Wednesday 27 May 2015

අම්මා

 නෙතින් නිසල සිතින් සසල 
අප රකිනා පෙමිනා 
සියක් ගැහැට නෙක වියවුල් 
නිම්මා නැත අම්මා 
පහන් සිතින් සිත් දිරියෙන් 
පෙරටම යන පෙම්මා 
නොපෙනෙන දෙවියන් කුමටද 
අප දෙවියන් අම්මා 

නෙක බාධක නොපණත්කම් 
සෙනෙහෙ සිතින් ඉවසා 
සැම බාදක ජයගන්නට 
මගපෙන්නුවේ අම්මා 
දොස් දුරුවී ගත සවිවී 
ආයු වැඩි නිම්මා 
සැමදා ඔබෙ සෙවන පතමි 

ආදර මගෙ අම්මා 

No comments:

Post a Comment

හිතෙන දෙයක් කොටලයන්න