දවසක් මම බයික්
එකේ හුළං චෙක් කර ගන්ඩ ගියහම ආමි එකට ගිය සමන් කුමාරයා ගැරිජ් එකේ ඉන්නවා. අඩෝ සමනො
තෝ පැනල ආවද ඇහුව නෙවෙයි ඇහුනා, ආමී එක අපිට හරියන්නෑ
බං,යුද්දේට යන්නේ
මැරෙන්ඩ බලාගෙන, ෆයර් කරනකොට මොකුත්
කල්පනා වෙන්නේ නැ, අපි මැරෙන්නේ රට
වෙනුවෙන්. පුහුණුව ඉවර වෙලා පාස් අව්ට් එකෙන් පස්සේ ගමට ඇවිත් සිගරට් එකක් ගහන ගමන්
වෙලගාව පාලම ළගදි මු කියපු එක මට තවම මතකයි.
තොට මොකද බොල උනේ
? කොටියෙක් අල්ලලා
තෝව බ්‍රෛන් වොස් කරාද ? මේකා ඇඹරෙනවා.
තෝ වෙපන් එක බරදිලද
ආවේ මම ඇහුවේ නැත්නම් මූට අද හෙටම බඩු හම්බ වෙන බව දන්නා නිසා. ඒවා ඔක්කම දීල දවස්
9ක නිවාඩුත් දාල ආවේ. ආ එහෙනම් අප්සට් එකක් නැහැනේ මම කිව්වා. නැත්තෙමත් නැහැ බන් මම හවස් වෙලා එපැත්තේ
එන්නම්කෝ කියල ඌ කඩවල් පැත්තට ගියා. අව්වට කළු ගැහිල තිබුනත් මුගේ මුහුණේ වෙනසක් තියනවා
කියල මට තේරුණා.
හවස කාමරේට ජනේලෙන්
හොම්බ දාල අඩෝ - - - කියනකල්ම මට මුව ගැන මතක් උනේ නැහැ. නැන්දේ කියාගෙන ගෙට ගොඩවුන
සමන නැවතුනේ මගේ කාමරේ පුටුව උඩ. ටිකක් වෙලා ඉඳලා
අම්මගෙන් තේ එකකුත් බිලා මේකා වැඩි කථාවක් නැතිනිසා මම අම්මට කිඋවා අපි සමන්ගේ
නෑදෑ ගෙදරක ගිහින් එන්ඩ යනවා කියල. මොකද හවස 6න් පස්සේ මම නැතත් අප්පොච්චට හුටු හුටු
පොජ්ජ ඒ කියන්නේ බයික් එක ගෙදර තියෙන්ඩ ඕනේ. නැත්නම් මම ගෙදර ආවම නිදාගන්ඩ වෙන්නේ එළියේ,
හෙක් හෙක්, කෝමද ඩෑඩ් ගෙ විනය....අති විසිස්ටයි නේ.
ඔහොම කියාගෙන අපි
ගෙදරින් ආවේ මුගෙන් විස්තර ඇතුව කථාව දැනගන්ඩ? ගොඩක් හිතේ හංගන් ඉන්න ඒවා එළියට ගන්ඩ තැනක්
අපේ ටව්න් එකේ තිබුණා, අත බලා සාස්තර
කියන තැන නෙවෙයි ආයුබෝවන්ඩ .........
ඒ තමයි විමල් අයියගේ
වයින් ස්ටෝර්ස් එක, බයික් එක කෙළින්ම
පිටිපස්සේ ස්ටෝරුව අයිනෙන් දාපු අපි දෙන්න පිටිපස්සේ දොරින්ම ඇතුල් උනා, විමල් අයියගේ බොඩිගාඩ්
වගේ ඉන්න සනාට සැලුට් එකක් දාගෙනම අපි දෙන්නා අයිනෙම තිබ්බ පොඩි මෙසේ ළගින් ඉද ගත්ත.
නැවත හමුවෙමු. !!!
නැවත හමුවෙමු. !!!











