Showing posts with label දුක ලාබයි. Show all posts
Showing posts with label දුක ලාබයි. Show all posts

Wednesday, 13 May 2015

දුක ලාබයි,

අපේ එක්කෙනා මගේ බ්ලොග් එක බලලා,මොනවාද මේ ලියල තියෙන්නේ කියල අහනවා
අනේ එඉය් ලස්සන දුක හිතෙන,හිත අදිලයන  කතාවක් ලියන්ඩ කියල කියනවා,
යකෝ දුක හිතෙන ඒවා කෝමද ලස්සන වෙන්නේ???
 කාන්තාවන් වනාහි තේරුම් ගැනීමට අපහසු ජීවින් කොට්ටාසයකි.
මොනවා කරන්ඩද විරුද්ද පක්ෂයට පතිචාර දක්වන්දත් එපයි

දෙදාස් ගණන්වල පත්තර වගයක් අවා
 එයාලත් දුක තමයි මාර්කට් කලේ
පත්තර උණු කැවුම් වගේ සෛල් උනා
මමත් බැලුවා,කතාව එකමයි
එක්කෝ කොල්ල දුප්පත් කෙල්ල පෝසත්
නැත්නම් කෙල්ල පෝසත් කොල්ල දුප්පත්
හැම කතාවම අවසානයත් එකවගේ
එක්කෝ කොල්ල වහබිවා නැත්නම් කෙල්ල බෙල්ලේ වැල දාගත්තා
නැත්නම් එකේ අනිත් පැත්ත
කොල්ල එල්ලුනා කෙල්ල වහ බීව
මේ පත්තර ගොඩක් ගත්තේ ගාමන්ට් ගිය කෙල්ලෝ
මේවායේ තිබ්බ ඒවා මෙයාල අනුකරණය නොකල  කියන්ඩ උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ,
කොහේ උනත් කාන්තාවන්ගේ හිත ඉක්මනට උණු වෙනවා
ඒකෙන් මේ පත්තර කාරයෝ උපරිම ප්‍රයෝජන ගත්තා
මේ එක පත්තරේකින්වත් දුකෙන් එලියට එන්නේ කොහොමද
දුප්පත්කම නැතිකරගන්නේ කොහොමද කියල  කියලදුන්නේ නැහැ,
ඒ කතාවලට වහවැටුණු ළමයන්ටත් එකේ ගානක් තිබුනේ නැහැ.
අපි උදේ හවා දකින අහන කියන දේවල් අපේ යටිහිතේ තැන්පත් වෙනවා
ඒවා සමහර වෙලාවට යථාර්තයක් වෙන්ඩත් ඉඩ තියනවා
අපි දුප්පත් අපිට බැ
මෙහෙම හිතන අය කොච්චර ඉන්නවද
ඒත් අපිට පුළුවන් කියල හිතලා
ජිවිතේ අරමුණක් කරා යනවනම්
ජීවිතය ජයගැනීම හරිම පහසුයි.