Saturday, 14 November 2015

80 දසකයේ ළමයි


ඒ අසූව දසකයේ මුල් භාගයයි. එවක මා බාලාංශ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි. 
කොස්ගහ යට සෙවණේ සිටින අම්මා  පාසලේ  කන්ද මුදුනේම  ගොඩනැගිල්ලේ සිට පහල බලන මට 
පැහැදිලිව පෙනේ.තුෂාරගේ අම්මා ද හදුනා ගැනීමට පහසුය, අන් අයට වඩා තරමක් උස ඇය අව්වට කුඩයක්ද ඉහලාගෙන සිටි. පාසල අවසන් වීමට ඇත්තේ තවත් විනාඩි කිහිපයකි, “බුදු සරණ වේවා” කියමින්ම මම ඇය දෙස බලමි. පන්ති කාමරයේදී සිදුවූ දැ සිතින් පෙළ ගස්වන මා මගේ අවශ්‍යතාවයන් අනුව මුලින් කීමට ඇතිදැ  සිතා ගනිමි.
ගාථා කීමෙන් පසුව වේගයෙන් කෙටිබිත්තියේ ඇති දොරින් දිවයන අප කන්ද පහලට ඇති  පඩිපෙළ බසිනවා නොව පඩි දෙක තුන උඩින් පනිමින් අම්මලා වෙත දිව යන්නෙමු.



ඉස්සෙල්ලම බැග් එක අම්මගේ අතට දෙනවා, ලොකු නඩුවක් තියේනම් කියල දානවා, මොකද ගුටිකාපු ඒකා හරි මට ගහපු එකා හරි සෙට් එකම ඉන්නේ ඔතනමනේ. අනික උන්ගේ අම්මලත් එතනම ඉන්න නිසා නඩුව මුලින්ම කියලා මම නිවැරදිකරු බවට මගේම කටින් සාක්කිත් දීල නඩුවේ වාසිය මගේ පැත්තට හරවා ගන්නවා. මෙතන වින්දිතය මමනම් ගේ ළගදී පිටට ගසා ගෙදර දිවීම, මෙහෙම කරන්නේ අම්මල ළග නැත්නම්,ඒ කියන්නේ අපේ අම්ම තරම් වේගයෙන් අනික් අම්මල ඇවිදින්නේ නෑ.අපේ අම්ම හයියෙන් යන්නේ මල්ලි ගෙදර නිදිකරලා ගේ වහල ආවහම.  ඉස්සරත් දැන් වගේ තමයි ඕපාදුප කයිවාරු ගොඩයි, ළමයි අම්මලට ඉස්සරවෙලා වේගයෙන් එනවා,හැබැයි වැස්සට පාරේ වතුර එකතුවෙලා තිබුනොත් ඒවා තලන නිසා එතකොටනම් අම්මලාට වඩා අපි පහු වෙනවා. ඉස්සර දැන්වගේ වාහන නැතිනිසා ළමයි ඉස්සර වෙලා එන එක ගැන අම්මලාට ගැටළුවක් උනේ නෑ
ඔය එන අතරේ පාසලේ දවසේ සිදුවීම්,උගන්වපු දේවල් ගැන කියන්ඩත් අමතක කරන්නේ නෑ.ඊලග දවසට ගෙනියන්ඩ දෙයක් (දැන් වගේ හැමදාම ගෙදරින් හදාගෙන එන්ඩ දේවල් තිබුනේ නැ )මදටිය ඇට,සියබලා ඇට,දියසායම් වගේ විසේස දෙයක් කිඋවොත් ඒවත් කියලා අම්මව පොරොන්දු කරගන්නවා හෙට ඉස්කෝලේ ගෙනියන්ඩ ඒවා හොයල දෙන බවට....එහෙම නැත්නම් මුලින්  නහයෙන් ඇඩීම පස්සේ හරිගියේ නැත්නම් බිම පෙරලි හෝ අම්මාගේ ඇගේ එල්ලී ඇඩීම දක්වා වැඩිවෙනවා. මහපාරේදී අම්මා අපිට ගහන්නේ නැතිබව දන්නා නිසා මෙහෙම කරන්ඩ ඇති කියලා දැන් හිතෙනවා.

    අපි අනික් ළමයින්ට කලින්  ආවොත් මහපාර අයිනෙම තියෙන චිනි අයියලාගේ  සියබලා ගහ යටටත් ගිහින් සියබලා වැටිලද කියලත් බලනවා. එත් ඒ ගහ යට තිබ්බේ පුදුම ගුප්ත කළුවරක්.
දැන්නම් අම්මලාට වදයක් නැත. පාසල් වෑන් ගම් නගර පුරා දක්නට ලැබේ. එහෙත් එදවස අපවිදී සතුට දැන් දරුවන් ලබනවදෝ යැයි නොසිතමි. පාසැලෙන් ටිව්සන් පංතියටත් ගොස් රෑ බෝවී ගෙදරවිත් හෝම් වර්ක් කිරීමෙන් පසු සෙල්ලම් කිරීමට කාලයක් කොයින්ද? 

Tuesday, 3 November 2015

මළමිනී බැටන් ප්‍රහාර,ලේ අවශ්‍ය කරතිබේ

එක්දහස් නමසිය බර ගණන් වල සිට අපි අනුන්ගේ පදයට නටන්නෙමු. ඉදිරියටත් එසේමය.ඔව්හූ අපිට තේ කෝප්පයේ කිබුලන් පෙන්වුහ. අපිද හම්මෝ යි කෑ ගසා අපිම කපාගෙන ඔවුන්ගේ ඇදුම් ඇඳ ගතිමු. එය ඇමරිකන් නව අදිරජ්‍යවාදය හෝ ඉන්දියන් ව්‍යාප්ත වාදය හෝ දුප්පත් පොහොසත් භේදය වියහැක.
සමහරක් හෑන්ඩ් පොනයේ සිට ගෙවල් කුලී දරුවන්ගේ පිටරට පාසැල් බිල් පවා ගෙවන්නේ මා ඉහත සදහන් කළ කරුණු ලුණු ඇබුල් දමා මහ ජනයා ඉදිරියේ කියා පැමෙනි.


තවත් පිකටින් නාටකයක් ජයග්‍රාහී ලෙස නිමාවිය. මෙහි නියම ජයග්‍රාහකයෝ කව්රුද?????
බැටන් පොලු පහරකා රෝහල් ගතවූ සිසුන්ද? වැටි වැටී දුවන සිසුන්ට පහරදුන් පොලිස් මාමලාද?
වර්තමාන යහපාලනයද ???
නැත සියළු ඉල්ලීම් දෙනබවට පොරොන්දුවී තිබියදී සිසුන් මහමග පිකට් කිරීමට සැලසු JVP බළල් හස්තය නොහොත් අන්තරයයි. මොඋනට අවශ්‍ය උපාදියට සම තැනවත් වෙනකිසිවක් නොවේ සැමදා පාරට බැස පොලිසේය හෝ හමුදාව ලවා සිසුවෙකු හෝ කිහිපදෙනෙක් මරා, මෙන්න මර්දනය කරනවෝ අහිංසක සිසුන් මරනවෝ කියා තම බඩවියත රැකගැනීමය.
කෙසේ වෙතත් මෙහි   අවසානයක් නම් දැකීමට හැකිනොවේ. එයත් සංසාර චක්කරය වගේය ආරම්බයක් මෙන්ම අවසානයක්ද නොමැත. එක් අයෙකු සත්‍ය වටහා ගන්නාවිට තව දහයක් මෙම විප්ලවවාදීන්ගේ ඔඩොක්කුවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැටෙති.අනාගතයේදී තවතවත් විජේවිරලා ප්‍රබාකරන්ලා බිහිවිය හැක.

මළමිනී බැටන් ප්‍රහාර,ලේ අවශ්‍ය කරතිබේ, නැත්නම් අපේ ෆෝන් බිල්,ගෙවල් කුලී, මේකප් වලට ගෙවන්නේ තොපේ අම්මලාද? වැරදුනා අපේ අම්මලාද?!!!.


Wednesday, 28 October 2015

ආදරණීය පැට්‍රිෂියා

මහ රැ
මූසල අන්ධකාරයේ  
බලාපොරොත්තු නැති විදිහට
නුබ ඇවිත්
කාලගුණෙත්  කිවුවලු

ඇස් නොපෙනෙන මගේ
හියරින් ඒඩ්ස් වැඩ කරන්නැ
ගියමාසේ ඉදලා
කුදලාගෙන පලයන් මාවත්
අපායට
ඒක මට සැපයි

ආදරණීය පැට්‍රිෂියා !!! 


Monday, 19 October 2015

ඔබ කවුද?

ඔබ කවුද?

ඔබ ගැන තෘප්තිමත්ද? ඔබ දැන් සිටින තැන ගැන ඔබ තෘප්තිමත්ද? ඔබගේ ජිවන තත්වය වැඩි දියුණු කර ගැනීමට ඔබ කැමතිද? නොකල හැක්කක් නොමැත. දිගටම කියවන්න.


ඔබ ඔබව හදුනනවාද? ඔබගේ හැකියාවන්,දක්ෂතාවයන්,ඒවගේම ඔබගේ දුර්වලතාවයන් ඔබ දන්නවාද? මදක් සිතා බලන්න.ඔබගේ අනාගත දියුණුවට එය ඉතාම වැදගත්,

ඔබගේ ආත්ම විශ්වාසය ගොඩ නගාගන්න.මිනිසෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ වයස අව්රුදු 03 පමණ දිය. ඔබගේ කුඩා දරුවා , ඔබගේ මතකයට එන කුඩා දරුවෙකුගේ චර්යාවන් මතක් කර බලන්න. ඔබ ගෙමිදුල අතුගාත්දී ඔඋනුත් ඔබට උදව්වට එනවා නේද? එහෙත් බොහෝවිට වැඩිහිටියන් කරන්නේ "ඔයාට බෑ පුතා එහාට වෙන්නකෝ" යනුවෙන් කියා ඔවුන් ව වැළැක්වීමයි. ඒ ඔබගේ ඇති වැඩි ආදරය,අනතුරක් කරගනී යන බිය නිසාය. කල යුත්තේ දරුවාත් යම් කාර්යයකට හවුල් කරගෙන ඔහුව හොදින් නිරීක්ෂණය කිරීමයි. එමගින් ඔහුගේ ආත්ම විශ්වාසය වර්ධනය වේ.

එදිනෙදා ජිවිතයේදී ඔබ වැඩ කරන්නේ ඔබට පුළුවන් උපරිම ශක්තියෙන්ද? නැත්නම් සාමාන්‍ය ආකාරයෙන්ද? අප සෑම විටම කැමති වඩා පහසු ආකාරයට වැඩ කිරීමටයි. ටිකක් හිතල බලන්න.



මුලින්ම ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් හදුනාගන්න. ඒවා වැඩි දියුණු කරගන්න.
දැන් ඔබගේ දුර්වලතාවයන් සිහිකරන්න. ඒවා මගහැරගැනීමට කටයුතු කරන්න.

ඔබගේ අනාගතය වැඩිදියුණු කරගැනීමට සාර්ථක කරගැනීමට ඇති අවස්ථා ගැන සොයා බලන්න. එය නව ව්‍යාපාරයක් ඇරභීම රැකියාවේ උසස්වීමක් විය හැක.
ඒවගේම ඔබට ඇතිවියහැකි භාදා ගැටළු ගැනත් සැලකිලිමත්වීම වැදගත්. විශේෂයෙන්ම පැවසිය යුතු කාරණය වන්නේ ගැටළුවක් අභියෝගයක් ලෙස සලකා එයට මුහුණ දීමයි.

ඔබගේ කාර්යාලයේදී,නිවසේදී  ඔබ කොහොමද වැඩ කරන්නේ? තව ටිකක් පලදායක ලෙස යමක් කළ හැකියි නේද? අපි කුඩා  වෙළද සැලක් හිමිකරුවෙක් ගමු. ඔබගේ වෙළද සැල උදැසන කීයටද විවුර්ත කරන්නේ,සවස කීය වෙනතුරු ඔබ එහි රැදී සිටිනවාද? නිවාඩු දිනවල ඔබගේ වෙළද සැල ව්‍යුර්තව තබනවාද? ලංකාවේ බොහෝ නිවාඩු දිනවල කඩ සාප්පු වසා ඇත. එහෙත් වැඩ කරන දිනයකට වඩා නිවාඩු දිනවල පාරිභෝගිකයාගේ පැමිණීම වැඩි විය හැක. වෙනසක් කර බලන්න. එය පලදායක විය හැක.

ලෝක පූජිත බොක්ෂින් ශුරයෙකු වූ මොහොමඩ් අලී පවසා ඇත්තේ තමා වැඩි අවධානයක් යොමු කරන්නේ පහරදීමට වඩා ප්‍රතිවාදියාගේ පහරකා බිම වැටී සිටිනවිට නැවත නැගිට පහරදෙන ආකාරය ගැන බවයි. පරාජයෙන් පලා නොගොස් ශක්තිමත්ව නැගී සිටින්න ඔබට ජය නියතයි.

Friday, 9 October 2015

අපි ආමී 2

වේටර්ට ලෙමන් ජින් බාගෙකුයි චිකන් ඩෙවල් එකකුයි ඔඩර් කරලා මම කථාව පටන් ගත්ත. 'ඉතින් කියපන්කො විස්තර ' අපිට හරියට නිදා ගන්ඩවත් තැනක් නැ බං  සමන කිඋව්ව. යකෝ අර අහවල් කෑම්ප් එකේ තියෙන්නේ ලස්සනට මල් වවලා බිල්ඩින් නිකන් හොටෙල් වගේනේ, ඒ බං මෙහෙනෙ යාපනේ පැත්තේ කොහෙවත් එහෙම නෑ. අපි මුළු දවල් දවසම වැටවල්, බංකර් හදනවා ඒ මදිවට රෑට නිදිමරන් ඩිව්ට් කරන්ඩත් ඕනේ. ළග නමන ගමන් සමන කිව්වා.
කෝ දැන් තොගේ ජාති ආලේ,
'මම රට වෙනුවෙන් යුද්දෙට යන්නේ මේක ජාතික (සිංහල ගෝත්‍රික) වගකීමක් කියල කියපු බණ ' මම ඇහුවා. හරි හරි බං, ඇතුලට ගිහාමනෙ වෙනස තේරෙන්නේ, ඔය එකෙක්ගේ වත් ඇති  ජාති ආලයක් නැබන්, හැමෝම මාසේ අන්තිමට පඩි අරන් ගෙදර යන්ඩ බලාගෙන ඉන්නේ.. මස් කෑල්ලක් කටට දාගන්න ගමන් සමන කිව්ව.
හරි දැන් උඹේ කථාව කියහන්කෝ මම කිව්ව. ටොනික් නැතුවම ජින් ටිකක් වීදුරුවට දාගත්තු සමන් ඒක එක හුස්මට බීගෙන ගියා. ගියමාසේ දවසක මම මේන්  ගේට් එක ළග බංකරේ ඩිවුටි හිටියේ රෑ 11ට විතර ඇති සාජන් කාරය ආව චෙක් කරන්ඩ මම වැටෙන් එහා පැත්ත බලාගෙන හිට්යේ, මූ ළගට එනකල්ම මම දැක්කේ නැ බං
'යකෝ තෝ නිදාගෙනද හිටියේ' ඇහුව නෙවි  මට ඇහුනා.
'ඇත්තටම මට නින්ද ගියා බං' මේකා කියනවා. තොට පිස්සුද හිටගෙන නිදා ගන්ඩ ? මම ඇහුවා. නැබන් මම හිටගෙන වෙපන් එකත් අල්ලන් හිටියේ, ඒත් සමහර දවස් වලට එහෙම නින්ද යනවා බං උදේ ඉදන් රෑ වෙනකල් වැඩ කරලා රෑට ඩ්ව්ට් කරනවා කියන්නේ වහ බං.
ඊට පස්සේ සාජන් කාරයා තොට පනිස්මන්ට් දුන්නද? එලි වෙනකල් පොඩ්රෝල් ගහන්ඩ ඇති නේ. මම ඇහුවා. මොන පොඩ්රෝල්ද බං මේකා මට කියනවා මේක බරපතළ වරදක්ය රිපෝර්ට් නොකර ඉන්ඩ නම් මූට අහවල් දේ කරගන්ඩ දෙන්ඩලු. මූ ගල් කාරයා කියලා ප්‍රසිද්ද වෙලා හිටියත් මට කථා කරපු පළවෙනි  වතාව
අම්මට හුඩු ඉතින් මගේ වෙරි හිදුණා. ආමි එකේ තියනවා එකක්  බෑ    කියන්ඩ බෑ කියලා, ඉතින් තෝ දීගෙන හිටියද? මට ඇහුනා. මම වෙපන්එකේ බට් එකෙන් මුගේ යටි බඩට එකක් දුන්නා.
මූ කෑගහගෙන බංකරෙන් එළියට දිව්වේ කලිසමත් අල්ලාගෙන' ඊට පස්සේ මට කෑම්ප් එක වහක් උනා බං අම්මයි  නංගිලා දෙන්නයි නිසා ඉවසන් හිටියා, අන්තිමේ මම ආවේ ආපහු නොයන්ඩ හිතාගෙන
මට කියන්ඩ දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ..................

ටික දවසකට පස්සේ සමන් කොළඹ  සිකුරිට් ජොබ් එකකට ගිහින් තිබුණා.ගමට වැඩිය ආවේ නැහැ. දැන්නම් බැඳලා ළමයිනුත් ඉන්නවා.

සත්‍ය සිදුවීමක්  නම් ගම් මනඃ කල්පිතයි.

Monday, 5 October 2015

අපි ආමි

දවසක් මම බයික් එකේ හුළං චෙක් කර ගන්ඩ ගියහම ආමි එකට ගිය සමන් කුමාරයා ගැරිජ් එකේ ඉන්නවා. අඩෝ සමනො තෝ පැනල ආවද ඇහුව නෙවෙයි ඇහුනා, ආමී එක අපිට හරියන්නෑ බං,යුද්දේට යන්නේ මැරෙන්ඩ බලාගෙන, ෆයර් කරනකොට මොකුත් කල්පනා වෙන්නේ නැ, අපි මැරෙන්නේ රට වෙනුවෙන්. පුහුණුව ඉවර වෙලා පාස් අව්ට් එකෙන් පස්සේ ගමට ඇවිත් සිගරට් එකක් ගහන ගමන් වෙලගාව පාලම ළගදි මු කියපු එක මට තවම මතකයි.
තොට මොකද බොල උනේ ? කොටියෙක් අල්ලලා තෝව බ්‍රෛන් වොස් කරාද ? මේකා ඇඹරෙනවා.

තෝ වෙපන් එක බරදිලද ආවේ මම ඇහුවේ නැත්නම් මූට අද හෙටම බඩු හම්බ වෙන බව දන්නා නිසා. ඒවා ඔක්කම දීල දවස් 9ක නිවාඩුත් දාල ආවේ. ආ එහෙනම් අප්සට් එකක් නැහැනේ  මම කිව්වා. නැත්තෙමත් නැහැ බන් මම හවස් වෙලා එපැත්තේ එන්නම්කෝ කියල ඌ කඩවල් පැත්තට ගියා. අව්වට කළු ගැහිල තිබුනත් මුගේ මුහුණේ වෙනසක් තියනවා කියල මට තේරුණා.

හවස කාමරේට ජනේලෙන් හොම්බ දාල අඩෝ - - - කියනකල්ම මට මුව ගැන මතක් උනේ නැහැ. නැන්දේ කියාගෙන ගෙට ගොඩවුන සමන නැවතුනේ මගේ කාමරේ පුටුව උඩ. ටිකක් වෙලා ඉඳලා  අම්මගෙන් තේ එකකුත් බිලා මේකා වැඩි කථාවක් නැතිනිසා මම අම්මට කිඋවා අපි සමන්ගේ නෑදෑ ගෙදරක ගිහින් එන්ඩ යනවා කියල. මොකද හවස 6න් පස්සේ මම නැතත් අප්පොච්චට හුටු හුටු පොජ්ජ ඒ කියන්නේ බයික් එක ගෙදර තියෙන්ඩ ඕනේ. නැත්නම් මම ගෙදර ආවම නිදාගන්ඩ වෙන්නේ එළියේ, හෙක් හෙක්, කෝමද ඩෑඩ් ගෙ  විනය....අති විසිස්ටයි නේ.

ඔහොම කියාගෙන අපි ගෙදරින් ආවේ මුගෙන් විස්තර ඇතුව කථාව දැනගන්ඩ? ගොඩක් හිතේ හංගන් ඉන්න ඒවා එළියට ගන්ඩ තැනක් අපේ ටව්න් එකේ තිබුණා, අත බලා සාස්තර කියන තැන නෙවෙයි ආයුබෝවන්ඩ .........

ඒ තමයි විමල් අයියගේ වයින් ස්ටෝර්ස් එක, බයික් එක කෙළින්ම පිටිපස්සේ ස්ටෝරුව අයිනෙන් දාපු අපි දෙන්න පිටිපස්සේ දොරින්ම ඇතුල් උනා, විමල් අයියගේ බොඩිගාඩ් වගේ ඉන්න සනාට සැලුට් එකක් දාගෙනම අපි දෙන්නා අයිනෙම තිබ්බ පොඩි මෙසේ ළගින් ඉද ගත්ත.

                                 නැවත හමුවෙමු. !!!



Friday, 2 October 2015

ටිකක් හිතමු

නෙගටිව් විදියට හිතන අය එක්ක ඉන්නකොට අපිත් නෙගටිව් වෙනවලු. ඒක නිසා අද මම පුල් පොසිටිව් පොස්ට් එකක් ලියනවා. හෙහ් හෙහ්.... අපි ඉන්නේ හෙන කාන්තාරෙක කියල මේක කියවන අය නොදන්නවා ඇති.එක තමයි ඇත්ත.හරියටම කිඋවොත් සෞදි අරාබියේ ජෙඩා නගරයට කිලෝමීටර් දෙසීයක් විතර ඇතින් . සමහර කාලවලට මෙහෙ උෂ්නත්වය සෙන්ට්රිගෙඩ්  50 විතර වෙනවා. ලංකාවෙදි උෂ්නත්වය සෙන්ට්රිගෙඩ්30ට වැඩි උනහම අපිට කොච්චර අමාරුද? මෙහෙ ගොඩනැගිලි හදන මිනිස්සු දවාලට වැඩ කරද්දී දැනෙන රස්නය මොනවගේ ඇත්ද කියල ඔයාලට පොඩි අදහසක් ඇති කියල මට හිතෙනවා. ආසියාවේ හැමරටකම අය  මෙහෙ වැඩ කරනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ,නේපාලයේ,පකිස්ථානයේ,බංගලාදෙසයේ, පිලිපීනයේ වගේම මගේ හිතවත් වියට්නාම් ජාතික අයත් ඉන්නවා. වියට්නාම් ජාතිකයන් විසේසයෙන් මතක්කලේ මම ඔවුන්ගේ බාසාවෙන් කථාකරන නිසා ඔවුන් මගේ මිතුරන් වී ඇති නිසයි. බොහෝ අය වියට්නාම් ජාතිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නොයෙකුත් අබුත  කථා ඔවුන් හා ගෙතී ඇති නිසයි. සමහරු ඔවුන් මිනීමස් කන මැලේච්ච පිරිසක් ලෙස හදුන්වනවා.
මෙයට හෙතුවියහැක්කේ වසර ගණනක යුද්දයක් නිසා මොවුන්ගේ ආහාර රටාව හා ආහාර වර්ග වෙනස් වී තිබීමයි. ගෙම්බාගේ සිට කුරුල්ලන් බල්ලන් හා පුසන් උවත් සමහරු කෑමට පැකිලෙන්නේ නැහැ. ඒක ගැන වෙන දවසක ලියන්නම්.

 අපි මුල කථාවට එමු. ලංකාවේ අපිට මල් පෝචිචියක හරි බටු පැලයක් ,මිරිස් පැලයක් හදාගන්ඩ පුළුවන්. හැබැයි අපිට රටේ නැති නිදහසට කරුනු දහසක් විතර ඔලුවට එනවා. ගෙදර ඉන්න අයට අම්මො අපිට තියන වැඩ කියයි. ජොබ් එකක් කරන අයට වැඩ කරලා මහන්සිවෙලා ඔවට වෙලාවක් නැ කියයි.


මෙ පුද්ගලයත් ඉර අව්වෙ උදෙ ඉදන් වැඩ කරල අැව්ත් තමයි මෙ ලස්සන ගෙවත්ත හදාගෙන තියන්නෙ. මෙරටේ පරිසර උෂ්ණත්වය 48-50 C වෙන කාලයකුත් තියනවා. බලන්ඩ කොයි තරම් කැප කිරිමක් කරල තියෙනවද කියලා. මෙතන කුකුලොත් කීපදෙනෙක්ම ඉන්නවා, මගෙ කාමරෙට (මෙහෙ කියන්නේ කැබ්න් කියල​, මෙ කැබින් පිට්න් බලත්දි කන්ටෙනර් පෙට්ටි වගෙ පෙනුනත් අැත්තටම එ්ව හදල තියෙන්නෙ පිටින් අමානො තහඩු ගහල අතුලෙන් ලෑලි ගහල​, වායු සමිකරනයකුත් සවිකරල තියනවා.) කාමර දෙකකට මෙහායින් තමයි තියන්නෙ, උදෙට කුකුලෙක් කෑගහනකොට පොඩි ගතියක් දැනෙනව​,