Monday 4 July 2016

මනුස්සකම....



මුලින්ම මගේ කෙටි කථාවක් (සා.සේ.240139 ) නෙළුම්යාය බ්ලොග් සින්ඩියේ පළකළ අජිත් මහතාට මගේ ගෞරව පුර්වක ස්තූතිය පුදකර සිටිනවා. ලස්සන පින්තුරයකුත් දාල.මෙන්න දැක්කේ නැත්නම් බලලා එන්ඩ...



මනුස්සකම
“අප්පා සුරුක වාංග මෙන්න ආමි කෙනෙක් වැටිලා ඉන්නවා”
“අම්මා ඉන්ගේ වාංග”
“ආඩවනේ අයියයියෝ මුරුගා හෙම තැනම ලේ අප්පා”
“අප්පා, ඉන්ගේ පාරුංග”
“මට වතුර ටිකක්”
කෝමද මෙහාට ආව, යේක යපිට සද්දේ ඔක්කම ඇහුණා, දැන් කොල්ලෝ මෙහෙට ආවොත් අපිත් සෙත්ත පෝච්චි තමයි කරනවා.”

“මාව බේරගන්ඩ උන් දැක්කොත් මාව මරයි, අනේ මාව බේර ගන්ඩ”
“අම්මා අපි මොක්කද කරනවා, දැන් සංවිදානෙන් ආවොත් මේ මනුස්සයා මරල දායි”
“අම්මා අපි මෙයාව හරක් මඩුවෙන් තියමු. සංවිදානෙන් ආවත් ගේ විතරනේ බලන්නේ”
“අනේ මාව බේරගන්ඩ”
“අම්මා අර බලන්ඩකෝ කකුලෙන් හොදටම ලේ එනවා”
දුවට පිස්සුද කොල්ලෝ දැනගත්තොත් අපි ඔක්කොම ඉවර කරලා දායි” !
“ඔන්න බල්ලෝ බුරන සද්දයක් ඇහෙනවා කවුරු හරි මේ පැත්තට එනවා වගේ”
“ඉක්මනට කරන දෙයක් කරමු”
“අප්පා මෙයට මඩුවට යන්ඩ උදව් කරන්ඩ”

මද වෙලාවකට පසු.....

“ටීචර් ටීචර් පොඩ්ඩකට දොර අරින්ඩ”
“කවුද මේ රැවෙලා”
“අපිමේ සන්විදානේන්, ආමි කාරයෙක් හරි දෙන්නෙක් හරි මේ පැත්තට ආවද”
“අපි කොහොම දකින්නද මේ ළමයි හය වෙනකොට දොරවල් ඔක්කොම වහගන්නවා.”
“අපි හැමතැනම බැලුව මුන් කොහෙහරි ඇති, ටීචර් හොදට දොරවල් වහගෙන ඉන්ඩ කවුරු කථාකරත් දොරවල් අරින්ඩ එපා, අප්පා කෝ?
 කියන්ඩ මුන් හරි බයානකයි, මතක ඇතිනේ ගියමාසේ අල්ලපු ගමේ මිනිස්සු කපල මරල තිබුණ.”
“මම කෝම අමතක කරන්ඩද නෙවි එකෙන් කරා කියල තමයි මිනිස්සු කථා උනේ”
“අපිටත් ආරන්චිඋනේ එහෙම තමයි, ඒත් හරියටම කියන්ඩ බැ, නෙවි එකේ වගේම රැවුල් වවපු උන් ආමි එකෙත් ඉන්නවා...”
“සෙල්වා ගෙදර ආවේ නැද්ද ටීචර්, තවම කොළඹද ඉන්නේ?”
“තවම වීසා ඇවිත් නැ වෙල්ලවත්තේ ඉන්නේ”
“අපි යනව අම්මා දොරවල් හොදට වහගන්ඩ මුන් මේ ළගම ඇති, වෙපන් 12ක් හම්බුනා බොඩ්ස් 10යයි තියෙන්නේ වැඩි දුරක් යන්ඩ බැ හොදටම තුවාලවෙලා ඇත්තේ”
ආඩවනේ කමලිනි දැන් අරුන් හරක් මඩුව පැත්තේ බැලුවොත් අපි ඉවරයි.”
“අප්පා  බොරුවට කැගහන්ඩ එපා හරක් මඩුව වහල තියෙන එකක්යැ ඕන යකෙකුට ඕකට රිංග ගන්ඩ පුළුවන්නේ,අප්පා කලබල නොවී ඉන්ඩ”

ඒත් කොල්ලෝ අපිව සැක කරයි, උන්ට සැක හිතුණොත් දන්නවනේ කරනදේ!! අපිව පාරට ගිනිහින් බල්ලෝ වගේ මරල දායි !! ඔව් බල්ලෝ වගේ මහපාරෙ මරල දායි!! උදේට පාරේ යන වුන් අපේ මිනි වලට කෙල ගහයි, තමන්ගේ ජාතිය පාවල දුන්නු අවජාතකයෝ කියල, උබලට තේරෙන්නේ නැද්ද!!!”
“අප්පා කෑගහන්ඩ එපා  උන්ට ඇහෙයි , අම්මා අපි  ගිහිං බලමු, ඒ මනුස්සයාගේ කකුළකින් ලේ ගොඩක් යනවා”
“පිස්සුද පුතේ ඔයාට අරුන් ආයෙත් ආවොත්”
“අනේ අම්මා ඒ අයියා දවසක් අපිව බේරා ගත්තා, යමු අනේ අම්මා”
මොනවා ඒ පාර මොන නාඩගමක් නැටුවද”
“නාඩගම් නැටුවේ නැ අම්මා අර සිත්තියි මමයි දවසක් තරගෙට බයිසිකල් පැදගෙන ආවා”
-          - -         -           -           -           -           -           -
උතුරේ ප්‍රධාන පාරක මාර්ග භාදකයක සේවයේ යෙදී සිටින යුද හමුදා සෙබළ පිරිසක්.....
“අපි හැමදාම රෝඩ් බ්ලොක් වල ඩියුටි සාජන් ඌට ඕනේ අයව ලේසි වැඩ තියෙන තැන් වලට දාගන්නවා”
“ගණන් ගන්ඩ එපා ගාමිණී අයියේ ඉක්මණට ඩ්‍රිල් ටික ප්‍රැක්ටිස් කරලා අපිත් පටියක් ගහගමු. එතකොට එක එකා අපේ ඔළුවට අත හොදන්ඩ එන්නේ නෑ”
“ඔන්න වුමන්කෝ ට්‍රක් එකක් එනවා, අනිවා ඕකේ තරුවක් ගහගත්තු ගෑණියෙක් ඇති දැන් ගහපන්කෝ ගෑනුන්ටත් සැලියුට්”
“ඔන්න සාජන් කාරයත් එනවා මේ පැත්තට ඇටෙන්සන් වෙයන්”
“ගුඩ් මෝනිං සායන්”
“ගුඩ් මෝනිං, ප්‍රශ්න මුකුත් තියෙනවද?
“නෑ සායන්”
“ඒයි විජේ ආන් අදත් අර කෙල්ලෝ දෙන්නා බයිසිකල් වලින් මේ පැත්තට එනවා”
“ගාමිණී අයියේ මුන් දෙන්නා අදත් රේස් පදිනවා වගේ බලපන්කො එන වේගේ”
 “කෝපල් බලපන් අරුන් එන වේගේ බ්ලාස්ට් කරගන්ඩ එනවද දන්නෑ”
“ඒ හැමදාම එන කෙල්ලෝ දෙන්නෙක් පාඩම් කරන්ඩ ලයිබ්රියට යනවා”
“ එකට කමක් නෑ නවත්වල වුමන් කෝ එකේ කෝපල්ට කියපන්  චෙක් කරන්ඩ කියල”
“හොදයි  සායන්”
“හෝල්ට්!!”
“කොහෙද හයියෙන් යන්නේ? රෝඩ් බ්ලොක් එක අමතක වුනාද?”
“අපිට සමාවෙන්ඩ තරගෙට පැදගෙන ආව,බයිසිකලේ බ්‍රේක් අඩුයි, අපි පාඩම් කරන්ඩ යන ගමන්”
“ඕව ගිහිං කියන්ඩ අතන ඉන්න වුමන්කෝ කෝපල්ට”
“අනේ අපිට උදවු කරන්ඩ අයියේ ඔයා අපිව දන්නවනේ”
“යන්කො මමත් එන්නම්”
“කෝපල් ප්‍රියංගිකා මේ ළමයි දෙන්නව චෙක් කරන්ඩ කියල සායන් කිව්වා”
“අක්කේ මේ දෙන්නා කැම්පස් ළමයි දෙන්නෙක් හැමදාම මෙතනින් යනවා”
“විජේ මල්ලි යන්ඩ සායන් සිල්වගෙ හැටි දන්නවනේ”
-          -           -           -           -           -           -           -                      
“එදා මේ අයියා තමයි අපිව බේරලා යැව්වේ අනේ අම්මේ එයා පව් අපි ගිහිං බලමු”
“යන් පුතේ කාගේ උනත් දරුවෙක්නේ ඉන්ඩ මම බැන්ඩේජ් එකක් තිබුණා අරං එන්නම්.”
----------      ---------             ---------

ගුරුවරියක් ලෙස පාසැල් දරු දැරියන්ට පමණක් නොව නිළ ඇදුම් ඇගලා සිටියවුන්ටත්,සයනයිඩ් කරල බෙල්ලේ ගැට ගසාගෙන සිහිනයක් වෙනුවෙන් සටන් කළ ඔවුන්ටත් ඔබ දෙවෙනි මවක් විය. ඔබගේ ඒ නිහඩ මනුස්සකමේ පනිවිඩය, ආදර්ශය සමාජ ගතවුවා නම් කිසිදින යුද්දයක් ඇති නොවනු ඇත.
ජාතිකත්වය,ආගම උලුප්පා මේ කුඩා දිවයිනේ මිනිසුන් බේද බින්න කරන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අහිංසක මිනිසුන් බිළිදෙන ගෝත්‍රික නායකයින් සුළුතරයක් නොවේද? දකුණේ පමණක් නොව උතුරේද සිටින්නේ අපගේ සහෝදර ජනතාවක් නොවේද?..........

(මේ සත්‍යය සිදුවීම ගැන විස්තර කියපු සොයුරාට මගේ ස්තුතිය, ඔබගේ මෑණියන්ට(සුදු ටීචර්ට) නිදුක් නිරෝගී සුව පතමි.)





30 comments:

  1. /////ජාතිකත්වය,ආගම උලුප්පා මේ කුඩා දිවයිනේ මිනිසුන් බේද බින්න කරන්නේ තම පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අහිංසක මිනිසුන් බිළිදෙන ගෝත්‍රික නායකයින් සුළුතරයක් නොවේද? දකුණේ පමණක් නොව උතුරේද සිටින්නේ අපගේ සහෝදර ජනතාවක් නොවේද?..........////

    ++++++++++++++

    සුදු ටීචට සුභ පතනවා... මේවගේ අය ගැන තමයි කතා කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. නිර්මාණි,
      ගොඩක් ස්තුතී ඔබට...

      Delete
  2. දුක්බර අතීතයක්.
    කතාවේ පසුවැකියට මමත් එකගයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද,
      ස්තුතී ඔබට....

      Delete
  3. දෙමල මනුස්සයෙක් මහා බැංකුවෙ අධිපති උනා කියල කෑගහන පහත් මානසිකත්වයක් තියන උන් ඉන්න රටක් මේක..

    ReplyDelete
    Replies
    1. ඔය මානසිකත්වය ලංකාවේ පොලිටික්කන්ට හොදයි....
      සජ්ජෝ,

      Delete
  4. Replies
    1. අපි හැමෝම මනුස්සයෝ...

      Delete
  5. බොහෝ දුරට මෙය සත්‍ය සිද්ධියක් වන්නට ඇති. එය තවදුරටත් විකාශනය කලාමයි නිර්මාණයක් බවට පත්වන්නේ. හොඳයි. මේ හා සමාන මා දන්නා සත්‍ය සිද්ධියක් වන්නේ, 1987 දී, එවකට මේජර් (පසුව මේජර් ජෙනරල් නිලය දක්වා උසස්වී, රෝගී තත්වයක් නිසා අභාවප්‍රාප්තවූ) අරුණ ජයතිලක, ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටී, දිවි බේරාගෙන මුහුදේ පීනමින් ඉන්න අවස්ථාවේදී, යාපනයේ ධීවරයන් පිරිසක් ඔහුව බේරාගෙන, ගොඩට ගෙනැවිත්, ද්‍රවිඩ ජාතිකයකු සේ පෙනෙන ලෙස ඇඳුම් අන්දවා, යුද හමුදා කඳවුරක් අසලට ගෙනවිත් ඇරලීමයි. තම කරේ තිබුන රන් දම්වැල, ඔවුන්ට දෙන්න, ජෙනරල් ජයතිලක උත්සාහ කලත්, ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ධීවරයන් LTTE සංවිධානයට හසුවීමේ අවදානම සහිතවයි මේ දේ කලේ.

    //“ඔන්න වුමන්කෝ ට්‍රක් එකක් එනවා, අනිවා ඕකේ තරුවක් ගහගත්තු ගෑණියෙක් ඇති දැන් ගහපන්කෝ ගෑනුන්ටත් සැලියුට්”//

    හමුදාවේ පිරිමින්ගේ, මෙන්න මේ මෝඩ මානසිකත්වය කඩන්න, දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවුණා. ඒ කාන්තා බලකා නිලධාරිනියන්, එතනට ආවේ, පිනට නෙවෙයි. කැඩෙට් නිලධාරීන් බඳවා ගන්න සුදුසුකම්, ඒ ආකාරයෙන්ම සම්පූර්ණ කිරීම නිසයි. එහෙම නැතුව, වෙනත් ක්‍රම ඔස්සේ නෙවෙයි. ඔවුන්ට උසස්වීම් ලැබෙන්නෙත්, සාමාන්‍ය යුද හමුදා පිළිවෙත අනුව විනා, වෙනත් ක්‍රමයකට නෙවෙයි. කාන්තා බලකායේ ඉන්න කෝප්‍රල්, සැරයන්, මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරිනියන්, ඒ තනතුරුවලට ආවෙත් හමුදා පිළිවෙත අනුවයි.

    ගැහැණිය සෑමවිටම පිරිමියාට වඩා පහත් කියා සිතන, ප්‍රාථමික මානව සිතුවිල්ල, හමුදාවේ පමණක් නොව, අපේ සමාජයේ විවිධ ස්ථරවල, අදත් දකින්නට ලැබීම, කණගාටුවට කරුණක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතී දීර්ග විචාරයට...

      Delete
  6. වෙනස් අත්දැකීමක්... ඔබ ලියපු විදියත් හරි අගේ.

    ReplyDelete
    Replies
    1. ලේ පාට හීන,
      ස්තුතී ඔබට....

      Delete
  7. අපි ඔක්කොම එක සමානයි කියලා මිනිසුන් සියල්ල ව‍ටහා ගත් දවසක ලෝකය තවත් සුන්දර වෙවි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඒ දවස එන්නේ කවදද??

      Delete
  8. අපි ඔක්කොම එක සමානයි කියලා මිනිසුන් සියල්ල ව‍ටහා ගත් දවසක ලෝකය තවත් සුන්දර වෙවි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඒ දවස එන්නේ කවදද??

      Delete
  9. ආගම් ජාති බේද පැත්තකට දාල හැම කෙනෙක්ම අනිත් කෙනා දිහා බලනව නම් මේ ලෝකෙ සුරලොවක්.

    ඒ දේ කවදාවත්ම සිද්ධ වෙන එකක් නෑ. මොකද අපිට අඩුම ගානෙ ජාති, ආගම් බේද ගැන කතා කරන අපේම හිතවතෙක්ගෙ අදහස වෙනස් කරන්නවත් බැරිව කොහොමද රටක් නැත්තම් ලෝකයක් වෙනස් කරන්නෙ.. මිනිස්සු විදියට තියෙන පුංචි අඩුපාඩුවක් දැක්කම ඒක ට ඒ මනුස්සයගෙ ආගම ජාතිය ගාව ගන්නෙ නැතිව කතා කරන්නෙ කීයෙන් කීදෙනාද?

    මම දැකල තියෙන විශ්වාස කරන ඇත්ත නම් කෙනෙක්ගෙ හැදියාව, සහ ආකල්ප හැඩගැහෙන්නෙ ආගම ජාතිය කියන දෙකට වඩා ඒ මනුස්සය හැදෙන පරිසරය මත.

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවට සුභ පැතුම්. ඒ ගැන දැනුයි ලලිත් අයියා දැනගත්තෙ.. :D

      Delete
    2. දැන ගන්නේ කොහොමද, අම්මල තාත්තල ළමයි ගෙදර දාල මහා රෑ ගමන් ගියහම.....හික් හික්..
      .ඒ කථාව මතක් උනාම හිනා යනවා. ඕක උනේ මටනම් අර හොල්මන් කරපු ඇන්ටි ස්වර්ගෙට ගිහිං පොලු පාරක් කාලා ...

      Delete
  10. IN FB

    Hi machan
    Hi bro. Whats up?
    mata podi udawwak ona ban
    kiyapan..
    Machan umba dannawane mage podi ekaata asanipayi kiyala.eyaata medicine wagayak gennaganna ona. umba pharmacist ne machan. puluwanda machan mama mehen umbe mehe account ekakata salli daanna mata e beheth tika genna ganna..
    Impossible machan. Mage license ekath cancel karayi sorry ban.
    ok machan..

    Hi machan
    Hi machan kohomada?
    mata podi udawwak ona ban
    kiyapan..
    Machan umba dannawane mage podi ekaata asanipayi kiyala.eyaata medicine wagayak gennaganna ona. umbata puluwanda machan poddak doctor kenek hambawela prescription ekak liyawagena mata e beheth tika genna ganna..Mama umbe mehe account ekakata e salli daannam.

    Sorry machan Mama mehe studywalata awith inne. mata owwata welaawak ne ban.
    Ok machan thank you very much machan.



    hello
    hello
    Is this Dr Pranavan Ganeshalingam?
    eeYes.
    I'm Lieutenent Dilan Susiripala from Sri Lanka Navy.
    ook.. Because of you guys we had to leave jaffna and come to Australia.How can I help you?
    mmmm...uggh..Sir I need a really big help. My son is suffering form leukemia and I want to give him the best medicine I can give. The medicine here in sri Lanka is sub standard and our high commissioner there Admiral thisara samarasinghe would like to help me. But as he said a Australian Doctor needs to prescribe the medicine there. I've spoken to you director there and down below. they just brushed off my request. If you can help me with this it is a great help.

    Ok dilan It is not impossible but bit difficult. I will try to write to Sydney regarding this and come to a favorable solution.

    It is a great help sir.

    Ok bye bye then


    Hello
    Hello
    Dr Pranavan here.
    sir
    Dilan, I wrote to Sydney and they allowed me to write prescription to Non Australian. Ask your Admiral to send somebody to collect the medicine.
    Sir cost for those medicines?
    Oh never mind
    Thank you very much sir.

    ReplyDelete
    Replies
    1. Is this true story? See the different Bro...

      Delete
  11. දේශපාලකයින්ගෙ බල තන්හාවට සාමාන්‍ය මිනිහා මත බලෙන් පටවපු ප්‍රශ්නයක් නිසා මිනිස්සු සෑහෙන දුකක් වින්දා.. දැන් නම් ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇති කියල කොහොමද මචං පොලිටික්කන්ට වෙන රස්සාවක් කරන්ඩ පුළුවන් කියලද,,,,

      Delete
  12. වෙඩි වැදිච්ච LTT එකෙක් දකුණෙදි ඔහොම උනා නම්......

    ReplyDelete
    Replies
    1. ඒ නම් මල්ලී
      අපි කපනවා කෑලී .....
      සිංහ ලේ නේ පුතා..

      Delete
  13. සංවේදී කථාවක් ලලිත්...යුද්දෙත් එක්ක මනුස්සකම කියන දේ බොහොම පහලට වැටුනා...මනුස්සකම තියන මිනිස්සු ඒක පෙන්නන්න බය උනා...ඒ අතරේ මනුස්සකම තමන්ගේ ජීවිතේට වඩා ඉදිරියෙන් තියාපු මිනිස්සු ගැන අහන්න ලැබෙන එකත් සතුටුයි...

    කතාව ලස්සනට ගලපලා තියනවා...

    ReplyDelete
  14. ටචිං.. උඹ ලස්සනට ලියලා...

    ReplyDelete
    Replies
    1. සිරා වටම ....තැන්කූ වේවා..

      Delete

හිතෙන දෙයක් කොටලයන්න