Friday 20 November 2015

අද්දීයාපන ඇමති අංකල් වෙතයි,

අද්දීයාපන  ඇමති අංකල් වෙතයි,
අංකල්ලා අපි ගැන හිතන එක ගැන අපි සතුටු වෙමු. අපිටත් වඩා අපේ ටීචර්ලා ගැන හිතීම ගොඩක් හොදයි, මොකද එයාලා අපිට උගන්වන නිසාය, අපේ නිල ඇදුම් වලට රෙදි නොදී සල්ලි දෙනවා කියා 12 වසරේ අයියෙක් වෑන් එකේදී කියනවා ඇසුණි.ඒ අය්යලත් බොහොම හැපියෙන් කිව්වේ ඒ සල්ලි ලැබුණාම කරන දේවල්ය, ඒක මෙතැන ලියන්ඩ බැරිය, නිල් පිලිම් තිබුන ලැප් එක අයිති අයියා ඉස්සුවා වගේ අපිවත් උස්සන්නට බැරි නැත. කොටදෙණියාව පොලිසිය විතරක් නොව හැම පොලිසියක්ම නීතිය අකුරටම පුංචි අපිට ක්‍රියාත්මක කරයි.



අපේ ටීච පන්තියේදී පෝන් එකෙන් කථා කරන්නේ නැත. අපි 40 -45 ආම් බාන් කරන්ඩයි, පාඩම් කියා දෙන්ඩයි ගියාම පෝන් එකෙන් කථා කරකර ඉන්ඩ වෙලාවක් නැත. හැබයි පින්සිපල් නම් පොන් එකේ එල්ලිලාම ඉන්නවාය,පින්සිපොල්ලාගේ පොන් තහනම් කොරා නම් හොදය.
 ටිචගේ බුරිය පේනවාද, නැද්ද කියා අපිනම් බලන්නේ නැත. එහෙම බලනවානම් බලනවා ඇත්තේ ලොකු පන්තිවල අයියලා අක්කලා ය. තවද පින්සිපොලුත් බලනවා ඇතිය. පාරේ ඉන්න රස්තියදුකාරයොත් බලනවා ඇතිය,
අපිට චූ කක්කා දාන්ඩ ලැට් නැත, ඒවා කැඩිලාය, ටිචලාගේ එකත් ඒවගේමය, වතුරත් නැත, අපේ ඉස්කෝලේ එන වැන් එකේ දොර ගලවෙනවාය, දවසක අපේ නංගියෙක් මල්ලියෙක් දොරත් කඩාගෙන පාරට පත බෑවිය හැකිය,
ඉස්කෝලවල අඩුපාඩු හදා දෙන්නේ නැතුව වැඩකට නැති නීති දාන මේ ඇමතිලට පිස්සු කියා අපේ තාත්තා අම්මාට කියනවා ඇසුණි.
අවේන්ගාර්ඩ්, රට සංවර්දනයට වියක්රුති හැදීම,ඒවා ගෝලයන්ට බාරදීම, කොමිස් නියම ආකාරයෙන් ලැබේදැයි බැලීම මෙකි නොකී දහසක් වැඩ රාජකාරි ඇති ඇමති තුමන්ලාට පිස්සු නොහැදී තිබුනොත් පුදුමයකි.


ඔබතුමාට ඉක්මනින්ම සුව වේවායි පාර්ථනා කරමි,

7 comments:

  1. අම්මපා පුතේ උඹට නං පිස්සු......... සෞඛ්‍ය අැමති හම්බෙයං...

    ReplyDelete
  2. ලියුම හොඳයි හැබැයි ඔය අංකලයට ඇත්තටම ඕව කිවුවට වැඩක් වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
  3. ටැන්කු කුරුටු,ඉන්ද්‍රජිත් මේ පැත්තට ආවට,
    අනේ මන්ද අජිත් මලයා, පට්ට බජට් එකක් ඇවිත් නේද? පිස්සු නොහදෙයිද මේවට.

    ReplyDelete
  4. ඔන්න මාත් මේ පැත්තට ආව..ලියුම නියමයි.. හැබැයි කට්ටියට ඕක වත් කියවගන්න පුලුවන් වෙයි ද මංද.. අර බජට් එකම කියව ගත්තෙ හරි අමාරුවෙන් නෙ..

    ReplyDelete
  5. නෑ ලලිත් වැරදිලා ඔබ කිව්ව එකක්වත් ඒ හැටි ගැටළු නෙවෙයි. අපි රට බාරදුන්න ලොක්කො ගැන ඔහොම ඇනෙන දේවල් කියන්න එපා පව් නේ

    ReplyDelete
    Replies
    1. Mr. Gunasinghe,
      වැරදි හදාගෙන ඉදිරියට යන්ඩයි තියෙන්නේ. ස්තුති මේ පැත්තට ආවට.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න