Friday 29 January 2016

සොදුරු ඝාතකයා - 01.





යාලුවෙක් ලංකාවේ ඉඳලා කෝල් එකක් දුන්න, නැ මේ සාමාන්‍ය කෝල් එකක් නෙවෙයි. imo ඇප්ලිකේෂන් එකෙන්, skype කැලේ මේකනේ නියම ඇප් එක. හරිම පැහැදිලියි, skype වල තියන හැම පහසුකමක්ම තියනවා, skype වලටත් වඩා හොද ස්ටිකර් තියනවා. අපි ඉන්න කැම්ප්එක ඇතුලෙම ටවර් එකක් තිබුනත් රූම් ඇතුලට සිග්නල් අඩුයි. සෞදියේ කාන්තාර තියන පැති වල වැඩකරන අයට නම් මේක අමුත්තක් නෙවෙයි. මම හිතන්නේ ලංකාවේ උනත් මේවගේ ඇප් එකක් හරහා කෝල් ගන්නවනම් විසේසයෙන්ම මල් කඩන්ඩ මේක වටිනවා, skype තරම් ඉඩක් යන්නෙත් නැ.(මම කියුවේ ඉන්ස්ටෝල් කරද්දී ෆෝන් එකට වැයවෙන ඉඩ ප්‍රමාණය  )
ඉතිං මගේ යාලුවා ආගිය තොරතුරු කථා කරා, බඩු මිල අඩු කරපු සහනය මිනිස්සුන්ට ලැබුනේ නැ, රජා සින්හාසනෙන් බැහැල ගියාට හිටපු නිලදරුවන් තවම රජ කරනවා, ලෝක වෙළද පලේ බොරතෙල් අඩු උනාට ලංකාවේ පොදු ජනයට  එකේ සහනය දීල නෑ. ඔය වගේ ඒව, මිත්‍රය කියපු විදියට තවම පුද්ගල අතුරුදහන් වීම වගේම තැන තැන අබිරහස් ලෙස මියගිය මිනිස්සුන්ගේ මළ කදන් හමුවීමත් සිදු වෙනවා.
මේවා කරන්නේ කවුද? මොකටද? උදේ හවස පන්සිල් ගන්න, සිංහ ලේ තියන බුද්දාගම කියන අහිංසාවාදී ආගමක් අදහන ජාතියක් ඉන්න රටේ මේ දේවල් වෙන්න පුලුවන්ද?
ඇමෙරිකන් කුමන්තරණයක්ද?
කේජිබි වැඩද?
මොසාඩ් එකේ වැඩක්ද?
අයි එස් ගේමක්ද?
කිරි එක්ක  සෙරිලක්,කොන්ෆ්ලෙක් කන   සිරියල් කිලර් කෙනෙක්වත් ඉන්නවද කියල හිතෙනවා ? -------- -- --- -- -

මේ ඉන්නේ ක්‍රිෂ් ,,,,,,,
ඔහ් පේන්නේ නැ නේ,
හරි මම කියන්නම්,
වයස 37
උස 5.8 බළල් ඇස්, කොන්ඩේ කොටට කපල, ජිම් එකේ ඉපදුනා වගේ ස්පෝර්ට් බොඩියක් තියන එක පාරක් දැක්කම ආයෙත් බලන්ඩ හිතෙන මුහුණක් තියන කොල්ලෙක්
රැකියාව පුද්ගලික ආයතනයක විදායක නිලදාරියෙක්, කාර් එක සුසුකි  අල්ටෝ පදිංචිය මොරටුව මහල් නිවාස,
දවස පුර හද තියන  පෝය දවසක්
වෙලාව රැ 11. 35
තැන මැලිබන් හංදිය
හදිසි වැඩක් නිසා පරක්කුවෙලා ඕෆ් උන සුපවයිසර්  අක්කෙකුයි සහායක නංගියෙකුයි,,,,,
මේ වෙලාවට බස් නැ නංගි අපි එන වාහනයකට ඇත දාල නවත්තගෙන යමු, හෙට ආයෙත් හයට එන්ඩ ඕනෙනේ,
අද පෝය හන්දද කොහෙද ගාලු පාර පාලුවෙලා තියෙන්නේ,
කම්පනියේ වාහනෙත් කැඩුන නේ නැත්නම් බෝඩිම ළගටම යාගන්ඩ තිබුණ;
ලොක්කන්ට ඕනේ වැඩ ටික කොහොම හරි ඉවර කරලා වෙලාවටත් කලින් උන්ගේ ටාගට් එක දෙන්ඩ, මිනිස්සු ගැන බලන්ඩ උන්ට උවමනාවක් නැ,
වෙලාවකට මට හිතෙනවා කවද හරි දවසක අපිටත් වෙන්නේ  ගියමාසේ අයින් කරපු මැසින් වලට උන දේමයි කියලා
පරණ බඩු අයින් කරලා අළුත් ඒවා ගන්නවා, කාලයක් යනකොට අපිත් අයින් කරලා තරුණ කෙල්ලෝ කොල්ලෝ ටිකක් එයි,
ඔව් නංගියේ අපි එකට දැන්ම ඉදලා ලැහැස්ති වෙන්ඩ ඕනේ, නංගියේ ඔක්කම සල්ලි ගෙදරට යවන්නේ නැතුව උටත් කියක් හරි ඉතුරු කරගෙන මාලයක් හොද කරාබු දෙකක් හදා ගනින්
ත් කියන කථා අක්කේ එක්තැන් වෙලා ඉන්න තාත්තගෙ බෙහෙත් ටිකටම සෑහෙන වියදමක් යනවා, මල්ලිලා දෙන්නගේ ඉස්කෝලේ වියදමට ගියහම අම්මගේ අර පරිස්සම නිසා යවන සල්ලි යාන්තමට මාසෙට පිරිමහ ගන්නේ
හා හා උ ඕව ගැන ඕනෙවට වඩා හිතන්ඩ එපා, උටත් දවසක හද පායයි, මට හිතෙන්නේ  කසුන් උට කැමති වගේ,
පිස්සුද අක්කේ කසුන්ටත් හරියට ප්‍රශ්න බැදපු නැති අක්කල දෙන්නෙක්ම ගෙදර ඉන්නවලු පවු ,
ඇත්තට පවු බං හිත හොද කොල්ලා
ඇතින් මොකක්ද එනවා පේනවා කාර් එකක් නේද
අත අල්ලලා බලමුද අක්කේ?
ඔව් නැත්නම් අද රැට මෙතන තමා ඉන්ඩ වෙන්නේ
බලමු අත දාල
නැවැත්තුව නේද ?
කොල්ලෝ ටිකක් වත්ද දන්නේ නැ ඉන්නේ?
අනේ අක්කේ මටනං බයයි.
වරෙන් ළගට ගිහින් බලමු ,

33 comments:

  1. රහස් පරීක්ෂක කතාවක් වගේ ..........

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා, මම තවම බ්ලොග් ලියන්ඩ අත් පොත් තිබ්බ විතරයි.

      Delete
  2. කවුද දන්නේ ඒ ක්‍රිස් ගේ ඇල්ටෝ එකද වෙන එකක්ද කියලා... ?

    ReplyDelete
    Replies
    1. kawindu, ඉදිරියේදී බලමු. ස්තුති.

      Delete
  3. ඔබේ බ්ලොග් එක මගේ රෝලේ අප්ඩේට් නොවීම නිසා මිස් වෙලා තිබ්බේ.. අපරාදේ.. පුළු පුළුවන් විදියට පරණ ටිකත් කියවන්නම් :)

    ReplyDelete
    Replies
    1. ඔබවත් සාදරයෙන් පිලිගන්නවා, ආයෙත් කාගෙහරි පොටෝ එකක් එහෙම ගන්නවනම් මුලින් අපිව දැනුවත් කරන්න. හා හා..

      Delete
  4. කසුනෝ මෙන්න උඹ ගැන කතාවක් ලියලා............. මේ අපේ කසුනා ගැන නේද කිව්වේ.....??????

    ReplyDelete
    Replies
    1. කොටදෙනියාව පොලිසිය පල්ලා මේ කසුන් මල්ලි නෙවෙයි. නැත්නම් කලනේ වගේ පොලිසි අරං ගිහින් පත්තරෙත් දායි .

      Delete
  5. Replies
    1. ස්තුති,ඔබගේ පැමිණීම සතුටක්.

      Delete
  6. රහස් පරීක්ෂක කතාවක්ද මචන්. ඔය වගේ කුතුහලය අවුස්සන කතා කියවන්න මාත් පට්ට ආසයි.කියවන්නත් ආස විදියට ලියලා තියෙනවා..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මට අමතක වුණානේ ඉමෝ කෝල් ගන්න එකක් අපේ ඔෆීසියේත් ඉන්නවා. අපිට ඌත් එකක් විනාඩියක් කතා කරන්න වෙන්නේ නෑ..

      Delete
    2. ඔබත් සාදරෙන් පිලිගන්නවා.මේක ඉන්ස්ටෝල් කරන්ඩ යන්නේ 30.4MB, skype, Tango වගේ ඇප් වලට ගොඩක් ඉඩ යනවා.

      Delete
  7. ඊ ලඟ කොටස ලියනකොට කුතුහලය තව තවත් වැඩි වෙන විදියටම ලියමු මචෝ

    ReplyDelete
    Replies
    1. ස්තුති පැමිණියාට, තවම අලුත්නේ, මම උත්සාහ කරන්නම්.

      Delete
  8. ඉමෝ වල තත්වය නෙට්වර්ක් වලට දක්වන සහයෝගය ඉහළයි
    ඒත් බ්ලූටූත් හෙඩ්සෙට් වලට දක්වන සහය දුර්වලයි
    ඉස්සරෝම මම ඉමෝ දාද්දි ලක්ෂයක් වත් බාල තිබ්බෙ නෑ. දැං මිලියන 100 පන්නල. අප්ඩේට් නං දෙනව හූ කියාගෙන ඒත අර එරර් තාහඑහෙමයි

    කතාව නං හොඳ එකක් වෙයි වගේ බලමු ඉවසලා

    ReplyDelete
  9. ඉමෝ වල තත්වය නෙට්වර්ක් වලට දක්වන සහයෝගය ඉහළයි
    ඒත් බ්ලූටූත් හෙඩ්සෙට් වලට දක්වන සහය දුර්වලයි
    ඉස්සරෝම මම ඉමෝ දාද්දි ලක්ෂයක් වත් බාල තිබ්බෙ නෑ. දැං මිලියන 100 පන්නල. අප්ඩේට් නං දෙනව හූ කියාගෙන ඒත අර එරර් තාහඑහෙමයි

    කතාව නං හොඳ එකක් වෙයි වගේ බලමු ඉවසලා

    ReplyDelete
    Replies
    1. Mahesh,
      skype පැහැදිලි මදි, සිග්නල් අඩු වැඩි වෙනනිසා වෙන්ඩ ඇති. මම ෆෝන් එකටම හම්බ උන හෙඩ් ෆෝන් සෙට් එකෙන් කථා කරන්නේ එකටනම් හොදට පැහැදිලියි.
      ස්තුති ඔබට.

      Delete
  10. කතාව නම් ඉන්ටරෙස්ටින්.
    ලියමු අනිත් එකත් ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. Dinesh,
      දිගටම එන්න, නිවාඩු ලැබුන ගමන් ඉතුරු ටිකත් ලියන්නම්. ස්තුති

      Delete
  11. කතාව හොඳයි.ටිකක් කොට වැඩියි.තව ටිකක් දිගට දාමු.දිගටම ලියපන්.
    ජය වේවා....

    ReplyDelete
  12. කටුසු හදවත
    ස්තුති,දිගටම එන්න.

    ReplyDelete
  13. ලස්සන කතාවක් සහො,වචන තුල ඇති කුතුහලය අපුරුයි,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. අඩව්ව by රස්තියාදුකාරයා
      ස්තුති දිගටම එන්න.

      Delete
  14. ලයින් එකේ යනවා වගේ කතාව නියමයි මචෝ දිගටම ලියපන් මාත් මේ ඒ පැත්තේ ඇවිත් තියෙනව දැකල ආවේ. අපි ඉතින් එකට හොද ගමනක් යමු

    ReplyDelete
    Replies
    1. තලා කොළය,
      ඔයත් ලස්සනට ලියනවා, ජයවේවා.
      ස්තුති දිගටම එන්න.

      Delete
  15. ඇබිලිපිටියෙ නෙවේනෙ
    නියම අත්දැකීමක් සහොදරය
    යමු දිගටම.....

    ReplyDelete
    Replies
    1. Dushan Jayarathne
      අබිළිපිටියේ නෙවෙයි, හා හා..දිගටම එන්න. ස්තුති සහෝ.

      Delete
  16. නියම කතාවක් වගේ.. දිගටම ලියන්න.. මේ බ්ලොග් එකේ ෆලෝවර්ස් බට්න් එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. දැනුයි දැක්කෙ ෆලෝවර්ස් බට්න් එක..

      Delete
    2. සිතුවිලි සිතූ,
      ස්තුති දිගටම එන්න.

      Delete
  17. මචෝ බ්ලොග් එකේ පොස්ට් update වෙන්නේ නැ සින්ඩි වල එකට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. Ushan Devinda,
      සින්ඩි කරන අජිත් අයියට හරි මාතලන්ට හරි, අටමට හරි ඊමේල් එකක් දාන්ඩ, මල්ලි ඔයාගේ බ්ලොග් එකේ සෙටින් වෙනස් කරාද? ඩී පොල්ට් තිබ්බනම් අව්ලක් වෙන්ඩ විදියක් නෑ, මමත් හොයල බලන්නම්.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න