Friday 25 September 2015

ඇයි මල්ලි උණද



නොයෙකුත් උණ වර්ග තිබේ. කුඩා කාලයේ මුද්දර එකතුකිරීමට, මාළු ඇතිකිරීමට මා හටද බරපතල උනක් තිබුණි. ගමේ චන්ඩි ද  බරපතල උන කාරයෝය. තවත් එකෙකුගෙන් හොදට කෑ විට මෙම උන බැසයන්නේ නිරායාසයෙනි.
අප කුඩාකල ගමේ සිටි අර්මි ඇබ්සන්ට් කාරයෙක් හොර අරක්කු බිස්නස් කරමින් ගමටම චන්ඩි පාර්ට් දගෙන සිටියේය. දිනක් උදැසන පාසල් යනවිට අප දුටුවේ මහපාරේ වැටී සිටින මේ චණ්ඩියට වැටමාර පොලුවලින් පහරදෙන හමුදාවේ පිරිසකි.පසුව දැනගත් පරිදි ඔහුව අල්ලාගෙන ඇත්තේ යුදහමුදා පොලිසියේ පිරිසකි.
සමහරක් රථ ගායෙන් පෙළෙති. එයත් එක්තරා උන විසෙසයකි. මොවුන් බොහෝවිට පාර දෙපැත්තේ ඇති ගස් ගල් වල තාප්ප වල ස්ටිකර් වී සිටිනු දක්නට ලැබේ. නිලතල වලින් හිස උදුම්වාගත් සම හරක්ද තද බල උන රෝගීන්ය. හිටපු පොලිටික්කන්ගේ බොහෝ ලේකම්ලා වලනොකඩී විසේස අල්ලස් දුසන කොමිසමට ආවේ නිලතල වලින් හිස උදුම්වාගෙන පොලිටික්කන්ට කඩේ ගිය නිසාය. වැඩේ කියන්නේ ඉස්සර හලෝ සර් කියා සැලුට් ගැසූ පොලිස් මාමලා දැන් මොඋන්ව ගණන් ගන්නේ වත් නැත.
කුරුණෑගල ජනප්‍රිය පාසැලක මුල්ගුරුවරයෙක්ගේ අසනීපයක් (උණක් හෝ මානසික ලෙඩෙක් ) නිසා පාසලේ දක්ස සිසුවියකගේ ජීවිතය නැතිවී ඇති කථාවක්  මෑතකදී අසන්නට ලැබුණි. හමුදාවෙන් පැන්සන් ගියා යි කියන මෙම පුද්ගලයා හමුදා පාලනයක් පාසලතුල ගෙනගියාලු. හමුදාවේ විනය ගැන දන්නෝ දනිති ලංකාවේ වැඩිම සමලිංගිකයන් ඉන්නේ හමුදාවේය. එයට වෙනම පොස්ටුවක් පසුව ලියමි.

කෙසේහෝ තමන්ගේ අසනීප තත්වයන් හදුනාගෙන කලින්ම බෙහෙතක් කරගන්නවානම් හොදය.නැත්නම් පස්සදොරින් කොමිසම් ගානේ යාමටත් ගැරිජ් වල සැගවිසිට අනුන්ගේ වාහනයකින් ගෙදර යාමටත් සිදුවියහැක.



13 comments:

  1. කැස්සට කොස් ඇට
    වාතෙට වම්බටු
    උනට කුරුම්බා

    එල එල දිගටම ලියමු........

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුති. තවම අත්‍ පොත් තිබ්බ විතරයි බන්ඩයියේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. අර විදුහල්පති පුඟුලා හමුදාවෙන් පැන්ෂන් ගිය කෙනෙක් නෙවේ. ඒ දවස්වල 'පිං කර්නල්' තනතුරු දුන්නා රජයෙන්. ඒවා වැඩිපුර දුන්නේ ආණ්ඩුවට පක්කලිකම් කළ උන්නැහේලට. යුද්ධය කියන්නේ මොකක්ද, අපේ රටේ හමුදාවේ හතර මායිම මොකද්ද, කියලා නොදන්න, මෙවැනි අබබ්බයන්, තමන්ට ලැබුණු පිං කර්නල් කම අශ්වයාට අං දුන්නා වගේ පාවිච්චි කළා. ගැහැණු දරුවෙකුට පාසලේදී වේසී කියා බැන්නා. ඇගේ ජීවිතය නැතිකළා. නමුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ මිනිහව කොට්ඨාශ අධ්‍යාපන නිලධාරියකු කළා.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, ඒ තනතුරු දෙන්න දුන්න පුහුණුවේදි විදුහල්පති කෙනෙක් මිය ගියා නේද?

      Delete
    2. ඔව්, ඔහුගේ වයස අනුව ඒ පුහුණුව දරාගන්න බැරිවුණා.

      Delete
    3. මේ පැත්තේ ආවට ස්තුති විචාරක තුමෝ . පත්තරේ තිබ්බ නිව්ස් එකක් දැකල ලීවේ.

      Delete
    4. මේ පැත්තේ ආවට ස්තුති විචාරක තුමෝ . පත්තරේ තිබ්බ නිව්ස් එකක් දැකල ලීවේ.

      Delete
  3. හෙහ් හෙහ් පට්ට..........

    ReplyDelete
  4. මිත්‍රයා බ්ලොග් එක මොබයිල් වර්ශන් එකෙන් ඕපන් වෙද්දි අකුරු කලු පාටට එන්නේ....පොඩ්ඩක් බලාපන්.....
    සටහන නියමයි....

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට backround colour එක වෙනස් කරන්ඩ වෙයි වගේ, ස්තූතියි තොරතුරට .

      Delete

හිතෙන දෙයක් කොටලයන්න