Monday 19 October 2015

ඔබ කවුද?

ඔබ කවුද?

ඔබ ගැන තෘප්තිමත්ද? ඔබ දැන් සිටින තැන ගැන ඔබ තෘප්තිමත්ද? ඔබගේ ජිවන තත්වය වැඩි දියුණු කර ගැනීමට ඔබ කැමතිද? නොකල හැක්කක් නොමැත. දිගටම කියවන්න.


ඔබ ඔබව හදුනනවාද? ඔබගේ හැකියාවන්,දක්ෂතාවයන්,ඒවගේම ඔබගේ දුර්වලතාවයන් ඔබ දන්නවාද? මදක් සිතා බලන්න.ඔබගේ අනාගත දියුණුවට එය ඉතාම වැදගත්,

ඔබගේ ආත්ම විශ්වාසය ගොඩ නගාගන්න.මිනිසෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ වයස අව්රුදු 03 පමණ දිය. ඔබගේ කුඩා දරුවා , ඔබගේ මතකයට එන කුඩා දරුවෙකුගේ චර්යාවන් මතක් කර බලන්න. ඔබ ගෙමිදුල අතුගාත්දී ඔඋනුත් ඔබට උදව්වට එනවා නේද? එහෙත් බොහෝවිට වැඩිහිටියන් කරන්නේ "ඔයාට බෑ පුතා එහාට වෙන්නකෝ" යනුවෙන් කියා ඔවුන් ව වැළැක්වීමයි. ඒ ඔබගේ ඇති වැඩි ආදරය,අනතුරක් කරගනී යන බිය නිසාය. කල යුත්තේ දරුවාත් යම් කාර්යයකට හවුල් කරගෙන ඔහුව හොදින් නිරීක්ෂණය කිරීමයි. එමගින් ඔහුගේ ආත්ම විශ්වාසය වර්ධනය වේ.

එදිනෙදා ජිවිතයේදී ඔබ වැඩ කරන්නේ ඔබට පුළුවන් උපරිම ශක්තියෙන්ද? නැත්නම් සාමාන්‍ය ආකාරයෙන්ද? අප සෑම විටම කැමති වඩා පහසු ආකාරයට වැඩ කිරීමටයි. ටිකක් හිතල බලන්න.



මුලින්ම ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් හදුනාගන්න. ඒවා වැඩි දියුණු කරගන්න.
දැන් ඔබගේ දුර්වලතාවයන් සිහිකරන්න. ඒවා මගහැරගැනීමට කටයුතු කරන්න.

ඔබගේ අනාගතය වැඩිදියුණු කරගැනීමට සාර්ථක කරගැනීමට ඇති අවස්ථා ගැන සොයා බලන්න. එය නව ව්‍යාපාරයක් ඇරභීම රැකියාවේ උසස්වීමක් විය හැක.
ඒවගේම ඔබට ඇතිවියහැකි භාදා ගැටළු ගැනත් සැලකිලිමත්වීම වැදගත්. විශේෂයෙන්ම පැවසිය යුතු කාරණය වන්නේ ගැටළුවක් අභියෝගයක් ලෙස සලකා එයට මුහුණ දීමයි.

ඔබගේ කාර්යාලයේදී,නිවසේදී  ඔබ කොහොමද වැඩ කරන්නේ? තව ටිකක් පලදායක ලෙස යමක් කළ හැකියි නේද? අපි කුඩා  වෙළද සැලක් හිමිකරුවෙක් ගමු. ඔබගේ වෙළද සැල උදැසන කීයටද විවුර්ත කරන්නේ,සවස කීය වෙනතුරු ඔබ එහි රැදී සිටිනවාද? නිවාඩු දිනවල ඔබගේ වෙළද සැල ව්‍යුර්තව තබනවාද? ලංකාවේ බොහෝ නිවාඩු දිනවල කඩ සාප්පු වසා ඇත. එහෙත් වැඩ කරන දිනයකට වඩා නිවාඩු දිනවල පාරිභෝගිකයාගේ පැමිණීම වැඩි විය හැක. වෙනසක් කර බලන්න. එය පලදායක විය හැක.

ලෝක පූජිත බොක්ෂින් ශුරයෙකු වූ මොහොමඩ් අලී පවසා ඇත්තේ තමා වැඩි අවධානයක් යොමු කරන්නේ පහරදීමට වඩා ප්‍රතිවාදියාගේ පහරකා බිම වැටී සිටිනවිට නැවත නැගිට පහරදෙන ආකාරය ගැන බවයි. පරාජයෙන් පලා නොගොස් ශක්තිමත්ව නැගී සිටින්න ඔබට ජය නියතයි.

2 comments:

හිතෙන දෙයක් කොටලයන්න