔයාල දැකල ඇති. ඔය ක්‍රමය එච්චර සාර්ථක නැ, මොකද දන්නවද ඔය විදියට කෑම බාජනේ හැම තැනකටම එකාකරිව උෂ්නත්වය පැතිරෙන්නේ නැ, මේ කට අපි පාවිච්චි කරන්නේ බෙන් මෙරි කියන උපකරණය. ඔය පහළින් තියෙන්නේ ඒකක පිංතුරයක්. 


මේක ඇතුළට තරමක් වතුර දාල ඊට පස්සේ විදුලිය දුන්නම ඇතුලෙ කොයිල් එක රත්වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා, අපි ගෙදර පාවිච්චිකරණ විදුලි කේතලය වගේමයි, වෙනසකට තියෙන්නේ මේකෙ උෂ්ණත්වය පාලනය කරන්ඩ උෂ්ණත්වය බලාගන්ඩ ඉන්දිකෙටරයක් තියන එක.මේකෙ උෂ්ණත්වය 70 -85 C අතර තබාගත යුතුයි.


ඒ කියුවේ රස්නෙන් කන කෑම, එතකොට සැලඩ් වගේ ශිත කෑම වර්ග, ඔව් මේ සදහාත් සැලඩ් බාර් කියල හදුන්වන උපකරණ බාවිතා කරනවා. මේ සෑම කෑම වර්ගයකම නම කෑම ගන්න අයට පෙන්ඩ තියන්ඩ ඕනේ. ලංකාවේ කේටරින් වගේ බුෆේ නම් නැ, කෑම බෙදන්ඩ වේටර්ලා ඉන්නවා, පිරිසිදු ඇදුම් ඇඳලා අත්වැසුම්,හිස් හා මුක වැසුම්  අනිවාර්යයි.හැබැයි තරු හෝටල් වගේ හැමෝටම ඒකම විදියට සළකන්නේ නැ. කළමනාකාර පංතියේ අයට වෙනම කෑම ශාලාත් මැෂින් ක්‍රියාකරුවන්, වැඩ පරික්ෂකලට වෙනමත්, පොදු කම්කරුවන්ට වෙනමත් තමයි කෑම දෙන්නේ. ඔය පහළින් තියන පින්තුර බලන්ඩකෝ.
සාමාන්‍ය කම්කරුවන්ට දෙන කෑම ඒ ඒ රටවල් අනුව වෙනස් වෙනවා, ෆිලිපින හා ව්යට්නාම් ජාතිකයන්ට සුප් වර්ගයක්,මාළු හෝ  මස් වර්ගයක්(ඌරු මස් තහනම්, හරක් මස්, එළු මස්,කුකුල් මස්) සමග බේරී වෙන්ඩ උයපු බත්.ඉන්දියන්,බංගලාදෙස් හා නේපාල ජාතිකයන්ට (කම්කරුවන් අතර ශ්‍රී ලාංකිකයන් හමුවී නෑ) පොදු කෑම වෙලකුත් ලැබෙනවා, ඒ අතර බත්,පරිප්පු හොදි,මිශ්‍ර එළවළු හොද්දක් හා මස් හෝ මාළු වර්ගයකුත් සිකුරාදා එළු මස් හෝ කුකුල් මස් බුරියානි ඇතුලත්.

කළමනාකාර හා වැඩ පරීක්ෂක කෑම ශාලාවලත් රටවල් අනුව වෙනස් ආකාරයෙන් සෑදු ආහාර තියෙනවා. ඉන්දියන් ජාතිකයන් සදහා මාළු හෝ  මස් වර්ගයක්, මිශ්‍ර එළවළු හොද්ද්දක්(මෙය සාදන්නේ කම්කරු අංශයට ගන්නා ශිත කළ එළවළු වලින් නෙවෙයි, අළුත් එළවළු වලින්) පරිප්පු හොදි, අරාබි ජාතිකයන් හෝ කොරියන් වැනි ජාතිකයින් සිටිනම් ඔවුන්ගේ රටේ ආකාරයට සෑදු කෑම ලැබෙනවා, සලාද වර්ග දෙකක් හා සිනි නොයෙදූ පළතුරු බිමක්, කොලා බීම කෑන් එකක් හා අතුරු පස ලෙස කේක් හා පළතුරු වර්ගයක් ලැබෙනවා.පහළ තියෙන්නේ මැෂින් ක්‍රියාකරවන්නන් හා වැඩ පරික්ෂකලාගේ කෑම ශාලාවක පින්තුරයක්.



ඉන්ඩස්ට්‍රියල් කේටරින් කියන්නේ මොකක්ද කියල පොඩි වැටහීමක් ගන්ඩයි මේක ලිව්වේ.තවත් ගොඩක් විස්තර තියනවා ලියන්ඩ,ශිත කිරීම,  විවිද උෂ්ණත්ව පරාස,තවත් දේ පස්සේ ලියන්නම්.   ලිපිය ගැන වගේම මේකට තව මොනවා හරි එකතුකරන්ඩ තියනවනම් කමෙන්ට් කරන්ඩ.






26 comments:

  1. බෝම හොදයි.. නොදන්න දේකුත් දැනගත්තා.. සිරිල් අයියල ලංකාව පුරාම ඉන්න හන්දා අපිට නං කිසි ලෙඩක් දුකක් නැතිව සන්තෝසෙන් කාලා බීල ඉන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. සමහරු මෙහෙ ඇව්ත් කියනවා,ඉන්ටවිව් එකේදී අපිට කිව්වේ තරු තුනේ හොටෙල් එකක් වගේ තැනක රස්සාවක් දෙන්නේ කියල..

      Delete
  2. මේක හොඳ ලිපියක්, සෑහෙන නොදන්නා කරුණු

    ReplyDelete
    Replies
    1. රස්සාවේ වටපිටාව ගැන ලිව්වේ. ස්තුති ඉවාන්..

      Delete
  3. ඒකසයිලික > ඒක සෛලික
    තවත් වැරදි නං දැක්ක. ලලිත්ගෙ මුල ඉඳලම මං දකින තාම නොහැදුන වරදක්. සාමාන්‍යයෙන් මම මෙහෙම කියන එක නවත්තල ගොඩක් කල්. මොකද හුගක්අය ඒක වැරදි විදිහට තේරුං ගන්න නිසා.
    ඒත් එක්කෙනෙක් දිගටම එකම විදියට වැරදිය ට ලියනව නං පොඩ්ඩක් කියන්ට එපැයි නේ...
    අමනාප ගන්න එපා...

    ඇත්තට ම කියනව නං මේ ලෝකෙ හසරක් දනකෙතාවක් නෙවී ඔය. ඉතිං තව තව විස්තර එක්ක පෝස්ට් එකක් ලීවට පාඩු නොවෙයි කියල හිතනව

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති වැරැද්ද පෙන්වල දුන්නට, සමහර වචන ටයිප් කරන්ඩ අමාරුයි, ඉදිරියේදී හදාගන්නම්.

      Delete
  4. මේ ලෝකෙ හසරක් දනකෙතාවක්///
    දන්න කතාවක් ලෙස නිවැරැදි විය යුතුයි

    ReplyDelete
  5. දන්නේ නැති අලුත් කරුණු ටිකක් දිගටම ලියන්න

    ReplyDelete
  6. එකමජාති දුන්නානං මක්වෙනවද

    ReplyDelete
    Replies
    1. සමාජවාදියෙක් දැක්කනම් කියයි ආන් බලපන් සෞදියේත් පංති බේදය තියනවා කියලා.

      Delete
  7. මම හිතන් හිටියෙ ඔයවගේ ජාති වෙන්නෙ ෆිල්ම් වල විතරයි කියල.....තව විස්තර ලියන්ඩ

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබට..ඉදිරියේදී ලියන්නම්..

      Delete
  8. මේක කියෙව්වම මම මගේ බ්ලොග් එක මුලින්ම ලියන්න හිතු කාරණේ මතක් උනා කියහන්කෝ.. 'සේෆ්ටි සිංහලෙන්' ලියන්න කියල හිතල තමයි බ්ලොග් එක පටන් ගත්තේ.. දැන් එහෙම එකක් ලියපු කාලයක් මතක නා..

    ලලිත් කේටරින් ද ෆුඩ් සේෆ්ටි ද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ලියන්ඩ ලියන්ඩ, ෆුඩ් සේෆ්ටි, හයිජින් වැඩ කෝටියයි....!

      Delete
  9. අඩේ උඹ කුකෙක්ද....චිකන් සුපවයිසර් හරි ඒවගේ මගුලක් කරන එකෙක්ද??

    ආසම මාතෘකාවක්.මමත් හෙනම ආසවැඩක් තමයි මහාපරිමානයෙන් කෑම හදන එක.ඒක හෙන ජොලි වැඩක්.වැරදෙයි කියලා බයකුත් නෑ.පොඩක් එහේ මෙහේ වුනොත් වල්ග සිස්ටම් වලින් ආපහු ගොඩදාගන්න පුළුවන්.(පුරුදු බක්කරේ අයිටම් ගැනයි කිවුවේ)

    ඔය ph ගැන පොඩි කතාවක් කියන්නම්.ඒ දවස්වල ප්‍රසිද්ධ තරු5හේ හොටලේක පේස්ට්‍රි සෙක්ශන් එකේ 2කොමියෙක් විදිහට වැඩකලා.දවසක හොට් කිචන් එකට ලොකු කෑම ඕර්ඩර් එකක් ඇවිත්.උන්ට කට්ටිය අඩුයි.අපිත් ගිහින් උදවුකලා.මම බිරියානි එක හදන අඩුමකුඩුම උන් කියන විදිහට දාලා තෙම්පරාදුකරන්න පටන්ගත්තා.බඩු ටික බැදෙනකම් ලී පත්තකින් හැදිගානවා.ලිපේ රස්නෙට දාඩිය දානවා හෝ ගාලා.ඒ රස්නේ පුරුදුත් නෑ.එක්ස්සෙකෙටිවු චෙෆා ඇවිත් බලලත් ගියා.යන ගමන් චෙෆාට කියනවා "බිරියානි එකේ ලුණු බලලා දාන්න...අරකගෙන් වැටෙන දාඩිය වල හැටියට ලුණු ඕනේ නැතිවෙයි...."

    ඔන්න ඔහොමයි අපේ ph....

    ReplyDelete
    Replies
    1. මට උයන්ඩ නම් බෑ, ටෙම්ප්රෙච්ර් චෙක් කරනවා,ස්ටාෆ් එකේ පර්සනල් හයිජිං චෙක් කරනවා,,,,බ්ලා,බ්ලා ,බ්ලා වැඩ කෝටියයි, ඒ අස්සේ බ්ලෝග ලියනවා...

      Delete
  10. වුර්තියෙන් කාර්මිකයෙක් උනාට කුකිං සබ්ජෙක්ට් එක ඇගේම තියන දෙයක් නිසා මමත් අවුරුදු දෙකක විතර කාලයක් පාර්ට් ටයිම් කුක් කෙනෙක් විදිහට වැඩ කරා ඔය වගේ ලොකු ෆැක්ටරි එකක. දවල් වරුවේ මම මැෂින් නඩත්තු අංශයේ ටෙක් විදිහට වැඩ කරන ගමන් රෑට කුක් උනා.. උයන්න පටන් ගන්න අඩුම ප්‍රමාණය තමයි කිලෝ 25. ඊට වැඩි මිසක් අඩු නෑ. අඩි 3x4 වගේ කුකර් තුනක මම එකපාරට කිලෝ 25 එව්වා තුනක් කුක් කරනවා. සීනි සම්බෝල වගේ ළූණු කුක් කරන රෙසිපියක් තියනවා ඒක කරන්න ගියාම කඩියා වගේ වැඩ කරන්න ඕන යන්තම් පරක්කු උනොත් ළූණු ටික අඩිය අල්ලන නිසා. සෝස් ජාති හදද්දී තමා එපා වෙන්නේ.. අත පිච්චෙනවා සෑහෙන්න ..සෝස් බානකොට ගිනි කන්දක් පුපුරලා ලෝදිය වැක්කෙරෙනවා වගේ තමා..ඒ ගිනි රස්නේ පිටින් තමා පැකින් එකට යවන්නත් ඕන. ඒ උෂ්ණත්වය නැතුව පැකින් කරලා වැඩක් නැති නිසා සෝස් එක කුක් කරපු ගමන් ලීටර් දහයේ බකට් එකට පුරවලා ඉනිමගේ පඩි හයක් නැගල පැකින් මැෂින් එකේ ටැංකියට වක්කරන්න ඕන. සෝස් කන්ටේනර් එකක් ගහනකොට අත් දෙක පිච්චෙන වාර ගාන ගණන් කරන්න බැහැ බන්. අර ලෝදිය හැලිය අරන් ඉනිමගේ නගින එක තමයි අමාරුම වැඩේ. යටින් රෙදි තියල ඇල්ලුවත් හැකි ඉක්මනින් පැකින් එකට වක්කරේ නැති උනොත් අත රෝස පාට වෙන්නම පිච්චෙනවා බන්..ඒ එක්ස්පීරියන්ස් ඒකනම් කෝටියක් වටිනවා කොච්චර කට්ට කෑවත්.

    ReplyDelete
    Replies
    1. ලෙසටම බ්ලොග් ලිව්වට උයන්ඩ පුළුවන් කියල දන්නේ අදයි. රත් වුන බාජන අල්ලන්ඩ හිට් රිසිස්ට් ග්ලොව්ස් තියෙනවා, බුචරියේ මස් කපන අයටත් අත කැපෙන්නැති වෙන්ඩ යකඩ ග්ලොව්ස් තියෙනවා. රත් වුන සෝස් බාජන අරන් පඩිපෙල් නගින එකනම් භයානක්යි. ඒ වගේ තැන් වලට පොඩි ක්‍රෙන් එකක් හරි, බෙල්ට් එකක් වගේ දැම්මා නම් හොදයි. සමහරවිට ඔබ වැඩකළ තැනට I S O හෝ BRC වැනි තත්ව සහතිකයක් තියෙන්ඩ නැතුව ඇති. එහෙම තිබුණානම් ඔඩිට් වලදී අහුවෙනවා.

      Delete
    2. කුකිං මගේ තවත් එක හොබී එකක් මචන්.. මොකක්හරි රෙසිපියක් දැක්කොත් මට එක හදලා බලනකම් නින්දක් නැහැ.. මෙහෙ මම කුක් කරන එව්වා කන හැම එකාම කියන්නේ රෙස්ටුරන්ට් එකක් දාපන් කියල. එත් එව්වා පටන් අරන් කරන යන්න මාර මහන්සියක් වෙන්න ඕන බන්..

      ISO ගැනනම් නොදනිමි මචෝ.. මම වැඩ කරපු ෆැක්ටරි එක සේවකයින් 50 ක් විතර ඉන්න එකක්.සමර් එකට වගේ පැය 24 ම වැඩ. හීට් රෙසිස්ට් ග්ලව් නම් අපිට තිබුනේ නැහැ..අවන් එකේ දාන එව්වා ගන්න ග්ලව් නම් තිබ්බ. පත සයිස් අවන් වල අපි තඩි වම්බෝරු කිලෝ 25 ක් විතර එක පාරට අවන් කරනවා.

      අත කැපෙන්නේ නැති ග්ලව් නම් තිබ්බ. ක්‍රෙන් එකකින් පැක් කරන්න තරම් සෝස් නිතර හැදෙන්නේ නැහැ බන්. ලොකු ඔර්ඩර් ආවාම තමයි ඒ වගේ ලොකුවට සෝස් හැදෙන්නේ. නැත්තම් සෝස් ටිකයි නිසා සෝස් පැකින් එක ගැන ඒ තරම් ලොකුවට හිතන්නේ නැහැ එයාල.

      ලොකු ලොට් වලින් උයද්දී රෙසිපිය කිරලා දැම්මේ නැති උනොත් කෑම එකේ රස වෙනස් වෙනවා. ඒ හින්ද අපි නිතරම අකුරටම කරන දේ තමයි රෙසිපිය රාත්තල් අවුන්ස වලින් බර මනින එක.. සමහර සෝස් වර්ග වලට වොඩ්කා බෝතල් හතරක් පහක් විතර දැමෙනවා.. කුකා විදිහට බෙබෙක් හිටියොත් ඉවිල්ල කෙසේ වෙතත් හොඳට ගහල කුස්සියේ වැටිල නිදාගනියි.. ඔක්කොම උයන දේවල් සුද්ද කරලා කපලා ෆ්රෝසන් පැකට් කරලා එන නිසා අතින් කැපිලි කෙටිලි තියෙන්නේ බොහොම ටිකයි.. අනික්වා සේරෝම මැෂින් වලින් තමයි. මම ඒ ජොබ් එකෙන් අයින් උනෙම දවසට පැය 18 ක් විතර වැඩ කරන්න බැරි නිසාමයි. සමහර දවස් වලට දවල් 11 ට වැඩට ගියාම ඕෆ් වෙන්න වෙන්නේ පහුවදා උදේ හයට. ඕඩර් එක වෙලාවට දෙන්න ඕන නිසා මිනිස්සු නැති උනත් ඉන්න ටිකෙන් වැඩේ ගෙනියන්න ඕන. ටෙම්පරි හයර් කරන කුක්ලා අරගන්නවා අපේ ලොක්කා.. ඒත් උන්ට අපේ තඩි සයිස් වලින් උයන්න බැහැ අපේ ස්පීඩ් එකට.. ඒ හින්ද උන් කැමැත්තෙන්ම ඩිෂ් වොෂර් එකට ගිහින් භාජන හෝදනවා.. මා එක්ක වැඩ කරපු ඔක්කොම ස්පැනිෂ් එවුන්.. උන් එක්ක කරට කර වැඩ කරන්න යෝද හයියක් ඕන බන්.. නිස්කාරනේ වදකරලාම මැරෙන්න බැරි නිසා අයින් උනා..

      Delete
    3. පුඩ් සේප්ටි බලන්ඩ කව්රුත් ආවේ නැද්ද? මෙහෙ මාසෙකට සැරයක් අපෙන් කෑම ගන්න කම්පැනි බලන්ඩ එනවා. ආණ්ඩුවෙනුත් ඉදලාම එනවා.

      Delete
  11. කොරියාවේදී හැමදාම කෑවේ ඔය විදියට තමයි..... මුල් කාලේ නම් කොහොමටවත් කන්න බෑ... ඒත් අවුරුද්දක් විතර ගියාට පස්සේ කොරියන් කෑම මාර රසයි.... හුන්ඩායි එකේ සේෆ්ටි හෙල්මට් එක දැක්කත් සතුටුයි.....

    ReplyDelete
    Replies
    1. බංගාරා welcome,
      කොරියාවේදී දුන්නේ කොරියන් කෑමද? ඉන්දියන් කෑමත් රස නෑ, මිරිස් අඩුයි, තුන පහත් වෙනස්, මසාල සෝස් වගේ දාන්නේ.

      Delete
  12. හොද ලිපියක් අලුත් දේවල් ඉගනගත්ත!!

    ReplyDelete
  13. නියමයි.
    ඒත් බලහං.. වැඩියෙන් ඇඟ මහන්සි වෙන පෝශනයක් ඕන එවුන්ට සවුත්තුම කෑම.ලොක්කන්ට සුපිරි කෑම..
    ජයවේවා..!!

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න