ලිං මැඩියන් වරෙල්ලා
ලිං මැඩියන් වරෙල්ලා !
වෙලේ සුදා ඇවිල්ලා
ලිං ගැට්ටත් හාරාගෙන
විගහට ගොඩ වෙයල්ලා
සොමිය ගන්ඩ වරෙල්ලා
මහරජාව අන්දන්නට
විමලේවත් ගෙනෙල්ලා
පොඩි වහල්ලු මහ
වහල්ලු ආනමාලු ගෙනෙල්ලා
කොන්ද දෙකට නමල්ලා
රජුට පුතුට වදිල්ලා
ආම් කොල්ලෝ වරෙල්ලා
කරුණගේ ගුණ ගයල්ලා
සලිව්ට් එක ගහල්ලා
ලම්බෝගිනි ගෙනෙල්ලා
කන්ඩ නැතත්
දළදා පාරෙ රේස්
එකට යමල්ලා
නායකයෙක් එපා අපිට
රජෙක්ම මට දියල්ලා
දෙකට තුනට පහට
නැමිලා
සපත්තුවම ලොවල්ලා!!!!!
(සම හරක් ජහ මනයා වෙනුවෙන් කියවෙන කවි !!!)
