පැහැපත් සිහින්සිරුරක් (පිට ලෑලි සලකා බලනු නොලැබේ)
ඒවගේම සික්ස් පැක් ඌරු පිටක් ඇති අයද අදාළ නැත.කොට මොඩල්ද සලකා නොබලන බැව්
කරුණාවෙන් සලකන්න. හැමදාම බෝඩිමේ කෑම කෑමට අපහසු බැවින් රසට කෑම සැදීමට හැකි
විය යුතු අතර නිවසක් හිමිනම් වඩාත් සුදුසුය. කේන්දර අනවශ්‍යයි, වෙද වාර්තාවක් අවශ්‍යයි.(පාරම්පරික
ලෙඩ රෝග ඇති අය නුසුදුස්සන් සේ සලකමි) ආගම පස්නයක් නැත, ප්‍රශ්නයක් වන්නේ රටේ
ඇති සියළුම ගස් ගල් හා පල්ලි,කෝවිල් හෝ දේවල ගානේ යන ගතානුගතික ජීවියෙක් වීමයි. වැද්දියක්
සේ දනිස්සට දිග කොණ්ඩයක් නොතිබුණාට
ගැටළුවක් නැත.
මෙන්න මෙහෙම දැන්වීමක් ප්‍රචාරය කරාලු (සාක්කි නැත) වසර
29 -32 දක්වා, පව් නේ, දැන් ඔහොම තරගය ඉදිරියට යනකොට අනවශ්‍ය පන්දු මගහැරීමට අවශ්‍ය
වන විට ගහන ආරක්ෂාකාරී පහර “ කලිසං අදිනවද”(ගම්වල ගැල්ලමයි ගොඩදෙනෙක් කලිසන්
අදින්නේ නෑ.....කලිසන් අදිනවා කිව්වොත් “මුහුදේ පිනන්ඩ දන්නවද” උත්තරේ නෑ.ඒ
කතන්දරේ එතැනින් ඉවරයි.
ඔන්න ඔහොම කාලය ගතවුනාලු. එකමත් එක දවසක එකමත් එක
පරීක්ෂණාගාරයකට කෝල් එකක් ආවලු.
“අපිට **** කෙමිකල් එක
0.004 ග්‍රෑම් වලට කිරා ගන්ඩ පුළුවන්ද? තුන්දෙනෙක්ගෙ වැඩ තනියම කරලා තව පිට
වැඩත් කරපංකෝ කියල පිපිච්ච මල අතේ තියාගෙන අනික් පැත්තෙන් උත්තරේ දුන්නලු මෙහෙම.
“මේ ගානට කිරන්ඩ තරාදියක් තියෙනවා, කිරන හැටි කියල
දෙන්ඩත් පුළුවන් තේරෙන කෙනෙකුට කෙමිකල් බෝතලෙත් අරං එන්ඩ කියන්ඩ”
ටික වෙලාවකින් “ඇස්කූස් මි” කියාගෙන කළු කොට තාර
පිප්පයක් වගේ ගැල්ලමයෙක්.......පිච්චු නම් කෙලින්ඩ එපා...... සින්ඩරෙල්ල වගේ ලස්සන
, සුන්දර,අවිහිංසක,ගුණයහපත්, කාරුණික ළදක් පරීක්ෂණාගාරයේ දොරෙන් ඇතුලට ආවලු......
ට්‍රේනින් කරන්ඩ කළින් ඉන්ටවිව් කරලා ඉන්ඩ එපැයි, ඉතිං
එහෙම කරාලු. පරික්ෂනාගාරයේ ටයිල් කැට දිහා බලාගෙන, ටයිල් කැට කකුළෙන් හාර හාර සාන්ත දාන්තව උත්තර දුන්නලු. ඉන්ටව් එක ඉහළින්ම
පාස් උනාලු.
කොහොමින් කොහොම හරි කෙමිකල් කිරන වැඩෙනුත් බාගයක්ම
ඉන්ටව් කරපු කෙනා කරලා දුන්නයි කියන්නේ...
දැන් ක්‍රීඩකයා උඩ පන්දුව දෙසම නෙත් නොහෙලා කට ඇරන් බලන්
ඉන්නවලු. ඔහොම ටික දවසක් ගියාලු. දවසක් උදේ වරුවේ තේබොන වෙලාවට වගේ අර ගැල්ලමයයි
තව කෙනෙකුයි පරික්ෂනාගාරයට ආවලු කාටද අසනීපයි කියල බලන්ඩ, නිකම්මත් නෙවෙයි බිස්කට්
පැකට් එකකුත් අරං.
“ලෙඩෙක් නැතුව ලෙඩ බලන්ඩ ඇවිත්” මෙතන පැහැදිළිවම කවුරු
හරි ලණුවක් දී ඇති ආකාරයකි. ඒ අස්සේ
බිස්කට් පැකට් එක තිබුණු කවරෙ ඇතුළේ සෙනෙහෙ කොළයකි.
“අයියේ අපි දෙදෙනාට දුර ගමනක් යාමට හැකිවෙතැයි මට සිතේ”
ඔහොමත් වාක්කියක් ලියල තිබුනලු..
එකපාරටම මේක කරපු එකා මීටර් නොවුණේ එකට වැඩ කරපු උන්ගේ
අත් අකුරු නොවන නිසාය, ඒත් පැය කිහිපයකින් බඩු මාට්ටුය.
“මම උදව්වක්නේ කරන්ඩ හැදුවේ” හක්ක පන්නන්ඩ හදන කොට මේකා
කියන්නේ එසේය. කෙසේ වෙතත් පිළිබද සිතක් ඇතිවීමට මේ නාඩගම්ද හේතු බුත උනාලු...පසුව
මේ පාප මිත්රතෙමේ මාගේ චපෝටරයා (චර පුරුෂයා හා සපෝටර් ) බවටත් පත්විය.
පරීක්ෂණාගාරයට පැවරී තිබුණු (බොහෝ වෙලාවට ඇණයක් වන)
අවසන් නිපැයුම් පරික්ෂාව තනිකරම පවරාගෙන සියළුම කුණු ගොඩවල් කරට ගත්තේ ප්‍රියම්බිකාව දැක ගැනීමේ
හැකියාව ඇති බැවිණි.....
සියල්ල හොදින් පතාගෙන ආ විදියට සිදුවිය. හොස්ස ළගින්
මැස්සෙක් ගියත් මල පනින ගෙම්බෙකුට දෙවෙනි
මවක් වැනි සුන්දර ලලනාවක් ආදර බර බිරිදක් ලැබීම කොපමණ වාසනාවක්ද...
ඇනිවසරියද?
ReplyDeleteඇනිවසරිය මාර්තු මාසේ...තැන්කූ අයියන්ඩි...
Deleteඒකනේ මං සඳාටත් කිව්වේ, සයන්ස් ඇන්ඩ් රෝමෑන්ස් යන්නේ එක ලඟින් කියල...දැන් බැලුවම ලලිත්ටත් එහෙමයි වගේ නේද....
ReplyDeleteඅනිවා..ස්තුතී පොකුරු වැහි..
Deleteවාසනාවන්, වාසනාවන්.
ReplyDeleteජයවේවා!!!
ස්තුතී ඔබටත් ජය...
Deleteලලිත් අයියගේ දුක්බර කතාවට.....:D:D
ReplyDeleteදුක උතුරා ගලා යනවා...හිකිස්...
Deleteඅන්නේකයි කියන්නෙ... කොංක්‍රීට් බංකරේක හැංගිලා හිටියත් කල කම් පලදෙනවා කියලා.. හෙහ් හෙහ්... උණුසුම් සුභපැතුම් වේවා..!
ReplyDeleteජයවේවා..!!
ස්තුති ලබ්ස් , වෙන්ඩ තියෙන දෙයක් වලක් වන්ඩ බෑ කියනවනේ..හා හා...
Deleteසුභ පැතුම්
ReplyDeleteස්තුතී ඔබට...
Deleteඇඩ්රස් නෑ :D
ReplyDeleteඇඩ්රස් ලොවෙත් නෑ ...හිකිස්...
Deleteඅර සින්දුවාට කියලා මෙතනට දාගනින්, ෆ්‍රෙඩී සිල්වාගේ, 'ටිකිරි කිරිල්ලියො සමග ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා' කියන සින්දුව.
ReplyDeleteහඃ හා...ස්තුති විචාරක තුමෝ....
Deleteඅපෙනුත් සුබ පැතුම්....!!! කොහෙ හිටියත්ඉතිං පතාගෙන ආපුවා ඔතාගෙන යන්නම වෙනවනේ............
ReplyDeleteඅන්නේකයි... සුබ පැතුම්
ReplyDeleteලලිත් අය්යගෙ ප්‍රේම කතාව ^_^
ReplyDelete