Monday 28 March 2016

සා. සේ - 240139



සා. සේ  - 240139

පහතින් ලියවෙන කථාව කිසිවෙකුගේ පැන්ටසිය කඩා බිද දැමීමට හෝ සිංහ ලේ කෝප කිරීමකට හේතු නොවේවා යයි පතමි,මාසික වේතනයකට රැකියාවක් කරන හා කල ත්‍රිවිද හමුදා සෙබළුන්හට දේශය රැකගත් රණවිරුවන් යයි ලේබල් ගසා ඔවුන්ගේ දුප්පත් කරමත නැගි සිංහලේ ගෝත්‍රිකයන්ගේ දේශපාලකයන්ට වෛර කරන අතර සැබෑ රණ විරුවන් සිටියා නම්  සිටියේ දකුණේ නොව වෙනම රටක් වෙනුවෙන් සටන්කළ උතුරේ තරුණයන් අතර බව නොපැකිළව ලියා තබමි.
  මේ සියල්ලක්ම මාගේ හුදු දහවල දුටු සිහිනයක් පමණි.
“බිත්තිවලටත් කන් ඇත”.... “එක උණ්ඩයට එක සතුරයි”.........


මෙහෙම පාවෙවී ඉන්ඩ ගියහමත් එපා වෙනවා, හැබැයි එකෙත් පොඩි ගතියක් තියනවා, අම්ම ඉස්සර කියනවා වාගේ හැම නරක දෙයකම හොදකුත් හැංගිලා තියනවා. ඉස්සර වගේ වෙලාවට කැම කන්ඩ, නිදා ගන්ඩ තව ගොඩක් දේවල් ගැන හිතන්ඩවත් ඕනේ නෑ, මොකද මං අර TV එකේ කාටූන් එකක හිටියේ “කැස්පර්” THE FRIENDLY GHOST” වගේ සිත මිස කය නැති සත්වයෙක් ,නැත්නම් තවත් එක් ගන්දම්බයෙක්. ඔන්න ආයෙත් සැරෙන් සුළගක් එනවා, සුළගට බෝ කොළ සෙලවෙනකොට හරිම ලස්සනයි.
එදා හවස හයේ පෙරඩ් එකෙන් පස්සේ කැමට යන්ඩ දෙමළ පිගානයි කොප්පෙයි(බෙලෙක් පිගන්,කෝප්ප වලට අපි කිව්වේ එහෙම මොකද තොස කඩවල තිබ්බෙත් ඔව්නේ,මම ජාතිවාදියෙක් නෙවෙයි හමුදාවට බැදුණේ නංගිටයි මල්ලිටයි හොදට උගන්නන්ඩ ඕනේ නිසා, රට වෙනුවෙන් යුද්ද කරන්ඩ අව එකෙක්වත් ආමි එකේ හිටියේ නෑ, හැමෝටම ප්‍රශ්න තිබුණ, එදාවේල කන්ඩ නැති උන් හරියට ගෙයක් දොරක් නැති උන් තමයි අපිත් එක්ක හිටියේ,) අලි කකුල් බෑග් එකෙන් එළියට ගන්න කොටමයි,
“සිනියර්ල පස්දෙනෙක් ලැහැස්තිවෙයල්ල ඇම්බුෂ් යන්ඩ” ප්ලටුන් සායන් ඇවිත් කිව්ව.
බිලට් එකේ දොර ළග හිටපු එකා බිලට් එකේ කොනටම ඇහෙන්ඩ “බිලට් අප්” කියල කෑගහනවා ඇහුණා.
එතකොටම ප්ලැටුන් සායන්ගේ අම්ම හිටියනම් හචින් සීයක් විතර යයි, මොකද කන්ඩත් නැතුව ඇම්බුෂ් යනවා කියන්නේ වහ කෑවටත් අන්තයි, සමහරවිට එන්ඩ වෙන්නේ උදේ එළිය වැටුණහම, නැත්නම් හවස, උදේ ඉදං රෑ වෙනකල් පැටික් කරලා (පස් කොට්ට ගහල, ලී කපන් ඇවිත් බංකර් හදලා, අගල් කපල) රෑ ඩියුටි කරනවා මදිවට හාමතේ පලයල්ලකෝ ඇම්බුෂ්....
කෑම්ප් එකේ ලවුඩ්ස් පිකරෙන් සුපුරුදු සද්දේ ඇහෙනවා ඕන්..........
“එක සෙබළෙක් මියගියහොත් තව සියදහසක් උපදී, අපෙ එක විරු සෙබළෙක් හට දහසක් සතුරන් පරදී”
අම්මගේ රෙද්ද තමයි,,,එකෙක් මැරිලා බොඩිය අරන්ගියාම ඒ ගමේ එකෙක්වත් ආමි එකට එන්නේ නෑ...මැරෙන එකාට කොටි දෙන්නෙක්වත් මරුනනම් SF සර් එන්ඩ කළින්ම යුද්දේ ඉවරයි.
“ඩබල් ..... ඉක්මන් කරපල්ලා අද ටිකක් ඈතට යන්ඩ තියෙනවා” සායන් සද්දේ දානවා.
වැඩිපුර ඇමෝ ගනිල්ලා,JR (ග්‍රෙනේඩ්) දෙක ගානෙවත් ගනිල්ලා, බලපන් උබේ පූචස් එකේ හැටි ඕක ටිකක් ඇගට තද කරගනින්,පෙර්රා කෝ තොගෙ වතුර බෝතලේ? ආයෙත් සද්දේ දානවා.
“තියෙනවා සායන්” එකොළහේ කණුව වෙලා නැත්නම් සීරුවට ඇවිත් මං කියනවා, සායන්ගේ අම්මට අනිවා ලොකු හැචිමක් යන්ඩ ඇති.
පිගන් කෝප්ප බෑග් එකට ඔබපු අපි බැක් පැක් පුචස් වෙපන්,හෙල්මට්  අරං සැගවී සිට පහර දීමකට යන්ඩ සුදානම් වෙනවා.
“බිලට් අප්” ළගම හිටපු එකෙක් කෑගහනවා කණ ඇතුළට උණ්ඩයක් ගියාවගේ සද්දෙකින්, ඒපාර මොකාද ඇවිත් තියෙන්නේ???
වඩේ කාරයෙක් (රාජ්‍ය ලාංජනේ අතේ බැදන් ඉන්න, සාජන් මේජර් කෙනෙක්) ඇවිත්,
“GWR පහකුයි SF පහළොවකුයි සුදානම්” සායන් ඇටෙන්සන් වෙලා කියනවා.
 කෑම්ප් එකේ සීමාවෙන් ටිකක් ඈතට ඇවිත් කළුවරේ ඇස් අදුරට හුරු උණහම ගහක් හෙලඋනත් හිතෙන්නේ මොකෙක් හරි හැංගිලා ඉන්නවා වගේ. මිනිහෙකුට කවර් වෙන්ඩ පුළුවන් ගහක් , පදුරක් දැක්කම හිතෙන්නේ සේප්ටිය බර්ස්ට් එකට දාල පොකුරු උණ්ඩ වලින් ඒ පළාතම නැතිවෙලා යන්ඩ ෆයර් කරන්ඩ. ආසාවට නෙවෙයි බයට. මොකද කොටි එන්නෙත් හමුදා කාරයින්ව මරන්ඩ මිසක් මල් පොකුරු දීල පිළිගන්ඩ නෙවෙයි නේ.
“ කෝ තොගෙ කොලර් එකේ ලුමිනස් ලයිට් එක??
හුටා ඒක නැතිවෙලානෙ, ඇත්තටම ඒක බිලට් එකේදී කව්රු හරි උස්සලා.
“සායන් ඒක නැතිවෙලා” සීරුවෙන් හිටන් මං කියනවා.
“නැතිවෙලා ඒක කියන ලස්සන යකෝ මමද ඒවා පරිස්සම් කරලා දෙන්ඩ ඕනේ පල පස්සට ලොසා, හෙට කෑමෙන් පස්සේ රිපෝට් කරපං මං තොට අතුරුපස ලැස්ති කරලා තියන්නම්” සාජන් කණට ලංවෙලා කියවන් යනවා.මේ පනිස්මන්ට් පිට්ටනිය වටේ පොවඩ් රෝල් ගැසීමක් හරි ලිංගික අල්ලසක් වෙන්ඩත් බැරි නැ.
ඔළුවට දාන කැප් එකේ ඉදලා කකුල් වලට දාන බුට් දෙකට යනකල් හැම දෙයක්ම එකවගේ, වෙනසකට තියෙන්නේ යටට අදින ජෝකාගේ විතරයි. ඒකත් ආමි එකෙන්ම දුන්නනම් ජොකාත් හොරකං කරයි. සල්ලි වල ඉදල ටි ෂර්ට් එක දක්වා හැමදෙයක්ම හොරු ගන්නවා. බඩුවක් නැතිවෙලා පැමිණිලි කරොත් මහඋන් කරන්නේ බඩු හොයනවා නෙවෙයි ෆ්ලටුන්එකටම පනිස්මන්ට් දෙන එක. ඒක නිසා මොනවා නැති උනත් සද්දේ වහල ඉන්න එක තමයි ගොඩක් දෙනෙක් කෙරුවේ.උදේට හවසට සිනියර්ලා ඇවිත් “ප්‍රොබ්ලම් තියෙනවද” කියල අහන්නේ “නැ කෝපල්” කියන උත්තරේ බලා පොරොත්තුවෙන්ම තමයි.
දැන් හැමෝම අඩි කීපයක පරතරයක් තියාගෙන කමිස කොලර්වල පිටිපස්සේ  ගහල තියන කලාමදිරියා බලාගෙන ගන අන්දකාරේ  හිමින් ඉස්සරහට යනවා. තව කිලෝමීටරයක් විතර කැලේ  ඇතුළට ගිහිං දකුණට හැරිලා ප්‍රදාන පාරට හැරෙන අඩි පාර ගාව තමයි ඇම්බුෂ් එක දාන්ඩ තියෙන්නේ, කළුවරයි සමහර තැන්වල තියෙන කටු වැලුයි නිසා ගමන බොහොම මන්දගාම්යි,ඉස්සරහට  තියන අඩියක් අඩියක් ගානේ සතුරන් රජකරන පැත්තටයි යන්නේ, තියන පියවරක් පාසා පපුවේ ගැස්ම වැඩි වෙනවා, වෙපන් එකත් කිටිකිටියේ දෑතට හිරවෙනවා.
අඩිපාරට හැරෙන තැන ලොකු කොහොබ ගහක් තිබුණා, ඊට පස්සේ පොඩි ගොඩැල්ලක් වගේ එකක් පහුඋනත් මතකයි. එකපාරටම තුන් පැත්තකින් ආව වෙඩි වර්ෂාවකට අපිව අහුඋනා, අපිට එක ෂොට් එකක්වත් ෆයර් කරන්ඩ හම්බුනේ නෑ.මොකක්ද උනේ කියල හිතාගන්ඩත් කලින්ම විනාඩි දෙක තුනකදී කොටින්ගේ ඇම්බුෂ් එකකට අහුවෙලා හැමෝම රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුද කළා.
“ සාදු සාදු සාදු සා ...දු ...."
තවත් පුජාවක් පටන් අරං, මම මාස ගානක් මේ බෝ ගහ වටේ කැරකි කැරකි ඉන්නවා, පිංවන්ත මව් කුසක් ලැබෙනකම්, දකුණු ඇලයෙන් හරි වම් ඇලයෙන් හරි අතුල්වෙන්ට, මේ මාස ගානටම මට හරියන මව් කුසක් ලැබුණේ නැ, ටෝයියෙක්ගේ හරි,ජෙප්පෙක්ගේ හරි කුසේකට රිංග ගත්තොත් සදා අනාතයි, බයියෙක්ගේ කුසේකට ගියොත් මහජන මුදල් කොල්ලකාපු හොරෙක් වෙලා තමයි ඉපදෙන්නේ. මේ කපුටු බෝධි වන්දනා කරන්ඩ කොලබ හතේ නෝනලා එන්නෙත් නෑ...
කවුදැ අර ඈතින් එනවා පෙන්නේ,එදා  හමුදාවටයි කොටින්ටයි දෙපැත්තටම ඔත්තු දුන්න සෙල්වයි පවුලයි නේද? ගෑණිට ළමයෙක් හම්බෙන්ඩ වත්ද???....!

-----------------  ----------  ----------   --------------  o     --------------    ----------   ------------

35 comments:

  1. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ . ජයවේවා !!!!

    ReplyDelete
  2. හමුදා වචන අමුතුයි නේද???????? විචාමාමා නං මේවා දන්නවා ඇති...

    ReplyDelete
    Replies
    1. හමුදාවේ විතරක් නෙවෙයි ගොඩක් තැන්වල විශේෂ වචන පාවිචිචි වෙනවා. අපොයි විචා මාමා මට ආටියක් ගහයිද දන්නෑ.

      Delete
  3. //මේ පනිස්මන්ට් පිට්ටනිය වටේ පොවඩ් රෝල් ගැසීමක් හරි ලිංගික අල්ලසක් වෙන්ඩත් බැරි නැ.//++++++++++++++++






    අම්මටඋඩු ලලිත දන්න ජාති....කෑම ගැනයි....හමුදාව ගැනයි....පහර පහර බං

    ReplyDelete
    Replies
    1. මේවායේ ඇත්තක් නැත්තේම නෑ.
      ස්තුති රසික...

      Delete
    2. ඔව් බං මමත් දන්න ඩෑල් එකක් ඉන්නව ඌත් ලිංගික අල්ලස් කේස් හින්ද පැනල ඇවිල....යුද්ධ කාලෙ...

      Delete
  4. වෙනස්ම විදිහේ කතාවක්. හමුදාව ගැන සිදුවීම් මෙච්චර ලීවෙ ඒ ගැන දැනගෙනද ?අත්දැකීම්ද ?

    ReplyDelete
    Replies
    1. හංසි පුතා මාව අමාරුවේ දාන්ඩයි හදන්නේ,,,

      Delete
  5. සෙල්ව ආවෙ බෝගහ කපන්ඩ ද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. සෙල්වයි නෝනයි ආවේ ලැබෙන්ඩ ඉන්න දරුවා වෙනුවෙන් පහන් පත්තු කරලා දෙවියන්ගෙන් ආරක්සාව ඉල්ලන්ඩ, ඔතනදි ඔය බෝ ගහේ හිටපු ගන්දම්බයා සමහර විට ඔය දෙමළ අම්මගේ කුසට යන්ඩත් පුළුවන් කියලයි මට කියන්ඩ ඕනේ උනේ..

      Delete
  6. මෙන්න මට හිතෙන දේවල්/මම දකින දේවල්. සීනියර් එවුන් ගෙනියන්නේ ඊයේ පෙරේද ආව එවුන් තවම යුද්දෙට ෂුවර් නැති නිසා. දවල් කාලයේ උන්ව තව ටිකක් පුහුණු කරවන තුරු නිකම් අනීවාරතේ උන්ව මරන්නේ නැතුව ඉන්නයි එහෙම කරන්නේ.

    ස්පීකර් මගින් සින්දු දාන කඳවුර කිසිසේත්ම සටන් පෙරමුණට ආසන්න එකක් වෙන්න බැහැ. මොකද ඒ සද්දෙට සතුරු මෝටාර්, කාලතුවක්කු වෙඩි, එන්න පුළුවන්. එහෙම වෙච්චි කඳවුරු දෙකකට උදාහරණ වැලිඔය තිබුණු 223 සහ 224 බලසේනා මූලස්ථාන. එමෙන්ම එවැනි කඳවුරක සොල්දාදුවකුට කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. එවැනි කඳවුරු වල මහා පරිමාන මුළුතැන් ගෙවල් තිබෙනවා අනිවාර්යයෙන්ම.

    සොල්දාදුවාට කවදත් කතාකරන්නේ ඔය හමුදා භාෂාවෙන් තමා. අනේ බුදු මල්ලියේ පස් දෙනෙක් වරෙල්ලකෝ ඇම්බුෂ් එකකට කිව්වොත් මගේ අතන රිදෙනවා මෙතන රිදෙනවා කලාන්ත වමනේ ආදී දහසකුත් එකක් රෝග මතුවෙනවා. යුද්ධයේදී මිනිස්කම මානව හිමිකම් ඉතුරුවෙන්නේ බොහොම සීමිතව.

    එවකට හමුදාපති ෆොන්සේකා වරක් වවුනියාව ආරක්ෂක සේනා මූලස්ථානයේ දී සාකච්ඡාවක් පැවැත්තුවා. එතනට සේනාංකාධිපති වරුන්, බලසේනාධිපති වරුන්, අණදෙන නිලධාර්ව්ව්න් ඇවිත් හිටියා. මහනුවර - යාපනය A 9 මාර්ගයේ බටහිර පැත්තෙන් හිටිය අපේ සෙනාවකට නියෝග ලැබුනා පාර හරහා පන නැගෙනහිර පැත්ත අල්ලන්න. ඒ කාර්යයට අදාළ බලසේනාධිපති, ටිකක් අදිමදි කළා. ෆොන්සේකා උන්නැහේ එවෙලේම ඒ බලසේනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කර කොළඹට යවා අලුත් එක්කෙනෙක් පත්කලා. එහෙම නැතුව යුද්ධ දිනන්න බැහැ.

    ක්‍රියාන්විතයක් operation පටන්ගන්නකොට සාමාන්‍ය ගණනය කිරීම කරනවා මෙච්චර ප්‍රමාණයක් මැරෙයි, මෙච්චර ප්‍රමාණයක් තුවාල වෙයි කියලා. ලෝකයේ සෑම හමුදාවකටම ඒ තත්වය එහෙමම තමා.

    මේ කතාවේ තියෙනවා රෙජිමේන්තු දෙකක අය එක්ව ක්‍රියා කල බව. නමුත් විශේෂ බලකාය SF කවදාවත් වෙනත් රෙජිමේන්තුවක් සමග මිශ්‍රකර රැකසිට පහරදීම වැනි සාමාන්‍ය පාබල හමුදා කාර්යයක යොදවන්නේ නැහැ.

    තුන් පැත්තකින් වෙඩි ආවා කියන එක විශ්වාස කරන්න බහ. එහෙම වෙඩි තිබ්බොත්, සතුරාගේ වෙඩි ඔහුගේම පක්ෂයට වදින්න ඉඩ තිබෙනවා.

    කැමතිනම් මගේ ඇම්බුෂ් ලිපි පෙළ කියවා බලන්න

    අර සෙබල අංකය ඇත්ත එකක් නම් ඉවත් කරන්න. එයින් හඳුනාගන්න පුළුවන් ඒ සෙබලාව.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබතුමාට මගේ ආචාරය පුදකර සිටිනවා මම වැනි ආදුනික බ්ලොග් කරුවෙකුගේ ලිපියකට මේ වැනි දීර්ග කමෙන්ටුවක් ලිවිම ගැන.
      මම මුලින්ම කියල තියෙනවා වගේ මේක සත්ය කතාවක් නෙවෙයි, සිදුවීම් කිහිපයක් හැරුණු කොට.
      ස්පිකර් දාපු කදවුරු ගැන ඔබතුමා කියල තිබුන නිසා එවැනි කදවුරු තිබුන කියල ඔබත් පිළිගන්නා බැවින් කදවුර මොකක්ද කියල මම ලියන්නේ නෑ.හැබැයි ඔබ සදහන් කල කදවුරු මෙයට සම්බන්ද නෑ.
      සොල්දාදුවන් කදවුරේ ඉද්දි බඩගින්නේ තියන්නේ නැතිබව පිලිගන්නවා. මම කථාවේ කියල තියෙන්නේ හදිසි පහරදීමකට ගිය නිසා කෑම ගන්ඩ ලැබුණේ නෑ කියලයි.
      සොල්දාදුවන්ට බබා පාට්(සාමාන්යෑ ආකාරයට කථා කිරීම) හරියන්නෑ කියල පිලිගන්නවා, ඒත් එක කම්මුල් පහරක් නිසා දවස් දෙක තුනක් බත් කන්ඩ තියා වතුර ටිකක් බොන්ඩ බැරිව හිටපු සෙබළු ඉන්නවා.(ඔබ දන්නවා ඇති පහර දෙන විදිය, කම්මුලත් යටි හනුවත් අතරට, සිවිල් එකේදී ගහන ඇතුල් පහර වදින්නේ බොහෝවිට කම්මුලට පමණයි, මෙහිදී ඇගිලි පාරත් මුහුණේ හිටිනවා.
      SF සර් ගේ ඔය කථාව නම් අහල නෑ. ඒත් කාලතුවක්කු හමුදාවේ C.O කෙනෙක් කදවුරට ප්රරහාරයක් එල්ල වෙනකොට ආටි ගන් කිහිපයකුත් අත හැරලා(විනාස නොකර, පොඩි ගන් නෙවෙයි 1 km වදින ඒවා) පලා ගිය කථාවක් අසා ඇත.
      හමුදාවේ බලකා දෙකක් එකතුව ප්ර හාර වලට යන්නේ නැද්ද? මගේ මිතුරෙකු සිටියා කමාන්ඩෝ රෙජිමේන්තුවේ, සේවය අවසන් කිරීමට පෙර ඔහු නාකොටික් එකේ වැඩ කරා කිව්වා. මෙය පොලිසියේම කොටසක් නේද? එතකොට පොලිසිය හා හමුදාව එකට වැඩ කරනවා නම් බලකා දෙකක් එකට ප්රයහාරයකට නොයන්නේ ඇයි?
      ඔෆිස් මෙස් එකේ හැදී ගෑරුප්පු වලින් කන නිලදාරියෙකුගේ හා සාමාන්ය සෙබළෙකුගේ කථාව බොහෝ වෙනස් විය හැක.
      සැගවී සිට පහරදීමේදී අඩ කවයක් ආකාරයෙන් බටයන් යොදවා පහර දුන්නොත්, දෙපස සිටින්නන් ස්නයිපර් තුවක්කු බාවිතා කරන බවටත් පොකුරු උණ්ඩ වෙඩි තැබීමකට නොයන බවටත් උපකල්පනය කළොත් ක්රොනස් ෆයර් එකකට අහු වෙයිද? හමුදාව ගමන් කරමින් සිටින නිසාත්, සැගවී සිට පහර දෙන්නන් පොළවේ දිගාවී සිටින ලෙසත් සලකන්න.
      ඔබගේ ලිපිපෙළ නැවත බලන්නම්. නැවතත් ස්තුති ඔබට...

      Delete
    2. ක්‍රොස් ෆයර් ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
    3. . //ෆොන්සේකා උන්නැහේ එවෙලේම ඒ බලසේනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කර //

      තවමත් ෆීල්ඩ් මාෂල් නිලයේ සිටින සරත් ෆොන්සේකා මහතාට විශ්‍රාමික හමුදා අනදෙන්නෙක් යයි කියාගන්නා හමුදා නිලධාරියකුගේ හැදින්වීම අපුරුයි

      Delete
    4. නමින් ඇවිත් කමෙන්ට් කරානම් හොදයි නේද?

      Delete
    5. Anonymous කියන වචනයේ සිංහල තේරුම කියන්න අවශ්‍යමද ?

      Delete
  7. මොනාද ඔය ලිංගික අල්ලස ඒවත් ගන්නවද? කතාව මරු

    ReplyDelete
    Replies
    1. ඒවා දන්නෝ දනිති, හෙහ් හෙහ් , ස්තුති ඔබට.
      සමලිංගික ක්‍රියාකාරකම් ලංකාවේ පමණක් නොව සෑම රටකම හමුදා වල ඇති ප්‍රසිද්ද රහසක්,කලකට ඉහත මේ සම්බන්ද නඩුවක් ඇමෙරිකන් මෙරින් බටයකුට විරුද්දව පවරා තිබුණා.

      Delete
  8. උඹේ ලිපියයි විචාරකගේ කමෙන්ට් එකයි අපිට හුඟක් දේවල් කියල දුන්න.. උඹත් හමුදාවේ හිටය එකෙක්ද බන්.. මට හිතෙන්නෙ ඒ වගේ..

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩ මලේ ස්තුති මේ පැත්තට ආවට, උබට වගේ සුපිරියට ලියන්ඩ මට බෑ, ආසාවෙන් කියවන බ්ලොගක් ඒක. පරණ කුණු අවිස්සෙනකොට ගඳ එන නිසා උබේ ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ අමාරුයි...

      Delete
  9. නියමෙටම ලියල තියනවා...ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති ගිම්මි...

      Delete
  10. බොහොම හොඳ කතාවක්.
    http://nelumyaya.com/?p=5462

    ReplyDelete
    Replies
    1. ස්තුති අජිත් අයියේ.

      Delete
    2. අජිත් අයියේ,
      අඩේ මගේ කථාව නේද මේ දාල තියෙන්නේ, ගොඩක් ස්තූති ඔබට..

      Delete
  11. //මාසික වේතනයකට රැකියාවක් කරන හා කල ත්‍රිවිද හමුදා සෙබළුන්හට දේශය රැකගත් රණවිරුවන් යයි ලේබල් ගසා ඔවුන්ගේ දුප්පත් කරමත නැගි සිංහලේ ගෝත්‍රිකයන්ගේ දේශපාලකයන්ට වෛර කරන අතර සැබෑ රණ විරුවන් සිටියා නම් සිටියේ දකුණේ නොව වෙනම රටක් වෙනුවෙන් සටන්කළ උතුරේ තරුණයන් අතර බව නොපැකිළව ලියා තබමි.//

    දෙය්යනේ.... මම වගේම තවත් දේශද්‍රෝහියෙක්.....

    ReplyDelete
    Replies
    1. සැර වැඩිද? සුදු වෑන් එයිද?!!!

      Delete
  12. ලලියා.. ලලියා.. ලලියා.. මගේ මිලිටරි ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් එක බීප් බීප් ගානවා.. හි හි හි..
    එළ! පොඩ්ඩක් අතිශයෝක්තියෙන් උනත් ඉතින් ලෙසටම ලියලා තියෙනවා.. worst possible අත්දැකීම් තියෙන්න පුළුවන්නේ.. මට අල්ලලාම ගිය ටික අන්තිම හරිය.. පස් මහා බැලුම් පුම්බන එකත් අද කාලේ ලේසි නෑ.. මැරෙන්න කලින් හොඳ බෝ ගහක් තොර ගන්න වෙනවා වගේ.. :)

    ReplyDelete
    Replies
    1. හා හා ...ස්තුති කලනේ...

      Delete
  13. හමුදාව ගැන වීර සුරංගනා කතා ලියන තරු කාරයින්ට නියම සොල්දාදුවගේ මනසයි හැගීමයි ගැන පැහැදිලිව ලියලා තියනවා . බොහෝ තරු කාරයෝ සොල්දාදුවන්ට කතාකරන්නේ ගෙදර බල්ලට කතාකරන්වටත් වඩා පහළ ආකාරයන් බව කවුරුත් දන්නවනං ............

    හැබැයි ඒ සෙල්ලම් ඔක්කොම ඇතුලේ නිලේ ඉන්නකම් විතරයි. එළියේදී එනකොට ඔන්න වේසිගෙ පුතා එනවා කියලා මුනට නොකියනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට ස්තුති. හැම නිලදාරියෙක්ම හෝ හැම සෙබලම නරක නෑ, ගොඩක් හොද නිලදාරීන් ඉන්නවා. නිළදාරියෙක් කියන්නේ හොද අද්යාපනයක් ලබල හමුදාවට බැදුණ කෙනෙක්. ඊට වඩා වෙනස් සාමාන්‍ය සෙබළෙක් වෙලා ඉදළ සාජන් කෙනෙක්, සාජන් මේජර් කෙනෙක් උනහම සමහරු හිතන්නේ මම තමයි C. O කියල...

      Delete
  14. හරය තේරුණා.. සමහර වචන හැර.

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න