Saturday 27 February 2016

සොඳුරු ඝාතකයා 04 කොටස.

සොඳුරු ඝාතකයා 01
සොඳුරු ඝාතකයා 02
සොඳුරු ඝාතකයා 03
සොඳුරු ඝාතකයා 04 කොටස.
ආත්මාරක්ෂක සටන්ක්‍රම,සයිබර් අවකාශයේ ඇති සැක කටයුතු වෙබ් අඩවි තුලට පිවිසීම,රාජ්‍ය විරෝදී වෙබ් අඩපණ කිරීම,  නවීන අවි භාවිතයේ කෙල පැමිණි මොවුන් අලුතින්ම පිහිටවූ ආරක්ෂක අංශයකට අයත්.
ආ යු මිස්ට ක්‍රිස්
යස් ඩු අයි නො යු?
ක්‍රිස් කලින් හමුදාවේ ලුතිනන් කෙනෙක් ප්ලටුන් එකේ හොදම සුටර්
දැන් වැඩ කරන්නේ බ්‍රාවෝ ගෘෆ් ඕෆ් කොම්පැනි  එකේ මම හරිද?
ඔව් ඇත්තෙන්ම ඔබ හරි . එතකොට මේ මහත්වරු?
අපි කොළඹ ඉන්ටෙල් එකෙන්,
ඔබට අපිත් එක්ක යන්ඩ වෙනවා
මොකක්ද කාරණය මටනං මුකුත් තේරෙන්නේ නැ  
ඇයි නාවොත් මොනවා කරන්ඩද?
නාවොත් හඃ හා එන්ඩම වෙනවා, බලනවා මගේ යාළුවගේ ෆෝන් එකේ තියන වීඩියෝ ක්ලිප් එක,
මිත්‍රයා ඔය වීඩියෝ එක පෙන්නන්ඩ මේ මහත්මයට
මේ කොහේද මේ?
මේ වී ඩියෝ එක අපි ගත්තේ පහුගිය දවසක කාන්තා මළ සිරුරක් තිබුණ අගුලාන වෙරළ පාරේ ළග ගෙදරක cctv කැමරාවකින්, හඃ හඃ හා
අපරාද කරපු කවුරුත් ගැලවෙන්නේ නැ ක්‍රිස්, දැන් වත් යමු අපිත් එක්ක.
ඔහුට තීරණයක් ගැනීමට වැඩි කාලයක් ඉතිරිව  තිබුණේ නැ,දෑසින් දකින හා ශ්‍රවනයෙන් ග්‍රහණය කරගන්නාවූ දත්තයන් ඔහුගේ සිරුරේ ඇඩ්රිනලින් ශ්‍රාවයවිම සීග්‍රයෙන් වැඩි කර තිබුණා, පලා යාමටවත් බටහිර චිත්‍රපටයක මෙන් දඩ බල්ලන් දෙදෙනාට පහරදී බීමරාක්ක වල ඇති බෝතල් කුඩුකිරිමටවත් මෙය සුදුසු වෙලාවක්  නොවන බව ඔහුට වැටහුණා.
හොදයි මම එන්නම් හැබැයි එක කොන්දේසියක් ක්ලබ් එකෙන්  එළියට යනකං හෑන්ඩ් කප්ස් දාන්ඩ බැ
හොදයි ඒක ප්‍රශ්නයක් නැ, හැබැයි වැඩිය දගලන් ඩ  හදන්ඩ එපා මේ පේනවනේ මගේ ජැකට් එක ඇතුලෙ තියන එක, බොත්තම් පියවා නැති ජැකට්ටුව මැත්කරමින් ඔහු කිවුවේ තර්ජනාත්මකවයි.
දැන් ඔහොම හිමින් නැගිටිනවාඅනෙකා ද සෙමෙන් උවත් තීරණාත්මකව ක්‍රිෂ් ගෙ දෑස දෙස විමසිල්ලෙන් බලමින් පැවසුවා.
තම වාරය එනතෙක් සියල්ල දරා ගතයුතු බව ඔහු අත්දැකීමෙන් දැන සිටියා.
මුහුණින් කිසිදු හැගීමක් නොපෙන්වූ ඔහු සෙමෙන් පිටවීමේ දොර වෙත පියනැගුවා.
අසල ඇති රථගාලේ කළුපැහැති ජගුවර් රථයට සන් කිරීමටත් පෙර එය ඔවුන් වෙතට පැමිණියා,
කළු පැහැ ජගුවරයේ අංක තහඩුව දෙස බලනවාත් සමගම එකෙක් ඔහුගේ මුහුණට කළු ආවරණයක් දැමීමත් අනෙකා දෑත් පිටුපසට කර මාංචු දැමීමත් එක වරම සිදු උනා. පසුපස ආසනයේ දොර ඇර එතුලට ගොදුර දමාගත් අමුත්තෝ වේගයෙන් කොළඹ  දෙසට ගමන් කරමින් සිටියා,
හෙලෝ අපි තව විනාඩි 15කින් එනවා
“-----------------------------------------
එහෙමනම් ප්‍රොජෙක්ට් එකට එන්නම්
කලින් ගන්නාලද තීරණයක් වෙනස්වෙන බවක් ඔහුට හැගුණා.
වාහන අදික මාර්ගයකින් රථය වෙනත් මාර්ගයකට අවතීර්ණ ඌ බව රථයේ ගමනෙන් ක්‍රිස් ට වටහා ගැනීමට අපහසු ඌ වේ නැ. ගේට්ටුවක් ඇරෙන කිරි කිරි හඩකුත්  රථයේ දොර හැරෙනවාත් ඔහුට ඇසුණා.
පරිස්සමින් බැස්සනම් මහත්මයා”  තමන් සමග පැමිණි එකෙකුගේ සෝපහාස හඩට ඔහුට යටත් වන්නට සිදුඋනා.
 තම දකුණු බාහුව අල්ලා ගත්තෙකු සමග ගමන් කරන ක්‍රිෂ් ඉදිරියට මුහුණ දීමට ඇති අනතුරේ ස්වභාවය සිතින් ගණනය කරමින් සිටියා. විදුලි සෝපානයක දොරක් ඇරෙනවාත් අංක මුහුණතේ සබ්දයත් ඔහුට පැහැදිලිව ඇසුනා.
සෝපානය නවතිනවාත් සමගම දොරටුව ඇරෙන හඩත් විදුලි සීනුව නාදවෙනවාත් ඔහුට ඇසුනා. කොරිඩෝවක් දිගේ ඇවිද ගිය ඔවුන් කාමරයකට ඇතුල් උනා.
කොහොමද ක්‍රිෂ්
ඔය බ්ලයින්ඩ් පෝල්ඩ් අයින් කරනවා කිසිවෙකුගේ ගැබුරු හඬක අණකිරීමක් රැව් දුන්නා.
කණගාටුයි මේ විදිහට ඔබව ගෙන ඒමට සිදුවීම ගැන, මම මේ සුරුට්ටුව පත්තු කරගන්නවා, ඔබටත් කැමතිනම් මේ නියම කියුබන් සුරුට්ටු. සුදු පැහැ ටි ෂර්ටයක් හා ඩෙනිම් කලිසමක් හැදසිටින  හොදින් වැඩුණු සිරුරක් ඇති මොහුගේ අවු කණ්නාඩි දැමූ මුහුණේ කිසියම් හුරුපුරුදු බවක් ඔහුට දැනුනා.
බොහොම ස්තුතියි මම දුම් බොන්නේ නැ,
ඒක ගොඩක් හොදයි ක්‍රිෂ්
මම හිතන්නේ අපේ මහත්වරු දෙන්නා ඔබට cctv වී ඩියෝ කට් එක පෙන්වන්ඩ ඇති කියලා,
ඔවු ඇත්තෙන්ම ඒමගේ කාර් එක තමයි, ඒත් ඒකෙන් මොනවාද ඔප්පු කරන්ඩ පුළුවන් මම විතරද ඔය වෙලාවේ ඔය පාරෙන් ගියේ?
හදිස්සි වෙන්ඩ එපා ක්‍රිෂ් ඔය පාරේ ලොකු වැටකේ ගහක් තියනවා පාර අයිනේ ඒකට ඉස්සරහින් තියන්නේ තට්ටු තුනක බෝඩිමක්, මේ බෝඩිමට අනෙක් පැත්තේ තියනවා කොළපාට ගේට්ටුවක් දාපු ගෙයක් මතකයිද ඔහෙට?
හරි ඊට පස්සේ ?
ඒ ගෙදර සිකියුරිටි කැමරාවේ විඩ්යෝ එකෙන් ගත්තු පොටෝ එකක ප්‍රින්ට් අවූට් එකක් තමයි මේ,
මේක මෙච්චර පැහැදිළිව තියෙන්නේ කොහොමද කියලනේ දැන් හිතන්නේ?
අපේ වෙලාවට ඉස්සරහින් ආව වාහනේ හෙඩ්ලයිට් එක නිසා දර්සනය හොදින් රෙකෝඩ් වෙලා, හඃ හඃ හා,
මිස්ට ක්‍රිෂ්ට අවුරුදු 20ක් ඇතුලට යන්ඩ පුළුවන් මේ සාක්ෂිත් එක්ක,
මුහුණින් මළ මිනිසෙකුසේ හැගීම් යටපත් කරගෙන  සිටියත් හර්දය හා මස්තිස්කයේ ක්‍රියාකාරිත්වය යමහලක් මෙන් ක්‍රමක්ක්‍රමයෙන් වැඩි වෙමින් පැවතුනා .
මුන් තුන්දෙනා මෙතනම ඉවරයක් කරලා දැම්මොත්අත් වල ඇති මාංචු තව තවත් තම දෑත් සිරකරගන්නා බවක් ඔහුට හැගුණා.හැගීම් වලින් නොව සිහියෙන් යුතුව තීරණයක් ගත යුතු බව ඔහුට සිතුණා.
මෙතනින් පැනල යන්ඩ හිතනවානම් වහාම ඒක හිතින් අයින් කර ගත්තොත් හොදයි,” තුන්වැන්නා තමන්ගේ සිත කියවූවා දැයි ක්‍රිෂ්ට සිතුණි.
මේ හැම සාක්ෂියක්ම අපේ මේන් සර්වර් එකේ තියනවා, මේ කථා කරන හැම වචනයක්ම රෙකෝඩ් වෙනවා, පේනවනේ තමුන් ඉස්සරහ තියන බිත්තිය ඒකෙ තියන කැමරාවෙන් තමුන්ගේ හැම ඉරියව්වක්ම රෙකොර්ඩ් වෙනවා.
තමුන්ට තීරණයක් ගන්ඩ වෙනවා අවුරුදු 20කට හිරේට යනවද? නැත්නම් අපේ යෝජනාවට එකග වෙනවද කියල
තීරණාත්මක හඩකින් නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා පැවසුවේය.
මීළගට කළයුත්තේ කුමක්දැ යි  ඔහුට සිතීමටවත් වේලාවක් තිබුණේ නැ , වේගයෙන් ක්‍රිෂ් වෙත ආ අණ දෙන්නා තමන් පැළද සිටි අවු කණ්නාඩිය ගලවා දෑත් ක්‍රිෂ්ගේ දෙවුර මත තබා ඔහුගේ දෑස් දෙස එබී බැලුවා.
ගිනියම් රත්පැහැ දෑසින් ඔහුට තම සැකය දුරුවී ප්‍රථමවරට  සිතට බියක් දැනෙන්නට වුනා. වායුසමීකරණය නවතුනාසේ සිහින් දහදිය බිදු මුහුණෙන් මතුවුනා.
එතකොට ඔබත්?? ක්‍රිෂ්ට  කතාව අවසන් කිරීමට නොදුන් ඔහු නැවතත් වියරුවෙන් මෙන් සිනාසුනා.
ඔබට අපිත් එක්ක  එකග වෙන්නම වෙනවා ක්‍රිෂ්
හරි මොනවද මගෙන් බලාපොරොත්තුවෙන්නේ?
බොහොම හොදයි ක්‍රිෂ්  මේ හෑන්ඩ් කප්ස් ගලවනවා නතාලියට කියනවා මේ අපේ අමුත්තටයි අපිටයි රෙඩ් වයින් ගේන්ඩ කියලා
විනාඩි කිහිපයක නිහැඩියාවකින් පසු කෑම ගෙනයන ට්‍රොලියක සබ්දය කොරිඩෝව දෙසින් ඇසෙන්නට විය. වයස විසිගනනක පමණ රතු කොණ්ඩයක් හා නිල්පැහ ඇස් ඇති කාන්තාවක් ට්‍රොලියේවූ ගොබ්ලට් විදුරු වලට රතු වයින් වත් කර පිළිගැන්විය.
ගොඩක් ස්තුති නතාලියා එය ස්තුතියක් නොව පිටවීමට අණකිරීමක්ම විය.
කාමරෙන් කවුරුත් එළියට ගියෙත් නැ ඒ කියන්නේ මේ හැමදෙයක්ම තවත් කවුරුහරි බලාගෙන ඉන්නවා ඔහුට අවබෝද වුනා. සියලුම තුරුම්පු ඔවුන් අත තිබෙන බව ඔහුට මනාව පැහැදිලිවිය.
මෙන්න මෙච්චරයි ඔබට කරන්න තියෙන්නේ #$#$#$#$*****
මොනවා මේකනම් විකාරයක් ඇයි මේ වගේ කාටවත් වැඩක් නැති මිනිහෙක්ව අයින් කරන්ඩ හදන්නේ?
ටිකක් කල්පනාකරලා බලනවා අවුරුදු 40ක යුද්දයක් කොහොමද අවුරුද්දකටත් වඩා කාලෙකින් ඉවර කළේ? කොහෙන්ද මේවට මුදල්, අළුත්ම ආයුද, කිසිම බලවත් රටකින් යුද්දය නවත්වන්ඩ හැදුවද? නෑ නේ,
හරි ඔය හැම දෙයක්ම හරියි කියමුකෝ ඒත් දැන් මේ යුද්ද කරපු කවුරුත් බලයේ නැහැනේ,මිනිස්සුන්ට දැන් යුද්දයක් ගැන මතකත් නැ.
එකනම් ඔය දෙකේ පංතියේ ළමයෙකුටත් තේරෙනවා ක්‍රිෂ් ඒත් තත්වය අපි හිතනවට වඩා ගොඩක් භයානකයි. අපේ නෙට්වර්ක් ස්පෙසලිස්ට්ලා ට්‍රැක් කරලා තියනවා ඇමෙරිකන් කම්පනියක් මුල ඉදන්ම යුද උපකරණ ගන්ඩ ආධාර කරලා තියනවා, බලයේ නොහිටියත් තවත් ඒ සම්බන්දතා නැතිවෙලා නැ, අමතක කරන්ඩ එපා ක්‍රිෂ් ඒකාලේ ලොකු තැන්වල හිටපු ගොඩක් බලවතුන්ගේ පුරවැසිභාවය ලංකාවේ නෙවෙයි.
මටනම් මේ මොනවත් හිතාගන්ඩ බැ
අපිට තේරෙනවා නමුත් හොදම ටික මම තවම කිවුවේ නැ, ළගදීම රටේ විශාල වෙනසක් විනාශයක් වෙනවා අපිට වැඩි කාලයක් නැහැ ක්‍රිෂ් දැන්මම මේක ඉවරයක් කරන්ඩ වෙනවා නැත්නම් ආයෙත් යුද්දයක් ඇතිවෙයි.
හොදයි ඒත් එක කොන්දේසියක් උඩ
ඒ මොකක්ද ක්‍රිෂ් ?
මගේ ෆොරින් බෑන්ක් එකයුන්ට් එකට ඩොලර් දස ලක්ෂයක් දාන්ඩ ඕනේ, මට ඉංග්ලන්ඩ් වලට යන්ඩ පාස්පෝර්ට් එකක් ඕනේ,
හොදයි මුදල් වලින් භාගයක් වැඩේ කරන දවසෙ උදේ ලැබෙයි හැබැයි සෙල්ලම් බැ අපේ ලෝන් රෙන්ජර්ස්ල හැමතැනම ඉන්නවා,  අපි කියන දිනයේ වැඩේ කරන්ඩ ඕනේ හදිසි අනතුරක් නම් වඩා හොදයි, දැන් තමුන් හිටපු තැනටම එක්ක යන්නම් හමුවීම සතුටක් එන්න මේ පැත්තෙන්, විස්තර මම පස්සේ කියන්නම්.
මෙයනම් තමාගේ ජිවිතයේ අවසාන කාල පරිච්චේදය වියහැකි බව ඔහුට වැටහෙමින් තිබිණි, නැවතත් සුපුරුදු දිවියට යාමක්නම් නැති බව  ඔහුට විශ්වාසය. සියල්ලෙන්ම මිදී පලායාමේ අදහසක් ඇති උනත් ඔහු එම සිතුවිල්ල මකා දැමුවේ කොහෙසිට හෝ වෙඩි උණ්ඩයක්  තම හිසට එල්ලවන බව හොදින්ම දැන සිටි නිසයි. තමන්ගේ සෑම ක්‍රියාවක්ම මොවුන්ගෙ පරික්සාවට ලක්වන බව ඔහුට මනාව පැහැදිලියි.එදිනත් තවත් නිදිනැති රැයක් උවද ඔහුතුල සිටින යක්සයා අවදි නොවිණි. මෙසේ දිනකිහිපයක් සතියකටත් වැඩි කාලයක් ගතවිය. එය කල්පයක්සේ ඔහුට හැගුනේ තවත් එක මිනිසෙකුගේ නොව ජනතා ප්‍රසාදය දිනු පුද්ගලයෙක්, කලක මිනිසුන්ගේ හදවත් තුල දෙවියෙකුසේ, විරයෙකුසේ සිටියෙකුගේ මරණ සහතිකය තමන් අතින් ලිවීමට සිදුවී තිබීම  නිසයි.
දින කිහිපයක් සුපුරුදු ලෙස ගත විය.
එක් අන්දකාර රාත්‍රියක  ඔහු බලාපොරොත්තුවෙන් සිටි එම  දුරකථන ඇමතුම පැමිණියේය.
මිස්ට ක්‍රිෂ් කොහොමද? මාව අදුරන්ඩ පුළුවන් ඇතිනේ, අපි කෙලින්ම කාරණාවට ආවොත් හොදයිනේ
ඔව් ඒක වඩාත්  හොදයි එතකොට මගේ පාස්පෝට්
පාස්පෝට් මුදල් හැමදෙයක්ම ඉරිදා උදේ ලැබේවි, හැබැයි අපිත් එක්ක සෙල්ලම් කරන්ඩ හදන්ඩ එපා.මොනවා හරි උපකරණ, පුපුරන ද්‍රව්‍ය ඕනෙනම්
නැ කිසිම දෙයක් ඕනේ නැ
ඒක හොදයි මේක හදිසි අනතුරක් වෙනවනම් හුගක්  හොදයි අනිද්දා උදේ වෙනකොට වැඩේ ඉවර කරලා තියෙන්ඩ ඕනේ තේරුණා නේ 
හොදයි සදුදා පත්තරවල හෙඩ්ලයින් එක බලන්ඩකෝ

දුරකථනය විසන් දී විය,

නැවත හමුවෙමු.

16 comments:

  1. අදනම් ටිකක් දිගට ලියලා තියෙනවා. මේ ගාන මරු මචන්.
    බ්ලොග් වල මේ වගේ කතා ලියවෙනවා ගොඩක් අඩුයි.
    4වෙනි කොටසෙන් හමුවෙමු.

    ReplyDelete
  2. ස්තුති ඔබට,පැයකිපයක් යනකම් පොස්ට් එක අප් ඩේට් වෙන්නේ නැතුව ගියා,

    ReplyDelete
  3. උඹේ රචනය අගෙයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ කුරුටු.

      Delete
  4. උඹ හොඳ රහස් පරික්ෂක කතා කරුවෙක් වෙලා වගෙනේ.
    ආයෙත් මුල ටිකත් කියවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.ඔක්කොම කොටස් ටික බලන්ඩ.

      Delete
  5. දිගටම ලියන්න...ලස්සන කතාවක්...ජය වේවා!!!

    ReplyDelete
  6. මේ කොටසනම් පට්ට.උඹත් රත් වෙන්න වෙන්න ට්‍රැක් එකට වැටෙනවා.කතාව දිග වැඩි නෑ.මේ ගානටම ලියපන්.ඔය පල්ලෙහා තියන එකට මේල්ලුවක් එවපන්.පොඩි දෙයක් කියන්න තියනවා බ්ලොග ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ගොඩදවසකින් ආවේ, අදම මේල් එකක් දාන්නම්.

      Delete
  7. Replies
    1. මල්ලි මම මේල් එකක් දැම්මා.

      Delete
  8. ඉක්මනට අනිත් කොටසත් දාන්න කතාව මරු

    ReplyDelete
  9. මං අද ද මේ පැත්තේ ආවෙ ? වෙනස් ආරක කතාවක් . හරිම රසවත්. මඟහැරුණු කොටස් සේරමත් හෙමිහිට කියවනවාමයි ....

    ReplyDelete
    Replies
    1. මෙතූ
      ස්තුතියි.ඔක්කොම කොටස් ටික බලන්ඩ.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න