Wednesday, 25 November 2015

නොදන්නා කමට



මම මේ නොදන්නා කමට අහන්නේ එතකොට තුර්කියට විතරද උඩින් යන ප්ලේන් වලට ගහන්ඩ පුළුවන්?
ගිණි ගන්න ප්ලේන්එකෙන් පනින බටයෙක්ට වෙඩි තියන්ඩ නීතියක් තියනවද?
මේවට මානවහිමිකම් ලොක්කෝ මොකද සද්ද නැත්තේ?
ප්ලේන්එක රුසියාවේ නිසාද?
අපි ගැහුවොත් ඔබා අංකල් කෝල් කරලා ෂා මරු තව අවොත් තව ගහපියව් මමත් සපෝට් කියල අපේ ප්‍රසිඩන්ට කියයිද?

අපි කොහේ පයිටර් ජෙට් එකක් වට්ට්න්නද? හා නැද්ද හා
අච්චර පොඩි කුරුම්බැට්ටියටත්, පොල් ගහක් විතර උසකින් ආවත් අපේ අයට ගහගන්ඩ බැරි උනානේ හා නැද්ද හා?
ඒකට බයවෙලා ඒසී දාපු ජිම් තියන සුපිරි බංකර් හැදුවලු පව් නේ,හා නැද්ද හා?
පුටින් මාමේ ඔහොමයන් අපි ඔබ සමගයි,

හා නැද්ද හා?!!!

Friday, 20 November 2015

අද්දීයාපන ඇමති අංකල් වෙතයි,

අද්දීයාපන  ඇමති අංකල් වෙතයි,
අංකල්ලා අපි ගැන හිතන එක ගැන අපි සතුටු වෙමු. අපිටත් වඩා අපේ ටීචර්ලා ගැන හිතීම ගොඩක් හොදයි, මොකද එයාලා අපිට උගන්වන නිසාය, අපේ නිල ඇදුම් වලට රෙදි නොදී සල්ලි දෙනවා කියා 12 වසරේ අයියෙක් වෑන් එකේදී කියනවා ඇසුණි.ඒ අය්යලත් බොහොම හැපියෙන් කිව්වේ ඒ සල්ලි ලැබුණාම කරන දේවල්ය, ඒක මෙතැන ලියන්ඩ බැරිය, නිල් පිලිම් තිබුන ලැප් එක අයිති අයියා ඉස්සුවා වගේ අපිවත් උස්සන්නට බැරි නැත. කොටදෙණියාව පොලිසිය විතරක් නොව හැම පොලිසියක්ම නීතිය අකුරටම පුංචි අපිට ක්‍රියාත්මක කරයි.



අපේ ටීච පන්තියේදී පෝන් එකෙන් කථා කරන්නේ නැත. අපි 40 -45 ආම් බාන් කරන්ඩයි, පාඩම් කියා දෙන්ඩයි ගියාම පෝන් එකෙන් කථා කරකර ඉන්ඩ වෙලාවක් නැත. හැබයි පින්සිපල් නම් පොන් එකේ එල්ලිලාම ඉන්නවාය,පින්සිපොල්ලාගේ පොන් තහනම් කොරා නම් හොදය.
 ටිචගේ බුරිය පේනවාද, නැද්ද කියා අපිනම් බලන්නේ නැත. එහෙම බලනවානම් බලනවා ඇත්තේ ලොකු පන්තිවල අයියලා අක්කලා ය. තවද පින්සිපොලුත් බලනවා ඇතිය. පාරේ ඉන්න රස්තියදුකාරයොත් බලනවා ඇතිය,
අපිට චූ කක්කා දාන්ඩ ලැට් නැත, ඒවා කැඩිලාය, ටිචලාගේ එකත් ඒවගේමය, වතුරත් නැත, අපේ ඉස්කෝලේ එන වැන් එකේ දොර ගලවෙනවාය, දවසක අපේ නංගියෙක් මල්ලියෙක් දොරත් කඩාගෙන පාරට පත බෑවිය හැකිය,
ඉස්කෝලවල අඩුපාඩු හදා දෙන්නේ නැතුව වැඩකට නැති නීති දාන මේ ඇමතිලට පිස්සු කියා අපේ තාත්තා අම්මාට කියනවා ඇසුණි.
අවේන්ගාර්ඩ්, රට සංවර්දනයට වියක්රුති හැදීම,ඒවා ගෝලයන්ට බාරදීම, කොමිස් නියම ආකාරයෙන් ලැබේදැයි බැලීම මෙකි නොකී දහසක් වැඩ රාජකාරි ඇති ඇමති තුමන්ලාට පිස්සු නොහැදී තිබුනොත් පුදුමයකි.


ඔබතුමාට ඉක්මනින්ම සුව වේවායි පාර්ථනා කරමි,

Saturday, 14 November 2015

80 දසකයේ ළමයි


ඒ අසූව දසකයේ මුල් භාගයයි. එවක මා බාලාංශ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. 
කොස්ගහ යට සෙවණේ සිටින අම්මා  පාසලේ  කන්ද මුදුනේම  ගොඩනැගිල්ලේ සිට පහල බලන මට 
පැහැදිලිව පෙනේ.තුෂාරගේ අම්මා ද හදුනා ගැනීමට පහසුය, අන් අයට වඩා තරමක් උස ඇය අව්වට කුඩයක්ද ඉහලාගෙන සිටි. පාසල අවසන් වීමට ඇත්තේ තවත් විනාඩි කිහිපයකි, “බුදු සරණ වේවා” කියමින්ම මම ඇය දෙස බලමි. පන්ති කාමරයේදී සිදුවූ දැ සිතින් පෙළ ගස්වන මා මගේ අවශ්‍යතාවයන් අනුව මුලින් කීමට ඇතිදැ  සිතා ගනිමි.
ගාථා කීමෙන් පසුව වේගයෙන් කෙටිබිත්තියේ ඇති දොරින් දිවයන අප කන්ද පහලට ඇති  පඩිපෙළ බසිනවා නොව පඩි දෙක තුන උඩින් පනිමින් අම්මලා වෙත දිව යන්නෙමු.



ඉස්සෙල්ලම බැග් එක අම්මගේ අතට දෙනවා, ලොකු නඩුවක් තියේනම් කියල දානවා, මොකද ගුටිකාපු ඒකා හරි මට ගහපු එකා හරි සෙට් එකම ඉන්නේ ඔතනමනේ. අනික උන්ගේ අම්මලත් එතනම ඉන්න නිසා නඩුව මුලින්ම කියලා මම නිවැරදිකරු බවට මගේම කටින් සාක්කිත් දීල නඩුවේ වාසිය මගේ පැත්තට හරවා ගන්නවා. මෙතන වින්දිතය මමනම් ගේ ළගදී පිටට ගසා ගෙදර දිවීම, මෙහෙම කරන්නේ අම්මල ළග නැත්නම්,ඒ කියන්නේ අපේ අම්ම තරම් වේගයෙන් අනික් අම්මල ඇවිදින්නේ නෑ.අපේ අම්ම හයියෙන් යන්නේ මල්ලි ගෙදර නිදිකරලා ගේ වහල ආවහම.  ඉස්සරත් දැන් වගේ තමයි ඕපාදුප කයිවාරු ගොඩයි, ළමයි අම්මලට ඉස්සරවෙලා වේගයෙන් එනවා,හැබැයි වැස්සට පාරේ වතුර එකතුවෙලා තිබුනොත් ඒවා තලන නිසා එතකොටනම් අම්මලාට වඩා අපි පහු වෙනවා. ඉස්සර දැන්වගේ වාහන නැතිනිසා ළමයි ඉස්සර වෙලා එන එක ගැන අම්මලාට ගැටළුවක් උනේ නෑ
ඔය එන අතරේ පාසලේ දවසේ සිදුවීම්,උගන්වපු දේවල් ගැන කියන්ඩත් අමතක කරන්නේ නෑ.ඊලග දවසට ගෙනියන්ඩ දෙයක් (දැන් වගේ හැමදාම ගෙදරින් හදාගෙන එන්ඩ දේවල් තිබුනේ නැ )මදටිය ඇට,සියබලා ඇට,දියසායම් වගේ විසේස දෙයක් කිඋවොත් ඒවත් කියලා අම්මව පොරොන්දු කරගන්නවා හෙට ඉස්කෝලේ ගෙනියන්ඩ ඒවා හොයල දෙන බවට....එහෙම නැත්නම් මුලින්  නහයෙන් ඇඩීම පස්සේ හරිගියේ නැත්නම් බිම පෙරලි හෝ අම්මාගේ ඇගේ එල්ලී ඇඩීම දක්වා වැඩිවෙනවා. මහපාරේදී අම්මා අපිට ගහන්නේ නැතිබව දන්නා නිසා මෙහෙම කරන්ඩ ඇති කියලා දැන් හිතෙනවා.

    අපි අනික් ළමයින්ට කලින්  ආවොත් මහපාර අයිනෙම තියෙන චිනි අයියලාගේ  සියබලා ගහ යටටත් ගිහින් සියබලා වැටිලද කියලත් බලනවා. එත් ඒ ගහ යට තිබ්බේ පුදුම ගුප්ත කළුවරක්.
දැන්නම් අම්මලාට වදයක් නැත. පාසල් වෑන් ගම් නගර පුරා දක්නට ලැබේ. එහෙත් එදවස අපවිදී සතුට දැන් දරුවන් ලබනවදෝ යැයි නොසිතමි. පාසැලෙන් ටිව්සන් පංතියටත් ගොස් රෑ බෝවී ගෙදරවිත් හෝම් වර්ක් කිරීමෙන් පසු සෙල්ලම් කිරීමට කාලයක් කොයින්ද? 

Tuesday, 3 November 2015

මළමිනී බැටන් ප්‍රහාර,ලේ අවශ්‍ය කරතිබේ

එක්දහස් නමසිය බර ගණන් වල සිට අපි අනුන්ගේ පදයට නටන්නෙමු. ඉදිරියටත් එසේමය.ඔව්හූ අපිට තේ කෝප්පයේ කිබුලන් පෙන්වුහ. අපිද හම්මෝ යි කෑ ගසා අපිම කපාගෙන ඔවුන්ගේ ඇදුම් ඇඳ ගතිමු. එය ඇමරිකන් නව අදිරජ්‍යවාදය හෝ ඉන්දියන් ව්‍යාප්ත වාදය හෝ දුප්පත් පොහොසත් භේදය වියහැක.
සමහරක් හෑන්ඩ් පොනයේ සිට ගෙවල් කුලී දරුවන්ගේ පිටරට පාසැල් බිල් පවා ගෙවන්නේ මා ඉහත සදහන් කළ කරුණු ලුණු ඇබුල් දමා මහ ජනයා ඉදිරියේ කියා පැමෙනි.


තවත් පිකටින් නාටකයක් ජයග්‍රාහී ලෙස නිමාවිය. මෙහි නියම ජයග්‍රාහකයෝ කව්රුද?????
බැටන් පොලු පහරකා රෝහල් ගතවූ සිසුන්ද? වැටි වැටී දුවන සිසුන්ට පහරදුන් පොලිස් මාමලාද?
වර්තමාන යහපාලනයද ???
නැත සියළු ඉල්ලීම් දෙනබවට පොරොන්දුවී තිබියදී සිසුන් මහමග පිකට් කිරීමට සැලසු JVP බළල් හස්තය නොහොත් අන්තරයයි. මොඋනට අවශ්‍ය උපාදියට සම තැනවත් වෙනකිසිවක් නොවේ සැමදා පාරට බැස පොලිසේය හෝ හමුදාව ලවා සිසුවෙකු හෝ කිහිපදෙනෙක් මරා, මෙන්න මර්දනය කරනවෝ අහිංසක සිසුන් මරනවෝ කියා තම බඩවියත රැකගැනීමය.
කෙසේ වෙතත් මෙහි   අවසානයක් නම් දැකීමට හැකිනොවේ. එයත් සංසාර චක්කරය වගේය ආරම්බයක් මෙන්ම අවසානයක්ද නොමැත. එක් අයෙකු සත්‍ය වටහා ගන්නාවිට තව දහයක් මෙම විප්ලවවාදීන්ගේ ඔඩොක්කුවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැටෙති.අනාගතයේදී තවතවත් විජේවිරලා ප්‍රබාකරන්ලා බිහිවිය හැක.

මළමිනී බැටන් ප්‍රහාර,ලේ අවශ්‍ය කරතිබේ, නැත්නම් අපේ ෆෝන් බිල්,ගෙවල් කුලී, මේකප් වලට ගෙවන්නේ තොපේ අම්මලාද? වැරදුනා අපේ අම්මලාද?!!!.


Wednesday, 28 October 2015

ආදරණීය පැට්‍රිෂියා

මහ රැ
මූසල අන්ධකාරයේ  
බලාපොරොත්තු නැති විදිහට
නුබ ඇවිත්
කාලගුණෙත්  කිවුවලු

ඇස් නොපෙනෙන මගේ
හියරින් ඒඩ්ස් වැඩ කරන්නැ
ගියමාසේ ඉදලා
කුදලාගෙන පලයන් මාවත්
අපායට
ඒක මට සැපයි

ආදරණීය පැට්‍රිෂියා !!! 


Monday, 19 October 2015

ඔබ කවුද?

ඔබ කවුද?

ඔබ ගැන තෘප්තිමත්ද? ඔබ දැන් සිටින තැන ගැන ඔබ තෘප්තිමත්ද? ඔබගේ ජිවන තත්වය වැඩි දියුණු කර ගැනීමට ඔබ කැමතිද? නොකල හැක්කක් නොමැත. දිගටම කියවන්න.


ඔබ ඔබව හදුනනවාද? ඔබගේ හැකියාවන්,දක්ෂතාවයන්,ඒවගේම ඔබගේ දුර්වලතාවයන් ඔබ දන්නවාද? මදක් සිතා බලන්න.ඔබගේ අනාගත දියුණුවට එය ඉතාම වැදගත්,

ඔබගේ ආත්ම විශ්වාසය ගොඩ නගාගන්න.මිනිසෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ වයස අව්රුදු 03 පමණ දිය. ඔබගේ කුඩා දරුවා , ඔබගේ මතකයට එන කුඩා දරුවෙකුගේ චර්යාවන් මතක් කර බලන්න. ඔබ ගෙමිදුල අතුගාත්දී ඔඋනුත් ඔබට උදව්වට එනවා නේද? එහෙත් බොහෝවිට වැඩිහිටියන් කරන්නේ "ඔයාට බෑ පුතා එහාට වෙන්නකෝ" යනුවෙන් කියා ඔවුන් ව වැළැක්වීමයි. ඒ ඔබගේ ඇති වැඩි ආදරය,අනතුරක් කරගනී යන බිය නිසාය. කල යුත්තේ දරුවාත් යම් කාර්යයකට හවුල් කරගෙන ඔහුව හොදින් නිරීක්ෂණය කිරීමයි. එමගින් ඔහුගේ ආත්ම විශ්වාසය වර්ධනය වේ.

එදිනෙදා ජිවිතයේදී ඔබ වැඩ කරන්නේ ඔබට පුළුවන් උපරිම ශක්තියෙන්ද? නැත්නම් සාමාන්‍ය ආකාරයෙන්ද? අප සෑම විටම කැමති වඩා පහසු ආකාරයට වැඩ කිරීමටයි. ටිකක් හිතල බලන්න.



මුලින්ම ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් හදුනාගන්න. ඒවා වැඩි දියුණු කරගන්න.
දැන් ඔබගේ දුර්වලතාවයන් සිහිකරන්න. ඒවා මගහැරගැනීමට කටයුතු කරන්න.

ඔබගේ අනාගතය වැඩිදියුණු කරගැනීමට සාර්ථක කරගැනීමට ඇති අවස්ථා ගැන සොයා බලන්න. එය නව ව්‍යාපාරයක් ඇරභීම රැකියාවේ උසස්වීමක් විය හැක.
ඒවගේම ඔබට ඇතිවියහැකි භාදා ගැටළු ගැනත් සැලකිලිමත්වීම වැදගත්. විශේෂයෙන්ම පැවසිය යුතු කාරණය වන්නේ ගැටළුවක් අභියෝගයක් ලෙස සලකා එයට මුහුණ දීමයි.

ඔබගේ කාර්යාලයේදී,නිවසේදී  ඔබ කොහොමද වැඩ කරන්නේ? තව ටිකක් පලදායක ලෙස යමක් කළ හැකියි නේද? අපි කුඩා  වෙළද සැලක් හිමිකරුවෙක් ගමු. ඔබගේ වෙළද සැල උදැසන කීයටද විවුර්ත කරන්නේ,සවස කීය වෙනතුරු ඔබ එහි රැදී සිටිනවාද? නිවාඩු දිනවල ඔබගේ වෙළද සැල ව්‍යුර්තව තබනවාද? ලංකාවේ බොහෝ නිවාඩු දිනවල කඩ සාප්පු වසා ඇත. එහෙත් වැඩ කරන දිනයකට වඩා නිවාඩු දිනවල පාරිභෝගිකයාගේ පැමිණීම වැඩි විය හැක. වෙනසක් කර බලන්න. එය පලදායක විය හැක.

ලෝක පූජිත බොක්ෂින් ශුරයෙකු වූ මොහොමඩ් අලී පවසා ඇත්තේ තමා වැඩි අවධානයක් යොමු කරන්නේ පහරදීමට වඩා ප්‍රතිවාදියාගේ පහරකා බිම වැටී සිටිනවිට නැවත නැගිට පහරදෙන ආකාරය ගැන බවයි. පරාජයෙන් පලා නොගොස් ශක්තිමත්ව නැගී සිටින්න ඔබට ජය නියතයි.

Friday, 9 October 2015

අපි ආමී 2

වේටර්ට ලෙමන් ජින් බාගෙකුයි චිකන් ඩෙවල් එකකුයි ඔඩර් කරලා මම කථාව පටන් ගත්ත. 'ඉතින් කියපන්කො විස්තර ' අපිට හරියට නිදා ගන්ඩවත් තැනක් නැ බං  සමන කිඋව්ව. යකෝ අර අහවල් කෑම්ප් එකේ තියෙන්නේ ලස්සනට මල් වවලා බිල්ඩින් නිකන් හොටෙල් වගේනේ, ඒ බං මෙහෙනෙ යාපනේ පැත්තේ කොහෙවත් එහෙම නෑ. අපි මුළු දවල් දවසම වැටවල්, බංකර් හදනවා ඒ මදිවට රෑට නිදිමරන් ඩිව්ට් කරන්ඩත් ඕනේ. ළග නමන ගමන් සමන කිව්වා.
කෝ දැන් තොගේ ජාති ආලේ,
'මම රට වෙනුවෙන් යුද්දෙට යන්නේ මේක ජාතික (සිංහල ගෝත්‍රික) වගකීමක් කියල කියපු බණ ' මම ඇහුවා. හරි හරි බං, ඇතුලට ගිහාමනෙ වෙනස තේරෙන්නේ, ඔය එකෙක්ගේ වත් ඇති  ජාති ආලයක් නැබන්, හැමෝම මාසේ අන්තිමට පඩි අරන් ගෙදර යන්ඩ බලාගෙන ඉන්නේ.. මස් කෑල්ලක් කටට දාගන්න ගමන් සමන කිව්ව.
හරි දැන් උඹේ කථාව කියහන්කෝ මම කිව්ව. ටොනික් නැතුවම ජින් ටිකක් වීදුරුවට දාගත්තු සමන් ඒක එක හුස්මට බීගෙන ගියා. ගියමාසේ දවසක මම මේන්  ගේට් එක ළග බංකරේ ඩිවුටි හිටියේ රෑ 11ට විතර ඇති සාජන් කාරය ආව චෙක් කරන්ඩ මම වැටෙන් එහා පැත්ත බලාගෙන හිට්යේ, මූ ළගට එනකල්ම මම දැක්කේ නැ බං
'යකෝ තෝ නිදාගෙනද හිටියේ' ඇහුව නෙවි  මට ඇහුනා.
'ඇත්තටම මට නින්ද ගියා බං' මේකා කියනවා. තොට පිස්සුද හිටගෙන නිදා ගන්ඩ ? මම ඇහුවා. නැබන් මම හිටගෙන වෙපන් එකත් අල්ලන් හිටියේ, ඒත් සමහර දවස් වලට එහෙම නින්ද යනවා බං උදේ ඉදන් රෑ වෙනකල් වැඩ කරලා රෑට ඩ්ව්ට් කරනවා කියන්නේ වහ බං.
ඊට පස්සේ සාජන් කාරයා තොට පනිස්මන්ට් දුන්නද? එලි වෙනකල් පොඩ්රෝල් ගහන්ඩ ඇති නේ. මම ඇහුවා. මොන පොඩ්රෝල්ද බං මේකා මට කියනවා මේක බරපතළ වරදක්ය රිපෝර්ට් නොකර ඉන්ඩ නම් මූට අහවල් දේ කරගන්ඩ දෙන්ඩලු. මූ ගල් කාරයා කියලා ප්‍රසිද්ද වෙලා හිටියත් මට කථා කරපු පළවෙනි  වතාව
අම්මට හුඩු ඉතින් මගේ වෙරි හිදුණා. ආමි එකේ තියනවා එකක්  බෑ    කියන්ඩ බෑ කියලා, ඉතින් තෝ දීගෙන හිටියද? මට ඇහුනා. මම වෙපන්එකේ බට් එකෙන් මුගේ යටි බඩට එකක් දුන්නා.
මූ කෑගහගෙන බංකරෙන් එළියට දිව්වේ කලිසමත් අල්ලාගෙන' ඊට පස්සේ මට කෑම්ප් එක වහක් උනා බං අම්මයි  නංගිලා දෙන්නයි නිසා ඉවසන් හිටියා, අන්තිමේ මම ආවේ ආපහු නොයන්ඩ හිතාගෙන
මට කියන්ඩ දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ..................

ටික දවසකට පස්සේ සමන් කොළඹ  සිකුරිට් ජොබ් එකකට ගිහින් තිබුණා.ගමට වැඩිය ආවේ නැහැ. දැන්නම් බැඳලා ළමයිනුත් ඉන්නවා.

සත්‍ය සිදුවීමක්  නම් ගම් මනඃ කල්පිතයි.