Friday 2 October 2015

ටිකක් හිතමු

නෙගටිව් විදියට හිතන අය එක්ක ඉන්නකොට අපිත් නෙගටිව් වෙනවලු. ඒක නිසා අද මම පුල් පොසිටිව් පොස්ට් එකක් ලියනවා. හෙහ් හෙහ්.... අපි ඉන්නේ හෙන කාන්තාරෙක කියල මේක කියවන අය නොදන්නවා ඇති.එක තමයි ඇත්ත.හරියටම කිඋවොත් සෞදි අරාබියේ ජෙඩා නගරයට කිලෝමීටර් දෙසීයක් විතර ඇතින් . සමහර කාලවලට මෙහෙ උෂ්නත්වය සෙන්ට්රිගෙඩ්  50 විතර වෙනවා. ලංකාවෙදි උෂ්නත්වය සෙන්ට්රිගෙඩ්30ට වැඩි උනහම අපිට කොච්චර අමාරුද? මෙහෙ ගොඩනැගිලි හදන මිනිස්සු දවාලට වැඩ කරද්දී දැනෙන රස්නය මොනවගේ ඇත්ද කියල ඔයාලට පොඩි අදහසක් ඇති කියල මට හිතෙනවා. ආසියාවේ හැමරටකම අය  මෙහෙ වැඩ කරනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ,නේපාලයේ,පකිස්ථානයේ,බංගලාදෙසයේ, පිලිපීනයේ වගේම මගේ හිතවත් වියට්නාම් ජාතික අයත් ඉන්නවා. වියට්නාම් ජාතිකයන් විසේසයෙන් මතක්කලේ මම ඔවුන්ගේ බාසාවෙන් කථාකරන නිසා ඔවුන් මගේ මිතුරන් වී ඇති නිසයි. බොහෝ අය වියට්නාම් ජාතිකයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නොයෙකුත් අබුත  කථා ඔවුන් හා ගෙතී ඇති නිසයි. සමහරු ඔවුන් මිනීමස් කන මැලේච්ච පිරිසක් ලෙස හදුන්වනවා.
මෙයට හෙතුවියහැක්කේ වසර ගණනක යුද්දයක් නිසා මොවුන්ගේ ආහාර රටාව හා ආහාර වර්ග වෙනස් වී තිබීමයි. ගෙම්බාගේ සිට කුරුල්ලන් බල්ලන් හා පුසන් උවත් සමහරු කෑමට පැකිලෙන්නේ නැහැ. ඒක ගැන වෙන දවසක ලියන්නම්.

 අපි මුල කථාවට එමු. ලංකාවේ අපිට මල් පෝචිචියක හරි බටු පැලයක් ,මිරිස් පැලයක් හදාගන්ඩ පුළුවන්. හැබැයි අපිට රටේ නැති නිදහසට කරුනු දහසක් විතර ඔලුවට එනවා. ගෙදර ඉන්න අයට අම්මො අපිට තියන වැඩ කියයි. ජොබ් එකක් කරන අයට වැඩ කරලා මහන්සිවෙලා ඔවට වෙලාවක් නැ කියයි.


මෙ පුද්ගලයත් ඉර අව්වෙ උදෙ ඉදන් වැඩ කරල අැව්ත් තමයි මෙ ලස්සන ගෙවත්ත හදාගෙන තියන්නෙ. මෙරටේ පරිසර උෂ්ණත්වය 48-50 C වෙන කාලයකුත් තියනවා. බලන්ඩ කොයි තරම් කැප කිරිමක් කරල තියෙනවද කියලා. මෙතන කුකුලොත් කීපදෙනෙක්ම ඉන්නවා, මගෙ කාමරෙට (මෙහෙ කියන්නේ කැබ්න් කියල​, මෙ කැබින් පිට්න් බලත්දි කන්ටෙනර් පෙට්ටි වගෙ පෙනුනත් අැත්තටම එ්ව හදල තියෙන්නෙ පිටින් අමානො තහඩු ගහල අතුලෙන් ලෑලි ගහල​, වායු සමිකරනයකුත් සවිකරල තියනවා.) කාමර දෙකකට මෙහායින් තමයි තියන්නෙ, උදෙට කුකුලෙක් කෑගහනකොට පොඩි ගතියක් දැනෙනව​,

6 comments:

  1. ෆ්‍රිශියන් මූරා2 October 2015 at 02:25

    උෂ්ණත්වය 48-50 C දී දවසට කිරි ලීටර් 40-45 ක් ගන්න කිරි දෙනුන් ඉන්නෙත් සෞදි අරාබියේ කාන්තාරයේම තමා.
    (Almarai Al Badiah farm in Saudi Arabia)
    ලංකාවේ කිරි දෙනුන්ට කිරි අඩු, පශු සම්පත් අමාත්‍යංශ නිලධාරින්ට(රජයේ හරක්ට) පට්ටි දැමිමට සදහා ගමන්කිරීමට BMW කිහිපයක් හිඟවීමලූ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පට්ට කථාව.

      Delete
  2. ඒක තමා අැත්ත... අපිට තියෙන දේ කවදාවත් අපිට තේරෙන්නැ... ඒක නැති වුණාම තමා තිබුණානම් අපිත් මේවා කරනවා කියලා හිතෙන්නේ

    ReplyDelete
  3. ඇත්ත, අපට තියෙන දෙයින් ප්‍රයෝජන ගන්නවා හොදටම මදි...

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න