Wednesday 30 December 2015

Happy New Year to ශ්‍රී ලංකා

නත්තලත් නිමා වී    

සීතලෙන් ගුලි වෙලා
ගම්දොරත් නැවුම් වී
සුදු හුනුත් ගෑවිලා 
ගේ බිත්ති සරසලා
මද පවන බිගු ගීත
තුඩින් තුඩ මුමුණලා
අනෝරා වැහි ඇල්ල
නොපෙනෙන්න සැගවිලා
නව වසර එළබිලා,

සිංහ ලේ ගෑවිලා
එන්රික්ගේ තනපටේ
වියකුනත් ළපටි මල්
මහවුන්ගේ කනමතේ 
මං හිටං ඉන්නවා
සබ්යත්ව දුපතේ!!!.


සැමටම සබ්යත්වයෙන් පිරි සිංහල සංස්කෘතික(ලෝකෙටම එකයි.) නව වසරක් වේවා.!
සියලු පින්තූරු ගූගල් දෙවියාගේය.

4 comments:

  1. උඹටත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  2. දෙවෙනි කවියෙ පදපේලි ටික 2015 වසරේ සාරාංශය වගේ ... 2016 වත් මෙහෙම නොවේවා. සුබ නව වසරක් ලලිත්

    ReplyDelete
    Replies
    1. හංසි(swan), ඔබටත් එසේම වේවා, ස්තුති පැමිණියාට.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න