Friday, 25 September 2015

ඇයි මල්ලි උණද



නොයෙකුත් උණ වර්ග තිබේ. කුඩා කාලයේ මුද්දර එකතුකිරීමට, මාළු ඇතිකිරීමට මා හටද බරපතල උනක් තිබුණි. ගමේ චන්ඩි ද  බරපතල උන කාරයෝය. තවත් එකෙකුගෙන් හොදට කෑ විට මෙම උන බැසයන්නේ නිරායාසයෙනි.
අප කුඩාකල ගමේ සිටි අර්මි ඇබ්සන්ට් කාරයෙක් හොර අරක්කු බිස්නස් කරමින් ගමටම චන්ඩි පාර්ට් දගෙන සිටියේය. දිනක් උදැසන පාසල් යනවිට අප දුටුවේ මහපාරේ වැටී සිටින මේ චණ්ඩියට වැටමාර පොලුවලින් පහරදෙන හමුදාවේ පිරිසකි.පසුව දැනගත් පරිදි ඔහුව අල්ලාගෙන ඇත්තේ යුදහමුදා පොලිසියේ පිරිසකි.
සමහරක් රථ ගායෙන් පෙළෙති. එයත් එක්තරා උන විසෙසයකි. මොවුන් බොහෝවිට පාර දෙපැත්තේ ඇති ගස් ගල් වල තාප්ප වල ස්ටිකර් වී සිටිනු දක්නට ලැබේ. නිලතල වලින් හිස උදුම්වාගත් සම හරක්ද තද බල උන රෝගීන්ය. හිටපු පොලිටික්කන්ගේ බොහෝ ලේකම්ලා වලනොකඩී විසේස අල්ලස් දුසන කොමිසමට ආවේ නිලතල වලින් හිස උදුම්වාගෙන පොලිටික්කන්ට කඩේ ගිය නිසාය. වැඩේ කියන්නේ ඉස්සර හලෝ සර් කියා සැලුට් ගැසූ පොලිස් මාමලා දැන් මොඋන්ව ගණන් ගන්නේ වත් නැත.
කුරුණෑගල ජනප්‍රිය පාසැලක මුල්ගුරුවරයෙක්ගේ අසනීපයක් (උණක් හෝ මානසික ලෙඩෙක් ) නිසා පාසලේ දක්ස සිසුවියකගේ ජීවිතය නැතිවී ඇති කථාවක්  මෑතකදී අසන්නට ලැබුණි. හමුදාවෙන් පැන්සන් ගියා යි කියන මෙම පුද්ගලයා හමුදා පාලනයක් පාසලතුල ගෙනගියාලු. හමුදාවේ විනය ගැන දන්නෝ දනිති ලංකාවේ වැඩිම සමලිංගිකයන් ඉන්නේ හමුදාවේය. එයට වෙනම පොස්ටුවක් පසුව ලියමි.

කෙසේහෝ තමන්ගේ අසනීප තත්වයන් හදුනාගෙන කලින්ම බෙහෙතක් කරගන්නවානම් හොදය.නැත්නම් පස්සදොරින් කොමිසම් ගානේ යාමටත් ගැරිජ් වල සැගවිසිට අනුන්ගේ වාහනයකින් ගෙදර යාමටත් සිදුවියහැක.



Tuesday, 15 September 2015

ලංකාවට කෝල් එකක්!


                                                                  (පොටෝඑක ගත්තේ මෙතනින් clipatrof.com ) හැමදෙයකම වැරදි දකින්න එපා යැයි ඔබට කිවහැක. එහෙත් මට හැගෙන දෙය මෙසෙ අකුරු කරමි.
දින කිහිපයකට පෙර මූහුනු පොතේ ජනප්රියවු විඩියොවක් දැක්කෙමි. සමහරවිට ඔබ දැනටමත් මෙය නරඹා අතැයි සිතමි. රටරැකියාවකට ගොස් සිටින කාන්තාවක් තම සැමියාට දුරකථනයකින් අමතයි.අැයට අවශ‍යව ඇත්තේ මුදල් එවු අංකය තම සැමියාට පැවසීමයි.
මෙහිදී ඇය අවේගශිලිව  කථා කරන අතර අසබ්ය වචනද ඒ අතර වේ.
සමහරක් ලාංකික  මිනිසුන් හා ගැහැණුන් වෙනරටකදී අසබ්ය වචනයෙන් කථා කිරීම විලාසිතාවක්, විහිළුවක් ලෙස සළකයි.  අසබ්ය වචනකියා ළමයින් නැලවූ   ගෘහ සේවිකාවක් ගැන ඔබ අසා ඇති.
කෙසේ වෙතත් මෙම වීඩ්යෝ ව  අවසානයේදී මෙය පටිගත කරන්නා (මෙහි දෙදෙනෙකුගේ කටහඩ ඇසෙයි.) කථා කරන්නේ දෙමළ භාෂාවෙනි.මොඋන් නිසැකවම ලාංකික දෙමළ ජාතිකයින් විය යුතුය. මෙම කාන්තාවට ගරහා කොමන්ට් දමනු විනා මෙය ප්‍රසිද්ද කිරීමට හේතු සොයා බැලීමට කිසිවෙක් උත්සාහ කර ඇත්ද?


Friday, 11 September 2015

යහපාලනයක් වේවා!!!

රටටම මෛත්‍රී වේවා. හෙහ් කෝමද  ළමයි සපෙන්ද සනිපෙන්ද? අපිවගේ මහජනයාට  නෙවෙයි හිටපු චන්ඩි රජාලට කප්පන් කාරයන්ට,කුඩු,එතනෝල් කාරයන්ට නම් සැප තමයි.කලින් වගේ  ඉහගෙන කන්ඩ බැරිඋනත් බාගෙන කන්ඩ බැරිවෙන එකක් නැ . හෙහ් හෙහ් .
මොනවා උනත් චන්දෙන් පැරදුනු මිනිස්සුන්ට එපාම වෙලා ඉන්න බුවාලා ටික ලිස්ට් එකෙන් දාපු එකනම් අනුමත කොරන්ඩ බැ .
එතකොට මේකද යකෝ යහපලානේ කියලා අහන එක වලක්වංඩ බැ.
හිටපු ලොක්කිත් මේඑක අනුමත කලා කියලා මුණූ පොතේ දැක්කා. පොදු අපේක්සකයා පැරදුනාම තමුන්ව හෙලුවැල්ලෙන් මහපාරේ දුවවනවා කියපු එකත් නියෝජ්‍ය ඇමතිකමක් ගත්ත බව නෝනට අමතක වෙලාද, විස්කි වැඩි වෙලාද මන්ද කියල සමහරක් මහජනයා අහනවා බොලන්.
අව්ලක් නැ ජ්ව්පේ ත් ඉන්නවනේ පාර හදාගෙන යන්ඩ.

එහෙනම් අවරුදු 05ම යහපාලනයක් වේවා සැමටම මෛත්‍රී වේවා කියල පාර්ථනා කොරනවා.

Sunday, 30 August 2015

භිතිකා

භිතිකා
 නොයෙකුත් භිතිකා තිබේ . සමහරු රාත්‍රියට බියවෙති.සුද්දා ස්වීට් dream කිඋවේ රැට හීනෙන් බය නොවේවා කියා වන්නටත් පුළුවන. සමහරු විදුලි පංකා යට සිටීමට බිය වෙති.එය තම හිසමත කඩා වැටේ යි  කියා බිය වෙති, සමහරු ගුවන් ගමන් වලට බියවෙති, මගේ මිතුරෙකු කිවේ තමානම් කිසිදින ගුවනින් නොයන බවයි . මුහුදේදී වතුරට පැනලා හරි බෙරුනහැකි එත් ගුවන් යානයට මොනවහරි උනොත් මක් කරන්ඩද.

 අපි බොහෝ දෙනෙකුට භිතිකා ඇත.ලංකාවේ බොහෝ දේශපාලකයෝ ඇමෙරිකන් සිහින බිතිකාවකින් මිනිසුන් දිනා ගැනීමට දක්ෂය.එනම් යම් දිනක ඇමෙරිකාව හෝ වෙනත් රටක් විසින්  ලංකාව යටත් කරගනු ඇත යන්නය. ඇමෙරිකාව තියා ඉන්දියාවට ආසන්න රටවල් වන නේපාලය, බංගලාදේශය,බුරුමය හා අප සිටින මැදපෙරදිග රටවල ඇතැම් මිනිසුන් ලංකාවක් ගැන අසාවත් නැත. ඔවුන් සිතන්නේ ලංකාව ඉන්දියාවට අයත් දුපතක් බවය.
88-89 භිසන සමයේ අප මිතුරියකගේ අමුතු පුරුද්දක් මට මතක් වේ. නිදාගැනීමට පෙර තම යහන යටට එබී බැලීමය.එකල්හි සිදුවූ සිදුවීම් නිසා යට මෙම බිතිකාව වලදුනා විය හැක. මාගේ මිතුරෙකු රාත්‍රියේ තම මෝටර් රථයට නැගීමට පෙර පිටුපස ආසනය හොදින් පරික්ෂා කිරීමට පුරුදුවී සිටියා . කියන්ඩ බෑනේ  හොරෙක් ඊදලා පිහියක් දික්කරොත් ? ඔහුගේ පිළිතුරය.
ග්‍රාමීය ප්‍රදේශ වල  රාත්‍රියට බොහෝවිට ගොයම් මැස්සන් පොඩිවීම නිසා ඝදක් එය්. මෙය සමහරු සිතන්නේ පොළගෙක් ගෙට ඇවිත් කියාය. කුඩාකල අප මෙම මැස්සන් පොඩිකර ඔන්න පොලගෙක් ඇවිත් කියා සමහරු බිය ගන්විමු.
සර්පයන් ගැන කියද්දී මට මතක් වන්නේ පහල ගෙදර නැන්දාය . පහල ගෙදර නැන්දලාගේ පිරිත් ගෙයක් විය. හැමදා සිදුවෙනවා සේම මැදියම් රැයේ බොහෝ පිරිස් නිදා ගත්හ. අපිද එදිරිපස කාමරයේ නිදා ගෙන සිටියෙමු. එකවරම පහල ගෙදර නැන්දා  මේ කාමරේට නයෙක් ඇවිත් කියා අපි සැවොම අවදි කළේය.
අහුමුලු හැමතැනකම බැලූ නමුත් නයා නැත. නැවතත් පැය බාගයකින් පමණ "නැගිටින්ඩ ළමයිනේ කියා නැන්දා අපිව ඇහැරුවීය.
මොකද නැන්දේ කියා ඇසුවේ අපිටත් දැන් මල නිසාය.
මෙන්න මේ හරියෙන් නයෙක් පිබිනවා ඇහුනා , නන්දාගේ පිළිතුරය.
එදා නයා සොයාගැනීමට අපිට නොනිදා සිටීමට සිදු විය.නයා සොයා ගත්තේ තවත් පැය ගානකට පසුවය.

ඔහෙ හිටපු නයෙක් නැත. හොදටම නින්ද ගියවිට ගාමිනියා ගොරවනවාය. මෙය සාමාන්‍ය ගෙරවීමක් නොව අසාමාන්‍ය පිබිමකි.මේබව නොදත් පහල ගෙදර නැන්දා සිතා ඇත්තේ නයෙක් ඇවිත් කියාය.

Thursday, 13 August 2015

රටට කෙලවා අපේ පවුලට මනාපය




වමට ගහලා හදපු මාලිග අලියා ඇවිදින් කඩයි බං

පවුල විකුණපු රත්තරං ගැන එව්න් ඇවිදින් හොයඊ බං

කොමිස් ගහපුවා ගැන කියන්නට මටත් මතකත් නැහැනෙ බං



රටට කෙලවා අපේ පවුලට මනාපය දැන් දියව් බං


Tuesday, 16 June 2015

ඔබ අවා

සිහිනයක වෙලුනා 
පවන් රැලි සැලුනා 
සොඳුරු සිත්තම් 
රුප මවමින් 
ඔබ සෙමින් නැගුනා

ගිනිගෙනා දැවෙනා 
වියලි කතරේ 
දියබිදක්සේ 
හදෙහි සො නිවුනා  

 සිහින මල් පිපුනා
කදුලු වැල් මැකුනා
ඔබ මගේ වී
මා ඔබේ වී
අපිට අපි 
ලැබුනා, 


Friday, 5 June 2015

ලෝකෙටම එකයි

මුහුනුපොතේ  සෙයාරුවක් පලකර ලංකාවේ  ඉපදිම කෙතරම් වාසනාවක් දැයි කියා  එයට ලයික් එකතු කරන සිගිති ආතල් එකක් දුටුවෙමි. මේ අපේ මාතෘ බුමියයි, අපි එයට ගරු කරමු, ඒ කැමරා  කාරයන්ට පේන්ඩවත් ජාති වාදීන්ට අවශය ආකාරයටවත් නොවේ, ලන්කාව තරම් දුශිත මිනිසුන්ගෙන් පිරි රටක් අප්රිකවේ වත් ඇත්දො කියා මට නම්  සුවර් නැත. ලක් වැසියො කුහුබුවෙක්වත් නොමරති. හරක් (කකුල් හතරේ) මැරිමට විරොදය දැක්විමට කිහිපවිටක්ම  පාරටත් බැස ඇත. ඒත් උතුරේත් දකුනේත් හරි හරියට මල් වැනි දරුවන් දුශනයකර මරා දමති. ට්රිලියන් ගනනින් මහජන මුදල් හොරකම් කලවුන් නිදැල්ලේ සිටිති.නැත්නම් පුද්ගලික රොහල් වලටවි සිටිති. මොන ආන්ඩු ආවත් මුන් ගොඩය.



රුපියල් 50/= රිලොඩ් දමා මුහුනුපොතේ සිගිති ආතල් ගන්නො සැමදා වලෙය ගමේ කොල්ලෙක් ග්රාමාරක්සකයෙකුට  ගම්බට්ටා කිවොත් හෝ පොලිස් කොස්තාපල් කෙනෙකුට පොලිස් කාරයා කිවොත් හෝ පොලිස් ජිප් එකට කැම වැන් එක යයි කිවොත් කන පලා හතර හන්දිත් කඩන්නේය.

ඒත් බාබි නාරන් ලගේ රෙදි අපුල්ලන්නො පොලිසියට ගල් ගසා මරනවා කියා ප්රසිද්දීයේ කිවත් පොලිස් මාමිලා සැප නින්දේය. මේව්වා කරන්නේ බබාලාට සිගිති ආතල් දිමටනම් අපට අව්ලක් නැත. එතුමා අගමති වුවිට පාර්ලිමේන්තුවට යන්ට බැරිඋනොත් තානාපතිකමක් වත් ලබාගත හැකිය. ලන්කාවනම් තව හත් අව්රරැද්දකට මේ ජරා වලෙන් ගොඩ එන්නෙ නැත. අපි කොතරම් අවාසනාවන්ත දැයි මුහුනුපොතේ සිගිති ආතල් ගන්නා අම්බරුවන්ට නොතෙරෙනවානම් එයත් එක අතකට හොඳය. නැව ගිලුනත් අපිට පාන් දැයි කියා ජොලියෙන්  සිටිය  හැකිය.

මේ සින්හල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි . ලෝකෙටම එකයි. මරු නේ.