Monday 21 December 2015

ආරක්සක අංශ

ආරක්සක අංශ වල ඉන්නේ රණ විරුවන්ය, ඔවුන් දිවා රෑ නොබලා රට රැකුමට සැදී පැහැදී සිටිති, එවක මම මාරවිල  වෙරළාසන්න ප්‍රදේශයක රැකියාවෙහි නියලුනෙමි. දිනය මතක නැතත් එදින පල්ලියේ මංගල්ලය බැවින් මිත්‍රයෙකුගේ ගෙදරක පාටියකට ගොස් එන අතර සංගීතයක්ද බලා මැදියම් රැයත් පසුවී නිදා ගැනීමට සුදානම් ඌවා පමණි, බුට් සපත්තු හඩක් ඇසුණු නිසා කාමරයේ දොර ඇර බැලුවෙමි. 15ක් 20ක් පමණ බට පිරිසක් වෙරළ මාඉමේ ඇති ගේට්ටුවද ඇරගෙන ඇතුලට පැමිණෙමින් සිටියහ. බියර් වලට සිකරට් අළු දමා මත්වී ඇත්දයි මට සැකයක් ඇති විය.
ඇස් දෙක පිහිදල අයෙත් සැරයක් බැලුව, වෙරිමතට හින පේනවද කියල, මොන හීනද මේ එන්නේ පෙරහරේ යන අලි වගේ පුල් යුනිපෝම් ගහලා, රේන් කෝට්  දාල, මුර අංකල් ඉස්සරහ ගේට්ටු කාමරේ කරටි කැඩෙන්ට ගහල නිදි නිසාත් මුලින්ම තියන කාමරය මගෙ නිසාත් මටමයි වෙන්නේ.
මෙන්න මෙහෙමයි දෙබස ගියෙ
මුලින්ම මම කාමරේ කවුළු පියන්පත විවර කරා,
වෙරළ ආරස්සක බලකාය:- මල්ලි බල්ලා හපයි ද?
මම                               :- කීසා කම් හිය බෝයි *

* ඇල්ටෙසන් හා වල්ටේසන් බලු මව්පියට දාව උපන් මේ බලු තඩියා කුඩා කලසිටම ලොක්කාගේ ආදරය ලබා හැදී වැඩි සිටියා, විසේසත්වය වන්නේ ලොක්කා බල්ලාව අමතන්නේ ඉංගිරිසියෙන් වීමයි, බල්ලාට නම තබා ඇත්තේද ලොක්කාගේ හා ලොක්කිගේ නම්වල මුල අකුරු යෙදීමෙන්ය.
නැවතත් අපේ කතාවට
මල්ලි අපි කොරිඩෝර් එකේ ටිකක් හිටියට කමක් නැ නේද?
කමක් නැ
වැස්සක් ආව අද හුළගත් වැඩියි,
ඔවුන් කොරිඩෝවේ කෙටි බිත්තිය මත වාඩිවී මගේ ගම්පලාත ගැන ඇසුහ, නුවර කොල්ලෙක්නේ මම මාතර යයි අයෙක් පැවසීය, වැල්ලේ කෙල්ලන්ට එහෙම අහුවෙන්ඩ එපා තවෙකෙක් කීය.
පසුව දැන ගන්නට ලැබුණේ මොවුන් රාත්‍රී මුර සංචාර වල යෙදෙන බවයි.
රණවිරුවන් එලෙස රට රකිද්දී පුද්ගලික ආරක්සක අංශ තමා සේවය කරන ආයතනය ආරක්සා කරයි,මා  රත්මලානේ සේවය කරන කාලයේ යෝගරත්නම් නම් සිකියුරිටි මතක් උනත් සිනහ යන ජොලි චරිතයකි, වැඩ රාජකාරී අකුරටම කරත් රෑ 12-1වන විට නිදා ගැනීම ඔහුගේ සිරිතකි.
සෑම දෙනාම ඔහු ඇමතුවේ යෝගා යනුවෙනි. සුදු මහත අඩි 5.5 පමණ උස මොහු සෑම වෙලේම සිනහ මුහුණින් ගේට්ටුව අසළ ඇති කාමරයේ සිටියේය. දවසේ වාර්තාව ලිවීමේදී OIC ටත් වඩා කඩ්ඩ වැනුවේය,
එදින සෙනසුරාදා දවසකි, වරුවක වැඩ දවසක් උවත් නිෂ්පාදන කටයුතු සිදුවන නිසා සවස 4 පමණ වනතුරු රැදී සිටීම මගේ පුරුද්දකි. එදින සවස 3ට පමණ ලැබුණු දුර ඇමතුමකින් කියවුණේ නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගයක් රාත්‍රී පැමිණෙන නිසා ඒවා ගණන් බලා බාර ගන්නා ලෙසයි.
රාත්‍රී 9 පසුවූ විට බෝඩිමට යන අගුලාන ස්ටේසන් පාරේ බස් නැත. එමනිසා වැඩ පලේම රාත්‍රිය ගෙවා දැමීමට තීරණය කළෙමි. මදුරුවෝ ස්ව කැමැත්තෙන්ම මා අවදියෙන් තබයි. දැන් මෙන් අන්තර් ජාල පහසුකම් නොතිබූ එකල වින්ඩෝස් ගේම් වල ඇති කාර්ඩ් ගේම් හා බෝම්බ ගේම් සෙල්ලම් කිරීමෙන් වෙහෙසට පත්වූ මම ගේට්ටුව දෙසට ගියෙමි. එවිට වෙලාව උදැසන 1ට පමණ ඇත. යෝගා පරණ ලෑන්ඩ් මාස්ටරයක් ස්ටාර්ට් කරා සේ ගොරවමින්  පුටුවේ ඇලවී නින්දේය.
ඉක්මණින් ගොස් මැෂින් ඔපරේටර් වරයා වූ සමන් කැදවාගෙන ආ අපි ගේම් එක පටන් ගතිමු.
මෙකල මෙන් කැමරා ෆෝන් නොතිබූ එකල සමන්ගේ වගකීම යෝගාගේ ප්‍රතිචාරය උදැසන තේ වෙලාවේදී සැමටම රගදක්වා පෙන්වීමයි. මා පිටුපස ගේට්ටුවෙන් පාරට ගොස් යෝගා නිදාගෙන ඉන්නා  ප්‍රදාන ගේට්ටුව අසළට පැමිණ සිකුරිටි විසිටින් ඔපිසර් මෙන් කට හඩ වෙනස් කර '' IC යෝගා ගේට්ටුව අරින්න'' යි කීවෙම්.
සමන් උදැසන තේ වෙලාවේදී කියූ ආකාරයට යෝගාගේ ප්‍රතිචාරය මෙසේය.

එක පාරට ගැස්සිලා ඇහැරුණු යෝගා හදිස්සියට නැගිටින්ඩ ගිහිං පුටුව පල්ලෙ වැටුණ ඊට පස්සේ මුකුත් උනේ නැහැවගේ සිංදුවකුත් කියාගෙන ගේට්ටුව ඇරිය.  ඒත් ගේට්ටුව ගාව කව්රුත් හිටියේ නැහැ.

13 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. //IC යෝගා// නියම නම.......

    ReplyDelete
    Replies
    1. සිකුරිට් ඔපිසර් SO , ඒත් කථා කරන්නේ IC කියල.

      Delete
  3. ආරක්ෂක අංශවල රාත්‍රි සේවයේ යෙදන අය ගොඩක් වෙලාවට කරන්නේ නිදා ගන්න එක තමයි.නිදාගන්නවා නෙවෙයි නින්ද යනවා ඇත්තටම...

    ReplyDelete
    Replies
    1. හැමෝම පාන්දර 2,3 වෙනකොට අමාරුවෙන් ඇහැරිලා ඉන්නේ, ඒකනේ යුද්දේ තිබුණකාලේ ටෙරාල ඒ වෙලාවට ඇටක් කරේ.

      Delete
  4. කවුරු උනත් ඉතින් මනුස්සයෝනේ ඉතින්. ඔය නිදිමත වෙලාව ඉතින් කොහොම පන්නලා ඉන්නද?

    ReplyDelete
  5. යෝගව ඇහැරුව එකනම් පව් :P

    ReplyDelete
    Replies
    1. පුංචි විහිළුවක් කරේ, යෝගත් හොඳ විහිළු කාරයෙක්.

      Delete
  6. ඇහැරිලා ඉන්නේ මක්කටැයි? ඔය රෑ මොකා එන්නද?

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ඉන්දියාවෙන් ඇදුම් තවත් හොර බඩු ලංකාවට ගේනවා කියල ඒ පැත්තේ මිනිස්සු කියුවා.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න