නර්සරි ටැංකි
ඉස්සාගේ ළදරු අවදිය
ගෙවෙන්නේ හිරු එළිය නොවැටෙන ලෙස සකස් කළ ටැංකි වලයි. නමුත් පි එල් අවස්ථාවට පත්වී
ටික දිනකින් හොදින් හිරු එළිය ලැබෙන විශාල නර්සරි ටැංකි වලට මාරු කරනු ලැබේ. සතුන්
බාහිර පරිසරයට හුරු කිරීමට මුළින්ම ටැංකි වලට ඉහළින් කළු දැලක්(අන්තුරියම් වගාවේදී
තද හිරු රශ්මියට භාවිතා කරන කළු දැලක් )
යෙදීම සුදුසුය.
පීඑල් වනතුරු මුහුදු ජලය ටැංකි වලට යෙදිය යුතුය.
අප ජලය ලබා ගත්තේ වෙරළට ආසන්නව සෑදු නළ ළිද කිනි.මෙය සෑදීම ඉතා පහසු වන්නේ වැල්ලේ
යට හැරීම ඉතා පහසු බැවිණි. විශාල ප්ලාස්ටික් බටයක හරස් කැපුම් යොදා වැලි පොම්පයක
ආදාරයෙන් මේ බටය අඩි දහයක් පමණ යටට ගිල්ලවනු ලැබේ.මුලින්ම මේ ඇස්ලෝන් බටය අඩි පහේ කැබලි වලට කපා එකිනෙක සම්බන්ද කළ හැකි
ආකාරයට සදා ගතයුතුය.පසුව උදැල්ලකින් හැරිය හැකි උපරිමය හාරා ඇස්ලෝන් බටය එතුළට
ගිල්ලවිය යුතුය.ඉන් පසුව වැලි පොම්පය බටය තුළින් දැමිය යුතුය. මේ වැලි පොම්පය අපි
බයිසිකල් වලට හුලන්ගැසූ පොම්පයේ ක්‍රියා කාරිත්වයම ඇති එකකි.අගල් දෙක හමාරක පමණ
විෂ්කම්බයක් ඇති යකඩ බටයක් මැදින්
පිස්ටනයක් වැනි අතින් ක්‍රියා කලයුතු කොටස ඇති අතර කෙලවරේ රබර් රවුම බයිසිකල්
පොම්පයේ ලෙදර් එක සිහිකරවයි.යකඩ බටයට හා පිස්ටනයට වෙන වෙනම ලනු දෙකක් ඇත.යකඩ බටයේ
ඇති ලනුව ආධාරයෙන් මෙය ඇස්ලෝන් බටය ඇතුළට දමා පිස්ටනයට ගැට ගසා ඇති ලණුවෙන් ඉහළ
පහළ ඇදී විට යකඩ බටයට වැලි පිරේ. එවිට ඇස්ලෝන් බටය පහළට යයි.පසුව යකඩ බටයේ ඇති
ලණුවෙන් ඇද එහි ඇති වැලි ඉවත් කළ යුතුය. බයිසිකල් පොම්පයෙන් හුලං පිට කරන අතර මෙයින්
හුලං ඉවතට ඇදීමක් හා සමානව වැලි ඇතුළට
ඇදගනිමත් සිදුවේ. ඒ නිසා පයිප්ප බටය පොළොවට කිදා බසී. මෙසේ අඩි හත අටක් ගියවිට
බටයට ජලය ඇතුල් වන්නේ පෙර කි හරස් කැපුම් තුළිනි, පසුව වතුර මොටරයේ ප්‍රමාණයට
සුදුසු බටයක් ඇතුල් කර වතුර ලබාගත හැකිය.
පැටවුන් විකිනීමට සුදුසු
වන්නේ පි එල් 20 පමණ වූ විටයි. එවිට ලවණතාවය සෙමින් 25 දක්වා අඩු කල යුතුය. මේ
සදහා කලපු ජලය(brackish water) හෝ බොන ජලය බාවිතා කල හැක. මෙහිදී පැයකට ලවණතාවය
(salinity) එකක් වනලෙස අඩු කළයුතුය.
සෑම ටැංකියක්ම අංකනය කළ
යුතුය. එසේම ජල ධාරිතාවද ටොන් වලින්(ලීටර් 1000ක් ටොන් 01යි) ටැංකි ඇතුළත පරිමාණය
සටහන් කර තිබීම බෙහෙත් හා කෘතීම ආහාර නිවැරදිව යෙදීමට වැදගත්වේ.
නර්සරි ටැංකි වලට හොදින්
වර්දනයවූ ඇල්ගී ලීටර් 100ක් පමණ දහවල්
කාලයේ යෙදීමෙන් වතුරේ පැහැය අදුරු කර ගත හැකිය. පසුව පරික්ෂා කිරීමේදී ඉස්සන්ගේ
පැහැයත් අදුරුවී ඇති බව පෙනේ. බොහෝ මිලදී ගන්නන්(බයර්සලා) හා ඔවුන්ගේ පණ්ඩිත “
කන්සල්ටර්”ලා මේ කළු පැහැති සතුන්ට වැඩි කැමැත්තක් දක්වයි. එසේම ඔවුන්ට පැටවුන්ගේ
කුඩා කාලය ගැනත් විස්තර දැනගැනීමට ඕනෑ වෙන අවස්ථාද ඇත.
“මුළින්ම මේ බැච්
එකේ කොච්චර නොප්ල්යි ස්ටොක් කරාද? කොච්චර
සර්වායිව් (survive) උනාද?” තම හාම්පුතා ඉදිරියේ ඔවුන් කැටයම් දමති.
“අපේ හැම ටැංකියකම 70%
වැඩි සර්වායිවල් රේට් එකක් තියෙනවා” අපේ උත්තරයයි.
සමහරුන්ට සතුන් බැලීමට
ලීටර් පහේ බාල්දි වලට සාම්පල් දිය යුතුය. මෙහිදී ඔක්සිජන් බට ඇති ටැංකියේ මැදින් සාම්පල් නොගත යුතුය.ටැංකිය මැද ඔක්සිජන්
බුබුළු සමග පාවෙන්නේ දුර්වල සතුන්ය. ටැංකි
බිත්තියට ආසන්නයේ සිටින සතුන්ගෙන් සාම්පලයක් ගත යුතුය. පසුව ඔවුන්(උපදේශකයන්) අත
දමා මේ බාල්දියේ වතුර එක පැත්තකට වේගයෙන් කර කවයි. සතුන් හොදනම් ඔවුන් මැදට ගුලි
නොවී වතුර කැරකෙන දිශාවට විරුද්ද දිශාවට ගමන් කළ යුතුය.
සතුන් විකිණීමේදී අඩි
2.5 – 3 උස හා අඩි 1.5 පමණ පළල පොලිතින් උර වලින් සාදාගත් කවර වලට ජලය හා සතුන් යොදා ඔක්සිජන් එකතු කර පැකට් කළ යුතුය. මේ සදහා ඔක්සිජන් සිලින්ඩරයක්,එයට
සවිකළ හැකි පීඩනය මැනීමේ උපකරණයක්,වායුව පිරවීමට බටයක් හා රබර් පටි අවශ්‍ය වේ.
වයිරස් ,
බැක්ටීරියා,දිලිර හා පරපෝෂිත ජීවින්ගෙන් පැටවුන් රැක ගැනීමට බොහෝ වෙහෙස විය යුතුය.
ආඩුනිකයන් සුදුසු වන්නේ මව් සතුන් රැකබලා ගැනීමට, ආටිමියා ටැංකි හා නර්සරි ටැංකි
බලා ගැනීමටය. පළපුරුදු සේවකයන් බිත්තර ඇති ටැංකි හා සොයියා හා මයිසිස් ටැංකි බලා
ගැනීමටත් ඇල්ගී කාමරය සදහාත් සේවයේ යෙදවිය යුතුය. පුද්ගල සනීපාරක්ෂාව හා අවට
පිරිසිදුකමත් ඇතුල්වන ස්ථානවල කකුල් සේදීමට “ෆූට් බාත්” තිබීමත් එම ජලයට “කොන්ඩිස්
කැට”(පොටෑසියම් පර්මන්ගනෙට්) ස්වල්පයක් දැමීමත් හොදයි. දෑත් සේදීමට පිරිසිදු ජලය
හා සබන් බාවිතයත් සතුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට ගතහැකි හොද ක්රියාමාර්ගයකි.
ඉස්සන් අභිජනනයේ අභියෝග
ඉස්සන් කර්මාන්තයේදී
විසිතුරු මසුන් අභිජනනය කරනවාට සාපේක්ෂව වැඩි වියදමක් දැරීමට සිදුවේ. වයිරස් ආසාදන(සුදු පුල්ලි රෝගය) වැනි රෝග වැළදුන
විට සතුන් විශාල ලෙස මිය යයි.හොද මව් සතුන් දුර්ලබ වීම, ඉස්සන්ගෙන් එකවර වැඩි
පැටවුන් ප්‍රමාණයක් ලබා ගත හැකි උවත් මරණ අනුපාතය විසිතුරු මසුන්ට වඩා ඉතා වැඩිය.
ලෙඩ රෝග හා වසරේ සමහර මාසවල මව් සතුන්ගේ හිගයත් ඉස්සන් වගා කරුවන්ගේ ක්‍රියා
කලාපයත් (ෆාම් එකකට ලෙඩ සැදුණු විට ක්ලෝරීන් එකතු නොකොට ජලය මුදා හැරීම නිසා
එම ජලයෙන් අසල ඇති ෆාම් වලටත් ලෙඩ බෝවේ)
මේ කර්මාන්තයේ දියුණුවට භාදාවක් වී ඇත. ඉස්සන් පොකුණු නිසියාකාරව නඩත්තු නොකිරීම,
අස්වැන්න නෙළීමෙන් පසු පොකුණු සුදානම් නොකර නැවතත් පැටවුන් යෙදීම, පොකුණු හිමියන්
අතර මනා සබදතාවයක් නොතිබීම නිසා ලෙඩ රෝග පුළුල්ව පැතිරේ.දියකාවන් පිළිහුඩුවන් වැනි
කුරුල්ලන් හා කක්කොට්ටන් වැනි සතුන් නිසාද රෝග ව්‍යාප්තවේ. මේ වසර දහයකටත් වඩා
පැරණි මතකයන් වන අතර වර්තමාන තත්වය වඩා යහපත්වී ඇතයි සිතමි.
ඉස්සන් අභිජනනය මෙයින් අවසන් වන අතර මෙහි අතුරු
කථාවක්ද ලිවීමට සිදුවී ඇතිබව කණගාටුවෙන් උවද දැනුම් දිය යුතුය. මෙය ප්‍රේක්ෂක
ඉල්ලිමක් වන අතර , මට කෙලවිමක්ද විය හැකිය.එම නිසා ඒ මගේ අවසාන පොස්ටුවද විය
හැක.මේ ඉල්ලීම කරන ඇත්තිගේ පිංතුරයක් පහත එල්ලා ඇත.
දන්නා අදුනන කෙනෙක් ඇත්නම් පොඩි
ශේප්මන්ට් එකක් දාල දෙන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්ය. විචාරක තුමාගේ පොස්ටුවකට පත්තර
මල්ලි දැමු කමෙන්ටුවක තිබුනාසේ “හෑන්ඩ් සිග්නල්” හා අනෙකුත් අනකිරීම් වලට අවනත
වන්නේ හමුදා සෙබළුන් පමණක් නොව හස්බන්ඩෝද ඒ අතර සිටින බවයි . ලබන පොස්ටුවෙන් පසු “විචාරක”
තුමාගෙන් ආරක්ෂිත හිස් වැසුමක්, “කළනේ” ගෙන් බොඩි ආමර් එකක් වත් ඉල්ලා ගැනීමට
බලාපොරොත්තු වෙමි. “ගස් ලබ්බ”ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන්නේ ඌ කසාදයෙන් පසු
හින්දි ෆිලිම් බලනවාය, අරකද,මේකද කියා පොස්ටුවක් ලියා තිබූ නිසාය. “කටුසු මලයා”
කෙරෙහිද විස්වාසය තබා කටයුතු කළ නොහැක්කේ ඌ ඉන්නා සිටුවෙසෝන් එක අනුව “ඉතිං අක්කගේ
කථාවත් හරිනේ” කියා අර පැත්තට චන්දෙ දිය
හැකි බැවිනි.
“කතරගම හින්දු දෙවියනි ලබන පොස්ට් එකෙන් පසුව
මාව රැකදෙනු මැන”.
මක්කිව්වා? මරාගෙන මැරෙන ගේම් එකක්ද?
ReplyDeleteමේ ලිපියෙන් ගොඩක් දේ ඉගෙනගත්තා. ඉතිං මොකටද මෙච්චර කලබල වෙන්නේ?
ඔව්, තනිකර වුමන් කෝ ප්ලැටුන් එකක් එක්ක...
Deleteඑකෙන්ම ..
ReplyDeleteසඳ බොඳ වෙන්න කෑමක් වාගෙ :D
මේවා හොඳ පාඩම්, හැමදේම කියනවට...
Deleteඉස්සෝ කොටුවක් දාන්න තරම් දැනුමක් තියනවා නේද ??
ReplyDeleteඉස්සෝ කොටුවකට වඩා බෝකිරීම අමාරුයි...
Deleteප්‍රයිවට් මැසේජ් එකක් දාහං කරන්ඩ ඕන දේ මම කියල දෙන්නං
ReplyDeleteමේවා හොඳ පාඩම්, අනිවා මේ දැන් ඉන්බොක්ස් කරන්නම්...හැක් ..හැක..
Deleteඉස්සො ගැන බොහෝ දේ දැනගත්තත් පොස්ටුවේ පහළින් බවලතකුගේ පිංතුරයක් එල්ලා ඇත්තේ කිම්දැයි නොදනිමි.
ReplyDeleteඒ බවලතා බලපෑම් කරනවා, හැචරියේදී උන පරණ කථාවක් ලියන්ඩ කියලා, ඒක අසාදාරණ නැද්ද? මේ මගේ බ්ලොග් කටුව අටවා ගත්තේ අනුන්ට ඕනේ විදියට වැඩ කරන්ඩ නෙවෙයි මම කැමති දෙයක් ලියන්ඩ නොවැ.
Deleteමේ පොඩි කොල්ලන්ට කියන්නේ උබලා වත් හැදියල්ල, හැමදේම ගෙදරට කියල වන කරගන්ඩ එපා...
බොල්ගොඩ ගඟේ කබ්බ phosphorescence ගැන ලියන මෙන් මගේ ඉල්ලීමක් ඇත. මගෙ ෆෝටෝ නම් දාන්න ඕනෙ නැත
ReplyDeleteපොඩිකාලේ කැස්පර් කාටූනය ඇති පමණ නැරඹුවෙමු.
Deleteහෙහ් හෙහ් හෙහ්
Pra Jay,
Deleteහපොයි මේ ගැන නම් මගෙ දැනීමක් නෑ ..
ගස් ලබ්බ
Deleteමාත් ආසාවෙන් බලපු කාටුන් එකක්,අර වුඩ් පෙකර්ගේ එකත් නියමයි...
bioluminescence වෙන්නත් පුලුවන්
Delete// miraculous phosphorescence that bloomed under the boat's bow. //http://www.newstatesman.com/environment/2013/05/thames-estuary
බොල්ගොඩ ගැන ආර්ටිකල් හොයාගන්න බෑ හදිස්සියට
ඕක සර්ච් කරාම ගුගල් දෙය්යෝ 404 එරර්ලු,පස්සේ බලන්නම්..
Deleteඉස්සෝ අපනයන ක්‍රියාවලිය සිද්ධවුනෙත් ඔය ආයතනයෙන්මද? නැත්නම් ඒක වෙනමම අංශයක්ද?
ReplyDeleteඅපි කරේ මව් සතුන්ගෙන් පැටව් නිෂ්පාදනය විතරයි, ඉස්සෝ ෆාම් වල තමයි අපනයනයට සුදුසු තරමට ලොකු කරන්නේ...
Deleteස්තුතියි ගොඩක් දේවල් දැනගත්තා . ඒත් අතුරු කතාව තේරුණේ නෑ
ReplyDeleteඒක පරණ ආදර කථාවක්, ලබන සතියේ දාන්නම්..
Deleteනොදන්නා තොරතුරු බොහොමයක් දැනගත්තා. ඉස්සන් වගාව බොහොම පිලිවලටකට පරික්ෂාකාරීව කල යුතු දෙයක් බවයි පෙනෙන්නේ.
ReplyDeleteඔබ හරි, සමහර කාලෙට මව් සතුන් හොයාගන්ඩ අමාරුයි, කාලෙකට ලෙඩ හැදෙනවා..
Deleteදැන් ලලිත් අයියට ඉස්සන් ඇතිකිරීමේ මූලික ක්‍රම ශිල්ප කියල පොතක් ලීවැහැකි.......හැක්.....හැක්.....
ReplyDeleteඕ........අක්ක හරි තමා...:D
පොතක්..... මේ ගැන ලියැවුණු පොත් ඇති..
Delete"අක්කා හරි,,,****@**** කථාව ලිවුවට පස්සේ මාව ඉතුරු වෙයිද දන්නේ නෑ....
ඉස්සන් වගාවටත් උදෑසන හිරු එලිය වැදගත්ද? නැත්නම් මොන වෙලාවක හිරු එලියද වැදගත් ? අතුරු කතා කොහොම වෙතත් දිගටම ලියන්න ලැබේවා.
ReplyDeleteජයවේවා !!!
මව් සතුන්ගේ සිට,පොස්ට්ලාවී 05 වයස එනකම් හිරු එළිය සුදුසු නෑ..
Deleteස්තුතියි ඔබට...
දැං ඉතින් ඉස්සො පොකිරිස්සො දෙන්නංකො දොඹෙන් යන්න.හැචරියකට ගිහින් මොත්තෙ පාරක් දාල ජොබ් කට්ටක් ශේප් කරගන්න තරම් දැණුමක් ඔලුවට ආවා..
ReplyDeleteඅපිලා අහිංශක මිනිශ්ශු අයියා.. අක්කා...
ජයවේවා..!!
ජොබ් කට්ටක් නෙවෙයි තනියම එකක් පටන් ගන්න, මම උදව් කරන්නම්.
Deleteඉස්සර කාකදූපතේ තිබුණේ සාගර විද්‍යාව ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් තැනක්..
නාරා එකෙනුත් වැඩි විස්තර දැන ගන්න පුළුවන්..
ඉස්සෝ කර්මාන්තයක් පටන් ගත්ත නම් හරි වගේ
ReplyDeleteඉස්සොයි මාළුයි(ornamental fish) දෙකම කරමු.
Deleteවිස්තර වලට ගොඩක් ස්තුතියි...
ReplyDeleteහැචරියක් කරනවට වඩා ඉස්සෝ කොටුවක් කරන එක පහසුයි නේද...
මේ දෙකෙන් වැඩි වියදමක් දරන්න වෙන්නේ කොයි එකටද...
අඩියක් හමාරක් විතර දිග මිරිදිය ඉස්සෝ මේ විදිහට බෝ කරන්න බැරිද...
හැබැයි ඉතින් උන් එච්චර රහ නැහැ...
ලොකු පුතා,
Deleteහැචරියට වඩා ෆාම් එකක් කරන්ඩ ලේසියි.
මිරිදිය ඉස්සෝ ගැනනම් අත්දැකීම් නෑ.
මං මේ බලන් ඉන්නෙ ඊළඟ කතාව කියවන්න...
ReplyDeleteමම බලං ඉන්නේ ලොක්කි අවුට් ගිහිං මාව කයිද කියල....
Deleteඉස්සා මාර ගනන්නේ බන් 1kg රු 2490
ReplyDeleteඉස්සන්ගේ ප්‍රමාණය අනුව ගාණ වෙනස් වෙනවා. මම ගියපාර නිවාඩුවට ගියාම මීගමුවේ වැල්ලෙන් ගත්තා පොඩි ඉස්සෝ 500g ක් 350කට.
Deleteමුට කොන්දක් නෑ තියන තරමක් ජරාව තියෙන්නේ ඔළුවේ ඒ උනාට මුගේ ගණන්
ReplyDelete//මුට කොන්දක් නෑ තියන තරමක් ජරාව තියෙන්නේ ඔළුවේ ඒ උනාට මුගේ ගණන්//
Deleteතුන් වෙනි කොටසේ පහත තියෙන රූපය බලන්න.
මුට කොන්දක් නෑ තියන තරමක් ජරාව තියෙන්නේ ඔළුවේ ඒ උනාට මුගේ ගණන්
ReplyDelete