
අප කුඩාකල ගමේ සිටි අර්මි ඇබ්සන්ට් කාරයෙක් හොර
අරක්කු බිස්නස් කරමින් ගමටම චන්ඩි පාර්ට් දගෙන සිටියේය. දිනක් උදැසන පාසල් යනවිට අප
දුටුවේ මහපාරේ වැටී සිටින මේ චණ්ඩියට වැටමාර පොලුවලින් පහරදෙන හමුදාවේ පිරිසකි.පසුව
දැනගත් පරිදි ඔහුව අල්ලාගෙන ඇත්තේ යුදහමුදා පොලිසියේ පිරිසකි.
සමහරක් රථ ගායෙන් පෙළෙති. එයත් එක්තරා උන විසෙසයකි.
මොවුන් බොහෝවිට පාර දෙපැත්තේ ඇති ගස් ගල් වල තාප්ප වල ස්ටිකර් වී සිටිනු දක්නට ලැබේ.
නිලතල වලින් හිස උදුම්වාගත් සම හරක්ද තද බල උන රෝගීන්ය. හිටපු පොලිටික්කන්ගේ බොහෝ ලේකම්ලා
වලනොකඩී විසේස අල්ලස් දුසන කොමිසමට ආවේ නිලතල වලින් හිස උදුම්වාගෙන පොලිටික්කන්ට කඩේ
ගිය නිසාය. වැඩේ කියන්නේ ඉස්සර හලෝ සර් කියා සැලුට් ගැසූ පොලිස් මාමලා දැන් මොඋන්ව
ගණන් ගන්නේ වත් නැත.
කුරුණෑගල ජනප්රිය පාසැලක මුල්ගුරුවරයෙක්ගේ අසනීපයක්
(උණක් හෝ මානසික ලෙඩෙක් ) නිසා පාසලේ දක්ස සිසුවියකගේ ජීවිතය නැතිවී ඇති කථාවක් මෑතකදී අසන්නට ලැබුණි. හමුදාවෙන් පැන්සන් ගියා යි
කියන මෙම පුද්ගලයා හමුදා පාලනයක් පාසලතුල ගෙනගියාලු. හමුදාවේ විනය ගැන දන්නෝ දනිති
ලංකාවේ වැඩිම සමලිංගිකයන් ඉන්නේ හමුදාවේය. එයට වෙනම පොස්ටුවක් පසුව ලියමි.
කෙසේහෝ තමන්ගේ අසනීප තත්වයන් හදුනාගෙන කලින්ම
බෙහෙතක් කරගන්නවානම් හොදය.නැත්නම් පස්සදොරින් කොමිසම් ගානේ යාමටත් ගැරිජ් වල සැගවිසිට
අනුන්ගේ වාහනයකින් ගෙදර යාමටත් සිදුවියහැක.