Thursday 3 December 2015

රට පෙරට???


මාර රජ සේනාව හුදී ජනයා ප්‍රතික්ෂේප කළහ,
උතුරේද දකුණේද සැබැ වෙනසක් සදහා පිබිදීමක් ඇතිවිය, 
බියෙන් සැකයෙන් තොරව තම අදහස් ප්‍රකාසකිරීමට පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවිය,
ගෑස් හා තවත් භාණ්ඩ බොහෝ ගණනක මිල අඩුවිය,
පොහොර සදහා වූ බදූ අයින් කිරීමට යෝජනාවී ඇත,
මන්තිරි තුමන්ලාගේ හා පැයකට හාරපන්දාහක් සමහරු ඊටත් වඩා මුදල් උපයන 
දොස්තර මහත්වරු වර්ජනයට එලබී සිටී,


සමාජයම වෙනස් කිරීමට දගලන උගත් බුද්දිමත් මහත්වරුන්
මෙයට වඩා රට ජාතිය ගැන සිතිය යුතුයි නේද?
මේ නොකියා කියන්නේ රටට හෙණ ගැහුවත් අපිට කමක් නැත,
අපිට අපේ අයිතිවාසිකම් ඕනෙ කියා නොවේද?
නිදහස් අද්යාපනයේ වරප්ප්‍රසාද ලබා 
මහජන මුදලින් වෙදදුරන්වී මහජනයාටම මෙසේ කොකාපෙන්විමනම් 
රටේම කෙදවාචකයකි. 

15 comments:

  1. ! තමන්ගේ පටු අභිමතාර්තයන් වෙනුවෙන් අහිංසක රෝගීන්ගෙන් පලිගන්න වෛද්‍ය වරු ඉන්න ලෝකේ එකම රට ලංකාව වෙන්නැති

    ReplyDelete
    Replies
    1. පුතේ මේ කොටුද? නැත්නම් මගේ වයසට පේන හැටිද???

      Delete
    2. අදහසට එකඟ වෙනවා කියලා දැම්මෙ...

      Delete
    3. ඒකෙත් හැටි, අපේ කාලේ කොටු දැම්මේ බොලා වගේ පොඩිහිටියන්ට බලන්ට නරක දේවල් වලට,,!

      Delete
  2. Replies
    1. ඉන්දියාව කොච්චර දුප්පත් උනත් හොද සංවර්දනයක් තියනවා ඒත් ලංකාව?

      Delete
  3. වෛද්‍ය වෘතිය බින්දුවට වැටෙන්නෙ මේ වගේ දොස්තරල නිසා තමයි ලලිත් අයියා.

    මට නම් ඇත්තටම තියෙන්නෙ වෛද්‍යවරු ගැන කළකිරීමක්. ඒකට හේතුව අසරණ වෙච්ච මිනිස්සු බෙහෙත් ගන්න ආපුවම තමන්ගෙ සාක්කුටව තව කීයක් හරි වැඩිපුර ඔබා ගන්න ඒ මනුස්සයට එක එක ජාතියෙ ටෙස්ට් ලියල දෙන එක මං ඇස් දෙකෙන්ම දැක්ල තියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ලංකාව තව අවුරුදු 1000ක් ගියත් හදන්ඩ බැ. ආවට තැන්කු නංගී.

      Delete
  4. ගැලපෙන පිංතූරෙ ලලිත් අයියා..
    :)

    ReplyDelete
  5. ඕං අපේ සිවිල් සමාජය... මුං එක්කද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදෙට යන්නෙ අපි?

    ReplyDelete
    Replies
    1. මහ කණගාටුවක් ඇති වෙන්නේ, ස්තුති ආවට.

      Delete
  6. මොනා කරන්නද ලංකාවේ හැටිනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. Dinesh,
      රටනම් හදන්ඩ හම්බෙන්නේ නැ, අපිවත් හැදෙමු.

      Delete

හිතෙන දෙයක් කොටලයන්න