Tuesday 8 December 2015

කොමන් සෙන්ස්,!!!

ඔෆිස් ඇරිලා එනගමන් සාන්ත මල්ලිගේ ෂොප් එක පැත්තට ගියේ මගෙ යාළු කමටත් වඩා පවුලගේ කථාවක් මතක් වෙලා, 'ඔයාට යාලුවෙක්ට කෝල් එකක් දෙන්ඩ මතක් වෙන්නේ මොකක්හරි උදවුවක් ඕනෙ උනාම විතරයි', ඕකමේමට විතරක් වලංගු ප්‍රකාශයක් නොවේය, අනික් උනුත් ඔයවගේමය කියල කියන්ඩ කටට ආවත් ''බිරිද සැමියාගේ දේවියාය, කස්ටෝමර් ඊස් ද කිං'' ඔඋවා මෙවුවා මතක් උන නිසා පාදයක් පසුපසටගෙන ආරක්සා කාරීව පන්දුව නිදැල්ලේ යාමට ඉඩහරියා,

කිරිකට් ගැන ලියන කොට මගේ පාසල් කාලෙ ක්‍රිකට් ගහපු ඒවා මතක් වෙනවා,ගමෙන් පිට කොහෙහරි මැච් එකකට ගියොත්  හැමදාම මම ඕපනින් බැට්මන්, ලකුණු හය හතකට වඩා නොගන්න මට මුං මොකද ඕපනින් දුන්නේ කියල මම අපේ කැප්ටන් ගෙන් දවසක් ඇහුවා
මු කියපි ‘’උබ බෝල වලට ලෑල්ල දදා ඉද්දි අපිට බොලස්ල ගැන අයිඩියා එකක් ගන්ඩ පුළුවන් ඒක නිසයි උබයි, දීග ජන්තුවවයි මුලින් යවන්නේ කියල'' විලිලජ්ජාවේ බෑ.

කොහොම හරි එදා සාන්තය හම්බුනේ නෑ, ඒත් ගාමන්ට් එකේ වැඩකරන රණය මාව දැකල කෑගහගෙන ළගට ආව,--- මහත්තය දැක්ක කල්.
‘’ඉතින් කොහොමද රනේ’’ ඒ මම. රනේ කියන්නේ අපේ ඔපිස් එකේ හිටපු කාකාස, ඒත් මාසේ අවසන් සතියේ ආර්ථිකය රිම් එකෙන් යනකොට රනේ තමයි අපිට අත දුන්නේ, ඒකෙත් රස රහසක් තිබුණ,
ඔන්න අපි රණයට කථාකරනවා ''රණේ පඩිගත්තම දෙනකන් රුපියල් 500ක් දියන්කෝ''
රණය ඔළුව කසකස කියනවා ''500ක් නම් මම ළග නැ, කැන්ටිමේ මුදලාලිගෙන් ඉල්ලලා දෙන්නම්'' කියල
රබර් අක්කර එක හමාරකුයි තේ අක්කරයකුයි තියෙන රනයගේ කථා බොරු කියල හැමෝම දන්නවා,
ඒත් තේ වෙලාවට මෙන්න - - - මහත්තය මම කැන්ටිමේ මුදලාලිගෙන් සල්ලි ඉල්ලාගෙන ආව කියල කාටත් හොරෙන් දෙනකොට රණය දෙවිකෙනෙක් වගේ අපිට පේන්නේ.
''යමුද රෙස්ටුරන්ට් එක පැත්තේ'' රණය අහනවා,
අපි රෙස්ටුරන්ට් යන්නේ චයිනීස් කන්ඩ නෙවයි, රයිස් කනවනම් පොල් අතු චයිනීස් තමයි අපේ තේරීම.
ඉබ්බා දියට දාන්ඩ හදන කොට ඇන්නාවේ කිවුවලු,
''යමං වැස්සකුත් එන්ඩ වගේ'' මම ගමන  ඉක්මන් කරා
කොනක මේසයකට සෙට්වෙලා ඩෙවල් එක එනකම් මම බ්යර් එක තොලගාන ගමන් රනයගේ කථාවලට කන්දීගෙන හිටිය,
උරිස්සට වැදිච්ච පාරට මගේ කටට හොද පදයක් කියවෙන්ඩ ආවත් තවම වෙරි වෙලා නැති නිසාත් වැදගත්කම සබ්යත්වය ආත්ම සංයමය, ඔය එකී මෙකි නොකී සෑම දෙයක් නිසාම මොකාද මේ කියල හැරිලා බැලුවා ,
අම්මට හුඩු හොරා පොලිස්
ට්‍රැපික් සාජන් කාරයයි උගේ ඇම්බැට්ටය ගම්බට්ටයි වැටෙන්ඩ ගහලා
කොහොමද සාජන් මහත්තය (නොදකින් ගල් ඉබ්බා)
අද සරුයි වගේ ( අහිංසකයෙක් මරාගෙන කන්ඩ ඇති)
අපිට කවදත් සරුයි, මොනවාද බං මේ පිස්සො කරන්නේ
ජල්තර අයවැයක් ගෙනල්ල, හොරු අල්ලන නීති වලින් අපිට කරකවල අරින්ඩ හදන්නේ
මොකක්ද බං මේ රටට වෙන්නේ ( යහපාලනේ හරකො )
අනේ මන්ද සාජන් මහත්තය අපිටත් මුකුත් හිතා ගන්ඩ බැ (හැමෝටම කෙලවෙයි වගේ මෙහෙම යනකොට)
රණය උල් පන්දම් දෙනවා.
බලහංකො  හරි අසාදාරනයක්නේ කරලා තියෙන්නේ?
පිස්සුද රාළහාමි මමනම් ජිවිතේට අසාදාරන වැඩ කරලා නැ
යකෝ අසාදාරනයක් කරා කියල මාව හිරේ දායි ද?
මම හිතනවා.
බලනවකො ඕයි දැන් අපිට වැරදි කාරයෙකුට පාරක් ගහන්ඩත් බැ
ඒවටත් මේ මිනිස්සු නඩු දානවනේ
ඒක තමා ගහන්නේ නැතුව හොරු වැරදි කලා කියල පිළිගනිද? රණයත් බටර් ගානවා,
අන්න ඒකනේ තමුසෙලාට  තේරෙනවනේ අපිට වෙලා තියන අසාදාරණේ
මොකද නැත්තේ අපිට තේරෙනවා, (මදැයි නිදහසේ බ්යර් එකක් බොන්ඩ ආව.)
අපිට දැන් මේ රස්සාව එපාවෙලා තියෙන්නේ,
ගම්බට්ටත් තමන්ගේ දුක කියන්ඩ පටන් ගත්තා
ලොක්කන්ට කඩේ ගියාට,ලොක්කන්ගේ ළමයි ඉස්කෝලේ අරන් ගියාට
අපිත් හොද නම්බුකාර රස්සාවක් කරන්නේ
මොකද තමුසේ කියන්නේ?
කොස්සා අහනවා,
නැතුව නැතුව මොනවා කියනවද රාළහාමි
දැන් බලන්ඩ අපේ ටැක් ටික්ස් බොහොම නවිනයි, කෙලින්ම ඇමෙරිකාවේ සිඅයිඒ වෙබ් එකෙන් ඩවුන් ලෝඩ් කරන්නේ,
හැම වෙලාවකම අපරාද කරන්නේ කලින් අපරාද කරපු මිනිස්සුමයි, ආයේ දෙකක් නැ කුඩු කාරයෙක්, රස්තියාදු කාරයෙක් ගෙනිහින් තේ එකක් මාළු පාන් එකක් දුන්නම විස්තර කියන්නේ ගිරව් වගේ,
මහත්තයා අහල ඇතිනේ අර කැලෙන් අල්ලගත්තු වළහා පිළිගත්තනේ එයා තමයි හාව කියලා
අර කොන්ඩයාගේ කථාව කටුගෙයි කඩු උස්සපු කේස් කොහොමද? අපි ඒවා නියමෙට සෙටල් කරා.(මොනවට කියනවද ඒවා)
කොහොමද අපේ කීර්තිය නත්තල් වගේ දසත පැතිරෙනවා,
 අර ට්වී එකේ යන සොයමීට් ඇඩ් එකත් මරුනේ සාජන් මහත්තය
ලංකාවේ පොලිසිය ගැන නොදන්නා එකෙක්ට කියල දෙන්ඩ පෙන්නන්ඩ නියමයි නේ,
දඩ මස් කියල සෝයා මිට් වලට රැවටෙන එක, රණය වෙරිමරගාතෙ කියවනවා,
කට වහපිය  හු#*$@*@$$*පුතා  

යකෝ කොස්සන්ටත් කොමන් සෙන්ස් තියෙනවනේ මට නිකන් හිතුනා!!.  

18 comments:

  1. සෝයා මීට් අැඩ් ඒක තමා කොටදෙණියාවේ පොලීසිය ගැන යස අගේට කියන්නේ..... පට්ට අැඩ් පාර තමා....

    ReplyDelete
    Replies
    1. ඒ ඇඩ් එකට නඩු දාන්ඩ යනවලු නේද?

      Delete
  2. ගූ හතයි. කියවන්න අප්පිරියයි.

    ReplyDelete
    Replies
    1. රීල හොදට හොදගනින්, ඊට පස්සේ කියවපන්!!!.

      Delete
  3. සෝයාමීට් ඇඩ් එක තහනම් කරවාදි දන්නෙත් නෑ මෙහෙම ගියොත්.

    ReplyDelete
    Replies
    1. ඒ ඇඩ් එකට නඩු දාන්ඩ යනවලු නේද? ඒ නිව්ස් එක දැකල මට හිතට ආව දෙයක් ගැලපුවා.

      Delete
  4. මරු කතාව ලලිත් අයියා.
    ආයෙ සොයා මීට් ඇඩ් එක බලද්දි මේක මතක් වෙලා අනිවා හිනා යනවා.
    එතකොට තාම් අලලිත් අයියා ක්‍රිකට් ගහනවද?

    ReplyDelete
    Replies
    1. ළගදී නම් සෙල්ලම් කරේ නෑ, ඒත් මාස 6කට විතර ඉස්සර සෙල්ලම් කරා කොම්පැනි ටුනමන්ට් එකකට,මම වැඩිය කැමැත්යි බැඩ්මින්ටන්.
      මෙහෙ ක්‍රිකට් ගහන්නේ ඉන්දියන්,පකිස්තාන් අය විතරයි, ෆිලිපින්,ලෙබනන් අය බාස්කට් බෝල් විතරයි ප්ලේ කරන්නේ.

      Delete
  5. පොලිසීය ගැන නම් කතා කරලා වැඩක් නෑ
    ජිවීතේට හොද පොලිස්කාරයෙක් දැකලා නෑ!

    ReplyDelete
    Replies
    1. හොද අයත් ඉන්නවා, වැඩිය සමාජගත වෙන්නේ නරකනේ. ස්තුති පැමිණියාට.

      Delete
  6. ඉස්සෙල්ලම සෝයාමීට් ඇඩ් එක බලල ඉන්න වෙනවා. මුහුදෙන් එතෙරේ ඉන්න නිසා අපිට වාසනාව තියෙනවා ඇඩ් නැතුව නාට්ටි කෑල්ල විතරක් බලන්න. බැලුවාම මම වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉඳල තියනවා නෙව..

    ReplyDelete
    Replies
    1. //බැලුවාම මම වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉඳල තියනවා නෙව..// හෙහ් හෙහ්,
      ස්තුති පැමිණියාට.

      Delete
    2. මගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයාගේ නම ලලිත් පෙරේරා. මම හිතුවා ලලිත් අයියා තමා මේ කියලා. වෙන කමෙන්ට් එකක් දිගේ ආවේ. බැලුවම මට වඩා ගොඩක් බාලයි වගේ. ක්‍රිකට් මගේ ජීවිතයෙන් කොටසක් වෙලා. මමනම් තවම ක්‍රීඩා කරනවා. ඒ වගේම ක්‍රිකට් සම්බන්ධ පරිපාලනයටත් ටිකක් සම්බන්ධයි. මම ක්‍රිකට් ගැන ලියපු පොස්ට් කිහිපයක්ම තියෙනවා. නිදහස් වෙලාවක ඇවිත් බලන්න.

      Delete
    3. ස්තුති පැමිණියාට, මම ඔබගේ පොස්ට් කියවනවා,ඔයාගේ ලිවිල්ල නම් පට්ටයි.!
      අපේ කොලුකාලේ දැන් පහුවෙලා,
      වයස දැන් 40ත් ඉවරයි..

      Delete
  7. අදයි මේ පැත්තට ආවෙ .. මම මේ කල්පනාකලේ මේවා ලියල පොලීසියෙන් අල්ලන් ගියොත් කාට නම් කියන්නද :P

    ReplyDelete
    Replies
    1. ස්තුති පැමිණියාට, පස්නයක් නෑ යහපාලනයේ මාද්‍ය නිදහස්නේ.

      Delete
  8. සොයාමිඉට් අද එක දැක්කේ නෑ කියහන්කෝ ඉතින්....ඔක්කොටම කලින් එක බලලා ඉන ඕනේ....කතාව නම් පංකාදුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබට, මම ඔබගේ පොස්ට් කියවනවා, ජයවේවා.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න