ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමටම සුබම සුබ නව
වසරක් වේවායි කියා මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.
කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. බොග්ගල හොරු ගෙනිහින්ද
කියලවත් හොයන්ඩ වෙලාවක් තිබුණේ නැ හිටං!
දැනුත් මේ
බුකියෙ ( මම කිව්වේ පේස් බුකියෙ) දැකපු
කමෙන්ට් එකක් බලද්දී මේක ලියන්ඩ හිතුනෙ පරණ මතකයක් අළුත් උන හින්දා.
සකල සිරිලංකා වාසින්ටම සුබ පැතුවට අළුත් අවුරුද්ද
සමරන්නේ බවුද්දයෝ හා හින්දු ආගමිකයන් විතරයි.
එදත් සිංහල අළුත් අවුරුදු දවසක්,
වෙලාව උදේ 10 ට 10.30 ට ඇති.
“අඟලෝ මොකද බං අපේ තාප්පේ උඩ නැගලා කරන්නේ , තෝ වැටිච්ච
පොල් අහුලන්ඩ කුරුමානම් අල්ලනවා නේද බොල"
මම ඈත ඉදන්ම
කෑගහන්නේ කම්මැලි කමට,
ඌ කවදාවත්ම
පොල්ගෙඩියක් හොරෙන් ගත්තේ නෑ, ඒකට උගේ බාප්පා, මහා හොරා.
"තාප්පේ අයිති
හැචරියට" කොට ජීවියෙක් උනත් මුගේ කට හෙන සැරයි.
“අඩෝ අද
හැචරියයි වත්තයි දෙකම අයිති මට” බොසා සතියකට කළින් කොළඹ ගියා, පිළිපින් ජෝඩුවත්
උදේම මීගමුවේ යාලුවෙක්ගෙ ගෙදර ගිහිං, සෙකුරිටි අයිය උදේම ඇවිත් වටයක් කැරකිලා
ගියා.
දැන් මන්
තුමානේ මෙතන පොර...
දැන් අඟල ගැන
පොඩි විස්තරයක් කියල ඉමුකො හිටං.
තාත්ත නැති
උනාට පස්සේ මුන්ගේ අම්ම (එයත් කොට ජීවියෙක්) කොල්ලත් එක්ක ජිවත් උනේ අපේ ඉස්සෝ
හැචරියට එහා පැත්තේ ඉඩමේ.වැඩකලේ පොල් කොහු වලින් බුරුසු හදන පැක්ටරියක.අපේ ඉස්සෝ
හැචරිය තිබුණ ඉඩමට එහා පැත්තේ ඉඩමේ පදිංචි
වෙලා හිටියෙ එදාවේල හොයාගන්ඩ කුලීයක් මලියක් කරන මිනිස්සු.ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල
වහලෙට විතරක් නෙවෙයි බිත්තිත් හදල තිබුනේ
පොල් අතු බැඳල,
ඒත් සමහර
සල්ලිකාරයන්ගේ ගෙවල් වල නැති සතුට,සමාදානය, අන්‍යොනය බැදීම ඒ පැල්පත් වල තිබුණා. පොල්
අතු හෙවිල්ලුවට ඒ ගෙවල් සමහර සල්ලිකාරයන්ගේ ගෙවල් වලට වඩා පිරිසිදුයි.
"බැහැපන්
තාප්පෙන් පහළට, යකෝ තොගෙ #කේ බෝතල් කටු ඇනෙයි" මම මුව අවුස්සන්ඩම කෑගහනවා.
තාප්පෙ උඩ පැත්තේ බෝතල් කටු ගහල තිබුණේ, තාප්පෙට
අතතියල නගින්ඩ බැරිවෙන්ඩ.
“මෙතන බෝතල්
කටු නෑ මම ඔක්කොම කඩල දැම්මා”
“අඩෝ උබ රෑට
වත්තට පනින්ඩ විදුරු කටු ටික කැඩුවා නේද”
“නෑ නෑ අයියෙ මෙතනට නැගල
ඉදගත්තම එක පැත්තකින් වැල්ලට බෝට්ටු එනවද කියල බැලියහැකි, අනික් පැත්තෙන් රවුම්
පාර පේනවා”
රවුම් පාර කියල කිව්වේ ඒ දවස්
වල තාර දාපු නැති ප්‍රදාන පාරෙ ඉදල වැල්ලට එන්ඩ තිබුණ පාර.
බොරු නොකිය වරෙන් ඉස්සරහ
ගේට්ටුව පැත්තට යන්ඩ”
කියන පරක්කුවෙන් මූ අපේ වත්ත
පැත්තට පනිනවා.
ගුරු පාර අයිනෙ මායිමේ තිබුණේ
කළු පාට ගාපු තඩි ගේට්ටුවක්, සිකුරිටි
අයිය කතාවට කිව්වේ ගේට්ටුව අරින්ඩ අලි මස් කන්ඩ ඕනෙ කියල. ගෙට්ටුවේ විසාලත්වෙට බරට
හරියන්ඩ නෙවෙයි ඒකෙ රෝද හයි කරලා තිබුණේ, වැස්සට රෝද දුවන යකඩ එල්ලයරින් එකට වැලි
ගියහම ගේට්ටුව හදපු එකාගේ පරම්පරාවම මතක් කර කර තමා අපි ගේට්ටුව අරින්නේ.
ගේට්ටුව එහා පැත්තට ගියහම පාර
පාරෙන් අනික් පැත්තේ කළපුව අත ළග, වතුර කොළ පාටයි. ඇළක දොලක වතුර වගේ නෙවෙයි
පිරිසිදු කමක් නැ, ඒත් මිනිස්සු ඕකේ බැහැල දැල් දානවා අතංගු ගහනවා.
ටික වෙලාවක් ගියහම පාර දිහා ,
කළපුව දිහා බලාගෙන ඉන්න එකත් එපා වෙනවා.
“දවල්ට කෑමත් නැ බං යන්ද බැසිල්
අයියගෙ චයිනීස් එක පැත්තේ”
“යන් යන් අද මටත් වැඩක් නෑ ” චයිනිස් කිව්වොත් කොටා අපායට හරි එයි.
හැචරියේ මළකඩකාපු රතුපාට බයිසිකලේ අරං මම පාරට
එනකොට අඟල උගෙ කබල් මවුන්ටන් එක අරං පාරට වෙලා බලා ඉන්නවා. ඒක
මොන්ටිසෝරි යන පොඩිඋන් පදින බයිසිකලයක් වගෙ.
“චිකන් හාෆ් දෙකක් ගමු” කොටා
යන ගමන් උපදෙස් දෙනවා.
“ඒයි ගේට්ටුව වහලනේ කතා කරපං
බලන්ඩ”
බැසිල් අයියේ, බැසිල් අයියේ”
කිසි සද්දයක් නැ.
“කරාස් , කරා..ආස් “මවුන්ටන් බයික් එකක්
පිටිපස්සෙන් ඇවිත් කනගාවම තඩි බෙරෙක් පාරක් ගහල
නවත්තනවා.
මොන @#$% එකෙක්ද කියල බලද්දී
ගොටුකොලයා, ගිටාර් එකත් කරේ එල්ලන් පැට්ටිස් ගිහිං.
“ අද චයිනීස් එක වහලද බං” බූට්
සිංදුවක් කියන ගායකයෙක් වගෙ මෝඩ් එකකින් මං අහන්නේ.
“කුක් අවුරුද්දට ගෙදර ගිහිං,
බැසිල් අයියල සෙට් එකම වන්දනාවේ ගිහිං”
“මොන වන්දනාවේද බං, බැසිල්
අයියල ආගම මාරු කරලද”
මගෙ ඇස් ගෙඩි දෙක එළියට පනින්ඩ
වගෙ.
නෑ බං ------ පල්ලි ගිහිං
ආ එහෙමද අපි එහෙනං හංදියෙ
එකටවත් යමු”
“උබලා වැරදිලාවත් හංදියේ
චයිනීස් එකට එහෙම යන්ඩ එපා”
“ඒ මොකද බං” ආයෙත් අපි දෙන්නම
මයියන් වෙනවා.
“ගිය සතියෙ සෙට් එකක් ඇවිත්
හංදියේ චයිනීස් එකෙන් කාල, බත් වල හූනෙක් හිටිය කියල වලියක් දාගෙන සල්ලි දෙන්නේ
නැතුව මාරු වෙලා.
“ මොනවා යකෝ මාර පොරවලනේ”
“ඔව් බං උන් වැඩේට සෙට්
වෙලාමයි ඇවිත් තියෙන්නේ, දැන් මුදලාලියට මල පැනල ඉන්නෙ, එදා රෑ ආව එකෙක් කියල සැක හිතුන ගමන් දෙකේ හතරෙ
පොල්ලකින් කෙලලා දානවා.
“ලලිත් අයියෙ අපි ගෙදර යමු නේ”
අඟල කියන්නේ ගොත ගගහා.
“අදනං
ගියාට වැඩක් නැ, ඒකෙත් කුක් ගමේ ගිහිං ඇති. ගොට්ටා අත වනාගෙන මාරු වෙනවා.
“එහෙනං පාන් රාත්තලක් අරං
ගිහිං ප්‍රිජ් එකේ පොඩි මාළු ටිකක් තිබුණ ඒක හොද්දක් හදල කමු.
ඒ අවසන් තීරණය ගන්නෙ මන්තුමා.
අලුත් ඉරක උණුහුමකින් නැහැවේවා
ReplyDeleteඅලුත් පැතුම් එකින් එකට ඉටුවේවා
අලුත් අලුත් හොඳ හදවත් ළංවේවා
අලුත් වසරෙ නිරෝගි සුව වැඩි වේවා......
, සතුට, මුදල, නිරෝගිසුව වැඩෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
බ්ලොග් එක අලුත් කරපු එකනම් හොඳ වැඩක්.
ජයවේවා!!!
ස්තුති , ඔබටත් සුබ නව වසරක් වේවා.
Deleteලලිත්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteරසා , එසේම වේවා..
Deleteසුබ අලුත් අව්රුද්දක්ම වේවා
ReplyDeleteකුල්ෙ මල්ලි,
Deleteඑසේම වේවා..
එහෙම තමයි ජිවිතේ නේද. සුභ අලුත් අවුරුද්දක් වේවා,
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා.
Deleteඅවුරුද්ද හැමෝටම එනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා ලලියෝ
ReplyDeleteඑසේම වේවා ඉවාන්..
Deleteඅවුරුද්ද හැමෝටම එනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා ලලියෝ
ReplyDeleteඅවුරුද්ද හැමෝටම එනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා ලලියෝ
ReplyDeleteඑක සැරයක් කීවහම මදිද බං ඉවාන්.
Deleteඔබටත් සුබ නව වසරක් වේවා.
Deleteහුටා
Deleteහෙහේ ඇයි බය වුණේ බොලාද ගේම දුන්නෙ නැත්තං අඟලදහැක්
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා
අපි අහිංසකයි ආයුබොවන්ඩ, හෙහ් හෙහ්...
Deleteඑසේම වේවා..
ලලිත් බ්ලොග් ගල හිර වෙලා වගේ ... මේකත් උස්සල අයින් කරන්න අලිමස් කන්න වෙයිද ?
ReplyDeleteමුල ඉදන්ම කියවේිව.
ReplyDeleteආයෙ ලියන්නෑෑ