පෙන්සුයි දෙයියා හෙවත් පොලවට අදිපති
බඩ තඩි භූතයා
ඒ දෙදහස් පහ වසරේ
මුල භාගයයි.එම කාලයේ මම වියට්නාමයේ
බෙන් ටෙයා නගරයේ කර්මාන්ත ශාලාවක සේවය කලෙමි. සවස් වරුවේ වැඩ අවසන් වූ සැනින්
නවාතැනට ගොස් මිතුරෙකු සමග නගරයේ විසිතුරු බලන්නට යෑම මගේ දින චර්යාවක් විය.
නොදන්නා රටක් වීමත් යුද්දයේදී ඇමරිකන්
සොල්දාදුවන්ගේ බෙලිකපාගෙන ගිය මිනිසුන් සිටියා කියා අසා තිබීමත් මගේ කුතුහලය දෙගුණ
තෙගුණ කිරීමට සමත් විය. අප බොහෝවිට කරන්නේ පලතුරු බිම කඩයකට ගොස් අලුත් පලතුරු බිම
විදුරුවක රස බැලීමයි. පසුව නගරයේ ඇති පොත් කඩ කිහිපයට ගොඩවන්නේ බිත්ති සැරසිලි ලෙස
සැකසු අලංකාර චිත්‍ර බැලීමටයි.
කිබුල් ගොවිපොළක සත්තුන්ට කෑම දමන ආකාරය
“අතන තියෙන්නේ ඔරිජිනල් ෆුලේ(රුසියාවට වොඩ්කා සේ
වියට්නාමයට ෆුළේය ) කඩයක්,නයි වයින් තියෙනවා “ ඒ වියට්නාමය ගැන ලංකාවටත් වඩා හොදට
දන්නා මගේ මිත්‍රයාය.
“යමන් ඕවනේ බලන්ඩ ඕනෙ “ මම ඉස්සර උනෙමි.
එක පසෙක කුඩා නයි පැටවුන් පෙනය කරගෙන ඉන්න ආකාරයේ බෝතල්
රාශියකි. මෙයනම් මාර ආශ්චර්යයකි,මගේ මිතුරාට අනුව පන ඇති සතුන් බෝතල් තුලට දමා
පසුව අරක්කු පුරවයි, එවිට නයා මියයන්නේ පෙනය කරගෙනය, එහෙත් මියගිය පසු පෙනය
පුම්බගෙන සිටීම නම් පුදුමයට කරුණකි. එයට පහලින් ඊට තරමක් කුඩා බෝතල් වල ගෝනුස්සන්
දැමු බෝතලය. මියගිය සතුන් උවත් සමේ පැහැයේ වෙනසක් නැත.
“අන්ඩෝ , අන්ඩෝ සින්චව්" කඩේ සිටින මාමා හිතන්නේ අපි ඉන්දියන් කාරයෝ කියාය.
මගේ මිතුරා ඔහුට ලංකාව ගැන කියයි. ලොක්කාට එය මිටර් නොවන
පාටකි. නයි වයින් බිමෙන් කොන්දේ අමාරු, දණහිස් කැක්කුම් සමනය වේ. මිලි ලීටර් පහක
පමණ සාම්පල් දෙකක් මුදලාලි මහතා අප දෙදෙනාට පිරිනැමිය. අපි ඉස්තුති පුර්වකව එය
පිළිගත්තෙමු.
“එපා කියල නිකන් බෙල්ල කපාගන්නේ මොකටද නේ” !
බොහෝ නිවෙස් වල අරක්කු නිෂ්පාදනය කරත් ෆුලේ නම් ගමේ
නිපදවන නියම බඩු පමණක් විකුණන මෙම වෙළද සල බෙන් ටෙයා නගරයේ බොහෝ ප්‍රසිද්දය.
හාත්පස බැලු මට හෝචිමිං තුමාගේ රාමු කරන ලද පිංතුරයක්
මුදල් කවුන්ටරයට ඉහළින් තබා එයට හදුන් කූරු දල්වා ඇති අයුරු දැකගත හැකි විය.
කෙට්ටු සිරුරක් හා වයසක මුහුණක් ඇති මෙතුමාට ගරු කරන්නේ දෙවියෙකුට සේය. බොහෝ වයසක මිනිසුන් හෝචිමිං තුමා
මෙන් රැවුල වවයි.
මුදල් ගෙවන කවුන්ටරයට ආසන්නයේ බිම කුඩා පෙට්ටියක මේ බඩ
තඩි දෙයියා මම මුල් වරට දැක්කෙමි. තඩි බඩ හා මුහුණේ ඇති සිනහව මගේ මුවගටත්
නිතැතින්ම සිනහවක් ගෙන ආවේය. එයට ඉදිරියෙන් පළතුරු කිහිප වර්ගයක් හා අරක්කු දැමූ කුඩා විදුරුවකි. දැල්වී අවසන් වූ
සිගරුට්ටුවක් පළතුරු වට්ටියේය, හදුන්කූරු කිහිපයක් තවත් දැල්වෙමින් තිබිණ.කඩේ
මුදලාලිට අනුව මේ පොළවට අදිපති දෙවියෙකි.
මුදලාලිගෙන් සමුගත් අපි නගරයේ වූ උද්‍යානය
වෙත ආවෙමු. දකුණු වියට්නාමයේ විශාලම නගරයක් වුවත් කාර්,වෑන් දකින්නට ලැබෙන්නේ
කලාතුරකිනි. සියළුම දෙනාගේ වාහනය මෝටර් බයිසිකලයයි.(ක්ලච් නැති හා ස්කුටර් ආකාරය)බොහෝ
පාසල් සිසුන් හා සිසුවියන් ගමන් කරන්නේ බයිසිකල් වලිනි.
(Ben Tre – Park, google street view )
ඉහත රුපයේ දැක්වෙන්නේ බෙන් ටෙයා උද්‍යානයේ ඇති ප්‍රතිමා
කිහිපයකි. ඇමරිකාව හා කළ සටනේදී කාන්තාවන්ද යුද පෙරමුණට ගොස් ඇති අතර සටන් පෙරමුණට
ගිය කාන්තාවන්ට උපහාරයක් ලෙස මේ පිළිරුව ගොඩ නගා ඇති බව දැනගන්නට ලැබුණි. කන්තා
පිලිරුවට පිටුපසින් ඇති පොල් අත්ත නිරුපණය කරන්නේ ඔවුන් යුද්දයේදී විදි දුක්
ගැහැටයි. එය කැඩී ගිය පොල් කොළ වලින් පෙන්නුම් කරන බැව් මගේ මිතුරා පවසයි.
බොහෝ වියට්නාම් මිනිසුන් ඉතා මිත්‍රශීලී හා කරුණාවන්තය.
ලංකාවේ මෙන් නිලදරිවාදයෙන් හිස උදුම්මා ගත් මිනිසුන් නොදුටු වෙමි. කාන්තාවන්
පිරිමින් හා සමසමව රැකියා හා ව්‍යාපාර වල යෙදෙයි.බොහෝ පිරිමින් මත්පැන් කෙරෙහි
දැඩි ගිජු කමක් දක්වන අතර ව්‍යාපාර ක්ෂේත්රයේ කාන්තාවන් පෙරට ඒමට මෙම දුර්වල තාවය
හේතුවුවා විය හැකිය.
උඹට මාර ට්‍රැවල් එක්ස්පීරියන්ස් ගොඩක් නේ තියෙන්නේ :) වියට්නාමේ මොකෝ කලේ ?
ReplyDeleteස්තුතී ඔබට,
Deleteපොඩි රස්සාවක් කරා වියළි පොල් නිෂ්පාදනය කරන ආයතනයක....
හෝ චි මිං ගෙ ප්‍රිසන් ඩයරීස් පොත සිංහලට පරිවර්තනය කරල තියෙයි සිරගත නොවූ සිතුවිලි කියල.. හම්බුනොත් බලාන්..
ReplyDeleteඅර නයි අරක්කු බීවෙ නැද්ද ඉතිං
ඉස්තුති ඔත්තුවට,
Deleteමොකද නැත්තේ බිව්වා....
එහෙ ගිහිනුත් සුරාමේරයම තමයි හැක් හැක්
ReplyDeleteනැතුව...නැතුව....
Delete++++++++++++
ReplyDeleteපන පිටින් සර්පයෝ ගෙම්බෝ වගේ එවුන් වෙලදසල වල තියෙනවාලු. අපිට ඔනේ සතා පෙන්නුවාම ඌව රහ පිරි කෑම පිගානක් කරලා ඒ වෙලාවෙම කන්න ගන්නත් පුලුවන්ලු. එහෙම කඩයක්ට ගියේ නැද්ද, ලලියො ?
ReplyDeleteජයවේවා!!!
මාළු මාකට් එකේ පණපිටින් ගෙම්බෝ, මාළු,ඉබ්බෝ ඉන්නවා දැකල තියෙනවා. කෑමට හදල දෙන හෝටල් නම් දැක්කේ නෑ ...
Deleteනයි පොළොංගු ඉන්න බෝතලේක රහ බලන්න තාම බැරිවුනා බං.හරි ආසාවක් තියෙන්නෙ.
ReplyDeleteනයි බෝතලයක් හරි ගෝනුස්සෝ ඉන්න එකක් හරි ලංකාවට ගේන්ඩ හිටියේ, බෑග් චෙක් කරොත් කියල ගෙනාවේ නෑ ...
Deleteවෙනස් රසක් නම් නෑ ....
නයා මාක් බෝතලයක් මෙහාට ගේන එක ලේසි නෑ මම හිතන්නෙ.. ඒ උනාට දෙවැට පහල දේසීය බඩු බැරල් එකෙත් ඔය ගැරඬියෙක්,නයෙක් දාල පැසවීම රසවත් කරන බඩුම තමයි 'ලු' තියෙන්නෙ..
ReplyDeleteඋඹේ අත්දැකීම් ටික නම් මසුරන් වටී බොලේ..
ජයවේවා..!!
ස්තුතී ලබ්ස් ...
Deleteමං මේ නයි බෝතලයක් ටියු ට කියල ගෙන්නගන්නෝනෙ.
ReplyDeleteගිහිං බිව්වනම් තමා හොද, කැරෝකේ එකකට ගිහිං සින්දුවක් කියල, ඩාන්ස් එකක් දාල ....
Deleteයකෝ මේක කියවලා කවුරුහරි එකෙක් මෙහෙ හදයි 'නයිස්' කියලා එකක්, ගහපු ගමන් නයා වගේ ඇඹරි ඇඹරි යන්න.
ReplyDeleteබොහොම ලස්සනයි. තව විස්තර ලියන්න.
විස්තර නම් ගොඩයි, හෙමිහිට ලියන්නං .....
Deleteහම්මෝ නයිදාපුවා බොන්නේ කොහොමද , ඇග උඩ තිබුන ගොරක ගෙඩිය අරගන්න කොටත් නොකැ කොට ,, කොට්ටකිං අරං පැත්තකින් තිබ්බහමත් ගියා හිමිහිට එයා ගේ සයිස් පෙන්නගෙන මොකාද මේ පකා වගේ එකක් කියාගන
ReplyDeleteහෑ එහෙම සීන් එකක් උනාද, ඕක රහ කරලා පොස්ට් එකක් ලියහන්...
Deleteහම්මෝ නයිදාපුවා බොන්නේ කොහොමද , ඇග උඩ තිබුන ගොරක ගෙඩිය අරගන්න කොටත් නොකැ කොට ,, කොට්ටකිං අරං පැත්තකින් තිබ්බහමත් ගියා හිමිහිට එයා ගේ සයිස් පෙන්නගෙන මොකාද මේ පකා වගේ එකක් කියාගන
ReplyDeleteඅපූරුයි වියට්නාම විස්තරය...
ReplyDelete//ලංකාවේ මෙන් නිලදරිවාදයෙන් හිස උදුම්මා ගත් මිනිසුන් නොදුටු වෙමී//
ඒවා බලන්න නම් ශ්‍රී ලංකාවටම එන්න ඕනේ ලලිත්...
කථා කරලා වැඩක් නෑ ...
Deleteවියෙට්නාම් ජාතික පිරිමි වැඩි ප්‍රමාණයක් බීමට ඇබ්බැහිවීමට හේතුව අනිවාර්ය යුද හමුදා සේවය බව මාගේ වියෙට්නාම් ජාතික මිතුරියක් වරක් පැවසුවා මට මතකයි...... ඒ රටේ නිලධාරී වාදය අවම වීමටත් නීති ගරුක බව වැඩිවීමටත් එම අනිවාර්ය උද හමුදා සේවයම හේතුවක් විය හැකි බව මගේ හැගීමයි.
ReplyDeleteයුද සේවය අනිවාර්ය කරලා තියෙන්ඩ ඇත්තේ ඉස්සර යුද්දේ තිබුණ කාලේ වෙන්ඩ ඇති. මේ ගැන මගේ වියට්නාම් මිතුරන් කියල නෑ ...වැඩ පරික්ෂකලා, භාෂා පරිවර්තක එයාලගේ තාත්තල, නෑදෑයෝ එහෙම යුද්දෙට ගිය කථා කියල තියෙනවා. මම මේ ගැන අහල බලන්නම්..
Deleteලොකේ තියෙන සැරම මත්පැන් වලින් එකක් නේද ඕක.....සාම්පල් එකටම වැදුනේ නැද්ද....?
ReplyDeleteපිස්සුද මල්ලි කලවම් නොකර බොන්නේ,
Deleteගෙදර උණත් හදා ගන්ඩ පුළුවන්, ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුවෙන්ඩ මේකත් බලපානවා ඇති. වොඩ්කා වලට වඩා ගොඩක් සැර අඩුයි...
වියට් කෙල්ලක් (නර්ස් කෙනෙක්) එක්ක මාස හයක් විතර මම යාලු වෙලා හිටියා තායිලන්තයේ දී.. උන් හරි හොඳ ආදරනීය මිනිස්සු.. මට ඒ කෙල්ලව මතක් උනා මේක කියවලා..
ReplyDeleteහෑ.....ඈ....
Deleteමොකද යකෝ.. ගැරඬියෙක් දැක්ක වගේ.. හැක්.
Deleteකලනේ ...අම්මා ගායි....
Deleteඅටමෝ ඇයි අවුල්ද?
Deleteවියට් කෙල්ලක් (නර්ස් කෙනෙක්) එක්ක මාස හයක් විතර මම යාලු වෙලා හිටියා තායිලන්තයේ දී.. උන් හරි හොඳ ආදරනීය මිනිස්සු.. මට ඒ කෙල්ලව මතක් උනා මේක කියවලා............. කල්‍යාණ මිත්‍ර .... (
Deleteමටත් කියන්න තියෙන්නේ ඔයා කීව්ව දේ මයි. මම හිටියේ කොරියාවේ අවුරුදු 03ක් විතර.. හි හි හී.....)
බ්ලොග්කාරයෝ කීප දෙනෙකුම හිටියා වියට්නෑමයේ.
ReplyDeleteඇගළුම් ක්ෂේත්රයේ වැඩ කරන කෙනෙක් වියයුතුයි.එහෙදි හමුඋන ගොඩක් ශ්‍රී ලාංකිකයන් ඇගළුම් ක්ෂේත්රයට සම්බන්ද අය ...
ReplyDeleteඔය හැටි බොන්න එපා බොල
ReplyDelete