Friday 9 October 2015

අපි ආමී 2

වේටර්ට ලෙමන් ජින් බාගෙකුයි චිකන් ඩෙවල් එකකුයි ඔඩර් කරලා මම කථාව පටන් ගත්ත. 'ඉතින් කියපන්කො විස්තර ' අපිට හරියට නිදා ගන්ඩවත් තැනක් නැ බං  සමන කිඋව්ව. යකෝ අර අහවල් කෑම්ප් එකේ තියෙන්නේ ලස්සනට මල් වවලා බිල්ඩින් නිකන් හොටෙල් වගේනේ, ඒ බං මෙහෙනෙ යාපනේ පැත්තේ කොහෙවත් එහෙම නෑ. අපි මුළු දවල් දවසම වැටවල්, බංකර් හදනවා ඒ මදිවට රෑට නිදිමරන් ඩිව්ට් කරන්ඩත් ඕනේ. ළග නමන ගමන් සමන කිව්වා.
කෝ දැන් තොගේ ජාති ආලේ,
'මම රට වෙනුවෙන් යුද්දෙට යන්නේ මේක ජාතික (සිංහල ගෝත්‍රික) වගකීමක් කියල කියපු බණ ' මම ඇහුවා. හරි හරි බං, ඇතුලට ගිහාමනෙ වෙනස තේරෙන්නේ, ඔය එකෙක්ගේ වත් ඇති  ජාති ආලයක් නැබන්, හැමෝම මාසේ අන්තිමට පඩි අරන් ගෙදර යන්ඩ බලාගෙන ඉන්නේ.. මස් කෑල්ලක් කටට දාගන්න ගමන් සමන කිව්ව.
හරි දැන් උඹේ කථාව කියහන්කෝ මම කිව්ව. ටොනික් නැතුවම ජින් ටිකක් වීදුරුවට දාගත්තු සමන් ඒක එක හුස්මට බීගෙන ගියා. ගියමාසේ දවසක මම මේන්  ගේට් එක ළග බංකරේ ඩිවුටි හිටියේ රෑ 11ට විතර ඇති සාජන් කාරය ආව චෙක් කරන්ඩ මම වැටෙන් එහා පැත්ත බලාගෙන හිට්යේ, මූ ළගට එනකල්ම මම දැක්කේ නැ බං
'යකෝ තෝ නිදාගෙනද හිටියේ' ඇහුව නෙවි  මට ඇහුනා.
'ඇත්තටම මට නින්ද ගියා බං' මේකා කියනවා. තොට පිස්සුද හිටගෙන නිදා ගන්ඩ ? මම ඇහුවා. නැබන් මම හිටගෙන වෙපන් එකත් අල්ලන් හිටියේ, ඒත් සමහර දවස් වලට එහෙම නින්ද යනවා බං උදේ ඉදන් රෑ වෙනකල් වැඩ කරලා රෑට ඩ්ව්ට් කරනවා කියන්නේ වහ බං.
ඊට පස්සේ සාජන් කාරයා තොට පනිස්මන්ට් දුන්නද? එලි වෙනකල් පොඩ්රෝල් ගහන්ඩ ඇති නේ. මම ඇහුවා. මොන පොඩ්රෝල්ද බං මේකා මට කියනවා මේක බරපතළ වරදක්ය රිපෝර්ට් නොකර ඉන්ඩ නම් මූට අහවල් දේ කරගන්ඩ දෙන්ඩලු. මූ ගල් කාරයා කියලා ප්‍රසිද්ද වෙලා හිටියත් මට කථා කරපු පළවෙනි  වතාව
අම්මට හුඩු ඉතින් මගේ වෙරි හිදුණා. ආමි එකේ තියනවා එකක්  බෑ    කියන්ඩ බෑ කියලා, ඉතින් තෝ දීගෙන හිටියද? මට ඇහුනා. මම වෙපන්එකේ බට් එකෙන් මුගේ යටි බඩට එකක් දුන්නා.
මූ කෑගහගෙන බංකරෙන් එළියට දිව්වේ කලිසමත් අල්ලාගෙන' ඊට පස්සේ මට කෑම්ප් එක වහක් උනා බං අම්මයි  නංගිලා දෙන්නයි නිසා ඉවසන් හිටියා, අන්තිමේ මම ආවේ ආපහු නොයන්ඩ හිතාගෙන
මට කියන්ඩ දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ..................

ටික දවසකට පස්සේ සමන් කොළඹ  සිකුරිට් ජොබ් එකකට ගිහින් තිබුණා.ගමට වැඩිය ආවේ නැහැ. දැන්නම් බැඳලා ළමයිනුත් ඉන්නවා.

සත්‍ය සිදුවීමක්  නම් ගම් මනඃ කල්පිතයි.

4 comments:

  1. Replies
    1. උඹ නම ලකුණු කරනවා මිසක් පෝස්ට් කියවන්නෙ නෑ නේද බන්.........

      Delete
  2. මොනා උණත් ඌ කරපු දේට එකෙන්ම එකගයි.... දෙන්න තිබ්බෙ ගැලවිලා විසිවෙන්නම.........

    ReplyDelete
  3. අඩේ එලකොල්ලෙක්නේ

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න