Tuesday 3 November 2015

මළමිනී බැටන් ප්‍රහාර,ලේ අවශ්‍ය කරතිබේ

එක්දහස් නමසිය බර ගණන් වල සිට අපි අනුන්ගේ පදයට නටන්නෙමු. ඉදිරියටත් එසේමය.ඔව්හූ අපිට තේ කෝප්පයේ කිබුලන් පෙන්වුහ. අපිද හම්මෝ යි කෑ ගසා අපිම කපාගෙන ඔවුන්ගේ ඇදුම් ඇඳ ගතිමු. එය ඇමරිකන් නව අදිරජ්‍යවාදය හෝ ඉන්දියන් ව්‍යාප්ත වාදය හෝ දුප්පත් පොහොසත් භේදය වියහැක.
සමහරක් හෑන්ඩ් පොනයේ සිට ගෙවල් කුලී දරුවන්ගේ පිටරට පාසැල් බිල් පවා ගෙවන්නේ මා ඉහත සදහන් කළ කරුණු ලුණු ඇබුල් දමා මහ ජනයා ඉදිරියේ කියා පැමෙනි.


තවත් පිකටින් නාටකයක් ජයග්‍රාහී ලෙස නිමාවිය. මෙහි නියම ජයග්‍රාහකයෝ කව්රුද?????
බැටන් පොලු පහරකා රෝහල් ගතවූ සිසුන්ද? වැටි වැටී දුවන සිසුන්ට පහරදුන් පොලිස් මාමලාද?
වර්තමාන යහපාලනයද ???
නැත සියළු ඉල්ලීම් දෙනබවට පොරොන්දුවී තිබියදී සිසුන් මහමග පිකට් කිරීමට සැලසු JVP බළල් හස්තය නොහොත් අන්තරයයි. මොඋනට අවශ්‍ය උපාදියට සම තැනවත් වෙනකිසිවක් නොවේ සැමදා පාරට බැස පොලිසේය හෝ හමුදාව ලවා සිසුවෙකු හෝ කිහිපදෙනෙක් මරා, මෙන්න මර්දනය කරනවෝ අහිංසක සිසුන් මරනවෝ කියා තම බඩවියත රැකගැනීමය.
කෙසේ වෙතත් මෙහි   අවසානයක් නම් දැකීමට හැකිනොවේ. එයත් සංසාර චක්කරය වගේය ආරම්බයක් මෙන්ම අවසානයක්ද නොමැත. එක් අයෙකු සත්‍ය වටහා ගන්නාවිට තව දහයක් මෙම විප්ලවවාදීන්ගේ ඔඩොක්කුවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැටෙති.අනාගතයේදී තවතවත් විජේවිරලා ප්‍රබාකරන්ලා බිහිවිය හැක.

මළමිනී බැටන් ප්‍රහාර,ලේ අවශ්‍ය කරතිබේ, නැත්නම් අපේ ෆෝන් බිල්,ගෙවල් කුලී, මේකප් වලට ගෙවන්නේ තොපේ අම්මලාද? වැරදුනා අපේ අම්මලාද?!!!.


2 comments:

  1. umbala tahma dakala na Ranilge niyama muhuna .

    ReplyDelete
    Replies
    1. අපොයි මොකද නොදන්නේ ! බටලන්දේ නෑ සද්දේ

      Delete

හිතෙන දෙයක් කොටලයන්න