Tuesday 16 February 2016

සොදුරු ඝාතකයා 03

පළමු කොටස
                                                                           

3 වන කොටස
ස්ථානය :- නගරයේ දුම්රිය ස්ථානයේ
                පුවත් පත් විකුණන කොලුවෙක්
            “මෙන්න තවත් අබිරහස් මරණයක්, ඊයේ රාත්‍රීයේ අගුලාන දුම්රියපල පාරේ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙලා
ගන්ඩ පත්තරේ බලන්ඩ විස්තරේ
මටත් පත්තරයක් දෙන්ඩ මෙන්න සල්ලි
"මේ යකා කනෙක්ද? 20 කොල දෙකක් කියල හිතාගෙනද කොහෙද 100 කොල දෙකක් දුන්නේ, සමහරවිට සන්ග්ලාස් දාල නිසා පැටලෙන්ඩ ඇති”,
ඉක්මනට මෙහෙන් මාරු වෙන්ඩ ඕනේ, ඇස් පේන්නැති බවක්නම් පෙන්නේ නැ යන වේගේ හැටියට”,
-    -      --   --  - --   -  

ස්ථානය
බ්‍රාවෝ  ගොල්ෆ් ක්ලබ් බිම හල
ක්‍රිස් මහත්තය කලින්ම ප්‍රැක්ටිස් ඉවරද?
මම අද ප්ලේ කරේ නැ සේන මට හැනිකන් එකක් දෙන්ඩ
සර් හැනිකන් ඉවරයි කාල්ස්බර්ග් එකක් දෙන්ඩද?
ආ දෙන්ඩ සේන තැන්ක්ස්
බිමහලේ සේවකයා නික්ම ගියපසු ක්‍රිෂ්ගේ සිත අතීතයට ගියේ නිරායාසයෙනි.
අතීතයට ගොස් තම ජීවිතය වෙනස්කර ගතහැකිනම් යැයි සිතු ඔහුගේ මුවින් ගැබුරු සුසුමක් පිටවුයේ ඔහුටත් නොදැනීමයි.ඔහුට කුඩාකල ආසාවෙන්  රුපවාහිනියේ නැරබු ටයිම් ටනල් නාට්‍ය මාලාව මතක් විය, එසේ කාලය හරහා සිල්වියාගේ නවාතැනට ගොස් සියල්ල වෙනස් කිරීමේ මහත්  අවශ්‍යතාවයක් ඔහුට ඇති විය. ඒ අවාසනාවන්ත දිනය ඔහුගේ මනසේ මැවුණේ සේයාපටයක්සේය.
විද්‍යාලයේ  බාස්කට් බෝල් කණ්ඩායමේ නායිකාවවූ සිල්වියාගේ ප්‍රියමනාප සිනහව,උස්කර බැදී  රතු කොණ්ඩය, දිගු දෙපා කොල්ලන් පිස්සු වට්ටා තිබිණ, එහෙත් තමාපසුපස එන  ඒ කිසිවෙකුටත් අකමැතිවූ ඇය තමන්ගේ පළමු ඇරයුමින්ම තමන්හා ගොස් ක්‍රෙස්කැට් හි කෙටි කෑමකට කැමැත්ත පළකලේ ක්‍රිෂ්ගේ මිතුරන්ගේ පුදුමයටත්, ඊර්ශියාවටත් ලක්වෙමිනි.
ඔයා චයිනීස් කෑමටද වැඩිය කැමති ක්‍රිෂ් මමනම් කැමති කොරියන් කෑමවලට ඇයගේ කථාව කෙතරම් සුන්දරදැයි ඔහුට සිතුණි.
ඔයා මොනවද මගෙ මුණ දිහා බලාගෙන කල්පනා කරන්නේ
ඔයා කොච්චර ලස්සනද කියල මම බැලුවෙ
අනේ යන්ඩ බොරුනොකිය
බොරු නෙවයි ඔයා හින්දි නිළියක් වගේ
ෂිට් මම ආස නැ හින්දි ෆිල්ම් බලන්ඩ පිස්සු හැදිලවගේ ඩාන්ස් කරන්නේ කිසි තාත්වික ගතියක් නැ
ෂුවර් මාත් කැමති නැ ඒක නෙවෙයි අද රැට කොහේ හරි යනවද
අදනම් බැ කැමතිනම් මගෙ රූම් එකට එන්න අද රැ සින්තියා ඩිනර් එකකට යනව, මම ළග තියනවා ලස්සන vcd ගොඩක්,බැක්ස්ට්‍රට් බෝයිස්,ස්කොපියන්ස්,අර කවුද මේ හැසඩ් සෝන්ග් එක කියන්නේ එයාගේ ඇල්බම් වගයකුත් තිබ්බා
මාර්ක් ඇන්තනි, නැ නැ රිචර්ඩ් මාර්ක් නේද ? ෂා  නියමයි මගෙ පෙවරිට් සිගර් මම ෂුවර් එකටම එනවා
සුප් කා පළතුරු බිව් ඔවුන් වෙන්වූයේ ආදර වන්තයන් සේ හාදු හුවමාරු කරගනිමිනි. තමා මේ ලෝකයේ සිටින්නාවූ එකම ජීවියා හා වාසනාවන්තම ජීවියා යයි ක්‍රිෂ් සිතුවේය.
රාත්‍රිය උදා වනතුරු ඔහු පසුවූයේ නොයිවසිල්ලෙනි. රාත්‍රී හතේ බීප් නාදයෙන් කලබලවූ ඔහු අළුතෙන්ම මිලදීගත් ටි ෂර්ටය හා සුදු පැහැ ඩෙනිම් කලිසම හැද කණ්ණාඩියෙන් හැඩ බැලුවේය, සිවුරුහන් බාමින් සැන්බෝතලයෙන් කොලරය දෙපසට ඉසගත් ඔහු ලොවම දිනුවෙක් මෙන් ඒ තීරණාත්මක ගමන ගියේය.
කාමරයේ සීනු හඩින් ක්ශ්නිකවම දොර වෙත ආ සිල්වියා ඔහුව සිපගත්තේ කාලයක් ඇසුරුකළ පෙම්වතියක් මෙනි.
කෝ ඔයාගේ යාලුවා පේ න්ඩ නැ නේක්‍රිෂ් ඇසුවේ හාත්පස විපරම් කරමිනි.
එයා මේ දැන් එළියට ගියේ සමහරවිට ඔයාට කොරිඩොවේදී හමුවෙන්ඩ ඇති ඊ ළග දවසේදී මම සින්තිව ඔයාට හදුන්වලා දෙන්නම්, හරිම හොද කෙල්ල, ඔයාට තේරෙනවනේ මම කියන එක ,එක රූම් එකක ඉන්නකොට එකිනෙකාට කරදරයක් වෙන්නැතුව ඉන්ඩ ඕනේ.
ඔවු මට තේරෙනවා අපේ කාමරේට අල්ලපු කාමරෙත් ලෙඩෙක් හිටිය, මිනිහ හිතුවේ සීනියර් නිසා මිනිහට ඕනෙ විදියට රැ වෙනකං හයියෙන් සිංදු අහන්ඩ, රැ දෙගොඩහරි ජාමේ වෙනකල් ලයිට් දාගෙන ඉන්ඩ පුළුවන් කියල, දවසක් මිනිහ කළින්ම නිදා ගත්තා, අපි කට්ටිය බෙඩ්සිට් පාටියක් දුන්නා පහුවදාම වෙන රුම් එකකට ගියා, හෙහ් හෙහ්
හොද වැඩේ ඔයකියන්නේ අර තඩි බඩක් තියන මුණපුරා තඩි කුරුලෑ ගෙඩි තියන එකාද?
ඇත්තමයි ඌ තමයි ඔයා කොහොමද හරියටම  ගෙස් කළේ?
නැ මට නිකං හිතුණා
නිකං වෙන්ඩ බැ මොකක් හරි හේතුවක් ඇති,
මම ඇත්තම කියන්නම්කො දවසක් අපි අබගහයට කඩයක් දාගෙන ඉන්නකොට අපිට පණ්ඩිත කථා කියාගෙන ආව, අර කටකාර කෙල්ලෙක් ඉන්නේ අපේ ටීම් එකේ ඒකි කිව්වා මයින්ඩ් යුවර් ඔන් බිස්නස් කියල මුණ බෙරිකරගෙන ගියා හා හා
කථාවෙන් කථාවෙන් ඔයාට බොන්න මුකුත් දෙන්නත් බැරි උනානේ මම ෆලුඩා හැදුවා ඉන්නමම අරං එන්නම්
කඩිසර ගමනින් යන ඇය දෙස ඔහු බැලුවෙ මේනම් සුර කුමරියක්දොයි සිතමිනි. විනාඩියකට පමණ පසු විදුරුවක් බිම වැටෙන සබ්දයක් සමගම සිල්වියාගේ කටහඩත් ඇසුනේ එක විටමයි.
ආහ් මගේ අත
පැන්ට්‍රිය වෙත ගිය ඔහු දුටු දෙයින් හිටිතැනම ගල් ගැසිණ. ෆලූඩා තිබු බදුන බිදී විදුරු සැමතැනම විසිරි ගොස්ය, සිල්වියා දෑතින්ම දකුණු කකුල බදාගෙන සිටි,
සිහිඑලවාගත් ක්‍රිෂ් කොහෙද ෆස්ට් එයිඩ් බොක්ස් එකයැයි ඇසුවේ සැම අතටම දෑස් යොමුකරමිනි,
ඔය දකුණු අත පැත්තේ අන්තිම කබඩ් එකේ ඇති බැන්ඩේජ් එකක්, ඒක ගන්ඩ
ක්ෂණයකින් කබඩයේ තිබු බැන්ඩේජ්ය ගත් ක්‍රිෂ් තුවාලය සීරුවෙන් වෙලුවේය.ෆලූඩා සුවදත් සමග සිත මෝහනය කරන සුවදක් ඔහුට දැනිනබැන්ඩේජ්යෙන් කැපුණු තැන වෙලුවත් ලේ නොනවතින. වහා රෝහලකට ගොස් බෙහෙත් දැමිය යුතු බව ඔහු ඇයට කිවේය.
තව ටික වෙලාවකින් ලේ නැවතී මම නිසා ඔයාටත් හරිම කරදරයක්නේද උනේ?
එහෙම හිතන්ඩ එපා සිල්වියා මම ඔයාට ගොඩක් ආදරෙයි.සිල්වියාව වත්තන් කරගෙන පැමිණි ඔහු සෙමින් ඇයව සාලයේ වූ සැටියට බර කලාය.
තුවාල කකුල සැටිය උඩින් තියා ගන්න, එතකොට ලේ යන එක අඩුවෙයිසෙමින් ඇයගේ කකුල ස්පර්සකළ ක්‍රිෂ් ඇයගේ තුවාලවූ කකුල සිපගත්තේය. ඇයගෙන් වහනයවූ සුගන්දයට ඔහු වහවැටී සිටියේය.
ඔන්න ක්‍රිෂ් ඔයාගෙ අතෙත් ලේ ගෑවිලා, බාත්රුම් එකට ගිහිං හෝදගන්න
නාන කාමරයටගිය ඔහු හාත්පස බැලුවේය, තම කාමරය හා සසදා බැලුවේය, විශාල කණ්නාඩිය හා එහි ඇති පිළිවෙල කෙරෙහි පැහැදුණේය.
මොනවා මේ සුවද එන්නෙ සිල්වියාගේ ලේ වලින් නේදසෙමින් ලේ තැවරුණ අත තම නැහැයට ලංකළ ඔහුට දැනුණි.
ඔව් ඒ සුවද එන්නෙ ලේ වලින් තමයිලේ තැවරුණ අත දිවගා බැලු ඔහු මුළු අතම ලෙවකන්නට දැඩි ආසාවක් ඇතිවිය.
මගේ ඇස් දෙකට මොකද මේ වෙන්නේ, ඔළුව පුපුරන් ඩ වගේ කැක්කුමයි. කණ්නාඩියෙන් මුහුණ බැලු ඔහු දුටුවේ තම දෑස් රත් පැහැ වී ඇති බවයි. කිහිප වරක්ම මුහුණ සේදු ඔහු නැවත සිල්වියා සිටිතැනට ආවේ රොබෝවෙකු මෙනි.
ක්‍රිෂ් මොකද  ඔයාට උනේ? බාත්රුම් එකේ යකෙක්වත් හිටියද?
බලන්ඩකෝ ලේ නවතින්නේ නැ වගේතම කකුල පෙන්වමින් ඇය කීවාය.
සෙමින් ඇයගේ කකුල සිපගත් ක්‍රිෂ් තුවාලයෙන් එන ලේ බිදු උරා බීවේ මස් කැබැල්ලක් ලැබුණු කෑදර බල්ලෙකු   ලෙසයි.
තමන්ගේ හිස ගිනිගන්නවාසේ ඔහුට දැනුනේය, දෑස් තුලින් ගිනි පිටවෙනවා සේ  විය. ලේ සුවදින් ඔහු මත්වී සිටියේය, මෙකිසිත් නොදත් සිල්වියා ලේ වහනය නිසා විසග්ජ්‍ය විය.
ඉන්පසු  ඇය කිසිදා පියවි සිහිය නොලැබුවාය,ක්‍රිෂ්ගේ හොඩුවාවකුත් නොවිය. ක්‍රිෂ් ශක්තිමත් හා බලවත් ලේ පිපාසිතයෙකු විය. එදායින්පසු තමා කිසිම රාත්‍රියක් නිදාගත් බවක් ඔහුට මතක නැත,මිනිසුන් ගාතනය හා ඔවුන්ගේ සිරුරේ ඇති ලේ කිසිවෙකුටත් හදුනා ගැනීමට නොහැකි ලෙසින් උරා බිමට ඔහු ඇබ්බැහි විය. තමාගේ ජීවිතය කිසිලෙසකින්වත් යථාතත්වයට පත් නොවන බව ඔහුට දැන් ප්‍රත්‍යක්ෂය, උසස් අදයපනය කඩාකප්පල් වීමත්,තමාතුළ සිටින මුරුගයා කෙරෙහිත් මුළුමහත් සමාජය කෙරෙහිත්  ඔහු වෙර කළේය. කිහිප වරක්ම ජීවිතය නැතිකරගැනීමට සැරසුනත් තමාතුළ සිටින යම් බලවේගයකින් එය නවතාදමන බව ඔහුට හැගුණි.
මාස ගණනකට පසු නැවතත් ඔහු කොළබට පැමිණියේ ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක විදායක නිලදාරියෙකු වශයෙනි. උපාදිය අහිමි උවත් ඉංග්‍රීසි දැනුම , ප්‍රියමනාප කථාව, සෑම ඉහළ නිලදාරියෙකුම පාහේ තම පාසැලේ ආදී සිස්යයන් වීම ඔහුගේ වාසනාව විය.
රැ කියාව ලැබීමෙන් පසු ඔහුගේ චර්යාවේ පැහැදිළි වෙනසක් ඇතිවුවත් රාත්‍රී භයානක සිහින දෑකීම නොනැවතී සිදුවිය, පුර හද පැමිනීමට ආසන්න වන දිනවල සිට ඔහුතුල සිටින යක්සයා අවදි වන්නට විය. රතු වයින් පානයෙන් ගතට යම් සහනයක් දැනුනත් පුර හද ඇතිදිනවල එය ප්‍රමාණවත් නොවිය. යක්ෂයා මිනිස් ලේම ඉල්ලනු ඔහුට දැනුණේය.
සර් අයිස් කැට ඕනෙද? මම පුරුදු විදියට බෝතලේ ගෙනාවබාටෙන් ඩ ර්ගේ හඩින් ඔහු පියවි ලෝකයට ආවේය.
ඔහොම හොදයි සේනඔහු සෙමින් බිර තොලගාන්නට විය.

  ක්‍රිෂ්  බියර් පෙන අතර අතීතය දියකර හැරීමට උත්සාහකරන අතර දඩයම් බල්ලෝ දෙදෙනෙක් සෙමෙන් සෙමෙන් තම ගොදුර වෙත ඇදෙමින් සිටියා,සුදු පැහැ කමිස හැද, කළු පැහැ දිළිසෙන ටයි පටි පැළද සිටි ඔවුන් දෙදෙනාම කළු පැහැ කබා පැළද දිළිසෙන කළු පාවහන් පැළද සිටියා.

'නැවත හමුවෙමු, ගල් මල් පහලින් ලියල යන්ඩෝ' !

30 comments:

  1. මලක් - පට්ට
    ගලක් - දිග වැඩියි වගේ

    ReplyDelete
    Replies
    1. එක පාරටම කොල්ලා වැම්පයර් කෙනෙක් කරන්ඩ බැරි නිසා දිග වැඩි උනා. හි හි..

      Delete
  2. මේ පාර නම් අහු වෙයි වගේ... නියමයි මචෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කු, දිගටම එන්ඩෝ.

      Delete
  3. පට්ටය් මචං කතාව නං
    වෙනස්ම පැත්තකිං ඉස්සරහට යනව
    පුලුවන් නං ඔය අකුරු හදාගන්න බලහං
    ඝාතකයා ගාතකයා වුණාම නිකං මොකද්ද වගේ..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු,
      ගූගල් ටූල් වලින් කොටන්නේ සමහර අකුරු හොයන්ඩ අමාරුයි. ලබන පාර හදන්ඩ බලන්නම්.

      Delete
  4. ඔය ලියන්නේ ලස්සනට

    ReplyDelete
    Replies
    1. තැන්කු, අඩුපාඩු පෙන්නපන් මචෝ.

      Delete
  5. Replies
    1. තැන්කු ගිම්මි,
      දිගටම එන්ඩෝ.

      Delete
  6. ඔන්න නියම ට්‍රැක් එකට වැටීගෙන එනවා..
    කතාව ලස්සනයි මොකද ලංකාවේ සිදුවුණු විදියට ලියන නිසා.
    ජය වේවා! දිගටම ඇදන් යමු.

    ReplyDelete
    Replies
    1. තැන්කු සිංහ, අඩුපාඩු තියේනම් කියන්ඩ

      Delete
  7. අර ඩීමන් ආනන්දගේ පොත්වල තියනවා වගේ කොටු කොටු සීන් එකක් බලන්න ආවා මදෑ...ඒකක් නැතුව එකපාරටම කෙල්ලව මරලා....නොදකින්

    \\සුප් කාලා පලතුරු බීලා\\...හැක්....
    කතාවේ කොටස් වැඩිවුනාට කමක් නෑ.අපිට හදිස්සියක් නෑ.හිමින් ලියපන්.උඹට වෙලාව හදාගන්න ඕනෙනම් ඔය මූණු පොතෙන් ටිකක් ඈත්වෙලා මේකට වෙලාව යොදාගනින්.

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මචෝ එව්ව බලන්ඩ සිංහල වැලඩොට් කොම් පලයන්. FB පැය විසිහතරේම ඔන්ලයින්, ඒක මගෙ වැරැද්දක් නෙවෙයි මෙහෙ සිස්ටම් එක,ඩේට සිම්,කොලින් සිම් කියල වර්ග දෙකක් තියනවා, ලංකාවේ වගේ කෝලින් සිම් එකට ඩේට කාඩ් දාන්ඩ බෑ. ෆෝන් දෙකක් හරි,ඩුවෙල් සිම් ෆෝන් එකක් හරි පාවිච්චි කරන්ඩ වෙනවා.

      Delete
  8. අඩේ කතාව නියමයි බං.

    ReplyDelete
  9. ලස්සනට ලියලා තියෙනවා සහෝ,
    දිගටම ලියමු,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබට දිගටම එන්න.

      Delete
  10. මුල ඉදන්ම කියවන්න ඕන.. අනිවා හෙට එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතී, දිගටම එන්න.

      Delete
  11. මගේ පැත්තටත් ඇවිත් තිබ්බා. හෙට අනිවා කියවන්නම්. ඔබට ජය......

    ReplyDelete
    Replies
    1. Salitha
      ස්තුතී, දිගටම එන්න.

      Delete
  12. ඔන්න අපිත් ආවා. ඉතුරු ටිකත් බලමුකො

    ReplyDelete
    Replies
    1. ගොඩක් සතුටුයි ආවට , මම ඔබගේ පොස්ට් නොවරදවාම කියවනවා.

      Delete
  13. අඩෝ කතාව නම් එළකිරි දිගටම ලියන්න ජය වේවා .

    ReplyDelete
    Replies
    1. ස්තුතී, දිගටම එන්න.

      Delete
  14. එල අදයි ආවේ . කතාව ආපහු මුල ඉඳන්ම කියවන්න් ඕන

    ReplyDelete
    Replies
    1. වෙල්කම්, පොඩි උත්සාහයක් ගත්තේ, අඩුපාඩු කියන්ඩ.

      Delete
  15. very nice... mama me kathaawa mula idala baluwe ne. me kotasa withayi baluwe. niyamayi....!!!! ithuru tikath kiyawanna one

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න