Thursday 30 April 2015

මටම වෙලා






කොට් බැය කරේ දානවා
පාන්දරින් මං වැඩ පටං ගන්නවා
පෙට්‍රි දීසි ස්ටේරලිස්ද, ටෙස්ට් ටිව්බ් කෝ
උදේට වොශින්ග් උන්ගේ මමී මතක් වෙනවා
අව්ලක් නැ අපි හැමෝම මිනිස්සුනේ
ලොක්කිගේ මනුස්සකම එලියට එනවා,
මම බැන බැන එන්ටෙරෝ ගනිනවා
සැල්මොනෙල්ල හිනා වෙනවා,
ඉකෝලි කෝචෝක් කරනවා
අම්මප මට තද වොනොතින්
ඔක්කම සාම්පල් පෛල් කරනවා
මොන පිස්සුද ඔක්කම???
ඔක්කම iso මෙතඩ් එකටම දෙනවා 
දස වසක් ගෙඋනා
බෙරෙ පලුවත්, නටපු නැටුමක්
නැතය් මට හැගුනා
ජොනී වෝකර් සමග

සිත දුරක ඇදුනා!!!

Sunday 26 April 2015

ලබන ආත්මය













ජනප්‍රිය වෙබ් අඩවියක හිට් වූ පුවතක් දැක මෙය කොටන්නට සිත් විය. ඇත්තටම ලබන ආත්මයක් ඇතිද? දෑත් පටලාගෙන සියදිවි නසාගෙන ලබන ආත්මයේ එක්විය හැකිද?



13 වසරේදී ෆිසික්ස් වහවූ නිසා ඒ පීරියඩ් එකට පිට්ටනිය හරහා ගොස් මහජන පුස්තකාලයට යාමේ හොද පුරුද්දක් එකල මට තිබුණි.එහිදී 'අම්මා ගෙන් පටන් ගෙන රුසියන් කෙටි කථා කෙයවිමෙන් අනතුරුව මහාචාර්ය A T කොවුර් ගේ 'දෙවියෝ හා බුතයෝ කෙයවිමෙන් පසු බෝඋතික වාදය ගැන අල්ප මාත්‍රයක දැනුමක් ලබාගතිමි.එහෙත් ඉපදුණුද සිට සිතට වැටී ඇති කරුණු සේදී ගොස් නැත.



කෙසේ වෙතත් අසන්නට දකින්නට ලැබෙන ආකාරයට ලබන ආත්මයක් හෝ අපායක් තිබිය නොහැක. එසේ නැත්නම් මොඋන් අපායේ රජු සමග ඩිල් දමාගෙන ඇත, නැත්නම් මෙතරම් පොදු දේපල හොරා කෑමට යන්නේවත් කුඩා දරුවන් අපහරණය කරන්නේවත්,හැදු වැඩු අම්මා තාත්තා කපා  කොටා මරා දමන්නේ වත්, අවවාදයට වඩා ආදර්ශය උතුම් යි කිඋව් බුදුන්ගේ අනුගාමිකයන් බල්ලන් මෙන් පාරේ  (හැසි)  රෙන්නේ වත්  නැත.

සැමට තෙරුවන් සරණ වේවා , ජේසු පිහිටයි !

Friday 24 April 2015

සහ ⍏ උදරයෝ සහ ගොනිබිල්ලෝ

මේකත් මගේම දැකීමක් තමයි හැබැයි ඉස්කෝලේ කාලෙ විත්තියක්.ඒ කාලේ සහ උදරයෝ (සහෝදරයෝ),කහ බළල්ලු, කොළ බළල්ලු එහෙම ලංකාවේ හිටිය කාලයක්.තාත්තට නිවාඩු ගන්ඩ බැරිඋන නිසාත්,දැන් වගේ හෑන්ඩ් ෆෝන් බහුල නැති නිසාත්  කලින්ම මාමට කියා තිබුණු නිසාත් තාත්තගේ අඩුව පිරවීමට මට සිදුඋනා. අඩුව පුරවනවා කිඋවට මම පස්වනක් පිරිතියෙන් මාමත් සමග යාමට සුදානම් උනා. කියන්ඩ බැරිඋනානේ එතකොට මම 10 වසරේ හැබයි 9 වසරේ කොල්ලෙක් තරම් වත් පෙනුම නැ.
උදේ ඉස්කෝලේ ගමනත් නවත්තල මමය් මාමඉ ටව්මට බය්සිකල් පදිනවා. මට කලින් කොටන්ඩ අමතක උනානේ මේ ගමනට මම වැඩිපුර කැමති උනේ මාමත් එක්ක හරි හරියට සය්කල් රේස් යන්ඩ පුළුවන් නිසා, මෙහෙම යනකොට එක තැනකදී පාර කැළණි ගඟ ළගින්ම යනවා,බස්එකේ යනකොට වගේ නෙවි දැන් ගගට ගෙහින් මුණ  හෝදගෙන එන්ඩත් පුළුවන්,
එමින්ගමන් ගගට යන් කියල කියපු නිසා මම තව ටිකක් වේගයෙන් පැද්ද, ඔන්න දැන් අපි ටව්මටත් අවා කියමුකෝ, මෙන්න යකෝ කොටි ගහලද කොටි ගහයි කියලද දන්නේ නැ.

දේශප්‍රේමින් වැරදුනා රණවිරුවෝ ට්‍රක් දෙකකින් ඇවිත් කොල්ලෝ ගෙනියන්ඩ, දන්කාලේ අය නොදන්නවා උනාට,අමතක කලාට මෙහෙම අරන් ගිය කොල්ලෝ අයෙත් ආවේ නැහැ. සම හරක්ට දැන් ඒවා මතක  නැහැ, අපි දෙන්නත් දැන් පෝලිමට ගාල් උනා, මාමා කෙයපු කතාව අදත් මට මතකයි, "පුතේ මාව  අල්ලා ගත්තොත් මාළු කඩේ කළු මල්ලිට කියන්ඩ" මෙයා තමයි අපි දන්නා කෙනෙක් හිටියේ,




 ඒ කාලේ අතුරුදහන් කරන්ඩ හේතු ඕනේ නැහැ, ඔන්න  පෝලිමේ යනවා ඉස්සරහින් ඉන්නවා ගෝනිබිල්ලෙක් ඒ කියන්නේ මුළු ඇගම වහගත්තු මනුස්සයෙක් ( ගොඩක් වෙලාවට ගමේ ග්‍රාමසේවක නැත්නම් පවතින ආණ්ඩුවේ ප්‍රාදේශීය නියෝජිතයෙක්) එයාලගම ඉන්නවා  හමුදා කාරයෙක්(දැන් කියන්නේ රට බේරාගත් රණවිරුවෝ) අර බිල්ලා තමන් ඉස්සරහින් යන මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා ඉස්සරහ ඉන්න මනුස්සයා දිහා බලලා අපහු හමුදාකාරය දිහබැලුවොත් ඉ මනුස්සයා ගෙනිහින් ට්‍රක් එකට දාගන්නවා එහෙම ගෙනියන අය අයේ දකින්ඩ හම්බවෙන්නේ නැහැ.
ඔන්න දැන් අපි ගොනිබිල්ල ගාවට ආව බිල්ල හෙලවුනෙවත් නැහැ හැබැයි රණවිරුවා කතාකලා "තමුන්ලගේ ගමේ සහෝදරයෝ එහෙම ඉන්නවද ) කියන්ඩ ගොඩක් දේ තිබුනත් මාම අපිට නෙවෙයි වගේ අඩිය ඉක්මන් කලා.

එදා අපිවනම් ට්‍රක් එකට දාගත්තේ නැහැ, එහෙම කලානම් අදමේ බ්ලොග්ගල කොටන්ඩ මම ඉතුරු වෙන්නෙත් නැහැ. ඒත් හැමෝම වාසනාවන්ත උනේ නැහැ  හාල් පොල් ගන්ඩ ආව අය ළමයට කිරි පැකට් එකක් ගන්ඩ ආව අහිංසක මිනිස්සුත් අතුරු දහන් උනා.    

Monday 20 April 2015

katu galavana meuva eka

ඔන්න එදත් මම මගේ වෙලාවෙන් ඔපීසිය පැත්තට එනවා කියමුකෝ, යකෝ මෙන්න ලොක්ක මෙන්න මේවගේ ලොරිමුනක් දාගෙන ඉන්නව, සුරතලිත් මුණ නිකන් මේකප් කරලා නෑවගේ බලාගට්ටු අත බලා ඉන්නව ,ඇසිටෝන් කාරය (production අසිස්ටන් ) හරියට පැයගනක් ලඉඑන් එක brakdawn වෙලා වගේ තට්ටේ අතගානවා, ඉතාම භයංකර හීනයක්ද මේ උදාසනේ කියල මන්තුමා පාදයක් පෙරට තබා ආරක්ෂා කරිපහරකට ගියා. උදේ පාන්දරම බෙදාගෙන කන්ඩ ඕනේ නැනේ.සුබ අනාගතයක් වැරදුනා සුබ උදැසනක් කෙයල කෙඋවට නිකන් වගේ වගක් නැ. කෝකටත් කියල

    මේ අපේ සෙකටරි  නෙවෙ  

                                          
ගියා සෙකටරි ළගට මොකද මෙයා මුළු ලෝකෙම කතන්දර දන්නවනේ, අනේ බලන්ඩකෝ අපේ අරයගෙ ඇගිල්ලේ අර මෙඋව එකක් ඇනිලා අනේ, උදේ ඉදන් මූඩ් ගහල, ඔය ගාව නැද්ද අනේ අරව ගලවන මෙඋව එකක්, කතන්දරේ අහගන්ඩ ගෙයම මෙයා හරස් පද ප්‍රෙහෙලිකාවක් දානවා.
මෙයා කතාකරනවා නෙවේ නලවනවා ගස්සනවා පද්දනවා කෝකටත් කියල මම ලොක්කගේ රූම් අකට එබුන,ගලේ ස්ටෙප්ලර් පින් ගලවන එකක් තියනවද? මගේ ඇගිල්ලත් තුවාල උනා. ලොක්ක ඇගිල්ලට ප්ලාස්ටෙරකුත් ගහගෙන.ස්ටේප්ලරේ පස්සපෙත්තේ ටෙයන කෑල්ලෙන් ට්‍රේ කරානම් ඕක ගැලව ගතහැකි නේ කියල මම ලොක්කට කිඋවා . මෑන්ට කටු ගලවන ගැජෙට් එකක්ම ඕනෙලු,ඒවෙනකොට මන්තුමා ඔය පහලින් දල තියන ඒ ජාතියේ එකක් දැකලවත් උවමනා වෙලාවත් තිබුනේ නැහැ.

Thursday 16 April 2015

sinhalabloggala

සිංහල බ්ලොග්ගල 

පටාන් ගැනීමේ අවස්ථාව 


සිංහල බ්ලොගයක්  ලියන්ඩ කියා පෙරුම්පුරා බලා සිටියමිය ,සිංහල කොටනවා කියන්නෙත් ලෙහෙසි පහසු වැඩක් නොවේය. අනික් අතට නිර්මාණයක් ඒ කියන්නේ creative වැඩක් දිය යුතුය.මෙවැනිම දෙයක් මීට අවරුදු බර ගානකට පෙර මන්තුමාට  සිද්ද විය.එදා මෙතුමා සින්දු තුනක්,කෙටි නවකතාවක් ලියා ගීතයක් ගයනාකර පෙන්වීය.ඒ එදාය,මේ මෙදාය.හිත ඇත්නම් අරක කුඩාද (පත ) පැරණි කියමනකි,



 කලනොහක්කක් නොමැත.ඒක හමුදා කියමනකි හමුදවාගෙන කෙයනවිට මතක් වන්නේ වැරැද්ද එම වැරැද්දම කර හදා ගතහැකි එකම කිරියාව ඇත්තේ මෙහිය.ඕක මහලොකු දෙයක් නෙවිය.එත් වැරැද්ද වරද්දෙන්ම හදාගතහැකි එකම ටන මෙතැන පමණකි.ඒ වෙඩි තැබීමේ දීය.ඉලක්කයට උඩින් උණ්ඩය වැදුනොත් තුවක්කු කද ඉස්සිය යුතුය. එවිට ගිනි කධයාගේ බටය පහත්වී ඉලක්කය නිවැරදි වේ.මෙඑක මගේ කකුල්දකීමක් (අත්දැකීමක් ) නොවේය ,කාමරේ එකාගේ දැකිමක්ය .
දැන් එනපොට හොද නැත .ලොක්කා මගේ දිහා ඇහැ දානවය , වෙනදවසක හමුවෙමු. සි උව .