Tuesday 15 September 2015

ලංකාවට කෝල් එකක්!


                                                                  (පොටෝඑක ගත්තේ මෙතනින් clipatrof.com ) හැමදෙයකම වැරදි දකින්න එපා යැයි ඔබට කිවහැක. එහෙත් මට හැගෙන දෙය මෙසෙ අකුරු කරමි.
දින කිහිපයකට පෙර මූහුනු පොතේ ජනප්රියවු විඩියොවක් දැක්කෙමි. සමහරවිට ඔබ දැනටමත් මෙය නරඹා අතැයි සිතමි. රටරැකියාවකට ගොස් සිටින කාන්තාවක් තම සැමියාට දුරකථනයකින් අමතයි.අැයට අවශ‍යව ඇත්තේ මුදල් එවු අංකය තම සැමියාට පැවසීමයි.
මෙහිදී ඇය අවේගශිලිව  කථා කරන අතර අසබ්ය වචනද ඒ අතර වේ.
සමහරක් ලාංකික  මිනිසුන් හා ගැහැණුන් වෙනරටකදී අසබ්ය වචනයෙන් කථා කිරීම විලාසිතාවක්, විහිළුවක් ලෙස සළකයි.  අසබ්ය වචනකියා ළමයින් නැලවූ   ගෘහ සේවිකාවක් ගැන ඔබ අසා ඇති.
කෙසේ වෙතත් මෙම වීඩ්යෝ ව  අවසානයේදී මෙය පටිගත කරන්නා (මෙහි දෙදෙනෙකුගේ කටහඩ ඇසෙයි.) කථා කරන්නේ දෙමළ භාෂාවෙනි.මොඋන් නිසැකවම ලාංකික දෙමළ ජාතිකයින් විය යුතුය. මෙම කාන්තාවට ගරහා කොමන්ට් දමනු විනා මෙය ප්‍රසිද්ද කිරීමට හේතු සොයා බැලීමට කිසිවෙක් උත්සාහ කර ඇත්ද?


3 comments:

  1. ඒ කතාවනම් ඇත්ත.. හාස්‍යට ඒක බැළුවට ඒකේ තියෙන්නේ ඒ මනුස්සයගේ අසරණකම..

    ReplyDelete
  2. ගොන් ආතල් ගන්න මානසික ලෙඩ්ඩු තවම ඉන්නවා.....

    ReplyDelete
  3. Dinesh, බණ්ඩා ඇවිත් ගියාට ස් තූ තී .

    ReplyDelete

හිතෙන දෙයක් කොටලයන්න