Saturday 6 February 2016

සොදුරු ඝාතකයා 02


දෙවන කොටස

කවුරුත් නැ ඩ්රයිවර් විතරයි ඉන්නේ
මටනම් බයෙත් බැ අක්කේ ඔන්නොහෙ අපි පයින් යමුද
පිස්සුද මෙන්න මෙහෙ වරෙන් යන්ඩ බලපන්කො ලස්සන කොල්ලෙක් ඉන්නේ හින්දි නළුවෙක් වගේ
කොහෙටද යන්නේ?
මම ලක්සප්තිය ළගට මේ නංගි සොයිස ෆ්ලැට් හෝල්ට් එක ගාවට යන්නේ  
හා නගින්ඩ, දෙන්නම පස්සෙන් නැග්ගෙ එක්කෙනෙක්  ඉස්සරහට එන්ඩ නැත්නම් මම ඩ්රයිවර් වෙනවනේ
අක්කේ උබ ඉස්සරහින් නැගපන්
මෙච්චර රැ වෙලා මොකද කරේ? ට්‍රාන්ස් පොර්ට් නැද්ද?
අපේ වැන් එක කැඩුනා අද හදිසි ඕඩරයක් තිබ්බා
ඔයාල කොහෙද වැඩ කරන්නේ කම්පනියේ වැඩ කරන්නේ ඔය දෙන්න විතරද? හඃ හා ,
අනිත් අය ට්‍රාන්ස්පෝට් වැන් වලින් ගියා අපේ පැත්තට යන එක කැඩිලා,
(රහසින්) අක්කේ මේ මනුස්සය මේ මහ රැ මොකද සන්ග්ලාස් දාගෙන ඉන්නේ, බලපන් කෝ ගාලතියන සෙන්ට් එක පුදුම සැරක්, මටනං හරි අමුත්තක් දැනෙනවා,
යකෝ නිකං හම්බ උන අස්සයගේ දත් බලන්ඩ යන්ඩ එපා, එලිය බලන් පල නැත්නම් බහින තැන පහුවෙයි.
අයියේ ඔය ඉස්සරහින් මේ නංගිව දාල යමු,
හා හා දැන් අයියත්  උනා ඇ ,,,
කැනොගහ බැහැපන්
ගොඩක් ස්තුති කරපු උදවුවට, මම යනව අක්කේ,

ගොඩක් කල්ද මෙහෙ රස්සාවට ඇවිත්?
ඔව් දැන් අවුරුදු 4ත් ඉවරයි,
ගොඩක් අය අවුරුදු 5න් අයින් වෙනවා නේද?
ඔව් අවුරුදු 5න් කොම්පැනියෙන් දෙන ගානත් අරන් කොල්ලෙකුත් හොයාගෙන අයින් වෙනවා,
අවුරුදු 5 ට ලගනිසා ඔයාටත් එහෙනං කොල්ලෙක් ඇති?
අපොයි නැ අලියෙක් වගේ ඉන්න මම දිහා කොල්ලෝ බලයිද අයියේ?
එහෙම කියන්ඩ එපා මහත අයට කැමති කොල්ලෝ ඉන්නවා,
මමත් යාළුවෙලා හිටියේ නංගි වගේ මහත සුදු ගැහැණු ළමයෙක් එක්ක එයා ඇක්සිඩන්ට් එකක් වෙලා ගිය අවුරුද්දේ නැති උනා.  
අනේ පවූ  මොකද ඒ නංගිට උනේ ?
එයා වැඩ ඇරිලා යද්දී වාහනේකට හැප්පිලා මැරුණා
අනේ පවූ
මොනවා කරන්ඩ ද ජිවිතේ හැටි ඔහොම තමයි, මගේ බබිත් ඔයා වගෙමයි
ඔය කබිහෝල් එක ඇරලා මට රතුපාට බෝතලේ දෙන්ඩ පුළුවන්ද? ඔයත් එතන තියන අනිත්  ෆ්රුට් ජුස්  බෝතලේ බොන්ඩ,
මට ඕනේ නැ ආ අයිය බොන්ඩ,

බොන්ඩ බොන්ඩ මොකද ඔච්චර ලජ්ජවෙන්නේ?

17 comments:

  1. මගුලයි ඒ පාර මොකක් වෙන්ට යනාද..
    කොට්ටෝරුව හොට පටලවගන්න වගෙ හෙහ්

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියල,
      ස්තුති මහේෂ්.

      Delete
  2. කතාවනම් මරු බං.
    තව ටිකක් විතර දිගට ලියමු එක කොටසක්.

    ReplyDelete
    Replies
    1. සමහරු දිග පොස්ට් කියවන්ඩ කැමති නැ, විශේෂයෙන් ඔෆිස් වල වැඩකරන අය
      ඔබටත් ස්තුති දිනේෂ්.

      Delete
  3. ගියපාර තිබුණු නැති කුතුහලේ ඩබල් වෙන්නම මේ පාර දීලා...
    කාර් කාරයා ප්‍රශ්න වැලක්නේ බොල..
    මරු ලලියෝ. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තුති දිගටම එන්න.

      Delete
  4. නියම කතාවක්...දිගටම ලියන්න..ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුති ගිම්මි දිගටම එන්න.

      Delete
  5. කතාව නැගලා යනකොටම ඉවරවුනහම උඹව මරාගන කන්න හිතෙනවා.තව ටිකක් දිගට ලියපන්.කතාවේ ඉට්ටැයිල් එක මරු...
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හරි හරි ඊළග කොටසත් ඉක්මණට දාන්නම්. ස්තුති කටුසු.

      Delete
  6. බොන්න නම් එපා

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා තැන්කු ආවට, ගොඩක් කල් ඉඳල කථාවක් ලියන්ඩ ආසාවෙන් හිටියේ අඩුපාඩු කියන්න. පස්සේ තව එකක් ලියනවා.

      Delete
  7. මට නම් එන පොට අල්ලන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. බලමුකෝ ලබන සතියෙ ඉතුරු කොටස, ස්තුති ඔබට.

      Delete
  8. ෆ්රුට් ජුස් බෝතලේ පොවන්න යන්නේ නම් හොදකට නෙවෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. මචං මම මනෝමන්දිර.අනිත් ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්න කම්මැලි බං

      Delete
    2. අඩේ මේ නමිනුත් ලියනවද? ආවට තැන්කු.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න