Sunday 6 March 2016

සොඳුරු ඝාතකයා අවසාන කොටස




 සොඳුරු ඝාතකයා 04 කොටස.

සොඳුරු ඝාතකයා අවසාන කොටස

ඉරිදා උදැසන තම දුරකථනය නාදවෙනු අඩනින්දේ පසුවූ ක්‍රිෂ් ට ඇසුණේ සිහිනෙන් මෙනි.
“සුබ උදෑසනක් මිස්ටර් ක්‍රිෂ් මම නතාලියා කථා කරන්නේ, කරුණාකරලා බැංකු ගිණුම පරික්ෂා කරලා බලන්ඩ”
මිස් නතාලියා උදේම ලස්සන කෙනෙක්ගේ ලස්සන කටහඩක් අහන්ඩ ලැබීමත් වාසනාවක්, ඒත් ?
මොකද ඒත් කියල නැවැත්තුවේ?
ඒත් ඔයාලගෙ බොස් එදා  එකග උනානේ මට ඉංග්ලන්ඩ් යන්ඩ පාස් පොර්ට් එකක් හදල දෙනවා කියලා,
ඔව් ඒක හරි,
කෝ ඒ ඩොකයුමන්ට්ස් ,
ඒක තමයි මම දැන් කියන්ඩ යන්නේ,
ඔව් කියන්ඩ බලන්ඩ,
අද හවස දෙකට යුනිට්යි ප්ලාසා එකේ තියන රෙඩ් හැට් කොම්පියුටර්ස් ෂොප් එක ළගට එන්න, ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියල
නෑ නෑ මෙතන මට ඕනෙ විදියටයි වැඩේ කෙරෙන්ඩ ඕනේ,
එකේ ගැටළුවක් නැ හෑන්ඩ්සම් ඔක්කම හොදින් සිද්දවෙයි
ඔව් එහෙම වෙයි මිස් නතාලියා
දුරකථනය විසන්දි විය.
 ක්‍රිෂ් දින ගණනක් සිතින්  සැලසුම් කළ ඔහුගේ මෙහෙයුම  ක්‍රියාත්මක කරමින් සිටියේය.කොම්පියුටරයේ තිබු අතීත සටහන් සියල්ල මකා දැමූ ඔහු තම කාමරයේ  බිත්ති මත අලවා තිබු මාර්ග සිතියම් හා සටහන් සියල්ල පුළුස්සා දැමුවේය. තම අවසාන මෙහෙයුමේ  දුර්වල යයි සිතුණු තැන් යලි යළිත් ආවර්ජනය කරමින් සෙමින් තම ඉලක්කය කරා ගමන් කරමින් සිටියේය.
නතාලියා කියූ වෙලාවට මදක් කලින් එම ස්ථානයට ගිය ක්‍රිෂ් හාත්පස තියුණු බැල්මකින් පරික්සා කරේ කිසියම් සැක කටයුතු අයෙක් සිටි දැයි යන සැකයෙනි. එවන් කිසිවෙකුත් නොදුටු ඔහු රෙඩ් හැට් කොම්පියුටර්ස් ඉදිරිපස ඇති කඩයේ ඇති පරිඝනක කොටස් දෙස බලමින් කාලය ගෙවිය. ඇත්තෙන්ම ඔහුගේ දෑස් යොමුවී තිබුණේ ඉදිරිපස ඇති ප්‍රධාන ඇතුල් වීමේ දොර වෙතයි.
දුර කථනයෙන් ගිවිස ගත් වෙලාවටම ප්‍රධාන දොරටුවෙන් ඇතුල්වන ඒ රුව හදුනා ගැනීමට ඔහුට අපහසු නොවිය.
එදා මුලස්ථානයේදී දුටුවාටත් වඩා ලස්සනක් කෙටි සායෙන් නිරාවරණයවූ සුදු පැහැ  දිගු දෙපා  හා බ්ලවූසයෙන් ඉස්සි පෙනෙන ලැමත් දුරදීම දැක ගැනීමට ඔහුට අපහසු නොවිය. කුඩා ලැප්ටොප් බෑගයක් ඇයගේ එක අතක විය. කඩිසර ගමණින් දිගු පියවර තබමින් ඇය ක්‍රිෂ් වෙත ආවාය.
“හමුවීම සතුටක් මිස්ටර් ක්‍රිෂ්” ඇය සිය සුරත දිගුකලාය.
“මම හිතුවේ බෑග් එක ෂොප් එකෙන් තියල මට කෝල් එකක් දෙයි කියලා” ඇයගේ අත තම දකුණතින් ඇල්ලු ක්‍රිෂ් කිවේ සිනහ වෙමිනි.
අර ඉංග්ලීස් ෆිල්ම් වල වගේද? නතාලියා ඇසුවේ සිනහවෙමිනි.
“මෙන්න මේ බෑග් එකේ තියනවා මිස්ටර් ක්‍රිෂ් ගේ පාස්පෝට් එකයි අනික් ලියකියවිලි ටිකයි” බෑගය ඔහුවෙත දෙමින් ඇය කීවාය.
“හොදයි එහෙනම් අපි ආයේ හමුවෙමු” ක්‍රිෂ් කිවේ සියළුම ලියකියවිලි පරික්ෂා කිරීමෙන් පසුවයි.
“අපිට  තවම හරියට කථා කරන්ඩවත් බැරි උනානේ යමු මමත් ඔයා එක්ක එන්නම්”
“ඒකනම් ගොඩක් හොදයි ඒත් අද මම ටිකක් බිසී”
ප්‍රශ්නයක් නැ මිස්ට ක්‍රිෂ් මේක අපේ බෝස්ගේ ඕඩර් එකක්
“එකත් එහෙමද” ඔහුගේ කටහඩේ වුයේ නොරිස්සුම් බවක්.
මේ අතර ඔවුන් සිටි ස්ථානයට කිලෝමීටර් කිහිපයක් ඈතින් වූ මුලස්ථානයේ සිටින පිරිස තම සුවච සේවිකාවගේ හා දඩයක්කරුවාගේ සෑම වචනයකටම සවන්දීමට වගබලා ගත්තා. ඒ ඇයගේ බෑගයට සවිකළ සන්නිවෙදකයක් හරහා.
“හැම දෙයක්ම හොදින් සිදුවෙනවා නේද” අණදෙන්නා ගැබුරු හඩින් විමසා සිටියා.
ඔව් සර් ඔක්කම හොදින් සිදුවෙනවා. දුරකථන පරීක්ෂක පිළිතුරු දුන්නා.
“හොදයි දිගටම මොනිටර් කරනවා, ප්‍රශ්ණයක් උණොත් දන්නවනේ කරන්ඩ ඕනේ මොකක්ද කියල”
“ඔව් සර්”
හොදයි අද කව්රුත් නයිට් ඩියුටි දාල නැහැනේ,
නැ සර් නතාලිය මිස් විතරයි, අළුතින්  ස්ථාන මාරුවක් ලබා පැමිණි සෙබළා පැවසුවේ තරමක චකිතයකින්.
නෑ නතාලිය මිස් දවස් තුනකට නිවාඩු දාල ගියේ, එසේ කියමින් ඔහු වියරුවෙන් මෙන් සිනාසුණා.
වැනිලා සුරුට්ටුවක් පත්තුකරගත් ඔහු නැවතත් කටහඩ අවදි කළා.
හෙට බියර් නෙවෙයි හැමෝටම මම ගානේ ශම්පෙන් නැවතත් ඔහුගේ වියරු සිනහව පාලක මැදිරියපුරා දෝංකාර දුන්නා.
             ≠  ≠ ≠  ≠   ≠   ≠     ≠     ≠       ≠

මිස්  නතාලියා ඔයාට විනාඩි කීපයක් කා එකේ ඉන්ඩ පුළුවන්නේ, මමමේ ඩොකියුමන්ට් ස්කෑන් කරගෙන එනකම්.
ෂුවර් නො ප්‍රොබ්ලම්. ඉක්මනට එන්න.
ක්ෂණයකින් තම සුපුරුදු දුරකථන ඇමතුම් හලට වැදුණු ක්‍රිෂ් ගමන් බලපතේ පිටු කිහිපයක් ෆැක්ස් යන්ත්‍රයට යොමුකළේ තම ඉලක්කයේ තවත් කොටසක් සම්පුර්ණ කරමින්.
මම පරක්කු උනාද? ඉක්මන් ගමණින් පැමිණි ඔහු රථය නැවතත් පාරට ගත්තා.
“නැ පොඩ්ඩක් වත් නැ, අපි ඉස්සරහ කඩේකින් මොනවා හරි බිල යමුද ක්‍රිෂ්”
ඇය ඇසුවේ තොදොල් වෙමින් ඔහු දෙසට බරවෙමිනුයි.
තව ටිකක් ඉස්සරහින් තියනවා පොල් අතු කඩයක්, එතනින් උණු උණු ආප්පයක් කාල කොක් එකක් බොමු”
ශා එක හොදයි ඇය පැවසුවේ දෙතොල් උල් කරමින්.
කොහොමද තැන, හොදයි නේද?
ෂා නියමයි ක්‍රිෂ් අපි තව ටිකක් ඉදල එන්ඩ තිබුණේ
හරි අපි තවත් දවසක එමු ක්‍රිෂ්ගේ හඩේ වුයේ තීරණාත්මක බවක්.
එතැන් සිට ක්‍රිෂ්ගේ කාමරය ඇති තට්ටු නිවාස පෙළ දක්වා එන ගමනේ නතලියා නොනවත්වා දොඩමළු වුවා. මේ සියළු කථාබස් තුන් වැන්නෙක් අසා සිටින බව දැන සිටියත් ඇය ක්‍රිෂ්ට වසගවී සිටියා, මේ අතර මේ කථාබහ තම රෙකෝඩරයෙන් පටිගත කරගැනීමට ක්‍රිෂ් අමතක කළේ නැහැ. ඒ ඔහුගේ ඉදිරි සැළසුම් සදහායි.
“කොහොමද මගේ කාමරය” දොර විවර කර ඇතුළට යන මෙන් සන් කරමින් ඔහු විමසුවා.
ෂා ඇත්තටම ලස්සනයි,ඈ විසිත්ත කාමරයේ බිත්ති වල එල්ලා ඇති සිතුවම් දෙස බලමින් කිව්වේ දෑස් නටවමින්.
බෙඩ් රූම්එක ඔයිටත් වඩා ලස්සනයි” ඇසකින් ඉගිමැරු ක්‍රිෂ් කියුවේ සිනහවක් මුවට නගා ගනිමින්.
“ඒක පස්සේ බලමු අපි කීයටද වැඩේට යන්නේ ක්‍රිෂ්”
 “අපොයි තව වෙලා තියනවා, රැ 9 ට පිටත්වුනාම ඇති”
“ෂාහ් පැන්ට්‍රියේම මිනි බාර් එකකුත් තියනවා මරුනේ”
ඔය ටිකට එකත් දැක්කද ? ඔය මගේ පොඩි කලෙක්ෂන් එකක්
කෑම උයන එක මගේ විනෝදාංශයක්, ඒත් මේ දවස්වල නම් කඩෙන් තමයි.
නතාලියා මොනවද බොන්ඩ කැමති වයින්,බ්යර් වොඩ්කා,බකාදී විස්කිත් තියනවා, ක්‍රිෂ් ඇසුවේ විදුරු දෙකක් රැගෙන එමිනි.
අද බියර් එකක් බොමු සැර බීමකට වෙනදවසක එන්ඩ පුළුවන්නේ.
ඔව් සත්තකින්ම , ශීතකරණයේ වූ බියර් බෝතල් දෙකක් ගෙන එකක් නතලියාට දිගු කරමින් ඔහු කීවා.
කාලය සෙමින් ගතවෙමින් තිබුණා, තමා හින්දි නළුවෙකු වැනි මොහුට තව තවත් ආකර්ෂණය වනබව නතාලියාට පසක්වුනා.
මට වොෂ් එකක් ගන්ඩ තිබුණොත් හොදයි,නතාලියා පැවසුවේ හාත්පස බලමින්.
බෙඩ් රූම් එකෙන් යන්ඩ තියෙන්නේ ඉන්ඩ මම පෙන්වන්නම්.
නතාලියා නාන කාමරයට ගියපසු ඔහු මෙතෙක් වෙලා බලා සිටි මොහොත පැමිණියා, වහ වහා ඇයගේ කුඩා හෑන්ඩ් බැගය පරික්ෂා කළ ක්‍රිෂ්ට කුඩා මයික්‍රපොනය හදුනා ගැනීමට වැඩි වෙලාවක් ගියේ නැ.
තමාගේ ටි ෂර්ටයකින් හා කොට කලිසමකින් සැරසී නාන කාමරයෙන් එන නතාලියා දුටු  ඔහුට තම හැගීම් පාලනය කර ගැනීමට අපොහොසත් වුනා.
“ෂා ඔයා ගොඩක් ලස්සනයි”
ඇත්තටම
ඔව් ඇත්තමයි ක්‍රිෂ් කිවේ ඇගේබදවටා තම දෑත් යවමින් ඇය තමා දෙසට ලංකර ගනිමින්.
සෙමින් ඇගේ දෙතොල් සිපගත් ඔහු ඇද මත දිගා වුනා, ක්‍රිෂ්ගේ අතොරක් නැති සිපගැනීම් වලින් කුල්මත්වූ ඇය තවතවත් ක්‍රිෂ් වෙත ආකර්ෂණය වුවා.
රාත්‍රිය සෙමින් මෝදු වෙමින් තිබුණා, මේ තමාගේ සුන්දරම රැය බව ඇයට සිතුණා.
සියල්ල තමාට අවැසි අයුරින් සිදුවන බව ක්‍රිෂ්ට පැහැදිලියි.
සියල්ල සිදුවීමට වැඩි වෙලාවක් ගතවුනේ නැ, සුදුමැළිවී ඇති නතලියාගේ සිරුර නිදන  කාමරයේ ඇද මතින් ඔසවාගත් ක්‍රිෂ් එය පැන්ට්‍රියේ කෑම මේසයේ පුටුවකට බරකලා. අදිශීතකරණයේ වූ කාමර පිරිසිදු කරන තරුණයාගේ සිරුර එළියට ගත් ඔහු එය ගෑස් ළිප අසළින් තැබුවේ “කණගාටුයි මිත්‍රයා මගේ උසට හරියන කෙනෙක් හිටියේ උබ විතරයි යැයි තමන්ටම මුමුණමින්.
වහා ගෑස් ළිපේ සිලින්ඩරයට සම්බන්ද බටය පිහියකින් සිදුරු කළ ඔහු විසිත්ත කාමරයට පිවිසියේ තමා හා නතලියාගේ කටහඩ පටිගතකල රෙකෝඩරයත් රැගෙනයි. එය ක්‍රියාත්මකකර නතාලියාගේබෑගය අසළින් තැබූ ඔහු  නිදන කාමරයෙවූ කාමර පිරිසිදු කරන්නාවූ මොහොමඩ් ගේ  ඇදුම් ඇද තොප්පිය හා බොරු රැවුල ඉක්මනින් දමාගත්තා,  ඔහු ලයිටරයෙන් පත්තුකළ ඉටිපන්දම සීරුවෙන් ගෑස් කුකරය මත තැබුවා, ඒවන විටත් කාමරයපුරා ගෑස් ගද පැතිරෙමින් තිබුණා.
අවසාන වරටත් හාත්පස බැලු ක්‍රිෂ් දොරවසා අගුළු දමා මොහොමඩ් මෙන් කකුලක් කොරගසමින්  අදුරු මුල්ලක තිබුණු පිරිසිදු කිරීමේ උපකරණ දැමූ ට්‍රොලිය ගෙන වහවහා බිම් මහළට පැමිණියා.
විනාඩි කිහිපයකට පසු ඔහුට තමන් බලාපොරොත්තුවූ හඩ ඇසුනා,ඒ ප්‍රදාන මාර්ගයෙනුත් ටිකදුරක් ගියවිටයි.ඈතින් එන කොටුව බලා යන  බසයට අත ඇල්ලු ඔහුඉක්මණින්ම එයට ගොඩවුණා. කොටුව දුම්රියපලෙවූ රුපවාහිනී තිරයේ තම නිවසේ ගිනිගන්නා දසුන් සජීවීව විකාශනය වන බව ඔහුට පෙනුණත් මිගමුව බලා යන දුම්රියක් පැමිණි බැවින් ඔහු ඉක්මන් ගමණින් එයට ගොඩවුණා.සාක්කුවේ ඇති මුදල් දැමූ කවරය නැවතත් අල්ලා බැලු ඔහු තමා පසුපස සැකකටයුතු  කිසිවෙකු එන්නේදැයි   නැවතත් බැලුවා.
ඔස්ටින් අයියලාගේ ට්‍රොලරය මිගමු වැල්ලෙන් පිටත් වන්නේ පාන්දර එකටය. තවම එකොළහ පසුවූවා පමණි. ඔහුට දියයුතු මුදල වෙනම වෙන්කර තබා ගත යුතුය. වැල්ලෙන් පිටත්වූ විට පනස් දහසකුත් ඔස්ට්‍රලියාවේ මුහුදු සීමාවට ගියවිට ඉතිරි මුදලත් දීමට ඔහු එකග වී තිබුණා.

                      නිමි.                      





21 comments:

  1. ජයවේවා..... අවසානයක් කියන්නේ අලුත් ඇරඹුමක්... ආයෙම පටාන් ගනිමු....

    ReplyDelete
  2. ඒයි..මේක මේ විදිහට ඉවරකරන එක අසාධාරනයි.අපරාදයක්.ඇදගන යන්න තව ගොඩක් ඔයින්ට් තිබ්බා.කම්මැලිකම.හොඳට ලියාගන ඇවිත් දඩිං බිඩින් දොඩං කරලා.කොටියම කාපිය.

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ. පස්සේ තව එකක් ලියන්නම්.

      Delete
  3. මුල ඉදන් කියවලාම අදහසක් දක්වන්නම්කො මචං...

    ReplyDelete
    Replies
    1. ලයියා
      ස්තුති මචෝ.

      Delete
  4. මේක ඉවර කරාට කමක්නෑ තව එකක් ලියපං

    මනෝ මන්දිර

    ReplyDelete
    Replies
    1. හොදයි, තැන්කු මනෝ.

      Delete
  5. Replies
    1. කොල්ලා පැන ගත්තු නිසාද? හික් හික්.

      Delete
  6. තව එකක් ලියන්න ආදර කතාවක් නම් ගොඩක් හොදයි

    ReplyDelete
    Replies
    1. ස්තුති, මම ට්‍රයි කරලා බලන්නම්කෝ.

      Delete
  7. පහුගිය දවස් ටිකේ නාවට අන්තිම කොටහට කලිං ඒකත් කියවල මයි මං ආවෙ.
    කතාව ටිකක් දඩි බිඩියක් තිබ්බ වගේ වුණත් නියමෙට අවසන් කරල තියෙයි
    කොටිංම කියනව නං ඉංගිරිස් පිලුමක් වගෙයි
    හැබැයි මේකත් කියන්න ඕන.
    ඒ ඉංගිරිස් පිලුම දුර්වල අධ්‍යක්ෂක කෙනෙක් කරපු ප්‍රබල කතා රේඛාවක් තිබ්බ පිලුමක වගෙයි.

    තරහ ගන්න එපා මචෝ ඇතතටම දැනෙන දේ කීවෙ

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබට, මේ මගේ පළවෙනි නිර්මාණය.

      Delete
  8. rasawath . eka idgata kiyewwa . anuwarthayak newi ne? digatama liyanna api enawa balanna

    ReplyDelete
  9. rasawath . eka idgata kiyewwa . anuwarthayak newi ne? digatama liyanna api enawa balanna

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති. නෑ මේක මගේ පළවෙනි නිර්මාණය.

      Delete
  10. අයියෝ ඉවරද..???????
    ඒත් කතාව නියමයි !

    ReplyDelete
  11. කතාව මරු...තවත් දිගට ඇදගෙනයන් මචෝ...

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න