Friday 24 April 2015

සහ ⍏ උදරයෝ සහ ගොනිබිල්ලෝ

මේකත් මගේම දැකීමක් තමයි හැබැයි ඉස්කෝලේ කාලෙ විත්තියක්.ඒ කාලේ සහ උදරයෝ (සහෝදරයෝ),කහ බළල්ලු, කොළ බළල්ලු එහෙම ලංකාවේ හිටිය කාලයක්.තාත්තට නිවාඩු ගන්ඩ බැරිඋන නිසාත්,දැන් වගේ හෑන්ඩ් ෆෝන් බහුල නැති නිසාත්  කලින්ම මාමට කියා තිබුණු නිසාත් තාත්තගේ අඩුව පිරවීමට මට සිදුඋනා. අඩුව පුරවනවා කිඋවට මම පස්වනක් පිරිතියෙන් මාමත් සමග යාමට සුදානම් උනා. කියන්ඩ බැරිඋනානේ එතකොට මම 10 වසරේ හැබයි 9 වසරේ කොල්ලෙක් තරම් වත් පෙනුම නැ.
උදේ ඉස්කෝලේ ගමනත් නවත්තල මමය් මාමඉ ටව්මට බය්සිකල් පදිනවා. මට කලින් කොටන්ඩ අමතක උනානේ මේ ගමනට මම වැඩිපුර කැමති උනේ මාමත් එක්ක හරි හරියට සය්කල් රේස් යන්ඩ පුළුවන් නිසා, මෙහෙම යනකොට එක තැනකදී පාර කැළණි ගඟ ළගින්ම යනවා,බස්එකේ යනකොට වගේ නෙවි දැන් ගගට ගෙහින් මුණ  හෝදගෙන එන්ඩත් පුළුවන්,
එමින්ගමන් ගගට යන් කියල කියපු නිසා මම තව ටිකක් වේගයෙන් පැද්ද, ඔන්න දැන් අපි ටව්මටත් අවා කියමුකෝ, මෙන්න යකෝ කොටි ගහලද කොටි ගහයි කියලද දන්නේ නැ.

දේශප්‍රේමින් වැරදුනා රණවිරුවෝ ට්‍රක් දෙකකින් ඇවිත් කොල්ලෝ ගෙනියන්ඩ, දන්කාලේ අය නොදන්නවා උනාට,අමතක කලාට මෙහෙම අරන් ගිය කොල්ලෝ අයෙත් ආවේ නැහැ. සම හරක්ට දැන් ඒවා මතක  නැහැ, අපි දෙන්නත් දැන් පෝලිමට ගාල් උනා, මාමා කෙයපු කතාව අදත් මට මතකයි, "පුතේ මාව  අල්ලා ගත්තොත් මාළු කඩේ කළු මල්ලිට කියන්ඩ" මෙයා තමයි අපි දන්නා කෙනෙක් හිටියේ,




 ඒ කාලේ අතුරුදහන් කරන්ඩ හේතු ඕනේ නැහැ, ඔන්න  පෝලිමේ යනවා ඉස්සරහින් ඉන්නවා ගෝනිබිල්ලෙක් ඒ කියන්නේ මුළු ඇගම වහගත්තු මනුස්සයෙක් ( ගොඩක් වෙලාවට ගමේ ග්‍රාමසේවක නැත්නම් පවතින ආණ්ඩුවේ ප්‍රාදේශීය නියෝජිතයෙක්) එයාලගම ඉන්නවා  හමුදා කාරයෙක්(දැන් කියන්නේ රට බේරාගත් රණවිරුවෝ) අර බිල්ලා තමන් ඉස්සරහින් යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා ඉස්සරහ ඉන්න මනුස්සයා දිහා බලලා අපහු හමුදාකාරය දිහබැලුවොත් ඉ මනුස්සයා ගෙනිහින් ට්‍රක් එකට දාගන්නවා එහෙම ගෙනියන අය අයේ දකින්ඩ හම්බවෙන්නේ නැහැ.
ඔන්න දැන් අපි ගොනිබිල්ල ගාවට ආව බිල්ල හෙලවුනෙවත් නැහැ හැබැයි රණවිරුවා කතාකලා "තමුන්ලගේ ගමේ සහෝදරයෝ එහෙම ඉන්නවද ) කියන්ඩ ගොඩක් දේ තිබුනත් මාම අපිට නෙවෙයි වගේ අඩිය ඉක්මන් කලා.

එදා අපිවනම් ට්‍රක් එකට දාගත්තේ නැහැ, එහෙම කලානම් අදමේ බ්ලොග්ගල කොටන්ඩ මම ඉතුරු වෙන්නෙත් නැහැ. ඒත් හැමෝම වාසනාවන්ත උනේ නැහැ  හාල් පොල් ගන්ඩ ආව අය ළමයට කිරි පැකට් එකක් ගන්ඩ ආව අහිංසක මිනිස්සුත් අතුරු දහන් උනා.    

2 comments:

  1. ඇඟ කිළිපොලා යනවා ඇති තාමත් ඒ සිදුවීම් මතක් වෙන කොට නේද?

    ReplyDelete
  2. ඔව් පුතා දැනුත් බය හිතෙනවා, මං හිතන්නේ එතකොට ඔයාල පොඩි දරුවෝ.

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න