
හිත හීන අරං
හැම රෑම ඇවිත්
ඔබ ගැනම හිතං
දඟ දාන තරම්........
හැමදාම නැතත්
එක දිනක ඇවිත්
හිත ළගට වෙලා
ඔබ උන්න තරම්.......
ඔබ ළගක නැතත්
හිත ළගට ඇවිත්
මා දෙසම බලන්
හිනහෙනා තරම්....
හිත දුරක ගියත්
ඔබ ළග නැතුවත්
මද පවනෙ වෙලී
ඔබෙ සුවද ඇවිත්..
කොහොමද මිත්‍ර වරුනි,
අන්තිමේදී පොඩි විවේකයක් ලැබිල බොග පැත්තේ ආවා...